ආයෙත් සාමාන්‍ය ජීවිතේට? ඇත්තට ම කොරෝනා කාලෙ ඉවර ද?.

ඔන්න හාහාපුරා කියල කාලෙකට පස්සෙ කොරෝනා අධි අවදානම් කලාපවල (කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්කවල) ඉන්න අයට යන්තං සුබ පණිවිඩයක් ඇවිත්. ඒ තමයි ඇඳිරි නීතිය මධ්‍යයේ වුණත්, ජන ජීවිතය වගේ ම රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩ කටයුතු 2020 මැයි 11 සඳුදා ඉඳන් සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න රජය විසින් තීරණය කිරීම.

එහෙම වුණත් කොරෝනා කාලය ඉවරයි කියල උපකල්පනය කරන්න හෝ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ බව නිගමනය කරන්න තාමත් කල් වැඩියි. නැවත සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු ආරම්භ කළත් වසංගතය පැතිරීම වළක්වගන්න අප විසින් අනුගමනය කළ යුතු දේවල් රාශියක් තියනවා. ඒ නිසයි අපි කියන්නේ.. ‘යථා තත්ත්වය’ කියන්නෙ කොරෝනාවලට කලින් තිබුණු තත්ත්වය ම නෙමෙයි!

පරීක්ෂාකාරී වෙන්න

අපි දැනටත් ඉන්නෙ වසංගතයේ මුල් අවධියේ. ප්‍රවේසම් වුණේ නැත්තං මේ පැතිරීම තවත් පුළුල් වෙන්න හොඳට ම ඉඩ තියනවා. අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකළොත්, අපිට ආයෙත් මුල ඉඳන් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

ඒ නිසා, කලබල වෙන්නෙ නැතුව පරීක්ෂාවෙන් ඉන්න. දෛනිකව ප්‍රවෘත්ති ගැන අවධානය යොමු කරන්න. ඔබේ ප්‍රදේශය අවට රෝගීන් ඉන්නවද කියල සැලකිලිමත් වෙන්න. සරලව කිව්වොත්, ඔබ අවට පරිසරය ගැන සුපරීක්ෂාකාරීව ඉන්න.

ගෘහස්ථව ඉන්න

ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු කරන්නෙ ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහායි. ඒ අවස්ථාව වැරදි ලෙස පරිහරණය කිරීම මේ වෙලාවෙ ඔබටත් රටටත් හානිදායක වෙන්න පුළුවන්. මාසෙකටත් වඩා කාලයක් ගේ ඇතුළට වෙලා ඉන්න සිද්ධ වෙන එක අපි කාටවත් සතුටුදායක අත්දැකීමක් නෙමෙයි. හැබැයි ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, පුළුවන් තරං ගේ ඇතුළට වෙලා ඉඳීම අතිශයින් වැදගත්. අත්‍යවශ්‍ය කාරණයකට හැර ගෙදරින් එළියට යෑමෙන් වළකින්න.

අවුරුදු නෑගම් යෑම මඟ ඇරිලා ගියා. රාමසාන් ළඟ ළඟ ම එනවා. මේ වතාවේ විතරක් අපිට නෑදෑ හිතමිතුරන් බලන්න යන එක කල් දාන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහ වෙලා යනකං ඉවසල ඉන්න එක තමයි හොඳ ම දේ.

මුඛ ආවරණ පළඳින්න

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය/ බෙහෙත් වගේ දේවල් ගේන්න එළියට ගියත්, රාජකාරි කටයුතු සඳහා එළියට ගියත්, මුඛ ආවරණයක්/ මාස්ක් එකක් පළඳින්න අමතක කරන්න එපා. දවසේ කුමන වෙලාවක වුණත්, ඔබට ඇඳිරි නීති බලපතක් තිබුණත් නැතත්, මහාමාර්ගවල ගමන් කිරීමේදී මාස්ක් පැළඳීම පොලීසිය විසින් පසුගියදා අනිවාර්ය කෙරුණා. එමඟින් ඔබට වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ ඇහිරෙනවා. මේ සමග ම ඇල්කොහොල් සහිත සැනිටයිසර් එකකින් හෝ අත් සෝදන ද්‍රවයකින්, නැතිනම් සබන් සහ වතුරෙන් දෑත් පිරිසිදු කරගැනීමත් අත්‍යවශ්‍යයි. පාවිච්චි කරන ලද මුඛ ආවරණ නිසි පරිදි බැහැර කිරීමටත් ඔබ වග බලා ගත යුතුයි.

මීටරයක් දුරින් ඉන්න

කොරෝනා වසංගතය පාලනය කිරීමට ගත යුතු වැදගත් ම පියවරක් විදිහට සමාජ දුරස්ථකරණය හඳුන්වන්න පුළුවන්. කොවිඩ්-19 වැළඳුණු රෝගියෙකු කහින විට හෝ ප්‍රශ්වාස කරන විට පිට වන බිඳු, තවත් කෙනෙකු ආශ්වාස කිරීම හෝ ඔහුගේ සිරුරට ඇතුළු වීම මඟින් තමයි මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා වෛරසයට නිරාවරණය නොවන තරම් දුරකින් ඕනෑම අයෙකු ආශ්‍රය කිරීම තමයි කළ යුත්තේ. ඒ කියන්නේ ඔබ සිටිය යුත්තේ ඕනෑම කෙනෙකුගෙන් අවම වශයෙන් මීටරයක් ඈතින්.

අත් සෝදන්න

කොරෝනා වෛරසය ලෝකයෙන් තුරන් වූ දවසටත් අමතක නොකර පවත්වාගත යුතු පුරුද්දක් තමයි නිතර දෑත් සේදීම. කොවිඩ්-19 විතරක් නෙමෙයි, තවත් හුඟක් වෛරස සිරුරට ඇතුළු වීම වැලැක්වීම සඳහා දෑත් සේදීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම, දෑත් සෝදන විට අත් පිටුපස, ඇඟිලි අතර, නියපොතු යට.. මේ ආදී හැම තැනක් ම ආවරණය වන පරිදි තත්පර 20ක්වත් සේදිය යුතුයි. මේ සඳහා ඇල්කොහොල් සහිත සැනිටයිසර් එකක් වුණත් පාවිච්චිය සුදුසුයි.

සමූහයන් මඟ අරින්න

මේ තත්ත්වය යටතේ කන්න බොන්න යාළුවො එක්ක එළියට යන එක, කට්ටිය එක්ක පාටි දාන එක එහෙම ටික කාලෙකට නවත්තන්න වෙනවා. පොදු ස්ථාන සහ ලොකු පිරිසක් ගැවසෙන තැන් මඟ අරින එක තමයි නුවණට හුරු.

සමාජයෙන් ඈත්ව සිටීමේ ක්‍රම හඳුන්වා දුන්නෙ ‘සයිලන්ට් ස්ප්‍රෙඩර්ස්’ හෙවත් නිහඬ පතුරුවන්නන් නිසා. ඔවුන් සමූහයන් අතරට ඇවිත් අවානික් අයටත් රෝගය බෝ කිරීමේ ඉඩකඩක් තියන නිසා. මේ ඉදිරි දවස්වල රෙස්ටොරන්ට්, බාර් වගේ තැන් විවෘතව පවතින කාලය පැය කීපයකට සීමා කරන්න ඉඩ තියනවා. කොහොම වුණත් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට පුළුවන් තරම් එවැනි තැන් මඟ හැරීම ඇඟට ගුණයි.

වාසනාවකට කොළඹ තියන රෙස්ටොරන්ට්වලින් වැඩි හරියක් මේ වෙද්දි ඩිලිවරි පහසුකම් ලබා දෙනවා. හදිස්සියේවත් එළියට ගිහින් කොහෙන් හරි කන්න සිද්ධ වුණොත් මේ පියවර අනුගමනය කරන්න අමතක කරන්න එපා.

හෑන්ඩ් සැනිටයිසර් එකක් ළඟ තියාගන්න

ඔෆිස් යනකොට ගෙනියන බෑග් එකට හෑන්ඩ් සැනිටයිසර් එකක් දාල තියාගන්න. තමන්ගේම වාහනේක ගියත්, පොදු ප්‍රවාහන සේවයේ ගියත්, යන එන අතරමඟදි සබන් හෝ වතුර පාවිච්චි කරලා අත් පිරිසිදු කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති නිසා ඒ වෙනුවට හෑන්ඩ් සැනිටයිසර් එකෙන් අත් පිරිසිදු කරගන්න පුළුවන්.

ඩිලිවරිවලට සීමා වෙන්න

ඇඳිරි නීතිය බල පැවැත්වුණ කාලයේ බොහොමයක් ආයතන, වෙළෙඳනාම, සාප්පු එහෙම ඩිලිවරි පහසුකම ලබා දීම ආරම්භ කළා. කෑමබීම, සිල්ලර බඩු, බෙහෙත් විතරක් නෙමෙයි, සල්ලි ගන්න අවශ්‍ය ATM පහසුකම පවා දැන් ගෙදරට ම එනවා.

මේ පහසුකම ආරම්භ කරපු කාලයට වඩා දැන් සෑහෙන දියුණුවක් ලබල තියනව වගේ ම, හුඟ දෙනෙක් මේකට පුරුදු වුණු බවකුත් පේනවා. මේ බොහොමයක් සේවාවන් ඩිලිවරි ගාස්තුවකට යටත් වුණත්, සුපර්මාර්කට් එකකට ගිහින් සෙනඟ අතරෙ තෙරපිලා කොරෝනා හදාගන්නවට වඩා මේ ක්‍රමය හොඳයි නේ.

මේ නිසා එළියට ගිහින් පොදු ස්ථානවල රැස් කන්න සිදු නොවෙන විදිහට පුළුවන් තරං අවශ්‍ය දේවල් ඩිලිවරි කරගන්න උත්සාහ කරන්න. ඒක පහසුයි වගේ ම ආරක්ෂිතයි.

සතිඅන්ත චාරිකා කල් දාන්න

මේ ලිපිය ලියන වෙලාව වෙද්දි ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 700 ඉක්මවා ගිහින්. වග කිව යුතු බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ බලවත් වෙහෙස නිසා වාසනාවකට අපි තවමත් ‘කමියුනිටි ස්ප්‍රෙඩ්’ තත්ත්වයකට පත් වෙලා නෑ. ඒත් තාමත් නරක තත්ත්වය සම්පූර්ණයෙන් ඉවරයි කියල සතුටු වෙන්නත් පුළුවන්කමක් නෑ.

ඉදිරි මාස කීපයේදි හැම දේම හොඳ අතට හැරෙන බවක් පේන්න තිබුණොත් හෝටල්වල මිල ගණන් සහ ගුවන්ගමන් ටිකට් මිල පහත වැටීමේ හැකියාවක් තියනවා. ඒක සෑහෙන හොඳ චාන්ස් එකක් තමයි. හැබැයි පොඩ්ඩක් ඉවසලා ඉමු. වෛරසය තියෙද්දිම ආරක්ෂාකාරීව ගමන් බිමන් යන්න පුළුවන් කාලයක් එයි. හැබැයි ඒකට තවම කල් මදි. අපි වඩාත් ආරක්ෂාකාරී වෙන තරමට තමයි වඩාත් ඉක්මනින් නැවත සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්කම ලැබෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide