මනී හයිස්ට් සීසන් 5 අන්තිම කොටසෙන් විසඳෙන්නම ඕන ප්‍රශ්න 6ක්!.

*ස්පොයිලර්ස් අඩංගුයි.

මුළු ලෝකෙ ම පුල පුලා බලන් හිටපු මනී හයිස්ට් අන්තිම සීසන් එකේ පළවෙනි කොටස පහුගිය තුන් වෙනිදා නිකුත් වුණා. ඒ වෙනකන් මනී හයිස්ට් ලෝලීන් ඉදිරිපත් කරපු එක එක ජාතියේ ෆෑන් තියරීස් ඔක්කොම එදා කුඩුපට්ටම් වුණා කිව්වොත් හරි. මොකද කවුරුත් නො හිතපු, බලාපොරොත්තු නො වුණ පැත්තකට කතාව හැරුණ නිසා. වොලියුම් වන් එකෙන් පස්සේ ෆෑන්ස්ලගේ හිතේ පැන නැඟුණ ප්‍රශ්න ගොඩක් තියනවා. ඒ අතරින් බරපතළ ම ප්‍රශ්න 6ක් තමයි මේ. මේවා විසඳගන්න නම් ඉතින් වොලියුම් ටූ එනකන් අමාරුවෙන් වුණත් ඉවසීමෙන් ඉන්න වෙනවා. දෙවෙනි කොටස නැත්නම් අවසාන කොටස එළඹෙන දෙසැම්බර් තුන් වෙනිදා එළිදකින්න නියමිතයි. 

1 ටෝකියෝ මැරුණ ද නැද්ද?

වොලියුම් වන් එකේ සිද්ධ වුණ අනපේක්ෂිත ම සහ කනගාටුදායක ම සිද්ධිය ටෝකියෝගේ මරණය කිව්වොත් වැරදි නැහැ. සීසන් වන් එකේ ඉඳන් ම ට්‍රබල්මේකර් කෙනෙක් වුණත් ටෝකියෝ කියන්නෙ කට්ටියට නැතුව ම බැරි ප්‍රබල සාමාජිකාවක්. ඒ වගේ ම කතාවේ නැරේටර් තමයි ටෝකියෝ. ඒ නිසා ම මනී හයිස්ට් ලෝලීන් හුඟ දෙනෙක් ටෝකියෝගේ මරණය තාමත් විශ්වාස කරන්නෙ නෑ. වොලියුම් ටූ එකේදි ටෝකියෝ ආයෙමත් පණ පිටින් ඉන්නව දකින්න ලැබෙයි කියලයි ඔවුන් හිතන්නෙ. 

කොහොම වුණත් ටෝකියෝට රඟපාන උර්සුලා කෝබෙරෝගේ අවසාන මනී හයිස්ට් ජවනිකාවෙන් පස්සෙ කණ්ඩායම ඇයට සමු දෙන තිරය පිටුපස දර්ශන පෙළ, මනී හයිස්ට් නිෂ්පාදකයන් ම මේ වෙද්දි රිලීස් කරලා තියනවා. ඒ නිසා ටෝකියෝ මැරුණේ නෑ කියන ෆෑන් තියරිය සැබෑ වෙන්න ඉඩක් තියන බවක් අපිට නං පේන්නෙ නෑ. අනික ඉතින් මැරුණ මිනිස්සු ආපහු එන්න මේක ඉන්දියන් ටෙලිනාට්‍යයක් නෙමේ නෙ.

2 ඇලීසියා කට්ටියට එකතු වෙයි ද?

මේ පාර වොලියුම් එකේ තවත් බලාපොරොත්තු නො වුණ සිදුවීමක් වුණේ නොසිතූ වෙලාවක සිදු වුණ ඇලීසියා සියෙරාගේ දරු උපත. මේ වෙද්දි මේ පොලිස් කාන්තාව ප්‍රොෆෙසර් ඇතුළු කණ්ඩායමට එකතු වෙයි ද නැද්ද කියන එක වැට උඩ තියන තීරණයක්. මොකද ඇලීසියා කියන්නෙ ලේසියෙන් නොනැමෙන විදිහේ භයානක චරිතයක්. ඉතින් අවසාන කොටසෙන් මේ ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙන්න ම ඕන. මේ ප්‍රශ්නයට ලැබෙන විසඳුම මත බොහෝ දේවල් වෙනස් වේවි. 

3 රෆායල් සහ ටට්‍යානාගෙ සම්බන්ධය මොකද්ද?

සීසන් 5 පළමු වොලියුම් එකේදි එකතු වුණ අලුත් චරිතයක් තමයි බර්ලින්ගෙ පුතා රෆායල්. කලින් රෝයල් මින්ට් හයිස්ට් එකට ඔහු සම්බන්ධ වුණේ නැතත්, දැනට දකින්න ලැබුණ විදිහට මෙදා පාර බෑන්ක් ඔෆ් ස්පේන් හයිස්ට් එකට ඔහුගෙ මොකක් හරි සම්බන්ධයක් තියන බව පැහැදිලියි. ඒ වගේ ම බර්ලින්ගේ බිරිඳ ටට්‍යානාත් මේ අතරේ අමතක කරන්න බෑ. සමහර විට ප්‍රොෆෙසර් ඇතුළු කට්ටියට පලා යන්න පුළුවන් වෙන්න මේ දෙන්නා එළියේ ඉඳන් මොකක් හරි ගේමක් ගහනවා වෙන්න පුළුවන්. නැත්තං රෆායල් සහ ටට්‍යානාගෙ ෆ්ලෑෂ්බැක්ස්වලින් වැඩක් නැතුව යනව නෙ.

4 රත්තරන් එළියට ගන්නෙ කොහොමද?

දැනට ෆෑන්ස්ලට තියන ලොකු ම ප්‍රශ්නවලින් එකක් මේක. මොකද මේ ගැන ඉඟියක්වත් තාම ලැබිල නැති නිසා. බෑන්ක් ඔෆ් ස්පේන් එකේ තියන රත්තරන් එළියට ගන්න ක්‍රමය ගැන තාම කාටවත් අදහසක් නෑ. ප්‍රොෆෙසර් ඉන්න ස්ටෝම්වෝටර් ටෑන්ක් එකයි, මේ මෙල්ට් කරපු රත්තරන් එළියට ගැනීමයි අතරෙ සම්බන්ධයක් තියනවා කියල විතරයි දැනට අපි දන්නෙ. ඇලීසියා ඉන්නෙ ප්‍රොෆෙසර් ළඟ නිසා මේ වැඩේ දෙල් වෙන්නත් බැරි නෑ හැබැයි. ප්‍රොෆෙසර්ට හැම දේට ම ප්ලෑන් බී එකක් තිබුණට මේ වැඩේට ප්ලෑන් බී එකක් නෑ කියලත් එක තැනක කියවෙනවා. අපි හැමෝට ම මේ කට්ටිය සාර්ථක වෙනව දකින්න ඕන වුණාට අන්තිමේ අපි නො හිතන විදිහේ මහ ශෝකජනක අවසානයක් දකින්න ලැබෙන්නත් පුළුවන්. මොකෝ මේක ඩිස්නි මූවි එකක් නෙමේ නෙ.

5 ආටුරෝ මැරෙයි ද නැද්ද?

මනී හයිස්ට් එකේ ඉන්න එපා ම කරපු චරිතෙ කවුද ඇහුවොත් ඕන කෙනෙකුට මතක් වෙන්නෙ ආටුරෝ. ඒ තරං හිසරදයක් වුණ කැරැක්ටර් එකක් තවත් නෑ. මේ සීසන් එකේදිවත් අඩු ගාණෙ ආටුරෝ මැරෙයි කියල හැමෝම බලන් හිටියට මොකද මේ පාරත් ඔන්න වෙඩි වැදුණා විතරයි. හැබැයි තුවාල බරපතළ හින්දා ෆෑන්ස්ලා බලන් ඉන්නව යන්තං වොලියුම් ටූ එකේදිවත් අර සතුටුදායක ආරංචිය අහන්න ලැබෙයි කියලා. 

6 ඩෙන්වර් තෝරගන්නෙ ස්ටොක්හෝම් ද මැනිලා ද?

ස්ටොක්හෝම් කියන්නෙ කණ්ඩායමේ අනෙක් අය වගේ මංකොල්ලකාර ජීවිතයක් ගෙවපු කෙනෙක් නෙමේ. සාමාන්‍ය රැකියාවක් කරපු සාමාන්‍ය ගැහැනියක්. ඒ නිසා ම ආටුරෝට වෙඩි තිබ්බට පස්සේ ඒක ඇයට ලොකු ෂොක් එකක් වෙනවා. ඒ අතරේ මැනිලා තමන්ගෙ පරණ සගයා ඩෙන්වර්ට ප්‍රේමය ප්‍රකාශ කරනවා. තමන්ගෙ බිරිඳ සහ මැනිලා අතරෙ ගැටෙන ඩෙන්වර්ගෙ ඊළඟ පියවර මොකක් වෙයි ද? දෙසැම්බර් තුන් වෙනිදා එන මනී හයිස්ට් අන්තිම එපිසෝඩ්ස් පහෙන් මේකටත් උත්තරයක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ඉමු!

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

High tea with a stunner view at Cinnamon Red

Shamrina Carim An eclectic delicious high tea platter awaits you all 7 days from 3

Kamu

A warm breakfast at Hilton Colombo

Graze Kitchen being called out one of the finest and elite restaurants in Colombo, makes

Highlights Kamu

Cinnamon Red introduces a Vegetarian/Vegan Buffet

Cinnamon Red, one of the most popular hotels in Colombo introduces a fully Vegetarian/Vegan Buffet.

Highlights Kamu

Trending.

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Ramada Colombo Celebrates 49 Remarkable Years of Exclusive World-Class Hospitality

The iconic star-class luxury hotel, Ramada Colombo, is owned by the American multinational-World’s largest hotel

Trending

Let Her Shine on 8th March at Ramada Colombo.

Celebrate Women’s Day with entertaining evenings, pampered stays, special giveaways, and great dining offers. Show

Trending

Quickee- not just another Online Store

Whether you are a busy, working parent or an individual who balances many things during

Highlights Trending

Savour a Plant-Based Feast Every Full Moon at Cinnamon Red Colombo

Colombo, Monday 27th February 2023: Many are the benefits of adopting a plant-based diet. Historically

Trending

5 Things You Didn’t Know About Fcode Labs

Sri Lanka’s technology industry has witnessed significant growth in recent years, positioning the country as

Highlights Trending

Yamu Guide.

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide

Yamu’s Top Restaurant Picks for 2023

New Year, New Reviews? Say “hell yeah”! We have sorted out a few restaurants that

Highlights Yamu Guide