ගංවතුර අලුත්ම තත්ත්වය: උදව් කරන්නෙ මෙහෙමයි.

මැයි මාසේ එන ගංවතුර කියන්නෙ ලංකාවෙ අපට “හදිසි” ආපදා තත්ත්වයක් නෙවෙයි. හැබැයි අඩු තරමෙ ගිය අවුරුද්දෙ ගංවතුරෙන් පස්සෙවත් අපි වැඩි දෙයක් ඉගෙනගත්ත බවක් පේන්න නැති නිසා මේ පාරත් වෙනදා වගේම හදිසියේ එකතුවෙලා මේ වැඩේ කරන්න සිද්ධ වෙලා.

දැනට (මැයි 30) ලැබෙන අලුත්ම නිළ සංඛ්‍යාලේඛණවලට අනුව මේ වෙනකොට 183 දෙනෙක් මියගිහින්, 112කට තුවාල වෙලා තියෙනවා. තවත් 103ක් අතුරුදන්. ලක්ෂ පහකට වැඩි පිරිසක් අවතැන් වෙලා. තවමත් සමහර පැතිවල සංඛ්‍යාදත්ත හරියට හොයාගන්න බැරිවෙලා තියෙන නිසා ඇත්තට ම විපතට පත්වෙලා ඉන්න ගාණ මීට වඩා වැඩිවෙන්න පුළුවන්.

Reached Veyangalle, Agalawatta after a 5 KM boat ride, place still under more than 10 feet under water #FloodSL #lka #SriLanka pic.twitter.com/L6kmp8JI9J

— Azzam Ameen (@AzzamAmeen) May 28, 2017

ඔයත් මේ වෙලාවේ සහන කටයුතුවලට උදව් කරන්න කැමති නම් මේ තියෙන්නෙ ඒකට දායක වෙන්න පුළුවන් විදි කීපයක්. තව ඔයාලා දන්න මේ වගේ වැඩසටහන් තියෙනව නම් ඒවත් අපට කියන්න.

මේ මොහොතේ උදව් අවශ්‍ය තැන්

සහන කටයුතු මෙහෙයවන්න එක මධ්‍යස්ථායක් හදාගන්න අපට තවම බැරිවුණ නිසා තවමත් පොඩි පොඩි කණ්ඩායම් හරහා තමයි ගොඩක් වැඩ සිද්ධ වෙන්නේ. ඉතිං මේ කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙලා ආධාර අවශ්‍ය තැන් සහ ආධාර දෙන්න බලන් ඉන්න අයව හොයාගන්න එක පහසුකරන සේවා කීපයක් දැන් පටන්අරන් තියෙනවා. reliefsupports.org, disasterhelpsl.comwhitecode.lk/floodsl වගේ ම මේ ගූගල් මැප් එකෙනුත් අලුත්ම ආධඛාර තත්ත්වය දැනගන්න පුළුවන්

ඔන්ලයින් ආධාර

රතුකුරුසය මේ වගේ ව්‍යාවසන සම්බන්ධ ව ගොඩක් අත්දැකීම් තියෙන සංවිධානයක්. පුහුණු කාර්ය මණ්ඩලයක් වගේ ම හොඳ ආපදා සැලැස්මකුත් එයාලට තියෙනවා.

සර්වෝදයත් ආධාර එකතු කිරීම හා කෑම බෙදාහැරීම් කරනවා. ද්‍රව්‍යමය ආධාර දෙනව නම් 0114365114 හෝ  dmu@sarvodaya.org හරහා එයාලව සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න.

රවුන්ඩ් ටේබර් ශ්‍රී ලංකා සංවිධායනය මුල් අදියරේ දි කෑම සහ වෛද්‍ය පහසුකම් දෙන්න වගේ ම දෙවෙනි අදියරේ දි කැඩුණු ගෙවල් හදලදෙන්නත් කටයුතු කරනවා.

takas.lk එකෙත් විශේෂ ගංවතුර ආධාර පැක් එකක් අරන් ඒක කෙලින්ම ආධාර අවශ්‍ය පැතිවලට යවන්නත් පුළුවන්.

kapruka.lk හරහාත් මුදල් හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න පුළුවන්.

ද්‍රව්‍යමය ආධාර

කයින්ඩ්නස් කලෙක්ටිව් එක තවත් සංවිධාන හා ආයතන ගණනාවක් එක්ක එකතුවෙලා හදාගෙන තියෙන යුනයිටඩ් චැරිටීස් එකේ එකතුකිරීමේ මධ්‍යස්ථාන කීපයක් තියෙනවා. වියලි ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යවශ්‍ය දේවල් එයාලට ගෙනිහින් බාරදෙන්න පුළුවන්.

මයි ක්ලීන් ශ්‍රී ලංකා සංවිධානයත් ආධාර එකතුකරනවා.  0776479181ට කතාකරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

තාක්ෂණය පාවිචි කරල විපතට පත්වුණු අයට උදව් කරන වැඩසටහන් තව ගොඩක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර readme.lk එකෙන් බලාගන්න පුළුවන්.

වැඩකරන්න

සහන කණ්ඩායම් එක්ක වැඩකරන්න ඔයත් කැමති නම් DisasterReliefLka ෆේස්බුක් ගෲප් එකෙන් උදව් අවශ්‍ය තැන් මොනවද කියල බලාගන්න පුළුවන්.

ගංවතුරට අහුවුණු සත්තුන්ව බේරගන්න තැමකි අයට Rescuing Animals in Disasters – Sri Lanka එකත් එක්ක එකතුවෙන්න පුළුවන්.

දැන්වත් ඉගෙනගන්න බලමු

  • පහුගිය ගංවතුරෙ දි වගේ ම මේ පාරත් අසංවිධානාත්මක සහ (හොඳ පරමාර්ථයකින් වුණත්) මෝඩ විදියට කරන වැඩ නිසා සමහර වෙලාවට තත්ත්වය තවත් නරක අතට හැරෙනවා වගේ ම ලොකු නාස්තියකුත් සිද්ධ වෙනවා. ඒ නිසා අපි අපිම කරපු සහ තවමත් කරමින් ඉන්න වැරදිවලින් ටිකටික හරි ඉගෙනගන්න පුළුවන් නම් පීඩාවට පත් වෙන පිරිස සහ එයාලට වෙන අපහසුතා අඩුකරගන්න පුළුවන්.
  • අවශ්‍ය තැන්, බෙදාහරින විදිය සහ අවශය ප්‍රමාණ හරියට ම තහවුරු කරගන්නෙ නැතුව උයපු කෑම දෙන්න උත්සාහ කරන්න එපා. උයපු කෑම වැඩි වෙලාවක් තියාගන්න බැරි නිසා නරක් වෙලා අපතෙ යන්න තියෙන ඉඩකඩ වැඩියි. ගංවතුර බැහැගෙන යද්දි ලන්ච් ෂීට්, කුණු ගොඩවල් ගොඩගැහිලා තව ලෙඩරෝග බෝවෙන්න දෙන්න ඕන නෑනේ. ඒ නිසා උයපු කෑම පාර්සල් දෙන්න කියල ඉල්ලීමක් තියෙනව නම් ඇරෙන්න පුරළුවන් තරම් වියලි ආහාර ද්‍රව්‍ය දෙන එක තමයි හොඳ.
  • ගංවතුර බලන්න යන්න එපා. ගිය අවුරුද්දෙත් මේක කියපු නිසා disaster porn බලන්න ඇබ්බැහි වුණු කට්ටිය දැන් අලුත් ක්‍රමයක් හොයාගෙන. මොනව හරි පොඩි ආධාර ටිකක් එකතු කරගෙන 10-15 දෙනෙක් වාහනවලින් යනවා ඒක බෙදන්න. මේ කට්ටිය නිසා ඇත්තට ආධාර බෙදන කට්ටියගේ වැඩ අවුල් වෙනවා විතරක් නෙවෙයි, පාරවල් බ්ලොක් වෙලා හදිසි ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක්වවත්  අරන් යන්න බැරි වෙනවා. ඒ නිසා අපි කලින් කියපු සංවිධානවලින් එකකට, නැත්නම් ඔයා කැමති වෙනත් සංවිධානයකට ඔයාගෙ ආධාර බාරදෙන්න; ඔයාගෙම අතින් ගෙනිහින් දෙන්න ඕන කියල එකක් නෑ!
  • ෆේස්බුක්, ට්විටර්වල එන පණිවිඩ ශෙයාර් කරන්න කලින් ඒවා ඇත්තද, ඒවා මුලින් පෝස්ට් කරලා තියෙන්නෙ කවදාද කියල පොඩ්ඩක් හොයල බලන්න. මොකද පරණ පෝස්ට් ෂෙයාර් වෙන එකෙන් අනවශ්‍ය  කලබලයක් ඇතිවෙනවා. ඔයා පෝස්ට් එකක් දානවා නම් දිනය සහ වෙලාවත් එක්ක දාන්න.
  • ද්‍රව්‍යමය ආධාර වගේ ම සල්ලිවලින් ආධාර කරන එකත් සෑහෙන්න වැදගත්. මොකද ගංවතුර බැහැලා දවස් දෙක තුනක් යද්දි අපි ගොඩක් දෙනකුට ඕක අමතක වෙලා ගියාට කඳවුරුවල ඉන්න මිනිස්සුන්ට සමහර විට සති ගාණත් යනවා ආපහු තමන්ගේ සුපුරුදු ජීවිතවලට යන්න. එතකල් එයාලට අවශ්‍ය දේවලට වගේ ම ගෙවල් අලුත්වැඩියාව වගේ  දේවල්වලටත් සල්ලි ඕන.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide