කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් එක්ක ලෝකයට ම වැදගත් වෙන අලුත් සංකල්පයක් සමාජගත වුණා. ඒ තමයි ගම්, නගර, රටවල් ‘ලොක්ඩවුන්’ කිරීම. මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට එළිපහළියේ සැරිසරන්න ඉඩ නොදී, ඉන්න තැන්වලට ම සීමා කරලා තැබීම තමයි මේකේ සරල තේරුම. ඉතින් කොරෝනා පැතිරීම පාලනය කරන්න පහුගිය දවස්වල මුළු ලෝකය ම ‘ලොක්ඩවුන්’ කළා. සමහර රටවල මේ වෙද්දි ‘ලොක්ඩවුන්’ තත්ත්වය අවසන්. සමහර රටවල තාමත් ක්‍රියාත්මකයි.
කොහොම හරි මිනිස්සු ලෝකයේ සැරිසරන එක සීමා කළාට පස්සෙ, අපිට මීට කලින් අත්විඳින්න නොලැබුණු අලුත් තත්ත්වයක් ගැන අහන්න දකින්න ලැබුණා. ඒ තමයි මිනිස්සුන්ගෙන් මිදුණු පරිසරයේ ක්‍රියාකාරිත්වය මොන වගේ ද කියන එක.
රූපය: www.dailypost.lk
රට ලොක්ඩවුන් කරලා සති කීපයක් ගිය තැන විෂ වායු නැති පැහැදිලි අහසක් අපිට දිස් වුණා. ගාලු මුවදොර තණකොළ ආයෙත් කොළපාට වුණා. කැලේ සත්තු බය නැතුව එළියට පහළියට බැහැල පාරවල් දිගේ ඇවිද්දා. ලංකාවේ නාගරික වායු දූෂණය ලොක්ඩවුන් කාලේ 75%කින් අඩු වුණා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ වෙරළාශ්‍රිතව ප්ලාස්ටික් සහ අනෙකුත් දේවල්වලින් සිදු වන දූෂණය 40%ක් දක්වා අඩු වුණා.
අපේ රටේ පරිසරයේ මේ වගේ වෙනස්කම් ගොඩක් වෙද්දි පිටරටවල තත්ත්වය වුණෙත් මේකමයි. මිනිසුන් විසින් අපවිත්‍ර කෙරුණු සොබාදහම මිනිස්සු ඈත් වුණාම නැවත සුවපත් වෙමින් හිටියා. මේ තියෙන්නෙ ඒ වගේ විවිධ රටවල විවිධ ස්ථාන, ලොක්ඩවුන් කරන්න කලින් තත්ත්වය සහ ලොක්ඩවුන් කළාට පස්සෙ තත්ත්වය!
ජකාර්තා
ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ලොක්ඩවුන් තත්ත්වයට පෙර සහ පසු වායු දූෂණයේ ස්වභාවය තමයි මේ.
වැනීසිය
මේ පින්තූරයෙන් පේන්නේ ඉතාලියේ සුප්‍රසිද්ධ වැනීසියේ ඇළ මාර්ගවල ජලය, මිනිසුන් ගැවසීමෙන් තොරව ගෙවෙන කාලය තුළ පවිත්‍ර වෙලා තිබුණ විදිහ..
මිලාන්
මේ ඉතාලියේ ම මිලාන් නුවර වායු ගෝලයේ ස්වභාවය.. කොරෝනා කාලයට පෙර හා ලොක්ඩවුන් සමයේදී පෙනුණු ආකාරය.
නවදිල්ලිය
මේ විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට බඳුන් වුණු ඉන්දියාවේ නවදිල්ලි නගරයේ සුප්‍රකට ‘ඉන්ඩියා ගේට්’ අබියස ගන්නා ලද ඡායාරූපයක්.
ඉස්ලාමාබාද්
කොරෝනා සමයට පෙර සහ කොරෝනා සමය තුළ පකිස්තානයේ ඉස්ලාමාබාද්වල තත්ත්වයයි මේ.
බීජිං
රූපය: www.weforum.org
මෙය නාසා ආයතනය විසින් පළ කරන ලද චන්ද්‍රිකා සේයාරුවක්. බීජිං නගරය හා ඒ අවට දූෂිත වායු සැරිසැරීම ක්‍රමයෙන් අඩු වී ඇති ආකාරය මෙයින් පෙනෙනවා.
සිඩ්නි
රූපය: theconversation.com
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නයිට්රජන් ඩයොක්සයිඩ් මට්ටම පහත වැටී ඇති අයුරු මේ රූපයේ දිස් වෙනවා.