ලංකාවේ සංචාරයට එන්න හිතන් ඉන්න විදේශගත අයට, පුංචි මාර්ගෝපදේශයක්.

ලොව පුරා සිදු වුණු කොරෝනා ව්‍යාප්තියත් එක්ක රටවල් අතර සංචාරය පහුගිය දවස්වල ඇනහිටියා. හැබැයි දැන් තත්ත්වය තරමක් දුරට සමනය වෙලා නිසා රටවල් අතර සංචාරක නීති තරමක් දුරට ලිහිල් වෙලා. 2020 අගෝස්තු 01 දා ඉඳන් නැවතත් සියලු රටවල සංචාරකයන් සඳහා ලංකාවේ දොර ඇරෙනවා.

ඒ නිසා ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් නම්, ඉදිරියේදී ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් වීම වැදගත් කියල අපි හිතුවා. මේ, ඒ වෙනුවෙන් පුංචි මඟ පෙන්වීමක්.

ලංකාවේ ක්‍රියාත්මක ගුවන්තොටුපළවල්

  • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
  • කොළඹ රත්මලාන ගුවන්තොටුපළ
  • මත්තල රාජපක්ෂ හම්බන්තොට ගුවන්තොටුපළ

2020 අගෝස්තු 01 දා සිට විවෘතයි.

වීසා පටිපාටිය

කොයි කාලේ වුණත් සංචාරකයන්ට වලංගු වීසා බලපත්‍රයක් නැතුව රටකට ඇතුළු වෙන්න බෑ කියල ඔබ දන්නව නේ. වීසා එක නිකුත් කරන්නේ දවස් 30කට. රටට පැමිණීමෙන් පස්සෙ කාලය මාස 6ක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්. (ඔන්ලයින් වීසා – https://eta.gov.lk/slvisa/)

දීර්ඝකාලීනව රැඳී ඉන්න බලාපොරොත්තු වෙන සංචාරකයන් සම්බන්ධව තවම සලකා බලමිනුයි තියෙන්නෙ. පස් අවුරුදු වීසා බලපත්‍රලාභීන්ට උපරිම මාස 6ක කාලසීමාවක් රට තුළ රැඳී සිටීමට ඒ අනුව අවසර ලැබෙනු ඇති. වීසා ගාස්තු: ඇමරිකන් ඩොලර් 100

ලංකාවට වීසා අයදුම් කිරීමේ දී අවශ්‍ය තොරතුරු

  • ඔබ විසින් වෙන් කරන ලද සහතික ලත් නවාතැන් සපයන ස්ථානය පිළිබඳ විස්තර.
  • ඔබේ ගමන් මාර්ග සහ සංචාරය පිළිබඳ විස්තර.
  • ආපසු යෑමේ බලපත්‍රය.
  • වෛද්‍ය රක්ෂණය.

පැමිණීමට පෙර 

ලංකාවට පැමිණීමට ගුවන් යානයට පිවිසීමට පෙර පැය 72ක් ඇතුළත කරන ලද PCR පරීක්ෂණයකින් ඔබට රෝග ලක්ෂණ වැළඳී නැති බව තහවුරු වී තිබිය යුතුයි.

ලංකාවට පැමිණීම

මේ වෙද්දි ගුවන්තොටුපළ ආශ්‍රිත ව සහ එහි කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉතා ම දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ පියවර අනුගමනය කරලයි තියෙන්නේ. ඔබ මෙරටට පැමිණීමේ දී රෝග ලක්ෂණ පළ කළොත් හැර ඔබව නිරෝධායනය සඳහා යොමු කෙරෙන්නෙ නෑ. ගුවන්තොටුපළේ දී ඔබව නොමිලේ PCR පරීක්ෂණයකට භාජනය කෙරෙනවා. පරීක්ෂණ ප්‍රතිඵල පැය 24ක් තුළ ලබාගන්න පුළුවන්. අගෝස්තු මාසය වෙද්දි පැය 4-6 ඇතුළත ප්‍රතිඵල ලැබෙන්න සැලැස්වීම සඳහා මේ වන විට කටයුතු සකස් කරගෙන යනවා.

ප්‍රතිඵල එන තෙක් එක් රැයක් සඳහා රැඳී සිටීමට කොළඹ හෝ මීගමුවේ පිහිටි සහතික ලත් තරු 4 හෝ තරු 5 හෝටලයක් තෝරාගැනීමට ඔබව යොමු කෙරෙනු ඇති. දින 4-5 කට පසුව ඔබේ සහතික ලත් නවාතැන සමග ඒකාබද්ධව ජංගම ඒකකයක් විසින් වැඩිදුර පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇති.

ගුවන්තොටුපළේ සිට පිටත්ව යෑම

ඔබ ලංකාවට එන්න කලින් ගුවන්තොටුපළේ ඉඳන් නවාතැනට යන විදිහ සැලසුම් කරලා තියෙන්න ඕනේ. මේකට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න එපා.

2020 අගෝස්තු මාසේ 01 වෙනිදා ඉඳන් ලංකාවේ සියලු සංචාරක ස්ථාන දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර යටතේ විවෘත වෙනවා.

නවතින්නෙ කොහෙද?

අවම වශයෙන් රාත්‍රී 5ක් ඔබ ලංකාවේ නවාතැන් ගත යුතුයි. ස්වාධීන වෘත්තික විගණනයන් විසින් තහවුරු කරන ලද සහතික ලත් නවාතැන් සපයන්නන් ශ්‍රී ලංකා ටුවරිසම් වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. වීසා අයදුම් කරද්දි ඔබ විසින් වෙන් කරන ලද නවාතැන් සපයන්නා / හෝටලය පිළිබඳ විස්තර එහි ඇතුළත් කළ යුතුයි.

දින 10 කට වැඩිය ඉන්නවා නම්..

දින 10කට වඩා ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙන සංචාරකයන් එම කාලය තුළ තුන්වැනි පරීක්ෂණයකටත් භාජනය විය යුතුයි. යම් හෙයකින් PCR පරීක්ෂණයෙන් ඔබට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී ඇති බවට අනාවරණය වුණොත් අදාළ නිරෝධායන මධ්‍යස්ථානයක් වන හෝටලයකට හෝ රෝහලකට ඔබව යොමු කෙරෙනු ඇති.

නිරෝධායනය දින 14 – 21 අතර කාලයක් ගනු ඇති.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide