හායි හූයි ගගා..! මස්, චීස් පිරිච්ච දයියා කෑම තොගයක් කන්න කියාපු කඩ 5ක්.

අනුග්‍රහය: කොකාකෝලා

 

හැමදාම කන කෑමවල වෙනසක් තියෙන්නත් එපැයි, නේ.

මොකද කියන්නෙ, මෙදාපාර අල්ලමුද හොඳ සැරට, රසට කෑම හැදෙන පොඩි පොඩි කඩ ටිකකට. අතේ තියෙන ගාණට රස වෑහෙන මස් මාළු, රොටි බනිස් ටිකක් කාලා බඩ කට පුරවගෙන… හායි හූයි ගෑවෙන දිවත් කෝක් බඩියකින් හෙමි හෙමිහිට නිවාගෙන ගෙදර යන්න!

මොකද ඒක වෙනමම ආතල් එකක්නෙ.

හොඳ පදමට මිරිස් තුනපහ දාලා තෙලට හැදුණු මස්, මාළු පෝෂන් එකක් එක්ක.. නැත්නම් ලුණු, ගම්මිරිස් පදම්වෙලා ආපු සුපිරි කට ගැස්මක් එක්ක තලුමරමර උණු උණු රොටියක්, ආප්පයක් වගේ කෑවා කියන්නේ… ඉවරයක් නෑ ඉතින්. කන්න කන්න තව ඕන… හැරත් අපේ කොල්ලො කෙල්ලො හරි ආස වැඩක්නෙ කඳුළු පනින ගාණට සැර කාලා ඒ ගැම්මටම කූල් කෝක් එකක් රස බලන එක.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ පොඩි වෙනසකටත් එක්ක කොළඹ අවටින් කටට සැරට වගේම රස පදමට හැදිච්ච අපේම කෑම ටිකක් කන්න කියාපු තැන් ටිකක් ඔයාලට කියන්න. හැබැයි ඉතින් එකක්, ඒවයෙ ගියා වගේ නෙවෙයි මතක ඇතුව කන්න කලින් කෝක් තියද බලන්න හොඳේ. නැත්නම් කාලා ඉවර වෙලා කට දන කොට බොන්න දෙයක් නැති වෙයි…

1. Jojo’s Place

Hot Butter Cuttlefish

සුප්ප කටගැස්මකට ටොප් හොට් බටර් කට්ල්ෆිෂ් (රු. 850) එකක් ගන්න!

කියාපුම තැන මෙන්න. මේක තියෙන්නෙ මවුන්ට්වල අල්විස් ඇවිනියු එකේ. බීච් එකට මුහුණ ලා මයි. හැන්දැ වරුවක් අල්ලල රිලැක්ස් එකේ බියර් එකක් ගහල චිල් වෙන්නත් මෙතන කියාපු. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ අනිත් කෑම වගේම හොට් බටර් කට්ල්ෆිෂ් එකත් තියෙනව නිකම් දුම් දාන්න. හොඳ හැටි මිරිස් ගම්මිරිස් දාලා, ලූණු මාළු මිරිස් එහෙමත් පොඩ්ඩක් කර වෙන්න අල්ලල, ළා තෙල් ගතියකුත් තියෙන්න.. කනකොට ආයෙ කරස් ගාලා හැපෙනවා… පංකාදුයි ඉතින්!

2. Street Burger

Thunder Voltage Burger

බම්බ මරීන් ඩ්‍රයිව් එකේ තියෙන මේ කඩෙන් කටට සැරට කනව නම් ඉතින් තන්ඩර් වෝල්ටේජ් බර්ගර් (රු. 790) එකක් තමයි. මොකද එයාලා නමේම කියල තියෙනවනෙ ‘කෑවොත් පුතේ හෙණ ගැහුවා වගේ තමයි’ කියල. කිව්වත් වගේ ඉතින් තඩි ග්‍රිල්ඩ් චිකන් පළුවක් මැදි වෙච්ච, චීස් පෙත්තකුයි ලූණු, තක්කාලි, පිපිඤ්ඤා, සලාද කොළ උඩින් වැටිච්ච ගෙදර හදාපු සැරම සැර මිරිස් පේස්ට් එකක් හතර වටේ ගෑවිච්ච බර්ගර් එකක් කියන්නෙ? තලු මර මර කන්න ටොප් වගේම තමයි කාලා හායි හූයි ගෑවෙද්දි දිව නිවාගන්න කෝක් බඩියකුත්… ඕන වෙනව හොඳේ!

3. Arcadia Cafe & Restaurant

Roti with Chicken

එසේ මෙසේ නෙවෙයි, කන්න කන්න කටට කෙළ උනන සුපිරි චිකන් කරියක් එක්ක උණු උණු රොටි කන්න, යන්න කොල්ලුපිටිය 16 වෙනි පටුමගට. හැබැයි ඉතින් ගියපු ගමන් කෝක් බඩියකුත් ඉල්ල ගන්න. මොකද ඒ රොටි, චිකන් පෝෂන් (රු. 590) එකේ සැර නිවාගන්න වෙන දෙයක් සෙට් නොවෙන්න ඉඩ තියෙනව. අනික මිරිස් තුනපහ හොඳ පදමට අල්ලපු, ෆ්‍රෙෂ් චිකන් කෑලිත් 2, 3ක්ම තියාපු, නාන් රොටි තොගයකුත් එක්ක එන චිකන් කරියනෙ!

කන්න පටන් ගත්ත කියෙන්නේ… නෝ කතා, හායි හූයි කිය කිය තලු මරන්න තියෙන්නෙ.

4. The Road House

Nai Miris Chicken Kottu

බුදාප්පෝ… කියවෙයි!

හිතන්නකො නයිමිරිස් චිකන් කොත්තු (රු. 430) කිව්වාම. ඒකත් නිකම් නෙවෙයි, උණු උණුවෙන්. රෝස්ට් චිකන් කෑලිත් තොගයක් දාලා. කැරට්, ලීක්ස්, ලූණු එහෙමත් අඩු නැතුව. වැඩේ කියන්නෙ කොත්තුව විතරක් නම් කමක් නෑ. තව හොද්දකුත් එනවනෙ ඒකටම හරියන්න, මිරිස් තුනපහ වගේම මස් කරි රසත් නූලට තියෙන. ඊටත් මේක කාගෙන කාගෙන යද්දි කඳුළු පනින තරමට සෙට් වෙන සැර වාවගන්න ගියාමනෙ, කෝක් බඩියක අගේ තේරෙන්නෙ ඕං…!

5. Big Bad Wolf

Pork Belly Wrap

සුප්ප රොටිය (රු. 750) ඈ… පෝර්ක් ෆෑන්ස්ලට කියාපුම. තඩි පෝර්ක් බෙලි කෑලි තොගයක් මැදි කරලා, මදි නොකියන්න මිරිස්, මාළු මිරිස්, කැරට්, තක්කාලි අඩුම කුඩුමත් දාලා.. පංකාදුවට හදල තියෙනව. ඒ විතරක් නම් බැරියැ, පෝර්ක් එක හදල තියෙන්නෙත් යමරෙට තුනපහ, ලුණු ඇඹුල් රස තියෙන්නනෙ.  මගෙ හිතේ රොටියෙ චීස් හරි බටර් හරිත් ගාලා වෙන්න ඕන, එච්චරටම රස. කොහොම වුණත් ඉතින් සැරට කන්න කියාපුම රොටි අතරින් මේකත් නොම්මර එකේ රොටියක් තමයි.

ඒ හැරුනාම… තව කඩ තියෙනව, හායි හූයි ගගා විතරක් නෙවෙයි කඳුළු පෙර පෙර වුණත් කන්න. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම මේකෙ ලියන්න බැරි එකනෙ. හැබැයි ඉතින් එහෙමයි කියල ඔයාලා දන්න අපි නොදන්න කඩ, අපිට නොකිය ඉන්න එපා. කාට කාටත් දැන ගන්න කියල පහළින් කමෙන්ට් කරන්න. ඒ අතරට තවත් එකක්, සැර කන්න ගියා වගේ නෙවෙයි කෝක් ගන්න අමතක කරන්න එපා…!

 

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Club Hotel Dolphin, Negombo: A Fun-Filled Paradise for Travelers!

Nestled in the picturesque coastal town of Negombo, Sri Lanka, Club Hotel Dolphin by Browns

Trending

Chef Sanjay Brings the Flavours of Our Neighbours to Cinnamon Lakeside Colombo

Colombo, Monday 05th June 2023: Despite Sri Lanka’s proximity to the Indian Sub-Continent and a

Trending

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Yamu Guide.

7 Yoga Studios in and around Colombo

By Udaraa Gamage Are you looking for ways to escape from all that hustling and

Highlights Yamu Guide

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide