බොරු වැස්සට තෙමෙන්න එපා: ගංවතුරේ ඇත්ත තත්ත්වය මෙන්න.

කැළණි ගඟේ වැඩිවන ජල මට්ටම නිසා කොළඹට ජල සැපයුම අඩාල වෙනවා, රට පුරා විදුලිය නැතිවෙනව වගේ ආරංචි ගොඩක් මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ පැතිර යනවා. විපතට පත් අයට සහන සලසන්න වගේ ම ළඟ එන අවදානම් ගැන තොරතුරැ බෙදාගන්නත් මේ සමාජජාල නිසා පුළුවන් වෙලා තියෙනවා. ඒත් පිළිගත හැකි මූලාශ්‍රයක් නැතු ව ප්‍රචාරය වෙන තොරතුරු ෂෙයාර් කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන්පාරක් හරි බලලා ඒ තොරතුරු ඇත්තද කියල තහවුරු කරගන්න.

ඇත්තටම මොකද වෙන්නෙ?

කොළඹ වතුර සැපයුමට බාධාවක් නෑ

ෆේස්බුක් සහ ට්විටර් එකේ හුවමාරු වෙන පෝස්ට් එකක කියවුණු විදියට අඹතලේ ජල පවිත්‍රාගාරය ඇණහිටිමේ අනතුරක් නැහැ. මේ බව මධ්‍යස්ථාන බාර නිලධාරියා වගේම ඇමතිවරයාත් තහවුරැ කරලා තියෙනවා. ගොඩක් දෙනෙක් මෙතන දී ‘අඩි’ සහ ‘මීටර්’ පටලගෙන තිබුණා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කරන නිළ නිවේදනවල සමහර තැන්වල අඩිවලිනුත් සමහර තැන්වල මීටර්වලිනුත් දැක්වෙනවා. සාමාන්‍යයෙන් මීටර් එකක් කියන්නේ අඩි තුනකට ආසන්න දිගක්. ඒ නිසා දෙක පටලගන්න එපා.

ලංකාවටම බලපාන පරිදි විදුලිය කපන්නේ නෑ

කැළණිතිස්ස බලාගාරය ගංවතුරට යටවීම ගැන සැරිසරන ඊ මේල් එක බොරුවක්. දැනට එහෙම අනතුරක් නෑ. ඇත්තට ම කැළණිතිස්ස බලාගාරය යට වුණත් ඒකෙන් ජාතික විදුලි සැපයුමට ලොකු බලපෑමක් වෙන්නේ නෑ.

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රන්ජන් ජයලාල් අපට කීවේ ගංවතුරට යට වී ඇති ප්‍රදේශවලට පමණක් විදුලිය විසන්ධිකර ඇති බවයි.

කාළගුණ තත්ත්වය

ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මේ වෙනකොට බෙංගාල බොක්ක ප්‍රදේශයේ තියෙන ‘’රෝනු” සුළිකුණාටුව තවත් ලංකාවෙන් ඈතට ගමන්කරනවා. ඒත් උතුරු නැගෙනහිර සහ උතුරු මැද හැරෙන්න අනිත් ගොඩක් පැතිවලට තවදුරටත් වහින්න පුළුවන්.

AccuWeather එකට අනුව කොළඹ වැස්ස තරමක් අඩු වුණත් තව දින කිහිපයක් යනතුරු සම්පූර්ණයෙන් නවතින එකක් නෑ. නුවරඑළිය, රන්තපුර වගේ පැතිවලට ඉදිරි දවස් කීපය ම වගේ වහින්න පුළුවන්.

කොහෙම වුණත් වැස්සත් එක්ක ඇතිවෙන්න පුළුවන් සුළං සහ අකුණු ගැන කල්පනාවෙන් එන්න එක නුවණට හුරුයි.

ගංගාවල ජල මට්ටම

බස්නාහිර පලතේ කැළණි ගඟ අවට ප්‍රදේශ බොහොමයකට තාමත් ගංවතුර. නාගලගම් වීදිය ජල මාපකයට අනුව පෑලියගොඩ හරියේ කැළණි ගඟේ ජල මට්ටම තවමත් ඉහළ නගිනවා. ඒත් ගඟ ඉහත්තාවට වෙන්න තියෙන ග්ලැන්කෝස් (අවිස්සාවේල්ල කිට්ටුව) සහ හංවැල්ල ජල මට්ටම අඩුවෙමිනුයි තියෙන්නේ.

කළු ගඟ පිටාර ගැලීම නිසා පුටුපාවුල සහ මිල්ලකන්ද පැතිවලට තරමක ගංවතුර තත්ත්වයක් තිබුණත් ජල මට්ටම පහළ බහිමිනුයි තියෙන්නේ.

ගිං ගගේ ජල මට්ටම බද්දේගම හරියෙදි තරමක් අනතුරුදායක මට්ටමට ඉහළ නැගල තිබුණත් තවම ගංවතුර අවදානමක් නෑ.

අනතුරුදායක මට්ටමට ජල මට්ටම ඉහළ නැගල තිබුණු යාන් ඔය, මහ ඔය සහ අත්තනගලු ඔයේත් ජල මට්ටම අඩුවෙමින් පවතිනවා.

බලපෑම

වැඩිම පිරිසකට බලපෑමක් සිද්ධවෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ; පවුල් 35,000ක් අවතැන් වෙලා, ඊළඟට වැඩි ම බලපෑම ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවලට. කළුතර, රත්නපුර, කෑගල්ල, කුරැණෑගල සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලත් 18,000කට වැඩි පිරිසක බැගින් අවතැන් වෙලා තියෙනවා.

වැඩි ම පිරිසක් මියගිහින් තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවූ නායයාම්වලින්. නිළ සංඛ්‍යාලේඛණවලට අනුව අරනායක, බුලත්කොහුපිටිය පැතිවල නායයාම්වලින් මියගිය ගණන 34ක් වුණත් ඇත්ත සංඛ්‍යාව මීට වඩා සෑහෙන්න වැඩිවෙන්න පුළුවන්. රටපුරා දැනට නිළ වශයෙන් මියගොස් ඇති ගණන 63යි; 132ක් අතුරුදහන්.

අවසාන වශයෙන්

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අපට කීවේ තවම ගංගාවල ජලය මට්ටම් ලෙස පහළ ගිහින් නැති වුණත්, ටිකින් ටික ජලමට්ටම අඩුවෙනව කියලයි. මේ ලියන මොහොත වනවිටත් අනතුරුදායක ස්ථානවලින් මිනිසුන් ඉවත්කිරීම සිද්ධවෙනවා. ඉදිරි දවස් කීපය තුළ ගොඩක් ලොකු වැසි ඇතිවුණොත් මිස තත්ත්වය තවත් දරුණු අතට යාමේ අවදානමක් නෑ තියල තමයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නිළධාරියෙක් අපට කීවේ. “රෝනුත්” දැන් ටිකින් ටික ඈත්වෙන නිසා ඉදිරි දවස් කීපය ඇතුලත කාලගුණය යහපත් තත්ත්වයට පත්වෙයි කියල කාලගුණ දෙපාර්තමේන්තුවත් හිතනවා.

 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන වෙබ් අඩවියේ  ජල මට්ටම් සහ කාලගුණය අලුත් ම තොරතුරැ බලාගන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ ම AccuWeather සහ Weather Channel එකෙනුත් කාලගුණ තත්ත්වය ගැන විස්තර දැනගන්න පුළුවන්.

මීට අමතර ව ට්විටර් එකේ අසාම්, ආමන්ත, දරිශා වගේ ටිකක් වගකීමෙන් තොරතුරැ දාන මාධ්‍යවේදීන් ව ෆලෝ කිරීමෙනුත් අලුත් ම විස්තර දැනගන්න පුළුවන්.

විපතට පත් වුණු අයට උදව්කරන්න කැමති නම් මේ තැන්වලට ඔයාගේ ආධාර ලබාදෙන්න පුළුවන්.

 
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

A Sunset Feast by the Sea – Hunger Squad

by Vimasha Weerawansha  Ambience  For those who chase sunsets and savor every golden moment, Hunger

Highlights Kamu

A Delightful Iftar Experience At Sheraton Kosgoda

Traditional Iftar Selection Breaking fast at Sheraton Kosgoda was an experience of elegance and variety,

Highlights Kamu

Loon Tao: A Unique Beachfront Culinary Escape

If you’re looking for the perfect blend of mouthwatering Chinese food, excellent service, and a

Highlights Kamu

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Trending.

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Cinnamon Lakeside Colombo Celebrates Women’s Day with Exclusive Culinary Delights and Special Offers

This Women’s Day, Cinnamon Lakeside Colombo invites guests to indulge in a series of exclusive

Trending

Yamu Guide.

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide