ඕලෙවල් ඉවරයිනේ? එහෙනම් දැන් ඒලෙවල්වලට සබ්ජෙක්ට් තෝරගමුද?.

ඔන්න දෙයියනේ කියලා ඕලෙවල් ඉවර වුණා! හප්පේ හිතට දැනෙන සැහැල්ලුව! ඒ වුණාට හැමදාම ඔහොම ජොලියේ ඉන්න ලැබෙන්නේ නැහැනේ. දැන් ලෑස්ති වෙන්න එපැයි මහ විභාගෙට (ඕක තමයි යුද්දේ!). සමහර අය නම් දැනටත් කැමති විෂයයන් තෝරගෙන ටියුෂන් එහෙම යනවා ඇති (තරගේ වැඩියිනේ).

ඕලෙවල් කළාට පස්සේ ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි ඒලෙවල්වලට කරන්න ඕනේ විෂය ධාරාව තෝරගන්නේ කොහොමද කියන එක. කරන්නන් වාලේ විෂයයන් තෝරගන්න කට්ටියක් නැඹුරු වෙනවා. සමහර අය මේක කරන්නේ අම්මලා තාත්තලාගේ කීමට. තවත් අය ඉන්නවා ලොකුකම පෙන්නන්න විෂයයන් තෝරගන්න අයත්. ඇත්තම කියනවනම් විෂය ධාරාව ඔය මොන ක්‍රමෙන් වුණත් තෝරනවා කියන්නේ හරි ම ඔලමොට්ටල වැඩක්.

ගොඩක් අය මෙතැනදී අමතක කරන දෙයක් තමයි මේකෙන් තීරණය වෙන්නේ තමන්ගේ අනාගතය කියන එක. මොකද අකමැති, නොතේරෙන විෂයක් කරන්න ගත්තොත් ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නේ කොටි වලිගෙ අල්ලගත්තා වගේ වැඩක්. ඒක නොවෙන්න නම් හරි දේ හරි වෙලාවේදී තෝරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් උදව් වෙයි කියලා හිතන ටිප්ස් ටිකක් කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.

මං කවුද?

“පුතා ලොකු වුණා ම කවුරු වෙන්නද ආස?”

“ඩොක්ටර් කෙනෙක්”

“ටීචර් කෙනෙක්”

“මම නම් හමුදාවට යනවා”

දොඩම් ගෙඩි තුනක් සයිස් එකට ඉඳපු කාලේ ඔයාගෙනුත් මේ ප්‍රශ්නේ අහලා ඇති. මේ වගේ උත්තර ඔයා දීලත් ඇති. ඒ කාලේ දකින අහන දේ අනූව තමයි අපි ඕවා කියන්නේ. ඒ කොහොම වෙතත් දැන් ඔය පොඩි එකා ලොකු වෙලානේ. ඇත්තට ම තමන්ට වෙන්න ඕනේ කවුද කියන එක හිතන්න මේ කාලේ යොදාගන්නවා නම්, ඒලෙවල් විෂය ධාරාව තෝරාගන්න ඒකෙන් ලොකු පිටිවහලක් වෙයි.

දැන් මොනවද ඔය විෂය ධාරාවන්?

ප්‍රධාන වශයෙන් ගත්තොත් එලේවල් විෂය ධාරාවන් පහයි. ඒ ගණිත, විද්‍යා, වාණිජ, කලා, හා තාක්ෂණ විදියට (දන්න සිංහලෙන් කියනවා නම් මැත, බයෝ, කොමස්, ආට්ස් සහ ටෙක්). මේ පස් වර්ගෙට සීමා නොවී, කලවම් විෂයන් සෙට් එකක් කරනවනම් ඒකට කියන්නේ පොදු විෂය ධාරාව කියලා.

ඉංජෙක් වෙන්න වගේ ම, අයිටී, විද්‍යා (physical science) පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ නම් මැත තමයි හොඳ. බයෝ කරන අයට වෛද්‍ය, දන්ත, පශු වෛද්‍ය, හෙද, ඖෂධවේදී වගේ ක්ෂේත්‍ර කීපයක් ම තියෙනවා. බිස්නස් පැත්ත ගැන බලාගන්න ඕනේ නම් කොමස් හොඳයි. ආට්ස් කරන අයට ලොකු විෂය පරාසයක් තියෙනවා. කරන්නන් වාලේ හැමෝම කරන විෂයන් තෝර නොගෙන, කාලෙට ගැලපෙන, ආසාවෙන් කරන්න පුළුවන් හොඳ සබ්ජෙක්ට් ටිකක් තෝරගත්ත නම් ගොඩ. මොකද එතකොට ලිප්ටන් වට රවුම ගාව “දියව් දියව්” කියලා කෑ ගහන්න වෙන චාන්ස් එක අඩුයි.

ටෙක් විෂය ධාරාවේ තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණය (ET), ජෛව පද්ධති තාක්ෂණය (BT), තාක්ෂණය සඳහා විද්‍යාව (SFT), තොරතුරු තාක්ෂණය (ICT), ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ විෂයයන් පෙළක් ම තියෙනවා. කැම්පස්වල දැනට තියෙන අයිටී ඩිග්රි හැම එකට ම වගේ මේවයින් යන්න පුළුවන්.

අර කලින් කිව්ව පොදු විෂය ධාරාව හදාරන කෙනෙක්ට ඉන්ජිනේරින්, මෙඩිකල් ෆැකල්ටි එහෙම නම් යන්න බැහැ. ඒත් තෝරගත්ත විෂයන්වලට ගැලපෙන හොඳ ඩිග්රි කීපයක් ම කැම්පස්වල තියෙනවා. අනිත් විෂය ධාරාවන් කරන අයට වුණත්, කරලා තියෙන විෂයන් අනූව ඩිග්රි තෝරගන්න පුළුවන්.

වැඩිහිටි උපදෙස්

ඇතුවත් බැරි, නැතුවත් බැරි දෙයක්. දෙමාපියන් විතරක් නෙවෙයි, ඒලෙවල් කරන්න ඉන්න, කරපු තමන්ට හිතවත් අක්කලා අයියලාගෙන් මේ ගැන අහලා බලන එක මේ වෙලාවේ ගොඩක් වැදගත්. තමන් කරනන ඉන්න විෂය ධාරාව කරන කෙනෙක් නම් වැඩිය හොඳයි.

හැබැයි මෙතනදී විශේෂ දෙයක් තියෙනවා කියන්න. ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා කියන කතා ටික ඇහුවට පස්සේ ළමයි කරන්නේ තමන්ට ඕනේ දේ නෙවෙයි, ගෙදර අයට ඕනේ දේ. තමන්ට තමන් ගැන විශ්වාසයි නම්, හොඳ ම දේ තමයි තමන් කැමති විෂය ධාරාව තෝරගන්න එක. මොකද අන්තිමට විභාගෙට යන්නේ ඔයා මිසක් ගෙදර අය නෙවෙයිනේ.

යාළු පිට් එක

මේකත් අපේ නංගිලා මල්ලිලා කරන තවත් අනුවණ වැඩක්. යාළුවෝ කියන්නේ ජීවිතේ වැදගත් කොටසක් බැව හැබෑව. ඒත් යාළුවෝ කරන පලියට ඒලෙවල් විෂය තෝරන එක නම් කරන්න එපා. සෙට් එක ම එකට එකතුවෙලා හැමෝට ම හරි යන විෂය ධාරාවක් කරන එක වෙන ම දෙයක්. ඒත් ඒක ලේසි වැඩක් නෙවෙයි. එක බත් පතේ කාලා හිටියත් බොක්ක එක ම වෙන්නේ නැහැනේ. එක එක්කෙනාට තියෙන හැකියාවන් වෙනස්. ඒ නිසා සබ්ජෙක්ට් තෝරගනිද්දී ඒවා ගැනත් හිතන්න.

එහෙ බැලුවත් ටියුෂන්, මෙහෙ බැලුවත් ටියුෂන්

ඉස්කෝලේ ගැන්සිය සෙට් වෙලා එකට ටියුෂන් ගිහින් ගන්න ආතල් එක නම් මහත්තයෝ ආයේ වෙන දේකට සමාන කරන්න බැහැ. හැබැයි සමහර වෙලාවට අපට කෙලවෙන්නෙත් ඕකෙන්මයි. යාළුවෝ යන පලියට, හෝ වෙන කවුරුවත් හොඳයි කියන පලියට ටියුෂන් ගානේ යන්න එපා. මොකද ඔයාගේ මොළේ වැඩ කරන විදියට නෙමේ එහා ගෙදර ඒලෙවල් කරපු අයියගේ මොළේ වැඩ කරන්නේ. පන්ති දෙක තුනකට ගිහින් හරි කමක් නැහැ, ඔයාට ගැලපෙන පන්ති එකක් තෝරගෙන, අන්තිමට ඒකට විතරක් යන්න.

සමහර අය ඉන්නවා එක විෂයට පන්ති දෙක ගාණේ යන අය. මේ කට්ටියට පන්ති යන්න සතියේ දවස් හතත් මදි. අනේ සල්ලි වැඩි නම් ඔය කවුරුහරි නැති බැරි මනුස්සයෙක් ට දෙන්න. මොකද ටියුෂන් වැඩියෙන් ගියැයි කියලා රිසාල්ට්ස් වැඩිවෙන්නේ නැහැනේ. සේරම තීරණය වෙන්නේ ඔයා කරන පාඩම් වැඩවල තරමේ හැටියට තමයි.

කැම්පස් අත්පොත පෙරළලා බලන්න

ඒලෙවල් කරපු අයියා කෙනෙක් අක්කා කෙනෙක් එහෙම ඉන්නවා නම්, එයාල ළඟ ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කරපු අත්පොත ඇති. එහෙම නැත්තන් ඉන්ටර්නෙට් එකෙන් මේකේ අන්තිමට ආව පොත ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ලංකාවේ කැම්පස් ගැන, ඒවායේ තියෙන ෆැකල්ටි, ඩිග්රි, ඒවාට ඇතුල්වෙන්න ඕනේ කරන අවම සුදුසුකම්, විෂයයන් වගේ ම, අවම Z-අගය ගැනත් මේකේ තියෙනවා. එක එක ඩිග්රිවලට ඒ ඒ දිස්ත්‍රික්කවලින් ගන්නේ සීමිත ප්‍රමාණයක්. දිස්ත්‍රික්කේ හැටියට Z-අගයත් වෙනස් වෙනවා. හැබැයි සමහර ඩිග්රි තියෙනවා Z-අගය මුළු ලංකාවට ම එකයි (ආයුර්වේද වෙෙද්‍ය වගේ). ඉතින් මේවා ගැනත් තරමක හෝ අවබෝධයක් තියෙන එක විෂයයන් තෝරද්දී විතරක් නෙවෙයි, ඒලෙවල් කරද්දීත් ලොකු රුකුලක් වෙයි.

අමතර වැඩ කරලා හමාරයි වගේ

ඉස්කෝලේ අමතර වැඩවල (ක්‍රීඩා, සංගම්) නිරත වෙච්ච සමහර අය ඒලෙවල් පටන්ගන්නත් කලින් ම ඒවා නවත්තනවා. ඒකට හේතුව ඒවත් එක්ක ඒලෙවල් සමබර කරගන්න බැරිවෙයිද කියන සැකය. මේක හැබැයි එක එක්කෙනාට අනූව වෙනස් වෙනවා. එක්කෙනෙක් සේරම සමබර කරගෙන ගොඩ ගිය පලියට, අනිත් අයටත් ඒක කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ හැකියාවයි, අමතර වැඩයි, තමන් කරන්න කැමති දේයි සේරම ගැන කල්පනා කරලා, විෂයයන් තෝරාගන්නවා එක ඇඟට ගුණයි.

ප්‍රයිවට්ද, ස්ටේට්ද, නැත්තන් කෙළින් ම රටද?

ප්‍රයිවට්, ස්ටේට් කැම්පස් අතරේ ගහ මරාගැනිල්ල ගැන මෙතැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒක තව දවසකට කතාවක්.

ඒලෙවල් කරන හැමෝම ආණ්ඩුවේ කැම්පස් යන්නේ නැහැනේ. මොකද මේ ළමයි තොගයෙන් බොහොම පොඩි ප්‍රතිශතේකට විතරයි ආණ්ඩුවේ කැම්පස් එකේ දොර ඇරෙන්නේ. ඒ කොහොම වුණත් සමහර නංගිලා මල්ලිලා ඉන්නවා, ලංකාවේ කිසිම කැම්පස් එකකට නොයා පිටරට ගිහින් ඩිග්රි කරන්න බලාගෙන. එහෙම අයට කරන්න තියෙන්නේ ඒ ඩිග්රියට හරි යන සුදුසුකම් ටික හදාගන්න එකයි. විෂය ධාරාවන් විතරක් නෙවෙයි, අමතර සුදුසුකම් හදාගන්න එහෙම තියෙනවා නම්, ඒවත් මේ ප්ලෑනට ම එක්කාසු කරගන්න.

මොනවා වුණත් නංගියේ මල්ලියේ ඒලෙවල් කියන්නේ අමුතු ම විභාගයක්. කවුරුවත් කියන පලියට නොදන්න දේවල් කරන්න ගිහින් කෙළවගත්තම, අන්තිමට ඔය ලොකු ටෝක් දුන්නු මොකෙක්වත් ඔයාට ඉතුරුවෙන්නේ නැහැ. ඒ නිසා සබ්ජෙක්ට් තෝරද්දී සෑහෙන්න පරිස්සමෙන් වෙන්න ඕනේ.

ඉතින් මේ සැරේ ඕලෙවල් කරපු හැමෝට ම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඒ විදියට ම ලැබේවා කියලා යමු එකේ අපි ප්‍රාර්ථනා කරනවා. මේ ටිප්ස් ටිකත් ඔළුවේ තියාගෙන ඒලෙවලුත් ගොඩ දාගන්නකෝ! ජයින් ජය ම වේවා එහෙනම් ඈ!

Image Sources : sltt.lkgiphy.comlearnmpc.blogspot.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide