මෙදා සැරේ බුක් ෆෙයාර් එක ගැන දැනගත යුතුම කාරණා 7ක්.

2018 අවුරුද්දේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (21) පටන් ගැනුණේ වෙනදා වගේ ම උත්කර්ෂවත් විදියට. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් විසින් 20වෙනි වරට සංවිධානය කරපු මේ පොත් සල්පිල ලබන 30වෙනිදා දක්වා පැවැත්වෙනවා.

ඉතින් මේ සැරේ පොත් ප්‍රදර්ශනයට උදැහැනැක්කෙම ගියපු අපිට දැක බලාගන්න ලැබුණු තොරතුරු කීපයක් තමයි මේ.

1. වැඩිම වට්ටම 20%

අපට දැනගන්න ලැබුණු විදියට පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් පනවපු මොකක්දෝ තහංචියක් නිසා මෙදා සැරේ ඕනේ ම පොත් කඩේකින් දෙන්න පුළුවන් උපරිම වට්ටම වෙන්නේ 20%. වෙනදට නම් 20%ක් නෙවෙයි, 30% වට්ටම් එහෙමත් අපට ගන්න පුළුවන්නේ. කට්ටිය සඳහන් කරන්නේ මේක පොත් ප්‍රදර්ශනයේ තියෙන ගුණාත්මක බව වැඩි කිරීම කියලයි. ඒත් ඉතින් අවුරුද්දක් තිස්සේ මේ වෙනුවෙන් ම සතෙන් සතේ එකතු කරලා කැටවල්වල එකතු කරපු සල්ලිත් අරගෙන, පොත්වලට ආදරය කරන නිසා ම දුර බැහැර ඉඳලා එන අපේ පොත් ගුල්ලන්ට මේක තරමක අසාධාරණයක් කියලයි අපි නම් හිතන්නේ.

2. කෝ චන්දන මෙන්ඩිස්?

පොත් ප්‍රදර්ශනයට එන ගොඩක් දෙනෙක්ගේ හිතේ අනිවාර්යෙන් ම තියෙන බලාපොරොත්තුවක් තමයි තමයි චන්දන මෙන්ඩිස් මහත්මයාගේ අලුත් පොත ගන්න එක. හැබැයි ගිය සැරේ වගේ ම තමයි, මෙදා සැරෙත් චන්දන මෙන්ඩිස් ප්‍රකාශයන් වෙනුවෙන් වෙන්වුණු වෙළඳ කුටියක් නැහැ. ඒත් මේ අවුරුද්දේ පිට වුණු ඔහුගේ අලුත් ම පොත – “වෙඩි හඬ”, වෙනත් ප්‍රකාශයන්ගේ වෙළඳ කුටිවල බොහොම ජයට අලෙවි වෙනවා. විජිත යාපා, සහන, සංඛ සහ සදීපා ප්‍රකාශන ඒ අතරින් කීපයක්. මේකේ මිල රු. 425ක්. 20% වට්ටම එක්ක එද්දී ඉතින් ඊට අඩුවට ලැබෙනවා.

3. ලිපිද්‍රව්‍ය අඩුවට දෙන Ten

ඉස්කෝලේ යන පොඩ්ඩෝ ඉන්න අම්මලා තාත්තලාට වගේ ම, ලිපිද්‍රව්‍ය තොග පිටින් ගන්න බලාගෙන ඉන්න ඕනේ ම කෙනෙක්ට හරියන තැනක් තමයි Ten එකේ වෙළඳ කුටිය. මේ කට්ටියගේ හරි අපූරු වට්ටම් තොගයක් තිබුණනේ. පොත් 100ක් ගත්තොත් 50ක් නොමිලේ, ඊළඟට පොත් 50ක් ගත්තොත් 25ක් නොමිලේ; බාගෙට බාගයක් වට්ටම්! ගිහින් ම බලන්නකෝ එහෙනම්.

4. අලුත් ම ඉංග්‍රීසි පොත් ගන්න හොඳ තැන්

සාමාන්‍යයෙන් අලුත් ඉංග්‍රීසි පොත් (නවකතා සහ අධ්‍යාපන පොත්) ගන්න හොඳම තැන වෙන්නේ Jeya බුක්ෂොප් එකනේ. ඊළඟට ඕනේ නම් Makeen බුක්ෂොප් එක පැත්තෙන් යන්න ඇහැකි.

හැබැයි ගිය අවුරුද්දේ වගේ ම මේ අවුරුද්දේත් ගුණසේන එකේ හොඳ සහ අලුත් ඉංග්‍රීසි පොත් කට්ටලයක් තිබුණා. 

ඊළඟට විජිත යාපා එකේ තිබුණු මේ ෂර්ලොක් පොත් කට්ටලය ගැනත් සඳහනක් කරන්න ඕනේ. පොත් 12කින් සමන්විත මේ පොත් කට්ටලය රු.10000ක් විතරයි.

ඔය මොනවා නැතත්, ගොඩක් ලාබෙට ඉංග්‍රීසි පොත් ගන්න ඕනේ නම් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් පොත් තියෙන පැත්තට යන එක තමයි හොඳම වැඩේ. අර අලුත් පොත්වලින් එන සුවඳ නැතත්, අඩු ගාණට ෂේප් කොලිටියේ පොත් තොගයක් ම ගන්න පුළුවන්නේ මේවයින්.

5. බාර්ගේන් වෙළඳ කුටි

මෙදා සැරේ පොත් සල්පිලට ගියොත් නම් බාර්ගේන් වෙළඳ කුටි පැත්තට අනිවාර්යෙන් යන්න. මොකද ප්‍රධාන වෙළඳ කුටිවල වට්ටම 20%ක් වුණාට, මේ බාර්ගේන් කුටිවල 50%ක් දක්වා වට්ටම් ලබා දෙනවා. විජිත යාපා, සරසවි, ගුණසේන, සමුද්‍රා, අකුර වගේ ප්‍රධාන පොත්හල්වල වෙළඳ කුටි මේ අතරේ දැකගන්න ඇහැකි. අනික මේවයේ පොත් රු. 100 සිට ඉහළට විකිණෙනවා.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ, සහ ෆාස්ට් පබ්ලිෂින් බාර්ගේන් කුටිවල සේරම පොත්වලට වගේ 50%ක වට්ටමක් දීලා තියෙන බවක් තමයි පේන්න තිබුණේ.

6. වෙනත් වට්ටම්

ඔය පරණ වේදිකා නාට්‍යවල ගීත සහිත සීඩී තැටි සහ නාට්‍ය සම්බන්ධ පොත් හොයනවා නම්, සංස්කෘතික අමාත්‍යංශයේ පොත් කුටියට යන්න. මොකද මෙතැන තියෙන මේ සීඩී සහ පොත්වලට 40%ක වට්ටම් ලැබෙනවනේ. ඒ වගේ ම, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වෙළඳ කුටිය පැත්තෙන් ගියොත් 25%ක වට්ටම් සහිතව බුදු පිළිම මිල දී ගන්න පුළුවන්.

සඛිල ප්‍රකාශකයන්ගේ වෙළඳ කුටියේ තියෙන මෙන්න මේ පොඩි බාස්කට් එක වෙන් වෙලා තියෙන්නේ මිල අඩු කරපු නවකතා කීපයකට. ඒවායේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා මේ පොත්වල මිල රු. 100ක් 200ක් වගේ අඩුයි.

aat වෙනුවෙන් ම වෙන් වුණු වෙළද කුටියක් මේ පොත් ප්‍රදර්ශනයේ අපට දැකගන්න ලැබුණා. මෙතැන ඒ සම්බන්ධ පොත් 10%ක වට්ටමක් ඇතිව මිලදී ගන්න පුළුවන්.

7. කවිකාරයන්/කාරියන්ගේ තෝතැන්න

ඔයත් පොතට පතට වගේ ම, කවියට ආදරය කරන කෙනෙක් නම් පොත් ප්‍රදර්ශනයේ J 310 කුටියට යන්න අමතක කරන්න එපා හොඳද. ‘වින්දනයේ නවාතැන අහස’ කියලා හඳුන්වන මේ කුටිය වෙන් වෙලා තියෙන්නේ කවිකාර දූ පුතුන්ටමයි.

වෙන මොනවද?

පුරුද්දට වගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙළඳ කුටියත් මේ සැරේ තියෙනවා. ඔය 2017 අවුරුද්දේ මහ බැංකු වාර්තාව එහෙම ඕනේ නම් මෙතැනින් ගන්න පුළුවන්. ඒ හැරුණා ම බ්‍රිටිෂ් කවුන්සිල් සහ තවත් උසස් අධ්‍යාපන ආයතන කීපයක වෙළඳ කුටිත් මේ පොත් ප්‍රදර්ශනයේ දැකගන්න ලැබුණා.

බඩගින්න, තිබහ නිවාගන්න ඕනේ නම් වෙනදා වගේ ම කොත්තුමී, මැගී, කොකාකෝලා, නෙස්කැෆේ, නෙස්ටී, කීල්ස් වගේ කෑම ස්ටෝල් මෙදා සැරෙත් මදි නොකියන තරමට BMICH පරිශ්‍රය පුරාවට ම තියෙනවා. අනික ගල්කිස්ස මහ හෝටලයෙන් කරන කෑම කුටියත් මේ අතරේ දැකගන්න පුළුවන්. ඔය රෝස්ට් පාන් එකක්, හැලප කෑල්ලක්, කිතුල් හකුරු කෑල්ලක් කාලා, ප්ලේන්ටියක්, බෙලිමල් උගුරක් බොන්න මේක කියාපු තැන. හැබැයි ඉතින් සර්විස් එක හරි ම ස්ලෝ.

හැබැයි ඉතින් කෑවා බිව්වා කමක් නෑ, ඔය ප්ලාස්ටික්, පොලිතීන් එහෙම තැනතැන දානවා නෙවෙයි ඕං. ඒ වගේ ම මතක ඇතුව කුඩයක් කාරිය අරගෙන යන්න. මොකද මේ දවස්වල කඩින්කඩ වහිනවනේ.

මේ අවුරුද්දේ පොත් සල්පිලේ ඔයාලා දැකපු අලුත් දේවල්, එහෙමත් නැත්තන් වැදගත් වේවි කියලා හිතන තවත් දේවල් තියෙනවද? අපටත් ඒ ගැන කමෙන්ට් එකක් දාලා කියන්නකෝ එහෙනම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide