කොවිඩ් 19 එන්නතක් පොදු පාවිච්චියට ගන්නා පළමු රට බවට එක්සත් රාජධානිය පත් වෙයි!.

වසරක පමණ කාලයක් තිස්සේ මුළු ලෝකය ම බලා සිටි බලාපොරොත්තුවක් ඉටු වී තිබෙනවා. ඒ තමයි කොරෝනා වෛරසය මැඩලීම සඳහා පොදුවේ පාවිච්චි කළ හැකි එන්නතක් සෞඛ්‍ය අංශ මඟින් අනුමත කිරීම.

Pfizer/BioNTech කොරෝනා වෛරස එන්නත පොදු භාවිතයට ගන්නට එක්සත් රාජධානිය අද තීරණය කළා. ඒ අනුව මෙම එන්නත පොදු පාවිච්චියට ගන්නා ලෝකයේ පළමු රට බවට එක්සත් රාජධානිය පත් වුණා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා 95%ක ශක්‍යතාවක් ඇති බවට තහවුරු වුණු මේ එන්නත ලබන සතියේ ඉඳන් ජනතාව වෙනුවෙන් ලබා දෙන්නට තීරණය කළ බව එරට අද නිවේදනය කෙරුණා.

දැනටමත් මිලියන 20කට ප්‍රමාණවත් වන පරිදි එන්නත් මිලියන 40ක් ඇණවුම් කරන්නට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව එන්නත අත්‍යවශ්‍ය ම වන වියපත් පුද්ගලයන්ට, දුර්වල රෝගීන්ට සහ සෞඛ්‍ය අංශවල සේවය කරන්නන්ට ඉතා ඉක්මනින් ප්‍රතිශක්තිකරණ කටයුතු ඇරඹීමට නියමිතයි. ඒ සඳහා රෝහල් පනහකට අධික ප්‍රමාණයක් සහ එන්නත් මධ්‍යස්ථාන රාශියක් ද සූදානමින් තබා තිබෙනවා.

ලොව වේගයෙන් ම සංවර්ධනය කරන ලද එන්නත වශයෙන් සැලකෙන්නේ මෙම Pfizer/BioNTech කොරෝනා වෛරස එන්නතයි. වාර්තා වන ආකාරයට සාමාන්‍යයෙන් දස වසරක් පමණ ගත වෙන පර්යේෂණ ක්‍රියාවලියක් දස මසකින් සම්පූර්ණ කිරීමට පර්යේෂකයන් සමත් ව තිබෙනවා.

වෛරසයේ ජාන කේතයකින් කොටසක් භාවිත කරමින් නිර්මාණය කෙරුණු mRNA වර්ගයට අයත් මෙම එන්නත කොවිඩ් – 19ට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණය නංවා ගැනීමට ශරීරයට උගන්වනවා. mRNA වර්ගයේ එන්නතක් පොදු භාවිතයට පැමිණෙන්නේ ද ලොව පළමු වතාවට බවයි විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ. බෙල්ජියමේ නිෂ්පාදනය කෙරුණු මෙම එන්නත සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් යටතේ ගබඩා කළ යුතුයි.

එන්නත ලබා දෙන්නේ දෙවරකටයි. එනම්, පළමු එන්නත ලබා දී දින 21කින් දෙවැනි එන්නත ලබා දිය යුතුයි. ඉන් සති කීපයකට පසුව සිරුරේ ප්‍රතිශක්තිකරණ වර්ධනය හට ගන්නවා.

මීට අමතරව ඔක්ස්ෆර්ඩ් සරසවිය මඟින් අත්හදා බලමින් සිටින කොරෝනා වෛරස එන්නත ද ඉතා ඉක්මනින් ක්‍රියාවේ යෙදවීමට හැකි වනු ඇතැයි වෛද්‍ය අංශ අපේක්ෂා කරන බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කර තිබෙනවා. එය සාර්ථක වන තෙක් මේ Pfizer/BioNTech එන්නත හොඳ ආදේශකයක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ ජන ජීවිතය සහ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමට නම් Pfizer/BioNTech එන්නත භාවිතයට ගැනීම අත්‍යවශ්‍ය බවයි.

කොරෝනා වෛරසය මැඩලීමට සාර්ථක එන්නතක් සමාජයේ පොදු භාවිතයට ආවත්, සියලු දෙනා ම පෙර අනුගමනය කළ සෞඛ්‍ය පියවර තවදුරටත් අනුගමනය කිරීම අනිවාර්ය බවයි වෛද්‍ය උපදේශය වන්නේ. ඒ අනුව සමාජ දුරස්ථිකරණ රීති, මුඛ ආවරණ පැළඳීම, නිරෝධායනය, පීසීආර් පරීක්ෂණ යනාදිය අඩපණ කළ යුතු නැති බවයි ඔවුන්ගේ අදහස.

කෙසේ වෙතත්, මුළු ලෝකය ම විශාල අභියෝගාත්මක සමයකට මුහුණ දීමෙන් අනතුරුව, මෙවැනි එන්නතක් ක්‍රියාවේ යෙදවීමට හැකි වීම ම විශාල ජයග්‍රහණයක් බව වෛද්‍ය ක්ෂේත්‍රයේ වියතුන් ප්‍රකාශ කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

Trending.

Elvis the Sensationalist – the Movie Review

By Hiruni Herath The Movie If you’ve watched the movie trailer for Baz Luharmann’s Elvis,

Trending

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Yamu Guide.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide