වෙජිටේරියන් ජනතාව වෙනුවෙන්; දර පෝරණුවේ හැදෙන රසම රස වෙජි පීසා කන්න පුළුවන් නියම කඩ 8ක්.

“ගාෆිල්ඩ්"; මතකයි නේද මේ පෝරිසාද පූසව? The Garfield Show එකේ මූ පීසා කන හැටි දැක්ක ම ඇත්තමයි කටට කෙළ උනනවා. තුනී රොටියක් උඩට මස්, මාළු, එළවලු, චීස් යහමින් දාලා, දර පෝරණුවේ පිච්චිලා දුම් දමදමා මේසෙට එන පීසා එකක් කන්න නම් ගාෆිල්ඩ්ට විතරක් නෙවෙයි, අපේ අයටත් වෙලාවක් කලාවක් ඕනේ නැහැ. කියන ඕනේ වෙලාවක කයි.

ඉස්සර පීසා බඩගින්නට පීසා හට්, ඩොමිනොස් ම දිව්වට, දැන් ඒ ගැටළුව නැහැනේ. ඕනේ තරම් පීසා කඩවල් අපේ වටේපිටේ තියෙන්නේ. ඕනේ නම් අපේ බුද්ධික ලියපු මේ ලැයිස්තුව කියවලා බලන්නකෝ. කොහොම වුණත් ඔය ගොඩක් පීසා කඩවල්වල තියෙන්නේ මස් මාළු දාපු (non-veg) පීසා. වෙජි පීසත් එහෙන් මෙහෙන් තියෙනවා. ඒත් ටිකක් අඩුයි. හැබැයි ඉතින් එහෙමයි කියලා අපේ වෙජිටේරියන් යාළුවන් ව අමතක කරන්නේ කොහොමද? අන්න ඒ නිසයි අද අපි එයාලට හරි යන විදියේ පීසා කඩවල් කීපයකුයි, ඒවායේ ගන්න තියෙන රස ම වෙජි පීසා වර්ග ගැන විස්තරයකුයි කියන්න හිතුවේ.

හා! හා! දැන් අනිත් කට්ටිය අහක බලාගන්න එපා. වෙජි පීසා වුණාට කාරියක් නෑ, මේවා මස්, මාළු කන අයට පවා අවුලක් නැතුව රස විඳින්න පුළුවන් පීසා.

1. Giovanni's

අපේ යමු එකේ උදවියගේ ප්‍රියතම පීසා කඩේ තමයි මේක. ඔෆිස් එකටත් කිට්ටු නිසා අපේ අය සෑහෙන්න මේ පැත්තේ යනවා එනවා. තිඹිරිගස්යායේ Giovanni's එකේ වෙජි පීසා අතරින් හොඳම එක තමයි Four Cheese pizza (රු.1400). නමේ තියෙන විදියට ම චීස් ජාති හතරක් මේකේ අඩංගු වෙනවා. මොස්රෙල්ලා, ගූඩා, බ්ලූ චීස් සහ Giovanni's කට්ටිය හදන එයාලගේ ම හෝම්මෙඩ් චීස් ජාතියත් මේකේ තියෙනවා. ඇත්ත ම කිව්වොත් වෙජි අයට විතරක් නෙවෙයි, චීස් කිව්වොත් පෝලිමේ ඉස්සරහෙන් ම ගිහින් හිටගන්න අයට (මම වගේ අය) මේ පීසා එක පංකාදුයි.

ඒ හැරුණා ම මෙයාලා තව හදනවා Tutta Verdura (රු.1350) කියලා එකකුත්. වැඩේ කියන්නේ මේකේ තියෙනවනේ එළවලු ජාති 9ක් ම. තවත් මොකට බලන් ඉන්නවද? දැන් ම යන්නකෝ Giovanni's එකට. අපේ කවිඳුත් වෙජිටේරියන්නේ. එයා කියන විදියට නම් Giovanni's එකේ මාගරීටා පීසා එකත් නියමයිලු. හැබැයි තක්කාලිවලට කැමති අයට තමයි හුඟක් ගැලපෙන්නේ.

2. Domenico's

මේක තියෙන්නේ Giovanni's එකට ඩිංගක් එහා පැත්තේ. වෙජි පීසා එකක් කන්න බලාගෙන ඩොමෙනිකෝස් එකට ගියොත්, බයක් සැකක් නැතුව ගන්න පුළුවන් එකක් තමයි එයාලගේ Popeye's Dream (රු. 1400) කියන්නේ. මොස්රෙල්ලා, වයිට් චීස්, මෂ්රූම්, එක්ක නිවිති හරි හරියට දාලා හදන මේ පීසා එක චීස් උතුරන එකක් කියලයි අපේ දිනිති කියන්නේ.

3. Cafe Michaelangelo

“ඉතාලි කෑම ලංකාවට ගැලපීම කලාවක් නම්, කැෆේ මයිකල්ආන්ජලෝ එහි පිකාසෝ වේ" කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඉතාලි පීසා ලංකාවේ රසට හදන්න මේ කට්ටියට තියෙන්නේ නියම හැකියාවක්. මෙයාලා හදපු පොල් සම්බෝල පීසා එකෙන් ම පේනවා ඒ හැකියාව. ඉතින් Vegetariano (9": රු. 1200, 12": රු. 1600) කියන්නේ කැෆේ මයිකල්ආන්ජලෝ එකේ තියෙන රස වෙජි පීසා එකක්. මෂ්රූම්, බ්ලැක් ඔලිව්, බෙල් පෙපර්, ළූණු, විතරක් නෙවෙයි ආටිචෝක් එහෙමත් මේකේ ඇතුළත් වෙනවා. චීස් විදියට තියෙන්නේ මොස්රෙල්ලා.

4. Rocco's

ඔන්න තියෙනවා චීස් කෑදරයින්ටයි, වෙජි කාණ්ඩෙ හැමෝටමයි එකතුවෙලා බෙදාහදාගන්න පුළුවන් විදියේ තවත් පීසා එකක්. මේ Rocco's එකේ “Quattro Formaggi – Four Cheese” (14”: රු.1700) එක. රිකොට්ටා, පාමේසන්, ඉතාලි බ්ලූ චීස් සහ මොස්රැල්ලා රස උතුරන මේ පීසා එක කටට දෙකට ගිලගෙන යන්න පුළුවන්. ඔය ඉතාලි බ්ලූ චීස් එකට සමහර උදවිය කැමති නැහැනේ, පුස් රහයි කියලා. ඒ වුණාට බයක් වෙන්න දෙයක් නෑ, මේ පීසා එකේ ඒ වගේ කිසිම අවුල් රසක් නැහැ. සෝස් එහෙමත් අඩුවක් නැතුව දාලනේ. ඒ නිසා පට්ට.

ඒ හැරුණා ම තව තියෙනවා Pizza Di Patate (9" : රු.1000, 14": Rs.1350) එකකුත්. අල පෙති, ළූණු, රෝස්මේරි සහ මොස්රෙල්ලා චීස් දාලා හදන මේ වෙජි පීසා එකත් හරි ම රසයි.

5. Belmio Pizza

හැමදාම කඩෙන් හදලා දෙන පීසා එක කාලා ඇතිවෙලාද? එහෙනම් යන්නකෝ තලවතුගොඩ බෙල්මියෝ පීසා එකට. ගිහින් ඔයාට ඕනේ විදියේ පීසා එකක් හදාගෙන කන්න. තමන්ගේ රසට ගැලපෙන විදියට අඩුමකුඩුම දාලා රස පීසා එකක් හදාගන්න චාන්ස් එක ලැබෙන්නේ මෙතැනින් විතරයි. මෙතැනදී මාගරීටා බේස් (9": රු.650, 13": රු.900) එකක් එක්ක, ඔයාට ලැබෙනවා එළවලු ජාති 10ක් ම. ආටිචෝක්, බෙල් පෙපර්, බ්ලැක් ඔලිව්, කැප්සිකම්, වම්බටු, තක්කාලි, හැලපීනෝ, මෂ්රූම්, ළූණු සහ නිවිති කොළ මේ අතරේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පාමේසන්,රිකොට්ටා, හෝ බ්ලූ චීසුත් පාවිච්චි කරලා ඔයා හදන මේ පීසා එක තවත් රසවත් කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ සේරම එක්කාසුවෙලා එද්දී රුපියල් 1200ක් වගේ තමයි යන්නේ. අවුලක් නැහැනේ. පීසා එකේ රස විතරක්යැ, ඒක හදන අත්දැකීමත් ලැබෙනවනේ.

6. Arthur's Pizza

ආතර්ස් නම් ඉතින් ආයේ කතා දෙකක් නෑ; නයි මිරිස් පීසා (රු.1000) තමයි. වෙජි වුණා හෝ නැතා හෝ ඕනේ කෙනෙක්ට කතා දෙකක් නැතුව රස විඳින්න පුළුවන් පීසා එකක් මේක. හෑස් හූස් ගාලා කද්දී, කටේ දැවිල්ල යන්න බියර් එකක් නම් තියෙන්න ම ඕනේ. මෂ්රූම්, බ්ලැක් ඔලිව්, තක්කාලි, නයි මිරිස්වලට ලෝබ නැතුව එකතු කරපු චීස් රසින් මේ පීසා එක අනූනයි.

7. Harpo's Pizza

වෙජි පීසා එකක් කන්න බලාගෙන හාපෝ’ස් පැත්තේ ගියොත්, අනිවාර්යෙන් ම ට්‍රයි කරන්න ඕනෙ පීසා එක වෙන්නේ Pizza Buffalo Caprese (රු.1200). තක්කාලි බේස් එකකට ඔරෙගනෝ චීස්, බැසිල් කොළ දාලා හදන මේ පීසා එකේ මොස්රෙල්ලා එක ටිකක් විශේෂ එකක්. මේක මේ හැමතැන ම දෙන මොස්රෙල්ලා එක නෙවෙයි, මීකිරිවලින් හදපු මොස්රෙල්ලා චීස් එක. පට්ට ම රසයි.

8. Oro 1889

ලිබර්ටි ආකේඩ් එකේ තිබුණු Oro 1889 එක, දැන් තියෙන්නේ ළඟදී පටන්ගත්ත ඔඩෙල් ෆුඩ් කෝට් එකේ. මෙයාලත් හදනවා හාපො’ස් එකේ අර කිව්ව වෙජි පීසා එකට පොඩ්ඩක් විතර සමාන එකක්. ඒකෙත් පාවිච්චි වෙලා තියෙන්නේ මීකිරිවලින් හදපු මොස්රෙල්ලායි, බැසිල් කොළයි, තක්කාලියි. මෙන්න මේ නම මතක තියාගෙන ගිහින් ඉල්ලන්නකෝ ; DOC (රු.1200).

ඔරෝ මෙනුවේ තියෙන San Carlo (රු.2100) එකත් ගොඩක් හොඳ වෙජි පීසා එකක්. මේක හදන්නේ මොස්රෙල්ලා, පාමේසන් චීස් සහ වයිට් ට්‍රෆල් ඔයිල් එකතු කරලයි. බැසිල් කොළත් ටිකක් උඩින් දැම්ම ම මේක තවත් හැඩ වෙලා එනවා.

අපේ පරණ පුරුදු පීසා හට්, ඩොමිනොස්වලත් වෙජි පීසා නැතුව ම නෙවෙයි. මේ කඩවල් 8 ගැන අපි විශේෂයෙන් ම මතක් කළේ ඒවායේ තියෙන්නේ දර පෝරණුවේ හැදෙන පීසා නිසයි. තවත් ඔයාලා දන්න, රස වෙජි පීසා හදන රෙස්ටෝරන්ට් තියෙනවනම්, අපට කියන්න ඕනේ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide