සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්?.

හෙඩිම දැකල වැරදිලා ක්ලික් කරලා ආපු ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන සිංහ පැටව් එහෙම ඉන්නව නම් සොරි, මේක ඔයාලා ගැන නෙවෙයි.

චිත්‍රාල්ගේ ‘නදී ගංගා තරණයේ’ සිංදුවත් එක්ක, ජාතිය මොකක් වුණත් (මට නම් ජාතික ගීයටත් වඩා) ඇඟ කිළිපොලා යන ආඩම්බරයකුත් එක්ක, සියවසකටත් වඩා වැඩි කාලයක්, අපේ සතුටෙදිත් කදුළෙදිත් ළගින් හිටපු, ලංකාවෙ කාගෙත් බියර් තිබහ නිවපු ලයන් බියර් හිටපුගමන් අතුරුදන් වෙලා. මේ දවස්වල බාර්, රෙස්ටෝරන්ට්, සුපර් මාර්කට් මේ කොතනක හරි ලයන් බියර් එකක් හොයගන්න එක, ලංකාවේ කැලේකින් සිංහයෙක්ව හොයාගන්නවටත් වඩා අමාරුයි.

ලයන් කියන්නෙ ලෝකේ තියන හොඳම බියර් එක නෙවෙයි. ඒත් ලයන් ස්ටවුට් කියන්නෙ ලෝක වෙළෙඳපොලේ ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් නිෂ්පාදන කීපය අතරින් එකක්. රටේ ම මිනිස්සු පොඩි ළමයි කියල හිතන ගාණට මතට විරැද්ධ සදාචාරවාදී මතවාද බලවත් වෙද්දිත්, ආණ්ඩුවලින් බදුපිට බදු ගහද්දිත්, සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ හිටපු ලයන්ට ඇත්තට ම මොකද වුණේ?

ඇත්තට ම මොකද වුණේ?

  • ලයන් වගේ ම කාල්ස්බර්ග් බියර් හදන ලයන් බෲවරි එක තියෙන්නෙ බියගම. පහුගිය දවස්වල කැළණි ගඟ ගලපු වෙලාවේ ලයන් ෆැක්ටරියත් ගංවතුරට යටවුණා.

  • අපට ආරංචි හැටියට එයාලගේ උපකරණ සෑහෙන ප්‍රමාණයක් ගංවතුරෙන් හානියට පත්වුණා.

  • සාමාන්‍යයෙන් සති කීපයකට ඇතිවෙන්න බියර් බාර්, සුපර්මාර්කට්වල ගබඩා කරල තියෙන නිසා කාටවත් එකපාරට මේක තේරුණේ නෑ. ඒත් මේ ගැන කලින් දැනගත්ත අය (අපි වගේ) කල් ඇතුව බියර් පැක් පිටින් ගෙනත් ගබඩාකරගත්තා, ඉස්සරහට එන ‘බියර් ඉඩෝරෙට’ මුහුණ දෙන්න.

  • ෆැක්ටරිය යථා තත්ත්වයට ගෙනත් ආපහු වැඩ පටන්ගන්න මාස 2-3ක් යාවි.

  • කොහොම වුණත් ලංකාවේ නිෂ්පාදන යථා තත්තවයට එනකල්, ආසියාවේ තැන් හතරකින් ලංකාවට කාල්ස්බර්ග් බියර් එවන්න යනවා. (හැබැයි ලයන් නෑ)

 

දැන් ඉතිං වෙන කුමක් කරන්නද?

(අපි වගේ) කල් ඇතුව බියර් ගබඩාකරල තියාගත්ත නැති අයට දැන් විකල්ප කීපයක් තියනවා.

  • කාල්ස්බර්ග් – මිල වගේ ම රසත් ලයන්වලට ගොඩක් කිට්ටුයි. හදන්නෙත් එක ම කට්ටිය නේ. අනික ෆැක්ටරිය යටවුණාට පස්සෙ කොටස් මිලත් අඩුවෙලා තියෙන ලයන්ලටත් පොඩි සප් එකක් දෙන්න පුළුවන් කාර්ල්බර්ග් ගන්න එකෙන්.

  • ටයිගර් – සිංහයො නැති වෙද්දි කොටි ඔළුව උස්සනව නේ. (අර වැරදිලා ක්ලික් කරල ආපු අය මෙච්චර දුර කියවන්නෙ නැති වෙයි කියල හිතනවා 😉 ) සිංගප්පූරු සම්භවයක් තියන ටයිගර් බියර් එකෙත් අපිට හුරු පුරුදු ලාගර් රස තියනවා.

  • සිංහ – ලයන් ලංකාවෙ වුණාට සිංහ එන්නේ තායිලන්තෙන්. ගාණ නම් ටිකක් වැඩියි. ඒත් ඉතිං බෝතලේ සිංහයෙක් ඉන්න බියර් එකක් ම බොන්න ඕන නම් ඉතින් සුපර් මාර්කට් එකකින් සිංහ බියර් එකක් ගන්න පුළුවන්.

හැබැයි ලංකාවෙ ලොකුම බියර් නිෂ්පාදකයා නැතු ව ගියාට පස්සෙ ඒ ඉල්ලුම මුහුණදෙන්න අනිත් අයට අමාරු නිසා හැම බියර් වර්ගයක ම හිඟයක් තියනවා.  (හැමදේ ම හරියට වුණොත්) සැප්තැම්බර්වල අපේ සිංහ අභිමානය ආපහු ඒවි. ඒ වෙනකල් මේ අමාරු නියං කාලෙ කොහොම හරි ගෙවාගන්න වෙනවා. ලයන්, අපි ඔයා එනකල් බලන් ඉන්නවා; සාද කතා, හිනා, කඳුළු එක්ක, ආයිමත් බියර් වැස්සෙ තෙමෙන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Trending.

Weligama Bay Marriott Resort & Spa Announces Road to Give 2024: A Global Movement for Local Impact

Weligama Bay Marriott Resort & Spa is proud to announce its participation in Road to

Trending

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

 Dilmah Unveils their Very Special Rare Tea Collection at the t-Lounge, Horton Place

https://www.tiktok.com/@yamusrilanka/video/7415920549815160072 Dilmah, renowned globally for its dedication to tea excellence, unveiled its latest hand-picked collection

Highlights Trending

MSI Launches Next-Gen AI+ Gaming and Business & Productivity Laptops with Latest Processors at IFA 2024

IFA 2024 හිදී MSI නවතම ප්‍රොසෙසර සහිත Next-Gen AI+ ගේමිං, ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක

Trending

The Best Tool for the AI Era of Computing: How to Choose Your AI Laptop

This year, the focus on leveraging Artificial Intelligence (AI) to boost productivity is gaining significant

Trending

MSI Launches Next-Gen AI+ Gaming and Business & Productivity Laptops with Latest Processors at IFA 2024

Featuring Iatest AI-supported processors and NVIDIA® GeForce RTX™ graphics MSI, a leading brand in gaming,

Trending

Yamu Guide.

9 Unisex Gift Ideas for Your Friends

Written by Fathima Rukaiya, Finding the perfect gift for your friends can be a delightful

Highlights Trending Yamu Guide

9 Must-Read Self-Help Books for Personal Growth

By Jordain De Mel In recent years, people have turned to self-help books to serve

Highlights Yamu Guide

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide