ජාත්‍යන්තර තේ දිනය: තේ කඳුවලට යට වුණු කඳුළු කඳු.

ඔබ මේ සටහන කියවන්න පටන්ගන්න මේ වෙලාවේ සමහර විට ඔබේ අතේ තේ කෝප්පයක් ඇති. නැත්තං බීලා ඉවර වුණ තේ කෝප්පයක් අහළ පහළක ඇති. එහෙමත් නැත්තං දැන් නම් තේ එකක් බිව්වොත් හොඳයි කියල හරි හිතෙනවා ඇති.

ලංකාවේ අපේ ජීවිතවලට බත් තරමට ම සමීප තවත් දෙයක් තියනව නම් ඒ තමයි තේ. අපිට එක තේ කෝප්පයක් හෝ නොබී ගෙවෙන දවසක් උදා වෙන්නේ කලාතුරකින්. ඒ වගේ ම ඕන ම වැදගත් අවස්ථාවකදී, සංග්‍රහයකදී ආගන්තුක සත්කාරය වෙනුවෙන් පෙරමුණ ගන්නෙ තේ එකක්. ඉතින් තේ අපේ සංස්කෘතියේ ම කොටසක් වෙලා නිසා ලංකාවයි තේයි අතරෙ තියෙන්නෙ බොහොම ළඟ බැඳීමක්. අපි තේ බොන රටක් විතරක් නොවී, තේ නිෂ්පාදනය සිදු කරන රටක් වීම තමයි ඒකට හේතුව.

ඊයේ, මැයි 21 ජාත්‍යන්තර තේ දිනය.

තේ දිනයක් උත්කර්ෂයෙන් සැමරුවත්, ලංකාවේ තේ කර්මාන්තය කියන්නෙ උත්කර්ෂයෙන් සමරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හේතුව, තේ කර්මාන්තය එක්ක බිම් මට්ටමින් සම්බන්ධ මිනිස්සුන්ගේ ජීවිතවල තියන දුක්ඛිත බව. කොරෝනා වසංගතය නිසා නිවී සැනසිල්ලේ ගෙදරට වෙලා ඔබ බොන තේ කෝප්පය ඔබේ අතට ගෙනත් දෙන්න දහඩිය හෙළපු මිනිස්සු, කොරෝනා වසංගතය නිසා ම පත් වෙලා ඉන්න ජීවන තත්ත්වය ගැන ඔබට අදහසක් තියනවා ද?

මේ සටහන ඒ ගැන.

ජාත්‍යන්තර තේ දිනය

තේ කියන්නේ ජලයට පස්සේ ලෝකයේ වැඩිපුර ම පරිභෝජනය කෙරෙන පානය. ජාත්‍යන්තර තේ දිනය මීට පෙර, එනම් 2005 වසරේ සිට සැමරුණේ දෙසැම්බර් 15 වෙනිදා. මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් මැයි 21 වැනිදා ජාත්‍යන්තර තේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් එය උත්කර්ෂයෙන් සැමරුණා. එහි අරමුණ තේ හා බැඳුණු දීර්ඝ ඉතිහාසයත්, ලොව පුරා වන සංස්කෘතික හා ආර්ථික විශේෂතාත් සිහිපත් කිරීමයි. කුසගින්න සහ දිළිඳුකමට එරෙහි සටනේ දී තේ කර්මාන්තයේ කාර්යභාරය ගැන වගේ ම, තිරසාර නිෂ්පාදනය ගැනත් ජාත්‍යන්තර තේ දිනයේදී අවධානය යොමු වුණා.

ඡායාරූපය: www.un.org

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි. මේ රටවල් බොහොමයක් දියුණු වෙමින් පවතින, නැත්නම් දිළිඳු රටවල් වීම සහ, මේ හැම රටක  ම බිම් මට්ටමින් තේ කර්මාන්තයේ යෙදී ඉන්න ශ්‍රමිකයන්, අන්ත දිළිඳු පිරිසක් වීම විශේෂත්වයක්.

ලංකාවේ තේ කර්මාන්තය 

තේ පැලයක් ඉස්ඉස්සෙල්ලා ම චීනයෙන් ලංකාවට ගේන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් එය පැල කරන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ. ඒත් කර්මාන්තයක් විදිහට මුලින් ම ලංකාවේ තේ වගාව ඇරඹෙන්නේ, 1852 දී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර්, 1867 දී මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට ප්‍රදේශයේ අක්කර 19ක භූමි භාගයක තේ වගා කරලා, ලූල්කඳුර වතු යාය පිහිටුවීමත් එක්ක.

ඡායාරූපය: www.lonelyplanet.com

එතැන් සිට මේ දක්වා ගෙවුණු වසර 153ක පමණ කාලයේදී තේ කර්මාන්තය අතුපතර විහිදුණු විශාල ගසක් සේ ඉතා සරුවට වැඩී වර්ධනය වුණා. 1938 දී ප්‍රථම වරට තලවාකැලේ ප්‍රදේශයේ තේ පර්යේෂණ ආයතනයක් ද පිහිටුවනු ලැබුවා. අද වන විට ලංකාව, ලෝකයට තේ අපනයනය කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයක් උසුලනවා.

‘සිලෝන් ටී’ විශේෂ ඇයි?

ලංකාවේ තේ ලොව පුරා ප්‍රචලිත ‘සිලෝන් ටී’ නමින්. බොහෝ විදේශිකයන් ලෝකයේ හොඳ ම තේ ලෙස සිලෝන් ටී හඳුන්වන්නට හේතු කීපයක් තියනවා.

අපේ තේ කර්මාන්ත ශාලාවල විවිධ වර්ගවල තේ නිෂ්පාදනය කෙරෙනවා. සිලෝන් බ්ලැක් ටී, සිලෝන් ග්‍රීන් ටී සහ සිලෝන් සිල්වර් ටිප්ස් ඊට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. මේ හැම වර්ගයකට ම ඊට ම ආවේණික රසක් සහ සුවඳක් තියනවා.

ඒ වගේ ම, අපේ තේ වගාවේ දලු නෙළීම සිදු කෙරෙන්නේ ලංකාවට සුවිශේෂ ක්‍රමයකට. ලංකාවේ තේවලට විශේෂිත රස සුවඳ ලැබෙන්නේ මේ ක්‍රමයෙන්. ඒ අනුව තේ ගසේ පෙති දෙකක් සහ අංකුරයක් සහිත කොටස තමයි තේ දල්ලක් කියල හැඳින්වෙන්නේ. මේක නෙළන්නේ මිනිස් අතින්. විශාල තේ වතු යායවල පාට පාටින් තැන තැන පුංචියට පේන තේ දලු නෙළන ළඳුන් කඳුකරය පැත්තේ යනකොට ඔබ දැකල ඇති. මේ අය ගැන කවි ගීත එහෙමත් ලියවිලා තිබුණට, ඔවුන්ගේ ඇත්ත ජීවිතේ ඒ තරම් මිහිරි, සුන්දර එකක් නෙමෙයි.

වතු කම්කරුවෝ

ඡායාරූපය: www.dailymirror.lk

වතු ජනතාව කියන්නෙ තේ කර්මාන්තයේ මුදුන් මුල වගේ. මේ අය පරම්පරා ගණනාවක් තිස්සේ යෙදෙන්නේ මේ වෘත්තියේ. ගැහැනු ළමයි අවුරුදු 12ක් විතර වෙද්දිම තමන්ගේ අම්මලා, ආච්චි අම්මලා දිහා බලාගෙන තේ වත්තේ වැඩට හුරු වෙනවා. ඉගෙනීම, හොඳ රැකියාවක්, සැපපහසු ජීවිතයක්.. වගේ හීන ඔවුන්ට තියෙන්නෙ කලාතුරකින්. තිබුණත් ඒවා හැබෑ කරගන්න මාර්ගයක් නෑ. ඒකට මූලික හේතුව ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික අපහසුතා. මේ වතු කම්කරුවන්ට හරියකට ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් විතරක් නෙමෙයි, දරුවන්ට නිසි අධ්‍යාපනයක් තබා ආහාරපානවත් නිසි ලෙස ලැබෙන්නෙ නෑ. ඔවුන් මුළු ජීවිත කාලය ම ජීවත් වෙන්නේ වත්තේ ම තියන අඩි දහයයි දහයේ දුප්පත් ලැයිම් කාමරවල.

ඔබේ අතේ තියන, රට රටවල රස පැතිරුණු ඒ තේ කෝප්පය වෙනුවෙන් දහඩිය හෙළපු මිනිස්සුන්ට, දවසකට ලැබෙන්නෙ රු. 550 – 850 අතරෙ වැටුපක් බව ඔබ දැන හිටියද? දිනකට රු. 1000ක් වත් නැතිව පවුල් පිටින් ටකරන් සෙවිලි කරපු ලැයිම් කාමරවල ජීවත් වෙන ඔවුන් ජීවිතය සරි කරගන්නේ කොහොමද කියල හිතාගන්න පුළුවන් ද?

මේ දෛනික වැටුප අවම වශයෙන් රු. 1000 කරල දෙන්න කියල ඔවුන් කාලාන්තරයක් තිස්සෙ අරගල කරනවා. ඒත් තාමත් වතු සමාගම් හෝ රජය ඒ ගැන නිසි අවධානයක් දක්වන්නෙ නෑ. හැබැයි, ඉල්ලීම් ඉල්ලන්න හඬක්වත් නැති මේ මිනිස්සු වෙනුවෙන් පෙරට ආපු ඇතැම් සංවිධාන සහ තනි පුද්ගලයින් විසින් මේ අරගලය දිගින් දිගට ම කරගෙන යමින් ඉන්නවා. වරක් තමන්ව නිව්යෝක් නගරයට රැගෙන යමින් තිබූ කටාර් එයාවේස් ගුවන්යානයකදී තමන්ට ලැබුණු තේ කෝප්පය ‘සිලෝන් ටී’ බව දැනගැනීමෙන් පස්සේ, ලංකාවේ තේ කර්මාන්තය යට සැඟවුණු ජීවිතවල අන්ත දුක්ඛිත භාවය ගැන ගුවන්යානයේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත් කරන්නට මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ලිපියක් ලියා තිබුණා. මේ ලින්ක් එකෙන් ඔබට ඒ ලිපිය කියවන්න පුළුවන්.

ඡායාරූපය: www.facebook.com/kasun.pussewela

කොරෝනා සමයේ වතු ජනතාව

කොරෝනා වසංගතයත් එක්ක අපිට උදා වෙලා තියන තත්ත්වය ගැන ඔබ කනස්සල්ලෙන් නම්, වතු කම්කරුවන්ගේ මේ දිනවල ජීවිතය කොහොම ඇති ද කියල පොඩ්ඩක් නැවතිලා හිතලා බලන්න. මේ අයට අර කියපු දිනක වැටුප ලැබෙන්නේ වත්තේ වැඩ කරන දවසට විතරයි. මේ දිනවල කොරෝනා නිසා වතු වැඩ නෑ. ඉතින් ඔවුන්ට වැටුපකුත් නෑ. ඒ වගේ කුඩා වැටුපක් හිමි වෙනකොට ඔවුන් අතේ ඉතිරි කරගත් මුදලක් තියෙන්න විදිහකුත් නෑ.

වතු වැඩවලින් ලැබෙන ආදායම මදි වුණාම වතු කම්කරු පිරිමි පාර්ශ්වය කොළඹ ආශ්‍රිත නගරවලට ඇවිත් කුලී වැඩ හොයාගෙන කරමින් හිටියා. මේ ඇඳිරි නීති සහ වසංගත තත්ත්වය නිසා තවදුරටත් ඔවුන්ට කුලී වැඩ ලැබෙන්නෙත් නෑ. ගෙදරට අත්‍යවශ්‍ය බඩු ගන්නත් ලැයිම් කාමරවලට හැතැප්ම ගණනාවකට එහායින් තියන නගරයට ඔවුන් යන්න ඕන. සාමාන්‍යයෙන් ඔවුන් නගරයට යන්නෙ පයින්. ඒත් පයින් යන්නත් බැරි මේ කාලේ ඔවුන්ට කාගෙවත් පිහිටක් නෑ.

ඉතින් මේ කොරෝනා කාලේ තමන් වෙනුවෙන් අවම වශයෙන් මාසෙකට බඩු මල්ලක් හෝ ලබා දෙන්න කියල ඔවුන් වතු අයිතිකරුවන් සහ සමාගම් වෙතින් ඉල්ලා හිටියත් ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒ තියා, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි, අඩු ආදායම්ලාභී පවුල්වලට රජය විසින් ලබා දෙන රු. 5000 දීමනාව වත් මේ අයට නිසි ලෙස ලැබෙන්නේ නෑ.

අවසන් වශයෙන්..

තේ කඳුවලින් වට වුණු කඳුකරය යට කඳුළු කඳු හැංගිලා තියෙන බව බොහෝ දෙනෙක් දන්නෙ නෑ. අපි අතට එන තේ කෝප්පය වෙනුවෙන් වතු ජනතාව විශාල මිනිස් ශ්‍රමයක් හෙළන බව සහ, ඒ වෙනුවෙන් නිසි වේතනයක් වත් නොලබන බව නොදැන ඉඳීම අපේ අත්වැරැද්දක්. හැකි නම් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමු. නැති නම් අවම වශයෙන් වතු කම්කරුවන්ගේ දහඩිය ලේ කඳුළු වෙනුවෙන් කෘතඥ පූර්වක වෙමු. ඊළඟ තේ කෝප්පය පානය කරන මොහොතේ පටන් මොහොතකට ඔවුන් ගැනත් හිතා බලන්න ඔබට පුළුවන් වේ යැයි අපි හිතනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide