අපි වැඩිය අහල නැති ළමා චිත්‍රපට 5ක්.

පහුගිය පලවෙනිදා ලෝක ළමා දිනය වැටිලා තිබුණ කියල ඔයාලට මතක ඇතිනේ. සාමාන්‍යයෙන් ලංකාවේ අපි ලොකුවට සමරන දිනයක් මේක. නානාප්‍රකාර උත්සව සංදර්ශන හරි හරියට තියල. එත් අපි හුඟක් දෙනා ගෙදරට වෙලා මේ දිනේ සමරන්නේ ඉතින් අර ටීවී පෙට්ටියේ මොකක්හරි චැනල් එකකින් හොඳ ෆිල්ම් එකක් පෙන්නයිද කියලනේ. මේකයි වැඩේ හැබැයි, ඔය පෙන්නන හුඟක් චිත්‍රපටි ළමයින්ට තියා වැඩිහිටියන්ටවත් බලන්න හොඳද කියල ප්‍රශ්නයක් මතුවෙනවා. ළමයින් හිටපු පලියට හරි කාටුන් එකක් වෙච්ච පලියටවත් ළමා චිත්‍රපටියක් වෙන්නෙ නෑ නේ. මොකද කරන්නේ? ඔන්න අපෙන් වැඩිය කතා නොවෙන ඇත්තටම හොඳ විදෙස් ළමා චිත්‍රපටි කිහිපයක්.

 

මගේ අසල්වැසි ටොටොරෝ

ඇමරිකාවට වෝල්ට් ඩිස්නි, ලංකාවට ටයිටස් තොටවත්ත වගේ ජපානෙට ඉන්නේ හයාඕ මියසාකි මහත්මයයි. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණයක් තමයි My Neighbor Totoro කියන්නේ. අක්ක නගෝ දෙන්නෙක් තාත්ත එක්ක අම්ම නැවතිලා ඉන්න ඉස්පිරිතාලේ කිට්ටුව තියෙන අලුත් ගෙදරක පදිංචියට යනවා. එහෙ ඉන්න පොඩි වනාන්තර දේවතාවෝ එක්ක ඒ දෙන්නා ඉන්න හැටි තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ. කතාව සරලයි වගේ මතුපිටින් පෙනුණට, යටින් හිතට හුඟක් දැනෙන දේවල් තියෙනවා. දෙමව්පියෝ නැතිවෙයි කියන බය, පුංචි  කාලේ දැනෙන තනිකම, ඉච්ඡාභංගය වගේ දේ. නමුත් මේව පෙන්නන්නෙ හරි සැහැල්ලු විදියට. අපිට වැහි බින්දුවක, තරු එළියේ, හිරු එලියක වගේ පොඩි දේවල්වල තියෙන සතුට විඳින හැටි එක්කයි මේ චිත්‍රපටිය එන්නෙ. මේක බලපු කෙනෙක්ට අමතක වෙන්නෙ නැති, සිත පිනා යන ලස්සන චිත්‍රපටියක්.

 

යකඩ යෝධයා

අපි ඊලඟට කියන්නෙත් කාටුන් චිත්‍රපටියක් ගැන. මේක ඇමරිකාවෙන්. නම The Iron Giant. ඇමරිකාවේ පොඩි ගමක් කිට්ටුව කැලේකට එක පාරටම අහසින් මොකද්ද කඩා පාත්වෙනවා. පොඩි ළමයෙක් තමයි එතෙන්ට ඉස්සෙල්ලම යන්නෙ. ගිහිං බලනකොට ඒ ලොකු රොබෝ කෙනෙක්. මේ රොබෝ නිකං පොඩි ළමයෙක් වගේ. අහිංසක වියට වැඩ කරන්න ගිහිං සයිස් එක හින්ද අමාරුවේ වැටෙනවා. ඒත් මේ ළමය මේ රොබෝ එක්ක මිතුරු වෙලා රොබෝව බේරගෙන මිනිස්සුන්ගේ ලෝකෙ හැටි කියලදෙන්න හදනවා. පස්සෙ හමුදාවෙන් ඇවිල්ල ලොකු හුටපටයක් වෙනවා. වෙන මුකුත් කියන්න බැහැ කතාව සවුත්තු වෙයි. ඔයගොල්ලොම බලන්නකෝ. මාර ලස්සනයි. හිතට වදිනවා. නොදන්නා දේට බයවෙන්න ගිහිං වෙන අකරතැබ්බ, ඉක්මන් කෝපය, වරදවා වටහා ගැනීම්, අහිංසකකම, මිතුරුදම, අනුකම්පාව, පරිත්‍යාගය වගේ දේවල් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කරනවා.

 

මේරි පොපින්ස්

Mary Poppins කියන්නේ බටහිර රටවල නං ක්ලැසික් චිත්‍රපටියක්. මේකෙන් තමයි ජුලි ඇන්දෘස් ඔස්කාර් සම්මානයක් දිනාගෙන සිනමා ලෝකෙ මුල් අඩිය තිබ්බෙ. මේ චිත්‍රපටියට දැන් අවුරුදු 60ක් වෙනවා ඒත් අදටත් ලස්සනයි. මේකේ සජීවී සිනමාවත් සමග කාටුන් එකතු කරපු මරු වැඩක්. මේකෙදි ලන්ඩන්වල පෝසත් පවුලක ළමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ ළමයි එක්ක කල්ගතකරන්න කවුරුත් නැහැ. අම්මල තාත්තලා වැඩ කරනවා විතරමයි. ඉතින් මේ පාලු පරිසරයට කුඩයක් අරගෙන අහසින් පාවෙලා එනවා මේරි පොපින්ස් කියල අමුතු ගෑණු කෙනෙක්. මෙයා ගෙදර ළමයි බලාගන්න වැඩේ බාර අරගෙන ළමයින්ට හොඳ නරක කියල දීල, ගෙදර වැඩ පිළිවෙලක් කරලා, දෙමව්පියන්ට රස්සාවට වැඩිය ගෙදර තියෙන වටිනාකම පහදලා දීල ඒ පවුලේ ලොකු වෙනසක් කරනවා. අනිවාර්යයෙන් බලන්න ඕනේ චිත්‍රපටියක්.

 

ටෙරබිතියාවට පාලමක්

Bridge to Terabithia ඉස්සෙල්ලම එලි දකින්නෙ පොතක් විදියට 1977 දී. මේක 1985දිත් චිත්‍රපටියකට මුල පිරුවත් අපි මේ කතාකරන්නේ 2007 ඩිස්නි සමාගම හදපු එක ගැනයි. ගෙදර දොර අපහසුතා නිසා ලස්සන සෙල්ලම් ලෝකයක්  මවා ගන්න 12 හැවිරිදි දරුවන් දෙන්නෙක්ගේ කතාවක්  තමයි මේකෙන් කියන්නේ. මිතුරුදම, දෙමාපිය ආදරය, වගකීම්, ළමා වියේ තියෙන ගැටළු වගේ දේවල් මේ චිත්‍රපටියේ ලස්සනට පෙන්නුම් කරනවා. පොඩ්ඩක් දුක හිතෙන්නත් පුළුවන් මේක බලනකොට ඒත් බලන්න වටිනවා.

 

ගෙදරට පියාඹන්න

1994 කැනඩාවේ බිල් ලිෂ්මන් කියල කෙනෙක් හිටියා.  ඔහු සැහැල්ලු ගුවන්යානා පැදවීම ගැන දන්න කෙනෙක්. එයා නියම වැඩක් පටන් ගත්තා. සීත කාලෙට දකුණට යන පාත්තයන්ට  පාර වැරදෙන්න පටන් ගත්තා. ඒ පාර වැරදුන පාත්තයින්ට සැහැල්ලු ගුවන් යානාවක උදව්වෙන් හරි පාර පෙන්වන්න මෙයා පටන් ගත්තා.

මේ කතාව පදනම් කරගෙන 1996 Fly Away Home චිත්‍රපටය නිපැයුනා. අලුත් ඉදිකිරීමක් නිසා තම නිවස අසල විනාස වෙච්ච පාත්ත කුඩුවක් පොඩි ගෑණු ළමයෙක්ට හම්බවෙනවා. ඉතින් ඒ බිත්තර ටික එයා ගෙදර ගෙනිහිල්ල බලාගන්න හදනවා. එකෙන් ඉපදෙන පැටව් හිතන්නේ මේ ගෑණු ළමය ඒගොල්ලොන්ගේ අම්ම කියල. හැබැයි එහෙම කැලෑ සත්තු තියාගෙන් ඉන්න එක නීති විරෝධී දෙයක්. හැබැයි මේ පාත්තයින්ට පියාඹලා යන්න උගන්නන්න කවුරුත් නැහැ. ඉතින් මේ ළමයයි, එයාගේ තාත්තයි, සැහැල්ලු ගුවන් යානයක උදව්වෙන් මේ පාත්ත පැටවුන්ට පියාඹන්න උගන්වනවා. මේක හරි ලස්සන කතාවක්. කරුණාව, ආදරය, හරි දේ කිරීම, නොපසුබට විර්යය, දෙමාපිය-දරු සම්බන්ධය වගේ දේවල් මේ චිත්‍රපටියෙන් පෙන්වනවා.

 

මේ පහ වගේ තවත් ලස්සන චිත්‍රපට ලෝක සිනමාවේ තියෙනවා. ඒ ගැන විස්තර ආයි දවසක ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලත් අපිට හොඳ චිත්‍රපටියක් දෙකක් කමෙන්ට්වල දාල යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide