නවසීලන්තය කොරෝනා වෛරසය පරාජය කළ හැටි!.

නවසීලන්තය සම්පූර්ණයෙන් ම කොරෝනා වෛරසයෙන් තොර කලාපයක් බවට පත් වෙන්න සමත් වුණා කියල පසුගියදා එහි අගමැතිනිය ජසින්දා ආඩන් නිල ප්‍රකාශයක් නිකුත් කළා. ‘අපේ රටේ අන්තිම කොරෝනා රෝගියාත් සුවය ලැබුවා කියන ආරංචිය ඇහුණ ගමන් මං පොඩි ඩාන්ස් එකක් දැම්මා’ කියල නවසීලන්ත අගමැතිනිය සිනාමුසු මුහුණින් එදා කිව්වා. කොවිඩ්-19 වසංගතයට එරෙහිව වඩාත් ම කාර්යක්ෂම භාවයකින් සහ ඵලදායීව ක්‍රියාත්මක වුණු රටක් විදිහට නවසීලන්තය ඉතිහාසයට එක් කරන්නට ඇයට හැකි වුණා.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස මූලාශ්‍ර මධ්‍යස්ථානයට අනුව නවසීලන්තයෙන් වාර්තා වුණු මුළු කොරෝනා රෝගීන් ගණන 1504ක්. මරණ වාර්තා වුණේ 22ක් විතරයි. නවසීලන්තයේ ජනගහනය ම සහිත රටක් වෙන අයර්ලන්තයේ මුළු කොරෝනා රෝගීන් ගණන 25000 ඉක්මවනවා. මරණ ගණන 1679ක්. මේ නිසා නවසීලන්තය කොරෝනා පරාජය කිරීම අතින් ලොව රටවල් අතර බෙහෙවින් ඉදිරියෙන් ඉන්න බව හොඳින් ම පැහැදිලියි.

නවසීලන්තයෙන් කොරෝනා මරණ වාර්තා වුණෙත් බොහොම අඩු ප්‍රමාණයක්. ලෝකයේ බොහෝ බලවත් රටවල් කොරෝනා වෛරසය පරාජය කරගන්න බැරිව අඩපණ වෙලා ඉන්න වෙලාවක නවසීලන්තය මේ අභියෝගය ජය ගත්තෙ කොහොමද?

මේ සටහන ඒ ගැන…

ලොක්ඩවුන්

මරණ රහිතව, කොරෝනා රෝගීන් 100 සීමාව වාර්තා වුණු ගමන් ම, ඒ කියන්නෙ මාර්තු 15 දා විදේශිකයන්ට නවසීලන්තයට ඇතුළු වීම තහනම් කරන්න වගේ ම, පිටරට ඉඳන් තමන්ගෙ රටට එන ස්වදේශිකයන් නිරෝධායනය කරන්න පටන්ගන්න එරට බලධාරීන් කටයුතු කළා. ඉන් දින 10කට පස්සේ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රට සම්පූර්ණයෙන් ම ලොක්ඩවුන් කෙරුණා. සිල්ලර වෙළෙඳසැල්, ෆාමසි, රෝහල් සහ ගෑස් ස්ටේෂන් විතරක් විවෘතව තියන්න අවසර දීල තිබුණා. වාහන ගමනාගමනය නවත්වලා ගෙවල්වලට වෙලා ඉන්න ජනතාවට උපදෙස් ලැබුණා.

මේ තද නීතිරීති ලිහිල් කෙරුණේ එයින් මාසෙකටත් වැඩි කාලයකට පස්සෙයි. අනෙක් රටවල් කාලය නාස්ති කරමින් ඉන්න අතරෙ නවසීලන්තය වෛරසය පැතිරීමට එරෙහිව හැකි ඉක්මනින් පියවර ගත්තේ ඒ විදිහටයි.

නීතිරීති

ලොක්ඩවුන් තත්ත්වයට පෙර, ඊට අදාළ නීතිරීති ගැන ජනතාව දැනුවත් කරන්න නවසීලන්ත රජය කටයුතු කළේ ඔවුන්ගේ ජංගම දුරකතනවලට යැවුණු හදිසි කෙටි පණිවිඩ මඟින්. ඒ අනුව හැම පුරවැසියෙක් ම ලොක්ඩවුන් තත්ත්වයට අදාළ නීතිරීතිවලට එකඟව කටයුතු කරන්න පටන්ගත්තා. තත්ත්වය ගැන අවබෝධ කරගන්න සහ ඊට අවශ්‍ය පියවර ගන්න එරට පුරවැසියන් තුළ තිබුණු විනය මේ වෙලාවෙදි හුඟක් බලපෑවා.

ඒ වගේ ම, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන්න එරට රජයේ ආයතනවල, රෝහල්වල බලධාරීන් පියවර ගත්තා.

පරීක්ෂණ

නවසීලන්තය විසින් දිනකට සිදු කරන ලද PCR පරීක්ෂණ ගණන 8000ක් පමණ වෙනවා. ඒ අනුව ලොව සියලු ම රටවල් අතරින් දිනකට වැඩි ම පරීක්ෂණ ගණනක් සිදු කරපු රටක් බවට ඔවුන් පත් වුණා. මීට අමතරව රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ අය හඳුනාගැනීම සඳහා, තාක්ෂණය උපයෝගී කරගනිමින් අවශ්‍ය ට්‍රේස් කිරීම් කරන්නටත් ඔවුන් කටයුතු කරලා තියනවා. මරණ සංඛ්‍යාව අඩු කරගැනීමට මේ ට්‍රේස් කිරීම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරීක්ෂණ සිදු කිරීම සඳහා දුන් උපදෙස් ඒ අයුරින් ම පිළිපැදීම ලොකු හේතුවක් වුණා කියලයි ඔවුන් කියන්නෙ.

භූගෝලීය සාධක

තවත් අතකට නවසීලන්තයේ පිහිටීමේ භූගෝලීය පරිසරයත් කොවිඩ්-19 පාලනයට හේතුවක් වුණා. අන් රටවල දේශසීමාවලින් වට නුවූ හුදෙකලා දූපතක් වන නවසීලන්තයට, විශාල රටවලට වඩා රටට ඇතුළු වීම සහ ඉන් පිට වීම පාලනය කරන්න ලේසියි. ඒ වගේ ම, නවසීලන්තයේ සිටින්නේ මිලියන පහක වගේ සාපේක්ෂව අඩු ජනගහනයක්. ලොක්ඩවුන් කළාට පස්සෙ එකිනෙකා අතර සිදු වන ගනුදෙනු අවම වීමට ඒකත් හේතුවක්.

මාර්ගෝපදේශ 

මේ අලුත් ම වෛරසයට එරෙහිව අපි ගත යුතු පියවර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ වග කිව යුත්තන් විසින් සපයන ලද මාර්ගෝපදේශ අකුරට ම පිළිපැද්ද රටක් තමයි නවසීලන්තය. රෝග ලක්ෂණ පළ කරන්නන් හඳුනාගැනීම, පරීක්ෂණ කිරීම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර කිරීම කියන පියවර හතර, හැම රෝගියෙක් වෙනුවෙන් ම ක්‍රියාත්මක වුණා.

වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන් පාලනය කළා කියන්නෙ, වසංගතය නිසා රට පත් වෙලා ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ආරම්භ කළ හැකියි කියන එක. ඉතින් ඔවුන් ඒ වැඩ කටයුතු දැනටමත් පටන් අරං. 

ඒත්…

කිසිම කොරෝනා රෝගියෙක් වාර්තා නොවී ගෙවුණු දවස් 24කට පස්සේ, ඔන්න අද ආයෙමත් අවාසනාවන්ත විදිහට එරටින් කොවිඩ්-19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙලා තියනවා. එකම පවුලේ සාමාජිකයන් වෙන මේ දෙන්නා තමන්ගෙ දෙමාපියන්ගෙන් කෙනෙකුගේ මරණය වෙනුවෙන් එක්සත් රාජධානියේ ඉඳන් නවසීලන්තයට විශේෂ අවසරයක් පිට ආපු දෙන්නෙක් කියල තමයි කියවෙන්නෙ. ජුනි 7 වෙනිදා නවසීලන්තයට ගොඩ බැස්ස මේ අය නිරෝධායනයට යොමු කරලා තියනවා.

ජුනි 12 වෙනිදා මරණයට සහභාගි වීම සඳහා යෑමට අවසර දෙන්න කියල ඔවුන් විසින් කරපු විශේෂ ඉල්ලීමක් සලකල බලලා බලධාරීන් ඊට ඉඩ දීල තියනවා. ඒ අනුව ඔවුන් තමන්ගේ පෞද්ගලික වාහනයක අදාළ ස්ථානයට ගිහින්. එහිදී ඔවුන් ආශ්‍රිතව ගැවසිලා තියෙන්නේ ඒ පවුලේ ම තවත් එක පුද්ගලයෙක් පමණයි. කොහොම වුණත් පසුව මේ දෙන්නට වෛරසය ආසාදනය වෙලා තියන බව පරීක්ෂණවලින් අනාවරණය වුණු නිසා, ඒ පුද්ගලයාත් මේ වන විට නිරෝධායනයට යොමු කරලා.

මේ අනුව ජුනි 8 දා ඉඳන් නැවතත් නවසීලන්තයට ඇතුළු වන සියල්ලන් කොරෝනා පරීක්ෂණයට ලක් විය යුතුයි වගේ ම, දින 14ක නිරෝධායනයකට යටත් විය යුතුයි.

ඉතින්, මේ අලුත් රෝගීන් දෙදෙනා සුව කරගැනීම සම්බන්ධයෙනුත් නවසීලන්තය නිසි පියවර ගන්නවා නිසැකයි. උද්ගත වෙන ඕනෑ ම තත්ත්වයකට අනුකූලව කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම නවසීලන්තයෙන් ලෝකෙ හැම රටකට ම ගත හැකි විශේෂ ආදර්ශයක් කියල අවසන් වශයෙන් කියන්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide