ලංකා කොමික් කොන් එකේ කොස්ප්ලේ ටිකක් බලමුද?.

අපි මෙතන කොස්ප්ලේ කියල කිව්වෙ කොස් ගෙඩිවලින් කරන සෙල්ලමක් කියල වරදවා වටහා ගන්න එපා ඔන්න. කොස් තියා දෙල් වත් මෙතනට අදාල නෑ නේ. මෙතන කොස් කිව්වෙ ඉංග්‍රීසියෙන් "කොස්ටියුම්" හෙවත් විකට/වෙස් ඇඳුම් වලට, "ප්ලේ" කියන්නෙ සෙල්ලමට කියල ඉතින් දන්නවා නේ. දෙකම එකතු කළාම එන්නෙ තමන් කැමති චරිතයක් වේශය අරගන්න එකට කරන වචනයක්.

ලංකා කොමික් කොන් 2016 පහුගිය සති අන්තයේ පැවැත්වුණා.මෙතනදී සෑහෙන්න අවධානයක් ගත්තේ මේ කොස්ප්ලේ කරපු කට්ටිය. වෙනත් රටවල නං කොස්ප්ලේ කරන ඇඳුම් හදන්න, මහන්න අවශ්‍ය විශේෂ උපකරණ, අමුද්‍රව්‍ය, ශිල්පීන් ඉන්නවා. එහෙම පහසුකම් නැති අපේ පොඩි ලංකාවේ ආධුනික මට්ටමින් මේ අය කරල තියෙන වැඩ බලන්න. අපිට මේ ලස්සන පින්තුර ලබාදුන්නේ ප්‍රසන්න වෙලන්ගොඩ කියන දක්ෂ ඡායාරූප ශිල්පියා. ඉතින් ඔහුට බොහොම ස්තූතියි.

 

බැට්මෑන්ගේ පරම හතුරා ජෝකර් නපුරු හිනාව දාගෙනම ඇවිල්ල හිටිය. ඔෂිත නාරංගොඩ තමයි මෙයාව කොමික් කොන් එකට ගෙනාවේ.

 

ජෝකර් මහත්මයාගේ පෙම්වතියත් හාලි ක්වින් ඇවිල්ලත් හිටිය. කෙලින්ම කොමික් පිටුවක ගොතම් නගරයෙන් බැහැල ආව වගේ.

 

කොහොමද දෙන්න එකට ඉන්න ලස්සන?

 

Star Wars කතාවල "සිත්" නායකයෝ දෙන්නෙක් වෙන ඩාර්ත් මෝල් සහ කයිලෝ රෙන් තමයි මේ. ඉෂාන් සහ අරික් සෙනෙවිරත්න යන මේ දෙන්නා "සැබෑ ලෝකයේ" නම් තාත්තයි පුතයි. කොහොමහරි ඒගොල්ලොන්ගේ කාණ්ඩයේ කොස්ප්ලේ තරගය මේ දෙන්නා දින්නා.

 

සජිත් කඳනාරච්චි කියන හාදයත් එදා ඇවිල්ල හිටියලු. හැබැයි හෙව්වම හම්බවුනේ ස්පයිඩර්මෑන් විතරයි.

 

ශ්‍යාමල් මාකලන්ද "ප්‍රෙඩේටර්" පිටසක්වල ජීවීයෙක්ව ගෙනාව. මේකා දැක්කම පට්ට බයයි. ගිය පාර කොමික් කොන් එකට ශ්‍යාමල් ගෙනාපු "Call of Duty" එකේ "Ghost" භටයා ආරක්ෂාවට හිටියනං කියල හිතුන.

 

ඒ වුනාට "Tom Clancy's Ghost Recon Future Soldier" එකේ ජෝන් කෝසක් සහ හැරී පොටර් ඉන්න හොග්වර්ට්ස් පාසලේ හොඳම ශිෂ්‍යාව හර්මයනි ග්‍රේන්ජර් හිටපු හින්ද අපිට එච්චර බයක් හිතුනෙ නැහැ. මේ දෙන්න ආපු එකට ස්තුති කරන්න ඕනේ උෂාන් ගුණසේකර සහ අෂානි ෆොන්සේකා දෙන්නට.

 

ජිවන් සුකුමාරන් එක්ස්-මෙන්ලාගේ වුල්වරීන් එක්කගෙන ආවා. ස්පයිඩර්මෑන්ට නං වුල්වරීන් ගැන පුදුම ආදරයක් තිබුනේ. පේනවනේ?

 

"Knightmare" බැට්මෑන්  ඇවිල්ලා හිටියා සුනෙර සෙනාධීර හින්ද. ලංකාවේ ඩෙඩ්පූල් වන සරොංපූල් ඇවිල්ල යාලුවෙන්න හැදුවා. සරොංපූල් ගුටි කෑවද කියල අහන්න ඕනේ සොහාන් ගුණරත්නගෙන් තමයි.

 

මෙන්න සරොංපුල් ඩෙඩ්පූල් චිත්‍රපටියේ ඔයාල දැකපු නෙගාසොනික් ටීනේජ් වෝහෙඩ්ට කරදර කරනවා. නෙගාසොනික් ටීනේජ් වෝහෙඩ් හරියට ශෙෂාද්‍රි කෝට්ටේආරච්චි වගේ. එයා සරොංපුල්ව පොඩ්ඩකටවත් ගණන් අරං නැති පාටයි.

 

"Game of Thrones" වල ජෝන් ස්නෝ මුකුත් දන්නේ නැති වුනාට ශාලිත සෙනෙවිරත්න ජෝන් ස්නෝව දන්නවා.

 

රයන් පෙරේරා මෙටල් ගියර් සොලිඩ්වල රේඩන් එක්කගෙන ආවා. අර පිටිපස්සේ තියෙන බෝඩ් එකේ හැටියට එයා "child friendly" වෙලා වගේ.

 

දෙවැනි දවසේදි ජිවන් සුකුමාරන් හරාම්බේ එක්කගෙන ආවේ විප්ලවයක් පටන්ගන්න හිතාගෙන වගේ.

 

"A Nightmare On Elm Street" චිත්‍රපටිවල ෆ්‍රෙඩි කෘගර් නං අපිට ඇත්තටම නරක හීන දෙයි.

 

Hitman පරිඝනක ක්‍රීඩාවල ඒජන්ත අංක 47 සුනෙර සේනාධීරගේ කොන්ත්‍රාත්තුවකට ඇවිල්ල හිටියා. ඒක හරිගියාද කියලවත් අපි දන්නේ නෑ. මිනිහ එච්චර දක්ෂයි.

 

ඔපුලා ෆොන්සේකා සහ ඊතන් පෙරේරාගේ ආරාධනාවෙන් Corpse Bride කතාවේ මනාලිය සහ වික්ටර් දෙන්න ඇවිල්ල හිටියා. දෙන්නා හොඳට ගැලපෙනවා නේද?

 

Warcraft වල ඇසරොත් ලෝකයේ ආර්තස් කුමාරයා ඇවිල්ල සම්මානයකුත් අරගෙන ගියා. එතුමා පැමිණියේ ඉෂාක් ඩීන්ගේ ආරාධනාවෙන්.

 

චතුරින්ද සුමිත්‍රාරච්චි නයිට්වින්ග්ට එන්න කියන්න ඇත්තේ කොමික් කොන් එකේ අපරාධ නවත්තන්න වෙන්න ඇති. එත් සංවිධායකයින් කොච්චර හොඳට වැඩ කලාද කියන්නෙ එයාට කොස්ප්ලේ තරගයට සහභාගී වෙන්න වුණා. එකට තාග්ගකුත් ලැබුණා.

 

ස්කයිරිම් වලින් ඩොවකීන් වීරයා ඇවිල්ල හිටියේ ඩේඩ්රික් ඇඳුම ඇඳගෙනමයි. සහන් පෙරේරා තමයි එයාව කොන් එකට ගෙනාවේ.

 

සුනාගකුරේ ගමේ නියෝජිතයෙක් වශයෙන් එහෙ කසේකාගේ වන ගාරා ඇවිල්ල හිටියේ ජනිත්‍රි කාරියවසම්ගේ ආරාධනාවෙන්. කොළඹ මතක් වෙන්නත් තෑග්ගක් ලැබුණා මගේ හිතේ.

 

දෙවැනි දවසේ ස්පයිඩර්මෑන්ල දෙන්නෙක්ම ආව විතරක් නෙමෙයි ඒ දෙන්නා ත්‍රීවීල් එකක හයර් වගයක් ගන්න ලෑස්ති වුනාද මන්ද. සජිත් කඳනාරච්චි සහ එෂාන්ත පෙරේරා තමයි මේක සෙට් කලේ.

ඔන්න අපි පින්තුර ටිකක් දැම්මා. තව ගොඩක් ඔයාලට බලාගන්න පුළුවන් ප්‍රසන්නගේ ෆේස්බුක් ඇල්බම බලලා. මේ පළවෙනි දවසේ, මේ දෙවැනි දවසේ. අපි ඔහුටත්, කොස්ප්ලේ කරපු හැමෝමටත්, ලංකා කොමික් කොන් එකටත් සුභ පතනවා. අපි ඊළඟ අවුරුද්දෙ මීටත් වඩා ලොකුවට, ලස්සනට තියෙයි කියල අපි හිතනවා. අපි මෙතැන නොදාපු ලස්සන කොමික් කොන් කොස්ප්ලේ පින්තුර ඔයාල දන්නවනං පල්ලෙහා කොමෙන්ට් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

Trending.

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

7 Degrees Restaurants offers a unique dining experience in Colombo

Sri Lanka’s first and only immersive dining experience 7 Degrees Restaurants, a new and exciting

Trending

Yamu Guide.

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Kamu Yamu Guide