..යනුවෙන් ඇරඹුවද, මෙහි ඇරඹුමෙහිම පැහැදිලි වැරැද්දක් ඇත. එනම්.. ‘ප්‍රතිවෛරස’ යන වචනට මාතෘකාවෙහිදී ලැබී ඇති අර්ථයයි. සැබවින්ම ඒ සඳහා නිවැරදි වචනයක් සොයාගැනීමට නොහැකි වූ නිසාවෙන් මිස, නැතිනම් එහි සැබෑ අරුත විය යුත්තේ..
‘වෛරසයක් ශරීරගත වීමෙන් පසු ඇතිවන යම් යම් රෝගී තත්වයන්:
- සොටු දියර ගැලීම
- නාසය සිර වීම
- කැස්ස
- උණ
- හිසරදය
- උගුරේ වේදනාව
- ශරීරයේ තෙහෙට්ටු බව
වැන්නන්ට ප්රතිකර්මයන් යන්නය.
තවද, වෛරසය ශරීරගත වීමෙන් ආරක්ෂාව සිටීමට සහ ශරීරයෙහි ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීමටද මෙම හෙළ වෙද ක්‍රම බොහෝ සෙයින් උපකාරී වනු ඇත.
1. ඝන
පසුගිය කාල වකවානුව තුලදී ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණයන්ට අනුකූලව, ‘කොරෝනා’ වෛරසයෙන් ආරක්ෂාව සිටීම සඳහා හඳුන්වාදුන් නවතම බෙහෙත වන මෙය රසකිඳ, ඉරිවේරිය, වෙනිවැල්ගැට, කුරුඳු සහ පෙරුම්කායම් එක්කොට කුඩුකර සදාගත් කුඩක් වේ.
2. විසබීජ හරණය
මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් විසබීජහරණ ක්‍රම වේදයයි. එහිදී ගුගුල්, දේවදාර, අගිල්, පෙරුංකායම්, මදුරුතලා, වදකහ, හල් දුම්මල, කොහොඹ වැනි ශාකයන්හි ශාක කොටස් ගෙන පුළුස්සා දුම් ඇල්ලීම හෝ තම්බා ජලය සමග මිශ්‍රකොට සෝදා හැරීම කළ හැක.
3. ආරක්ෂාව
මෙම ක්‍රමය ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත්තේ නිතර පාහේ පිරිස සහ එළිමහන සමඟ ගැටෙන උදවියටයි. මෙහිදී වදකහ සහ පෙරුම්කායම් මිශ්‍රකොට සෑදු ගුලියක් අතෙහි ගැටගසාගැනීම සිදුවේ.
4. කැඳ
හැකි අයුරින් යකිනාරං, එළබටු, වැල් තිබ්බටු, හීං බෝවිටියා, ගොටුකොළ, මොණරකුඩුම්බිය, මුස්සැන්ද, පොල්පලා, කරපිංචා අතරින් සොයාගත හැකි සියලු දේ දමා සෑදූ කැඳ ආහාරයට ගන්න.
5. දියර
- මෙම පානය වෛරසයන් මැඩ පැවැත්වීමට උපකාරී වන අතර වෙනිවැල්ගැට, නෙල්ලි, රසකිඳ, සුදුළූණු, හීන් මදුරුතලා, බිං කොහොඹ එක්කොට තම්බා ගැනීමෙන් මෙය සාදාගත හැකිය.
- බොහෝදෙනා අතරේ සුප්‍රසිද්ධ ඉඟුරු සහ කොත්තමල්ලි එකට තම්බා පානය කිරීමත් නැතිනම් පස්පංගුව පානය කිරීමත් මීට සමාන ලෙසින්ම වෛරසය මැඩ පැවැත්වීමට දායක වේ.
- ඒ හැරුනුකොට රසකිඳ, හීන් මදුරුතලා, ගම්මිරිස්, කහ සහ ඉඟුරු එක්කොට තම්බා පානය කිරීමද ලාංකීය මෙන්ම ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ක්රමයෙහි පවා එන ප්‍රතිකර්මයක් වේ.
6. අමතර
- කුළුබඩු – මේ දිනයන්හිදීවත් හැකි අයුරින් රස පදමට අනූකූලව නිවසේදී පිළියෙල කරගන්නා ආහාර සඳහා කහ, සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි එනසාල් වැනි කුළුබඩු එකතු කරගන්න.
- පලතුරු – හැකි උපරිමයෙන් දෙළුම්, නෙල්ලි, වෙරළු, නමිනං, උගුරැස්ස, අනෝදා, ඇඹුල් පේර සහ සුවඳැල්, කෝලිකුට්ටු වැනි ලාංකීය කෙසෙල් වර්ගද ආහාරයට ගැනීමද ඉතා සුදුසුය.