කොළඹ අවට තියන බෙහෙත් ඩිලිවරි සේවා – 2021.

දැනට පනවලා තියන සංචරණ සීමා ඉවත් කරන්න තව සතියක් තියනවා. ඉතින් මේ වෙලාවේ ඔබට බෙහෙත්වල අවශ්‍යතාවක් තියනවා නම්, එළියට නොයා අවශ්‍ය බෙහෙත් ටික ගෙදරට ම ගෙන්නගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි මේ කියන්න යන්නෙ.

Quickmed.lk

ඔබේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සියල්ල ම එක ම වහලක් යටින් ඉටු කරගන්න පුළුවන් තැනක් Quickmed.lk. ඖෂධ, ශල්‍ය උපකරණ ආදී සෞඛ්‍ය නිෂ්පාදන වගේ ම, වෛද්‍ය උපකරණ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදී විවිධ දේවල් රැසක් මෙතන තියනවා. ඔවුන්ගේ වෙබ් අඩවියට ඔබේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කළාම බෙහෙත් ටික ඔබ ඉන්න තැනට ම ගෙන්නගන්න පුළුවන්.

දිවයින පුරා පැතිරුණු ඔවුන්ගේ සේවාව ඔස්සේ දිනකට ලංකාව පුරා ම ඩිලිවරි 600ක් පමණ ආවරණය කරන්නට ඔවුන් කටයුතු කරනවා.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් කාඩ් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0774909909

Healthguard

ලංකාවේ ප්‍රසිද්ධ ම ෆාමසි චේන් එකක් හෙල්ත්ගාඩ්. ඔවුන්ගේ www.healthguard.lk වෙබ් අඩවියට ගියොත්, දිනපතා උදේ 9 – හවස 5 අතර කාලය තුළ ඔබට අවශ්‍ය ඖෂධ ඇණවුම් කරන්න පුළුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරල හරි, වෙබ්සයිට් එකේ තියන බෙහෙත් (හදවත් රෝග, උගුර කන නාසය ආශ්‍රිත රෝග, අක්ෂි රෝග, දියවැඩියාව, විවිධ ආසාදන ආදිය සඳහා), වෛද්‍ය උපකරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී විවිධ නිෂ්පාදන තෝරලා හරි ඇණවුම ලබා දෙන්න පුළුවන්.

එහෙමත් නැත්නම් පික්මී මාකට්ප්ලේස් හරහාත් හෙල්ත්ගාඩ් එකෙන් ඔබට අවශ්‍ය දේවල් ළඟට ම ගෙන්නගන්න පුළුවන්. ඔබ ඉන්නෙ හෙල්ත්ගාඩ් ෆාමසියක් ආශ්‍රිත පික්මී ඩිලිවරි ප්‍රදේශයක නම්, පික්මී ඇප් එකට ම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඔබට හැකියි. 

කෑෂ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0764477888/999

PickMe Marketplace

පික්මී මාකට්ප්ලේස් එකත් එක්ක ප්‍රසිද්ධ සහ පිළිගත් ෆාමසි රාශියක් එකතු වෙලා ඉන්නවා. ඔබට තියෙන්නෙ පික්මී ඇප් එකට ලොග් වෙලා Marketplace අයිකනය ටච් කරලා, Pharmaceutical කොටස සිලෙක්ට් කරන්න. එතකොට ඔබ ඉන්න ප්‍රදේශයට බෙහෙත් ඩිලිවර් කරගන්න පුළුවන් ෆාමසි මොනවද කියල ඔබට පෙන්නනවා.

කෑෂ් ඔන් ඩිලිවරි වගේ ම ඔන්ලයින් ගෙවීම් පහසුකම් ලබා දෙනවා.

Healthnet

iOS සහ ඇන්ඩ්‍රොයිඩ් දෙකේ ම අවේලබල් හෙල්ත්නෙට් ඇප් එකෙන් බෙහෙත් ඕඩර් කරන්න හරි ම ලේසියි. එක්කො ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. නැත්නම් ඇප් එක හරහා ඒ අය එක්ක චැට් කරලා ඇණවුම ලබා දෙන්න පුළුවන්. කොළඹ 1 – 15 ඇතුළත සහ කොළඹ 5 ඉඳන් කිලෝමීටර 20ක් ඇතුළත ප්‍රදේශවලට මේ අය ඩිලිවරි සේවාව සපයනවා. ඇණවුමේ මිල රු. 1000ට වැඩි නම් ඩිලිවරි ගාස්තුවක් අය කරගන්නෙ නෑ.

ඖෂධවලට අමතරව ළදරු නිෂ්පාදන, ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය, වැඩිහිටි සහ ළමා විටමින් සහ පෝෂක වගේ ම, උෂ්ණත්ව මාපක, රුධිර ග්ලූකෝස් මීටර, මුඛ ආවරණ, සැනිටයිසර් වැනි වෛද්‍ය උපකරණත් www.healthnetstore.lk වෙත පිවිසුණොත් ලබාගන්න පුළුවන්. තවත් තොරතුරු දැනගන්න මෙතන ක්ලික් කරන්න.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ්පත් ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් (Visa/ Master, Mcash, Amex, Sampath Vishwa, Dialog Gene, Ezy Cash, Frimi, Diners Club International and Discover) පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0112795795

Union Chemists

යුනියන් කෙමිස්ට් ඔන්ලයින් ෆාමසි එක තමයි www.unionchemistspharmacy.lk. එතනින් ඔබට අවශ්‍ය ඖෂධ තෝරගන්න වගේ ම, www.unionchemistspharmacy.lk/order-your-prescription ලින්ක් එකට ගිහින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලත් ඖෂධ ඇණවුම් කරන්න පුළුවන්.

මේ අය වට්ස්ඇප් මඟින් ඖෂධ ඩිලිවර් කරගත හැකි සේවාවකුත් ක්‍රියාත්මක කරල තියනවා. පහත ලැයිස්තුවෙන් ඔබට සමීප ප්‍රදේශය තෝරාගෙන අදාළ අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යවන්න.

යුනියන් පෙදෙස (ප්‍රධාන ශාඛාව) – 0763 592 765

කාසල් වීදිය – 0772 215 015

ඩීන්ස් පාර කොළඹ 10 – 0763 592 766

නාරාහේන්පිට – 0763 592 767

ඇල්ෆ්‍රඩ් පෙදෙස කොළඹ 3 – 0763 592 768

වත්තල – 0763 592 769

කළුබෝවිල – 0763 592 770

යුනියන් කෙමිස්ට් වෙත පික්මී මාක්ට්ප්ලේස් ඔස්සේත් ඇණවුම් ලබාදෙන්න පුළුවන්. 

ඔන්ලයින් ගෙවීම් සහ සෘජු බැංකු තැන්පතු මඟින්  ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0777373820

Mymed

මයිමෙඩ් කියන්නෙ දිවයින පුරා පැතිරුණු පහසු ඖෂධ ඩිලිවරි සේවාවක්. ඕඩර් කරන්න www.mymed.lk වෙත පිවිසෙන්න.

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ්පත් ගෙවීම්, ඔන්ලයින් ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0117774774

MyDoctor

ඔබට ළඟ ම ෆාමසියෙන් බෙහෙත් ගෙන්නගන්න ඉඩ සලසන ඇප් එකක් මයි ඩොක්ටර්. ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න.

ඩෙබිට් / ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ෆ්‍රීමී ගෙවීම් භාරගන්නවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0117247000

Medihelp Hospitals

පිළියන්දල, හොරණ, මොරටුව, හෝමාගම හෝ මතුගම අවට ඉන්න අයට මෙඩිහෙල්ප් හොස්පිට්ල්ස් මඟින් ඖෂධ ගෙන්වාගන්න පුළුවනි. ඉහත පින්තූරයේ තියන විදිහට ඒ ඒ ප්‍රදේශයට අදාළ දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යවන්න. 

කෑෂ් ඔන් ඩිලිවරි, කාඩ් ඔන් ඩිලිවරි පහසුකම් ලබා දෙනවා.

වැඩි විස්තර සඳහා අමතන්න: 0342261999

Nawaloka Hospitals

නවලෝක රෝහලේ ෆාමසි සේවාවත් වට්ස්ඇප් හරහා ඖෂධ ඇණවුම් භාරගන්නවා. 0770021338 අංකයට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ෆොටෝ එකක් යවන්න. 

වැඩි විස්තර සඳහා අමතන්න: 0770021338

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Club Hotel Dolphin, Negombo: A Fun-Filled Paradise for Travelers!

Nestled in the picturesque coastal town of Negombo, Sri Lanka, Club Hotel Dolphin by Browns

Trending

Chef Sanjay Brings the Flavours of Our Neighbours to Cinnamon Lakeside Colombo

Colombo, Monday 05th June 2023: Despite Sri Lanka’s proximity to the Indian Sub-Continent and a

Trending

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Yamu Guide.

7 Yoga Studios in and around Colombo

By Udaraa Gamage Are you looking for ways to escape from all that hustling and

Highlights Yamu Guide

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide