හෙළ ගී මිහිර අපට ගෙනදුන් අයිවෝ ඩෙනිස් ජීවන ගමනෙන් සමු ගනියි.

“ඕලු පිපීලා විල ලෙළ දෙනවා – සුදට සුදේ නංගෝ

ඕලු නෙළාලා මාල ගොතාලා – පළඳිමු අපි නංගෝ”

බොහොම ගැඹුරු, ඒත් ලයාන්විත හඬකින් ගැයෙන මේ ගීතයේ මුල් ගායකයා වෙන්නේ සුනිල් ශාන්ත මහත්මයායි. භාරතීය සංගීතය ලංකාවේ මුල් බැසගෙන ඉඳපු කාලෙක, අපේ ම කියලා සංගීත කලාවක් නිර්මාණය කරන්න ඇපකැප වුණු ඔහු 1981 අවුරුද්දේ දවසක අපෙන් සමු ගත්තා. ඒ වියෝව ගැන රසිකයක් කම්පා වෙච්ච සමයක තමයි අයිවෝ ඩෙනිස් මහත්මයාගේ හඬින් ගැයෙන ඒ ගීත අපට ආයෙත් අහන්න ලැබුණේ. නැසී ගිය සුනිල් ශාන්ත මහත්මයාගේ මතකය ආයෙත් අලුත් කරන ගමන්, ආයෙත් ඒ ගීතවලට ප්‍රාණය දෙන්න අයිවෝ ඩෙනිස් මහත්මයාට පුළුවන්කම ලැබුණා.

1932 මැයි 28වෙනිදා සීදුවේදී උපන්න පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ මහත්මයාගේ හඬ ප්‍රසිද්ධ මාධ්‍යයකින් මුලින් ම අපට අහන්න ලැබුණේ ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ ‘ආධුනික පැය’ වැඩසටහනේදී. එතකොට ඔහුට යන්තමින් අවුරුදු 20ක් සපිරුණා විතරයි. ඔහු එතැනදී ගායනා කළේ ‘වරෙන් හීන් සැරේ’ කියන ගීතයයි.

අයිවෝගේ ගුරු ජීවිතය

වැඩිහිටි වයසට එළඹුණු අයිවෝ, තමන්ගේ රැකියාව විදියට තෝරාගත්තේ ගුරු වෘත්තියයි. රත්නපුරය, මීගමුව ප්‍රදේශවල පාසල් කීපයක ම ගුරුහරුකම් දුන්නා. ඉන්පස්සේ රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා විදියට කටයුතු කරන්නත් ඔහුට පුළුවන් වුණා.

හෙළ මිහිරේ මියුරු සමය

සංගීත උපදේශකවරයෙක් විදියට වැඩ කරන සමයේ ම ‘හෙළ මිහිර’ නම් වාදය වෘන්දයට එකතු වෙන්න අයිවෝ මහත්මයාට අවස්ථාව ලැබුණා. ඔහුගේ කටහඬත්, සුනිල් ශාන්ත මහත්මයාගේ ගායන සේයාවත් අතර තියෙන සමීප බව වැඩිපුර ම දැකගන්න ලැබුණේ මෙන්න මේ කාලය ඇතුළතයි.

හෙළ මිහිර වාද්‍ය වෘන්දය තුළ ඉඳපු කාලයේදී ඔහුගේ සමකාලීනයන් වුණේ ලයනල් රංවල, රෝහණ බැද්දගේ වගේ කලාකරුවෝයි. ඒ කාලය ඇතුළත සුනිල් ශාන්ත මහත්මයාගේ ගීත වැඩි වශයෙන් ගායනා කරන්න අයිවෝ ට හැකි වුණා විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් කරන්නත් ඔහු වග බලා ගත්තා. ඒ වකවානුවේ සිංහල සංගීතය නව මගකට යොමු කරපු සුනිල් ශාන්තයන් ව මුණගැහෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නෙත් එහි ප්‍රතිඵලයක් විදියටයි.

සංගීත දිවිය ආරම්භය

සුනිල් ශාන්ත මහත්මයාගේ මුණගැහීම අයිවෝගේ සංගීත ජීවිතය එකතු කළේ අලුත් පිටුවක්. සුනිල් ශාන්තයන්ගේ ගායන තක්සලාවේ සිසුවෙක් වෙන ගමන්, ඔහුගේ ‘රන්වලාව’ වැඩසටහනට සම්බන්ධ වෙන්න අයිවෝට පුළුවන්කම ලැබුණා. ඒ 1975 අවුරුද්දේදී.

රන්වලාවට සම්බන්ධ වෙලා ඔහු මුලින් ම ගායනා කළේ තිලක සුධර්මන් ද සිල්වා පද රචනය කර, සුනිල් ශාන්තයන් සංගීතවත් කරපු ‘කුරුලු පරාදීසයේ’ ගීතයයි. පළමුවෙනි ගීතයෙන් ම අතිශය ජනාදරයට පත් වුණු ගායකයෙක් වෙන්න තරම් අයිවෝ වාසනාවන්ත වුණා. තමන්ගේ හඬට සමාන හඬකින් ගී ගයන මේ ආධුනික ගායකයා ගැන සුනිල් ශාන්තයන්ට තිබුණෙත් හරි ම ආඩම්බරයක්.

අයිවෝගේ ගායන හැකියාව ගැන ලංකාව පුරා ප්‍රසිද්ධ වෙද්දී, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා හිටියේ ඔහුගේ ‘රේඛාව’ චිත්‍රපටයේ වැඩකටයුතු වල නිරත වෙමිනුයි. මේ නව ගායකයාගේ වග තුග දැනගත් ඔහු, රේඛාව සිනමාපටයේ ගීතයක් ගායනා කරන්න අයිවෝ ට ආරාධනා කළා.

සිනමාපට ගීත ගායනයට පිවිසුණු අයිවෝ ‘සංදේශය’, ‘හිම කතර’ වගේ චිත්‍රපට පසුබිම් ගායනයන් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙවෙයි, ‘දෙපානෝ’ චිත්‍රපටය, ‘තහංචි’ ගීත නාටක ඔස්සේ ඔහු තමන්ගේ රංගන කුසලතාවය විදහා දැක්වුවේ ‘ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන කියමන අසත්‍යයක් කරමින්.

ලංකාවේ ඉඳපු දක්ෂත ම ගාන්ධර්යවරයෙක් වුණු ප්‍රේමසිරි කේමදාසයන් එක්ක සමීපව කටයුතු කළ අයිවෝ ට, ඔහුගේ පිරිනිවන් මංගල්‍යය, මානස විල වැනි ඔපෙරා නිර්මාණවලට දායක වෙන්නත් අවස්ථාව ලැබුණා.

බඹරු ඇවිත්, හිම කතර, පාරදිගේ, දෙවැනි ගමන වගේ චිත්‍රපට බොහොමයක පසුබිම් ගායනාවන් තමන්ගේ භාවපූර්ණ කටහඬින් ගයන්නට ඔහුට පුළුවන් වුණා. ඔහු ඒ දක්වපු දක්ෂතාවයන්ගේ ප්‍රතිඵලයක් විදියට, 1985 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම චිත්‍රපට ගායනය වෙනුවෙන් ලැබෙන සම්මානය ලබාගන්න පුළුවන් වුණෙත් ඔහුටමයි. ඒ ‘හිමාකාතර සිනමාපටයට ඔහු ගයපු ගීයකින්.

තමන්ගේ ජීවිතයෙන් අවුරුදු 50ක වගේ කාලයක් ඔහු කැප කළේ සංගීතය වෙනුවෙන්. 1995 දී ඔහු උණ්‌ඩා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඒ මෙහෙවර වෙනුවෙන් ඔහුට කෙරෙන ගෞරවයක් විදියටයි. ඒ විතරක් නෙවෙයි, බීබීසී ගුවන් විදුලියේ “”ලංකා උදානය”” වැඩසටහනින් වගේ ම ලක්‌හඬ ගුවන් විදුලියෙන් ලද සම්මානවලින් පවා ඒ මෙහෙය අගය කෙරුණා. සුනිල් ශාන්ත ශූරීන්ගේ සුභාවිත ගීත කලාව තවත් පරම්පරාවකට දැක බලාගන්නට, ඉදිරියට ගෙන එන්නට කාලය කැප කළ ඔහුගෙන් සංගීත ක්ෂේත්‍රයට වෙන අඩුපාඩුව සුළුපටු එකක් නම් නොවෙයි.

ඉදින්, තම ‘කෝකිල නාදයෙන්’, ‘මිහිකත නලවා’ අවසන් ගමන් ගිය අයිවෝ ඩෙනිස් මහතාණනි, ඔබට සුබ ගමන්! 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide