ඇත්තටම යාළු මේවා දැක්කාම නම්..
මටත් හිතාගන්න බැරුව ගියා.
ආයෙ මේ චාන්ස් එක.. මගඇර ගන්නම එපා හොඳද..!
1. Camp Leopard, Yala
යාල, කටගමුව පිවිසුම පේන මානයෙ. මහ කැළේට මායිම් වෙන්න ලී වලින් හැඩ කරලා හදාපු පිස්සු හැදෙන කෑම්ප් සයිට් එකක්. ඇතුලත නිර්මාණකරනය ෆුල් ලක්ෂරි. ඒ වගේම වටපිටාවත්.. කොටින්ම කියතොත් ටෙන්ට් එකේ ඉඳන්ම සතා සීපාවා, කුරුළු කොබෙයියො බලන්න පුලුවන්. කෑම ටික එහෙමත් ගමේ රහට, ආයෙ දන්නවනෙ ඉතින් දකුණෙ කිව්වාම!
හිතන්නකො ඔය ඔක්කොම, දෙන්නෙක්ට රු. 7000ට දෙනව කිව්වාම?
2. Cinnamon Wild, Yala
යාල, පලටුපාන කැළේ පුංචි වැව් ඉස්මත්තකට වෙන්න.. ගස්ගොමු මැදින් ලස්සන පුංචි අඩි පාරවල් තියල හදාපු නොම්මර එකේ කොටේජ් ටිකක්. ඒවගෙ නම් යාළු ඉන්ටීරියර් එක විතරක් නෙවෙයි එක්ස්ටීරියර් එකත් ෆුල්ම ලකෂරි. ම්.. කෑම බීම ගැනත් කතා කරන්න දෙයක් නෑ. අනික පූල් එකක් එහෙමත් තියෙන නිසා දවාලෙ රස්නයට.. විකල්ප හොයන්න ඔ්නත් නෑනෙ. ඔක්කොමත් වගේ නෙවෙයි උදේ පාන්දරට, කොටේජ් බැල්කනියට ආවාම වටපිටාව පේන අපූරුව.. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ඔන්න.
මේ දවස්වල මෙයාලත් දෙන්නෙක්ට පැකේජ් එක දෙන්නෙ රු. 22000ට වගේ.
3. Maalu Maalu Resort & Spa, Pasikuda
ලස්සන සුන්දර පාසිකුඩා බීච් එකේ.. අයිනටම වෙන්න පිහිටල තියෙන අපූරු හෝටලයක්. දෙන්නෙක්ට රැයකට රු. 17000ක් වගේ වෙන්නෙ. සියළුම දෑ ලක්ෂරි විදියට නිමවපු මේ නවාතැනේ.. හැන්දෑවට තමයි හොඳම ගතිය තියෙන්නෙ. ඉර බැහැගෙන යන වෙලාවට වෙරළට කිට්ටු කරලා.. තරු පිරිච්ච අහස දිහා බලාගෙන, රළ බිඳෙන හඬේ රිද්මෙට කොහොමද පොඩි, සැර වීදුරුවක් තොල ගාද්දි? නැත්නම් රෑ කෑමට වාඩි වෙන්න වුනත් බැරියැ!
4. Elements Beach & Nature Resort, Kalpitiya
කල්පිටිය, තලල්ල වෙරළ තීරයට මුහුණලා.. පුංචි කඩොලානකට මායිම් වෙන්න, පොල් තල් පිරිච්ච වත්තක් මැද්දෙ හරි ලස්සනට ඉදිවුණු කබානා ටිකක්. මුලුමනින්ම ලී වලින් තමයි හදල තියෙන්නෙ. එහෙම හදලා වහලට පොල් අතු හෙවිලි කරලා. අනික ඒවා බිම් මට්ටමෙන් ටිකක් උස්සල නිසා.. උදේට බලන්න ඔ්න විව් එක! හරියට නිකම් වෙන රටකට ගියා වගේ යාළු.
ඉතින් හිතන්නකො, එච්චර ලස්සන තැනක දෙන්නෙක්ගෙ පැකේජ් එක රු. 18000 දෙනවා කිව්වාම?
5. Back of Beyond, Wild Haven, Sigiriya
අලි ගහන තඩි කැළයක් මැද්දෙ, පුංචි ඔය පාරකට මායිම්ව රූස්ස ගස්, විශාල ගල් වලින් පිරුනු වනරොදක ඉදිවුනු අපූරු නිර්මාණය..
මුලු මනින්ම ලී සහ මැටි තමයි වැඩේට යොදාගෙන තියෙන්නෙ. ඒ වගේම වටපිටාවෙ තිබ්බ ලොකු ගල් වලින් හරි ලස්සනට සපෝට් එක අරගෙන තියනව. ම්.. කොටේජ් එකේ උද්‍යානයත් හරි ලස්සනට පිළිවෙලට නිමකරලා. පැහැදිලිවම සතා සීපාවා, කුරුළු කොබෙයියො දැක බලාගන්න පුලුවන් උදෙන්ම රවුමක් ගියා නම් . ම්.. ඒ හැරුනාම ඉතින් කෑම බීමත් ටොප් ගමේ රහට.. ඔක්කොමත් හරි දෙන්නෙක්ට රැයකට..
රු. 10000යි කිව්වාම?
6. Ella Jungle Resort
ඇල්ල-වැල්ලවාය පාරෙ ටිකක් ඉස්සරහට එනකොට, කුඹුක්කන් ඔය මායිමේ මහ කැළේට වෙන්න තියෙන අපූරුම නවාතැනක්. සොබාදහම් ආශ්වාදයෙන් නම් යාළු මේ තැන පරිපූර්ණයි. ඒ වගේම.. ලී වලින් හදල, ඉලුක් හෙවිලි කරපු කොටේජ ටික.. එළිමහන් යෝගා කරන තැන, භෝජනාගාරය. ඒ විතරක් නෙවෙයි මායිමෙන් ගලාගෙන යන ගඟ, වෙල් යාය..
ඔක්කොමත් හරි මෙයාලගෙ තියෙන ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් ටික.. කියල වැඩක් නෑ අත්දැකීම් තොගයයි හොඳද. ඉතින්.. ලඟ ලඟම යන්න, මොකද ඔය සියල්ලම රු. 13000යිනෙ දෙන්නෙක්ටම!