ජංගම ජීවිත ගෙවන අහිකුන්ටක ජනතාව.

“මොකෝ මේ, අහිකුන්ටකයෙක් වගේ?”

ඉන්න හිටින්න ගෙදරක් නැහැ වගේ පාරේ තොටේ ඇවිදින යාළුවෙක් දැක්කත් අපි අහන කතාවක් තමයි මේ. හැබැයි නිකමටවත් මේ “අහිකුන්ටක” කියන ජන කාණ්ඩය හැදුණු විදිය ගැන ඔයාලා හිතලා බැලුවද? එහෙනම් දැන්වත් අහගන්නකෝ. අහිකුන්ටක ජනතාව ගැන විස්තරයක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ.

කොහොමද මේ “අහිකුන්ටක” නම හැදුණේ?

Image Credits : sundayobserver.lk

“අහි” යන්නෙන් හැඳින්වෙන්නේ නාගයා ව. “කුණ්ඨික” කියන්නේ නටවන්නාට. “නයි නටවන්නා” කියන තේරුමෙන් “අහිකුන්ටක” යන පදය හැදුණු බව තමයි ගොඩක් පොත්පත්වල සඳහන් වෙන්නේ. කොහොමත් මේ ජන කාණ්ඩයේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නෙත් නයි නටවන එකනේ. ඒ හැරුණාම, වඳුරු රැඟුම් ඉදිරිපත් කිරීම ජීවිකාව කරගත්ත පිරිමි අයත්, අත බලා සාස්තර කියන ගැහැණු අයත් මොවුන් අතරේ ඉන්නවා.

එතකොට මෙයාලගේ මුල් ගම් කොහේද?

ලංකාව ඇතුළේ අහිකුන්ටක ජන කණ්ඩායම් බහුල විදියට දැකගන්න ලැබුණත්, මෙයාලගේ සම්භවය සිද්ධවෙලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙදීයි. විශේෂයෙන් ම ඔවුන් මදුරා සහ පාණ්ඩ්‍ය ප්‍රදේශවල ජීවත් වෙන කොරවර් ගෝත්‍රිකයන්ගේ හැඩරුවට, හැසිරීමට නෑකම් කියන බවක් පෙන්න තියෙනවා.

Image Credits : dailynews.lk

වාග් විද්‍යාඥයන් කියන විදියට, අහිකුන්ටක ජනතාව පාවිච්චි කරන භාෂාව දකුණු ඉන්දීය තෙළිඟු බසට හුරු එකක්. එයිනුත් පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ දකුණු ඉන්දියාවෙන් පැවතගෙන එන කාණ්ඩයක් බවයි.

අහිකුන්ටකයන් ඉන්දියාවේ බිහිවුණු බවට තතු තිබුණත්, ඒක සිදුවුණේ කොයි කාලෙදීද කියන එක නිශ්චිතව ම කියන්න අමාරුයි. හැබැයි බෞද්ධ සාහිත්‍යයේ හෙළිවෙන තොරතුරු සලකලා බැලුවා ම, ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසටත් කලින් මොවුන් ජීවත්වෙලා ඉඳපු බවක් තමයි පේන්න තියෙන්නේ.

මේ වෙද්දී ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ ජන කණ්ඩායම් දැකගන්න පුළුවන්. ඒ අතරිනුත් කලාවැව, තිරුක්‌කෝවිල්, නාච්චාදුව, කැකිරාව, විජිතපුර, කරච්චිකුලම්, කුඩාගම සහ මඩකලපුව වගේ ප්‍රදේශවල මොවුන්ගේ පැතිරීම වැඩි වශයෙන් ම දකින්න ලැබෙනවා.

අහිකුන්ටක සමාජයේ පැවැත්ම

අහිකුන්ටක ජනතාව ජීවත් වෙන්නේ පවුල් කිහිපයක් එකතුවෙලා හැදුණු කණ්ඩායම් විදියට. මේ හැම කණ්ඩායමක ම නායකයෙක් ඉන්නවා. මේ නායකයා ව හැඳින්වෙන්නේ “පෙරිය මනුෂ්‍යම්" නමින්. උපන් රට කොහේ වුණත්, ලංකාවේ ජීවත් වෙන නිසා දෝ හෝ ඔවුන් “ආරච්චි" කියන නමත් මේ සඳහා පාවිච්චි කරනවා.

Image Credits : sundayobserver.lk

අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙන්න ඔවුන් නිවාස (වාඩි) සාදාගන්නේ, තල් අතු එකට මැසීමෙන්. ලී දඬු, පොල් අතු, විතරක් නෙවෙයි ඉටි කවර පවා පාවිච්චි කරන්නත් ඔවුන් දැන් පුරුදුවෙලා ඉන්නවා. කූඩාරම් හැඩය ගන්න මේ නිවෙස් තුළ නයි පෙට්‌ටිය, නළාව, වලං, ඇඳුම් කිහිපයක් තබාගැනීම ඔවුන්ගේ පුරුද්දයි. තැනින් තැනට යමින් ජීවත්වෙන නිසා, ලොකු බඩු මුට්ටු ප්‍රමාණයක් තබාගැනීමේ අවශ්‍යතාවයක් මේ ජනතාවට නැහැ. අහිකුන්ටකයින් නිවෙස් තනා ගත්ත මේ වගේ තැන් අපේ වහරින් හැඳින්වෙන්නේ “අහිකුන්ටක තිප්පල" නමින්.

සාමාන්‍යයෙන් අහිකුන්ටක ජනතාව එක ස්ථානයක දවස් හතකට වඩා නොගෙවන බව බොහෝ දෙනා දන්නා කාරණයක්. මේකට හේතුව විදියට අපේ වැඩිහිටියන් කියන්නේ “අපිරිසිදුකම නිසා අහිකුන්ටක ගුබ්බෑයමට පණුවෝ ගහන" නිසා කියලයි. හැබැයි ඇත්ත කතාව ඕක නෙවෙයි. එකම තැන වැඩි දවස් ගානක් ඉද්දී ඔවුන්ට ලැබෙන ආදායම අඩුවෙනවා (නයි නැටුම් වුණත් හැමදාම බලන්න පුළුවන් කාටද?). ඉතින් ආර්ථිකය අඩාල වෙද්දී ජීවත්වෙන්න අමාරු නිසා තමයි මොවුන් සතියෙන් සතියට ජීවත් වෙන තැන වෙනස් කරන්නේ.

අහිකුන්ටක වාඩිය ඔවුන් හඳුන්වන්නේ “නා ඉල්ල” නමින්. මේකේ තේරුම වෙන්නේ “නාගයාගේ නිවහන" යන්න ලු. මේ වාඩි දිගින් අඩි 9 ක්‌ හා, උසින් අඩි 5 ක් වගේ වෙනවා. අලුත් වාඩියක් හදන්න කලින්, ඔවුන් ඒ තෝරාගත්තා ස්ථානයේ තාවකාලික පුදසුනක් හදනවා. ඉන්පස්සේ කණ්ඩායමේ නායකයා එතැන පොල් ගෙඩියක් බිඳීම සිද්ධ කරනවා. වාඩිය හැදීම පටන්ගන්නේ මේ කටයුත්ත අහවර වුණාට පස්සෙයි.

නීතිරීති

ගෝත්‍රය විසින් ම නිර්මාණය කරවගත්ත නීති රීති මේ අහිකුන්ටක සමාජය තුළින් දැකගන්න ලැබෙනවා. විවාහ හැමවිට ම සිදුවිය යුත්තේ රැහේ අය අතරයි. ඒ නිසා නෑනා, මස්සිනා විවාහ මේ සමාජය තුළ බහුලයි.

Image Credits : sundayobserver.lk

අහිකුන්ටක කණ්ඩායමේ අසම්මත විවාහයක් කරගත්ත කෙනෙක්ට දෙන දඬුවම වෙන්නේ දිව පිළිස්සීමයි. රැහේ ඉන්න දෙන්නෙක්ගේ අනියම් සම්බන්ධතාවයක් ගැන දැනගන්න ලැබුණොත්, ඔවුන් ව තමන්ගේ ඉදිරියට කැඳවන ආරච්චි, ඒකෙ ඇත්ත නැත්ත හොයලා බලනවා. වරදකරු බවට ඔප්පු වුණොත්, සාමාන්‍ය මනුස්සයෙක්ට උස්සන්න බැරි ගල් ගෙඩියක් දෙදෙනාගේ කර මතින් තියාගෙන, වාඩිය වටේ වට හතක් ගමන් කරන්න ඔවුන්ට නියම වෙනවා. මේ දිහා බලාගෙන ඉන්න ඇත්තන්ගේ උසුළු විසුළු, රැවුම් ගෙරවුම් මැද්දේ තමයි මේ ගමන ඔවුන්ට යන්න වෙන්නේ.

හොරකම සම්බන්ධයෙන් පැනවෙන දඬුවම වෙන්නේ රත් වුණු කටාරමකට අත දැමීමයි. උණු තෙල් කටාරමෙන් අත ගත්තට පස්සේ ඇල්වතුරෙන් පොඟවපු රෙදි කඩකින් ඒ අත වෙලනවා. දවස් තුනකට පස්සේ ඒක ලිහලා බලද්දී අත පිළිස්සිලා තිබුණොත්, ඒ පුද්ගලයා වරදකරු බවට තීරණය වෙනවා.

මීට අමතර ව, රත් වුණු යකඩ ඇල්ලීමට දීම, පතොක් කටු දැමූ වළක වැතිරෙන්නට සැලැස්වීම වගේ දඬුවම් ක්‍රමත් මොවුන් අතර තිබිලා තියෙනවා. මේ තරම් දරුණුවට ම නැතත්, මෙයින් උකහා ගත්ත දඬුවම් ක්‍රම අද ඉන්න අහිකුන්ටක සමාජවලින් දැකගන්න ලැබෙනවා.

විවාහ ක්‍රම

Image Credits : sundaytimes.lk

කලින් කිව්වා වගේ ම, අහිකුන්ටක සමාජයේ වැඩිපුර ම තියෙන්නේ නෑනා-මස්සිනා විවාහ. ගොඩක් වෙලාවට අඩු වයසෙන් මේ විවාහ සිද්ධ කරගන්නත් ඔවුන් පුරුදු වෙලා ඉන්නවා.

නෑනා කෙනෙක් ලැබුණු බව දැනගන්න ලැබුණු වහා ම, මස්සිනාගේ පවුලේ අය ඒ වාඩියට ගිහින් කෑම බීම වර්ග දීමේ පුරුද්දක් දැකගන්න ලැබෙනවා. ඒ එක්කම මේ දෙපළ අනාගත විවාහයකට තීන්දු වෙනවා. විවාහයට කලින් මේ දෙදෙනාගෙන් එකෙක් වෙනත් කෙනෙක් ව විවාහ කරගත්තොත් හෝ පැන ගියොත්, ඒ පාර්ශවය අනිත් පවුලට දඩ ගෙවිය යුතුයි.

ඉස්සර නම් දවස් හතක මඟුල් කෑමේ ප්‍රවණතාවයක් තිබුණත්, ඒක අද එක දවසකට සීමා වෙලා තියෙනවා. මනාලයා විසින් මනාලියගේ ගෙලේ බඳින පබළුවක් සහිත/ රහිත මාල පොටිනුත්, අතේ පළඳින වලල්ලත් හැරුණාම වෙනත් චාරිත්‍රයක් සිදු වෙන්නේ නැති තරම්. මනාලයාට දෑවැද්ද විදියට ලැබෙන්නේ බල්ලෙක්, රිළවෙක්, නයෙක් වගේ දෙයක්.

අවමංගල්‍ය චාරිත්‍ර

ඉස්සර නම් අහිකුන්ටක ගෝත්‍රයේ මරණයක් වුණා ම, ඒ දේහය දවස් දෙකක් තිස්සේ වාඩිය ආශ්‍රිතව තියාගන්නත්, ආරච්චිගේ අනුදැනුම මත ඒ දේහය කැලයට ගෙනිහින් මුදාහරින්නත් ඔවුන් පුරුදු වෙලා හිටියා. නමුත් අද වෙද්දී නම් මේ වගේ චාරිත්‍ර දැකගන්න ලැබෙන්නේ සෑහෙන්න අඩුවෙන්. බොහෝ වෙලාවට, අසල තියෙන රෝහලක් ආධාරයෙන් මල කඳ වළ දමන්න ඔවුන් කටයුතු කරනවා. මිය ගිය පුද්ගලයාගේ නමින් තුන්මාසේ දානයක් දීමත් ඔවුන්ගේ සිරිතක්.

ආගමික විශ්වාස

සරල ජීවන රටාව නිසා ම අහිකුන්ටක ජනතාව තුළ තදබල ආගමික මතවාදයන් නැහැ. ඒත් බුදු දහම, කතෝලික ආගම වගේ ම, කාලි අම්මා, ශිව දෙවියන් වැනි දෙවිවරුන් අදහන්න මොවුන් පුරුදු වෙලා ඉන්නවා.

ගතිගුණ

බැලූ බැල්මට නම් ඔහේ ඉන්නන් වාලේ ජීවත් වෙන කාණ්ඩයක් විදියට පෙනුණත්, මොවුන් පිළිපදින ගුණ ධර්ම නැතුව ම නෙවෙයි. නායකයෙක් යටතේ කටයුතු කරන්න හුරුවෙලා ඉඳීම මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක්.

තරමක් නොහික්මුණු ගතිගුණ පෙන්නුම් කරන අහිකුන්ටක ජනතාව, සැහැල්ලු, විනෝදකාමී ජීවිත ගත කරන්න කැමැත්තක් දක්වනවා. කෑම බීම ඇති තැන ඔවුන් සලකන්නේ පාරාදීසයක් විදියට. තමන්ගේ කණ්ඩායමේ අය අතර තියෙන එකමුතුකම හැමවෙලේම රැකගන්න උත්සාහ කරන ඔවුන්ගේ ජීවිත හරි ම සරලයි. දේපල ගැන වැඩි ආසාවක් ඔවුන්ගෙන් දකින්න ලැබෙන්නෙත් නැහැ.

නූතන සමාජයට හැඩගැහෙන්න පුළුවන්කම තිබුණත්, ඒ වෙනුවට තමන්ගේ සංස්කෘතිය තෝරාගන්න නැඹුරු වෙන අහිකුන්ටක ජන කණ්ඩායම් ගැන තව රසවත් තොරතුරු බොහොමයක් තියෙනවා. පස්සේ දවසක ඒ ගැනත් අපි සඳහනක් කරන්නම්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide