ගැහැනු ගැන කතා කරන, ගැහැනු හදපු කතාවක්: බොම්බෙ බෙගම්ස්.

බොම්බෙ බෙගම්ස්: මේ අවුරුද්දෙ මාර්තු 8, ඒ කියන්නෙ කාන්තා දිනය දවසෙ නෙට්ෆ්ලික්ස් එකට රිලීස් වුණ ඉන්දියන් වෙබ් සීරීස් එකක්. දැනට එළියට ඇවිත් තියන සීසන් එකේ එපිසෝඩ්ස් හයක් තියනවා. එක රැයින් බලල ඉවර කරන්න හොඳට ම පුළුවන්.

මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අලංක්‍රිතා ශ්‍රීවාස්තව සහ බොර්නිලා චැටර්ජි කියන අධ්‍යක්ෂවරියන් දෙන්නා. තිරරචනය අලංක්‍රිතා ශ්‍රීවාස්තව, බොර්නිලා චැටර්ජි සහ ඉති අගර්වාල්. විධායක නිෂ්පාදිකාව වෙන්නෙත් අලංක්‍රිතා ශ්‍රීවාස්තවමයි. ප්‍රධාන චරිත රඟපාන්නෙ පූජා භාත්, ශහානා ගෝස්වාමි, ප්ලබිතා බොර්තාකූර්, අම්රුතා සුභාෂ් සහ ආධ්‍යා ආනන්ද්.

දැන් පේනව නේද මොකක් හරි අමුත්තක්? බොම්බෙ බෙගම්ස් සීරීස් එකට සම්බන්ධ ප්‍රධාන චරිත ඔක්කොම ගැහැනු. රිලීස් කරල තියෙන්නෙත් කාන්තා දිනය දවසෙ. ඉතින් ඇත්තට ම මේක ගැහැනු ගැන කතා කරන නිර්මාණයක්.

මේ දවස්වල ෆේස්බුක් එක පැත්තෙත් ගැහැනු පිරිමි යුද්ධයක් තියන නිසා බොම්බෙ බෙගම්ස් ගැන පොඩ්ඩක් කතා කරන එක හොඳයි කියල හිතුණා. ඉන්දියාවෙ බොම්බෙ නගරයෙ, නැත්තං මුම්බායිවල ජීවත් වෙන ගැහැනු පස් දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. බෙගම් කියන වචනෙ තියෙන්නෙ උසස් කාන්තාව කියන අර්ථය. මේ කාන්තාවො පස් දෙනා එක එක ක්‍රමවලින් එකිනෙකාට සම්බන්ධයි.

පූජා භාත් නිරූපණය කරන්නේ රාණි ඉරානි කියන, බොම්බෙවල රෝයල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනියගේ චරිතය. ඇය විවාහ වෙලා ඉන්නෙ මුල් බිරිඳ මිය ගිහින් දරුවන් දෙන්නෙකුත් එක්ක තනි වුණ පිරිමියෙක් එක්ක. මේ දරුවන් දෙන්නගෙන් එක්කෙනෙක් වෙන, නව යොවුන් වියේ ඉන්න ශායි කියන ගෑනු ළමයා තමයි මේ සීරීස් එකේ කථකයා. අපිට කතාව නැරේට් කරන්නෙ එයා. ශායිගේ චරිතය රඟපාන්නේ ආධ්‍යා ආනන්ද්.

ශායි කැමති නෑ රාණි තමන්ගෙ අම්මා කියල පිළිගන්න. ඇය මනසින් ඉන්නෙ තමන්ගෙ මිය ගිය හැබෑ අම්මගෙ තුරුලේ. ඒ වයසෙ හුඟක් දරුදැරියන්ට නැති තරමේ විවෘත මනසකින් ප්‍රේමය, ලිංගිකත්වය, සමාජය වගේ සංකල්පවල අර්ථකථන අඳුනගන්න උත්සාහ කරමින් ඉන්න ශායි කියන්නෙ, තමන් එක්ක ම කැරලි ගහන නව යොවුන් දැරියක්.

ඉන්දියාවෙත් ලංකාවෙ වගේ ම බහුතරයක් ආයතනවල තියෙන්නෙ පුරුෂමූලික ධුරාවලියක්. එවැනි තත්ත්වයක් උඩ කාන්තාවක් බැංකුවක විධායක ධුරයකට පත් වුණාම ඇයට මුහුණ දෙන්න සිදු වෙන විවිධ අත්දැකීම් රාණිගේ චරිතය ඔස්සේ පෙන්නුම් කරනවා. වගකීම් රැසක් හිස මත පැටවුණු තනතුරක රාජකාරි කරන ගමන්, තමන්ගෙ පවුලෙ තියන පැටලිලිත් විසඳගන්න රාණි කරන්නෙ අරගලයක්. මේ මහ යුතුකම් වගකීම් ගොඩ සහ අනෙක් අයගෙ වුවමනා එපාකම් සියල්ල ඉටු කරන අතරෙ, ඇය ඇගේ ආශාවන්වලටත් ඉඩ දෙනවා. ඒත් සමාජය ඇය දිහා බලන්නෙ ඇයත් මනුස්සයෙක් කියන තැන ඉඳල නෙමෙයි, බිරිඳක්, මවක්, වග කිව යුතු නිලධාරිනියක්, සිවිල් චරිතයක් කියන ගොඩ නැංවීම් මත ඉඳලා.

මේ බැංකුවේ ම ඉහළ ධුරයක රාජකාරි කරන ෆාතිමා තමයි ශහානා ගෝස්වාමි නිරූපණය කරන ඊළඟ ප්‍රධාන චරිතය. සමාජයෙ පිළිගැනීමට ලක් වෙන විදිහේ යහපත් පවුල් ජීවිතයක් ගෙවන්න උත්සාහ කරන ඇයට තියන එක ම ගැටලුව දරුවෙක් නැතිකම. ඇයටත් වඩා ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඇගේ ස්වාමි පුරුෂයා මේ වෙනුවෙන් නොකරන දෙයක් නෑ.

මේ ගැටලුව විසඳගන්න ගත හැකි අන්තිම උත්සාහයත් ව්‍යර්ථ වුණාට පස්සෙ ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගෙ විවාහය දෙදරා යනවා. ඒ අතරේ ඇයට ලැබෙන රාජකාරිමය උසස් වීමකුත් මේකට බලපානවා. හැම දේ ම එන්න එන්න ම ව්‍යාකූල වෙන අතරේ ඇයට අලුත් ප්‍රේමයක් මුණගැහෙනවා. තමන්ගෙ ජීවිතේ නොපිරුණ හිස්තැන් තිබිල තියන බව ඇයට තේරෙන්නෙ එතකොට. සම්මත සමාජයට අනුකූල වෙමින් ජීවත් වෙන්න හැම විට ම උත්සාහ කරපු ගැහැනියක්, එවැනි අවස්ථාවකට මුහුණ දෙද්දි හටගන්න කම්පනය ෆාතිමාගේ චරිතයෙන් අපිට දකින්න පුළුවන්.

ලිලී කියන්නෙ මුම්බායි නගරයෙ ජීවත් වෙන ගණිකාවක්. මේ චරිතය රඟ දක්වන්නෙ අම්රුතා සුභාෂ්. සැමියෙක් නැතුව දරුවෙකුත් එක්ක ජීවත් වෙන්න අරගලයක නිරත වෙන ඇය මේ කතාවට සම්බන්ධ වෙන්නෙ රාණි ඉරානිගේ පුතා අතින් ඇගේ පුතාට සිද්ධ වෙන රිය අනතුරකින් පස්සෙ. අනතුර පොලිසියට පැමිණිලි නොකරන්න කප්පමක් විදිහට සල්ලි ඉල්ලන ඇය, තමන් සමාජයෙන් ඉල්ලමින් ඉන්නෙ සල්ලි ම නෙමෙයි ගෞරවය බව ටික ටික අවබෝධ කරගන්නවා.

ඒ අතරෙ බැංකුවෙන් පටන්ගන්න අලුත් ව්‍යාපෘතියකින් ලිලීට උදව් කරන්න රාණි කටයුතු සලසනවා. මේක සම්බන්ධීකරණය කරන්න බාර වෙන්නෙ ඒ බැංකුවෙ ම පහළ තනතුරක සේවය කරන අයේෂට.  ප්ලබිතා බොර්තාකූර් පණ දෙන අයේෂගේ චරිතය, වයස විසි ගණන්වල ඉන්න, තාම මුම්බායි නගරෙ සෙට්ල් ඩවුන් වෙන්න සහ තමන්ගෙ ලිංගික අනන්‍යතාව හඳුනගන්න උත්සාහ කරන ගෑනු ළමයෙකුගේ චරිතයක්. වෘත්තිමය අතින් ඉහළට ගමන් කරන්න ආශාවෙන් ඉන්න ඇය, ඒ නිසා ම බැංකුවෙ ඉහළ නිලධාරියෙක් අතින් ලිංගික බලහත්කාරයකට ලක් වෙනවා. මුලින් මේ ගැන මුනිවත රකින අයේෂා, ඒක සිද්ධ වුණේ ඇගේ ම වැරැද්දෙන් කියල චෝදනාවක් එල්ල වෙද්දි ඊට එරෙහි ව පෙනී ඉන්න තීරණය කරනවා.  

මේ ගැහැනු චරිත පහ කේන්ද්‍ර කරගෙන තමයි කතාව ගැට ගැහෙන්නෙ. ගැහැනියක් වීම නිසා ම ඔවුන්ට මුහුණ දෙන්න වෙන අත්දැකීම් සහ, ගැහැනියගේ හැසිරීම සම්බන්ධ ව සමාජය විසින් අර්ථකථන දෙන ආකාරය බොම්බෙ බෙගම්ස් තුළින් දැකගන්න පුළුවන්. ඒ ඒ ගැහැනු චරිතවල දැඩි ගතිගුණ වගේ ම සියුමැලි ගතිගුණත් එක සමාන ව ම නිරූපණය කරන්න අධ්‍යක්ෂවරියන් සමත් වෙලා තියනවා.

අලංක්‍රිතා ශ්‍රීවාස්තව

අලංක්‍රිතා ශ්‍රීවාස්තව ජනමාධ්‍යවේදය විෂය ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලබලා, පසුව සිනමාකරණය හැදෑරූ කෙනෙක්. 41 වැනි වියේ පසු වෙන ඇය මීට පෙර Turning 30 (2011), Lipstick Under My Burkha (2016), Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) වැනි, ස්ත්‍රීන් විෂය වුණු චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. ඇගේ ඇතැම් නිර්මාණ සම්මාන සහ නිර්දේශ වීම් අතරටත් එක් වෙලා තියනවා.

කොහොම වුණත් ඇගේ නිර්මාණවලට තියන ලොකු ම චෝදනාවක් තමයි, ඇය ප්‍රවර්ධනය කරන්නේ වැරදි ස්ත්‍රීවාදයක් කියන එක. අලංක්‍රිතාගේ නිර්මාණවල බොහෝ විට ඉන්නෙ සමාජ සම්මුතීන් ප්‍රශ්න කරන, ඒවට අභියෝග කරන, නිදහස හොයන ගැහැනු චරිත. ස්ත්‍රීවාදය කියන්නේ සම්මත සමාජයට එරෙහි ව යන එක ද කියල ඇතැම් ප්‍රේක්ෂකයෝ ඇගෙන් ප්‍රශ්න කරනවා. සමාජයේ පිළිගැනීමට ලක් වෙන විදිහේ ජීවිතයක් ගත කරන ගමන් කාන්තාවට හිමි ගෞරවය සහ නිදහස දිනාගන්න බැරි ද කියන එකයි ඒ අයගේ පැනය. එක එක අයට එක එක මත තියෙන්න පුළුවන් නේ. ඒ නිසා කොහොම වුණත් ඇය යෝජනා කරන ගැහැනිය ගැන ඔබට දැනෙන්නෙ කොහොම ද කියල, ඇගේ නිර්මාණ නරඹලා ම තීරණය කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Grand’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Iftar Buffet at The Kingsbury’s Harbour Court

The Kingsbury, Colombo invites you and your loved ones to break your fast with an

Trending

Mount Lavinia Hotel’s Poya Market Returns March 13 with Relaxing Painting & Vegan Buffet

Since its inception in January 2024, the Mount Lavinia Hotel’s Poya Market has been a

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide