අලුත් බද්දෙන් වාසි කාටද?.

අලුත් බදු සංශෝධනය ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා. අප්‍රේල් 01 වන දා ඉඳන් මේක ක්‍රියාත්මක වුණත් ගොඩක් අයට තාමත් මේක ගැන පැහැදිලි අදහසක් තියෙන බවක් පේන්න නෑ. ඒ වගේ ම ෆේස්බුක් එකේ එහෙම මේ බදු ගැන බොරු කතා ගොඩක් පැතිරෙනවා.

Cartoon by @awanthaartigala #lka #SriLanka pic.twitter.com/DfQgNcLa7N

— Political CartoonLKA (@cartoonlka) April 2, 2018

ඇත්තට ම මේ අලුත් බදු ක්‍රමයේ තියෙන වෙනස මොකක්ද? කාටද මේකනේ වාසි? කාටද අවාසි?

මේ තමයි මේ අලුත් ක්‍රමය යටතේ ඇත්තට ම අපට බදු ගෙවන්න වෙන විදිය.

ඇයි බදු?

අමාරුවෙන් හම්බකරන ගාණෙන් ආපහු කීයක් හරි බදු කියලා අඩු වෙනවට අපි කවුරුත් කැමති නෑ. හැබැයි පාරවල් හදන එකේ ඉඳන් නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, හයි වේ, එයාර් පෝට්, වරාය, ආණ්ඩුවේ පරිපාලන වියදම්, රජයේ සේවකයන්ගෙ පඩිනඩි, මැති ඇමතිවරුවන්ගේ වාහනවලට යන වියදම්, ඉහළ ඉඳන් පහළට ම ආණ්ඩුවේ දේශපාලකයන් සහ නිලධාරින් හොරකම් කරන, කොමිස් ගහන සල්ලි, මේ වගේ හැම වියදමක් ම පියවන්න වෙන්නෙ මේ විදියට එකතු කරන බදු මුදලින් තමයි.

2018 අයවැයෙන් ඇස්තමේන්තු කරන මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 3,982යි. හැබැයි මෙච්චර බදු ගහලත් ලැබෙන මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,175යි. පරතරය රුපියල් බිලියන 1,800කට වැඩියි.

ඉතින් මේ පරතරය අඩුකරන්න නම් එක පැත්තකින් වියදම අඩුකරගන්න ට්‍රයි කරන අතරේ අනිත් පැත්තෙන් ආදායම වැඩිකරගන්න ඕන. ඒ කියන්නෙ බදු වැඩිකරන්න ඕන.

අපිට වැඩි ගාණක් නැති වුණාට දැනටත් අපි අම්බානක බදු ගෙවනවා. අපි කඩෙන් ගන්න සීනි එකේ ඉඳන් හැම දේකටම වගේ බද්දක් එකතුකරලා තියෙන්නෙ. මේකට කියන්නේ වක්‍ර බදු කියලා. වක්‍ර බදුවල තියෙන අවුල තමයි දුප්පත් ම කෙනාගෙ ඉඳන් පොහොසත් ම කෙනා දක්වා හැමෝටම එකම බද්දක් ගෙවන්න සිද්ධවෙන එක. ඒ කියන්නෙ දුප්පත් මිනිහෙක් සීනි කිලෝ එකක් ගත්තත් කෝටිපතියෙක් සීනි කිලෝ එකක් ගත්තත් ගෙවන්නෙ එකම මිලක්; රජයට යන්නෙ එකම බදු මුදලක්.

Here's how the new tax revision works. In case if you also were confused.
It's not as bad as you would think imo. #lka https://t.co/bXyeEMtkDS

— LAHIRU ABEYSINGHE (@lahiruABsinghe) April 2, 2018

මේ නිසා වක්‍ර බදු අඩු කරලා වෙනුවට එ් ඒ කෙනාගෙ ආදායම අනුව ගෙවන්න වෙන බදු මුදල තීරණය වෙන ඍජු බදු වැඩිකරන්න උත්සාහ කරනව කියල තමයි ආණ්ඩුව කියන්නෙ. එයාලා කියන විදියට දැනට අපි ගෙවන බදුවලින් 80%ක් විතර වක්‍ර බදු. 20%ක් වගේ තමයි ඍජු බදුවලින් රජයට ආදායම එන්නෙ. මේක 60%: 40% මට්ටමටවත් ගේන්න තමයි ප්ලෑන් එක. ඒ කියන්නෙ වැඩිපුර සල්ලි තියෙන අය ගෙවන බදු මුදල වැඩිකරලා අඩු ආදායම් ලබන අයගෙන් අයකරන බදු මුදල අඩුකරන එක.

අලුත් බද්ද ඔයාට කොහොමද?

මේ චාට් එකේ තියෙන්නෙ කලින් තිබුණු ආදායම් බද්ද සහ අලුත් එකේ වෙනස. කලින් එකේ වගේ ම මේ පාරත් මාසික ආදායම රුපියල් ලක්ෂයට අඩු අය බදු ගෙවන්න ඕන ම නෑ. ඒ වගේ ම ලක්ෂයත් ලක්ෂ 4ත් අතර ගාණක් උපයන කට්ටියගෙ බදු මුදල කලින්ට වඩා අඩුවෙලා. ඒ කියන්නෙ අලුත් බදු ක්‍රමය එයාලට වාසියි!

හැබැයි මාසෙට ලක්ෂ 4ට වඩා, හරියටම කීවොත් රු. 425,000කට වඩා හොයන කට්ටියට මේ අලුත් ක්‍රමය නිසා කලින්ට වඩා වැඩිපුර බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ මූලික වැටුප, අතිකාල, දීමනා ඔක්කොම එකතුවෙලා එද්දි මාසෙට රුපියල් මිලියනයක් හම්බවෙන කෙනකුට ඒකෙන් රු 186,000ක් විතර බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ කලින්ට වඩා රු. 46,000ක් විතර වැඩිපුර!

මේකට අමතර ව බැංකුවල ඉතුරුම් ගිණුම්වලට හම්බවෙන පොලියට ගහන බද්ද 2.5% ඉඳන් 5% දක්වා වැඩිකරලා තියෙනවා. අලුත් නීතියෙ හැටියට පිටරට වැඩකරන කෙනෙක් ලංකාවේ ගිණුමක තැම්පත් කරල තියෙන මුදලටත් මේ 5% බද්ද අදාළයි. ගොඩක් අය මේක පටලගෙන තිබුණට ඇත්තටම පිටරට වැඩකරන අය ලංකාවට සල්ලි එවද්දි ඒකෙන් බද්දක් අයකරන්නෙ නෑ. ඒ සල්ලි එකවුන්ට් එකක දාලා පොලී කරනව නම් ඒ පොලියට විතරයි බදු ගෙවන්න වෙන්නෙ.

දැන් මොකද කරන්නෙ?

කරන්න දෙයක් නෑ. ආණ්ඩුවෙන් ගහන බදුනේ; ඉතිං ගෙවන්න ම වෙනවා. හැබැයි අපි මේ ගෙවන බදු මුදල අඩු වැඩි වෙන එක තීරණය වෙන්නෙ අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන දේවල් එක්ක තියෙන එක තේරුම්ගන්න එක වැදගත්.

උදාහරණයක් හැටියට ලංකාව කියන්නෙ සෑහෙන සුබසාධන වැඩසටහන් තියෙන රටක්. ඉස්කෝල පොත්, නිල ඇඳුම්වල ඉඳලා විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ හැම දේම නොමිලේ. ඒ වගේ ම පාඩු ලබන ගොවීන්ට පොහොර, වතුර වගේ දේවලුත් හම්බවෙන්නෙ නොමිලේ; නැත්නම් ගොඩක් අඩු මුදලට. දුප්පත් මිනිස්සුන්ට හම්බවෙන සමෘද්ධි වගේ සහනාධාර මදිවට ආණ්ඩුවේ සිපෙට්කෝ එක ඉන්ධන විකුණන්නෙත් අතින් කයිට් කරගෙන. සිපෙට්කෝ විතරක් නෙවෙයි, ගොඩක් රජයේ ආයතන මාසෙකට ලබන පාඩුව රුපියල් මිලියන ගාණක්. මැති ඇමතිවරුන්ගෙ වාහන සහ එයාලට කරන අනිත් වියදම් අඩු කරන එක ගොඩක් දෙනෙක් යෝජනා කරන ජනප්‍රිය විසඳුමක් වුණාට ඒ සම්පූර්ණ “බොරු” වියදම් ටික ගත්තත් ඒක මේ සහනාධාරවලට යන වියදමෙන් දශම ගාණක් විතරයි.

දේශපාලකයන්ගේ අනවශ්‍ය වියදම් සහ වංචා දූෂණ අඩු කරන එක ගොඩක් වැදගත් දෙයක් වුණත් ඒකෙන් මේ බදු අඩුකරන්න ලොකු උදව්වක් ලැබෙන්නෙ නෑ. අනිත් අතට අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල්වලට රජය වියදම් කරන එක සම්පූර්ණයෙන් නවත්තන එකත් ප්‍රායෝගික නෑ. කොහොම කළත්, අපි අතින් සල්ලි වියදම් කරල දේවල් ගත්තත්, රජයට බදු ගෙවල ඒකෙන් නොමිලේ දේවල් ගත්තත් අන්තිමේ මේ හැම දේකටම ගෙවන්නෙ අපි ම තමයි. ඒ කියන්නෙ කොහොම කළත් මේක තමයි අපේ වියදම. ඒ වියදම කොයි විදියට කළමනාකරණය කරගන්නවද කියන එක තමයි අපි රටක් හැටියට තීරණයට කරගන්න වෙන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide