ඉන්දුනීසියානු නාසි ගුරාන් වලට දකුණු චීන ෆ්‍රයිඩ් රයිස් තුලින් මූලාරම්භය ලැබී ඇති අතර එයද බත් නාස්තිය අවම කිරීමේ මාර්ගයක් ලෙස ප්‍රචලිතව ඇත. ඉන්දුනීසියානු ආහාර කෙරෙහි චීන බලපෑම, ‘මී ගුරාන්’ තුලින් හොඳින් දැකිය හැකි අතර ඒ සමගම චීන වොක් භාවිතා කිරීම, ගින්දරට අල්ලා ආහාර බැදීම වැනි ක්‍රම කරලියට එන ලදී. චීනයේ, මිං රාජවංශය (ක්‍රි.ව. 1368-1644) තුළ එය වඩ වඩාත් ජනප්‍රිය විය. තවද සෝයා සෝස්හි මූලාරම්භය වූයේ ක්‍රි.ව. 2වන සියවසයි. ඒද චීනයේය. නමුත් ඊට පාම් සහ සීනි එකතු කරමින් ඉන්දුනීසියානු ස්වීට් සෝයා සෝස් පසු කාලීනව නිර්මාණය වන ලදී.
චීනය සහ ඉන්දුනීසියානු දූපත් සමූහය අතර වෙළඳාම, 10වන සියවසේදී පමණ සමෘද්ධිමත් වූ අතර එම කාලය අතර තුර, සහල් බැද බත් සාදා කල්තබා ගැනීමේ ක්‍රමයට ඉන්දුනීසියානුවන් හුරු වන්නට ඇත. කෙසේ වෙතත් ඉන් පසුව නිර්මාණය වූ නාසි ගුරාන්හි මුහුදු ආහාර මිශ්‍ර බත අතිශය ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ හැරුනු කොට කුකුළු මස්, හරක් මස්ද අඩංගු කොට නාසි ගුරාන් පිස ඇත. ඊට එළවළු, සුදුළූණු, තක්කාලි, ගම්මිරිස් සහ මිරිස් නොවරදවාම මිශ්‍ර කොට ඇත. තවද ස්වීට් සෝයා සෝස්, ඉස්සන් පේස්ට්, බැදපු ලූනු එකතු කිරීම නාසි ගුරාන්හි විශේෂත්වයකි. කෑමට ගැනීමේදී විශේෂ ක්‍රැකර් එකක් වන 'කෘපුක්' එකතු කර ගැනීමද නාසියේම අංගයකි.
පද්ජාජාරන් විශ්ව විද්‍යාලයේ ලේඛක ෆැඩ්ලි රහ්මාන් කියා සිටින්නේ නාසි ගුරාන් ඉන්දුනීසියාවට ආවේණික වූ බවට ෙඑතිහාසික සාක්ෂි නොමැති බවත් එහි සත්‍ය ආභාෂය ලැබී ඇත්තේ ‘පිලාෆ්’ නම් බතකින් බවත්ය. පිලාෆ් අරාබි ඉන්දුනීසියානුවන්ගේ ප්‍රියතම ආහාරයක්ව පැවත ඇති අතර එය සාදා ඇත්තේ එළුමස්, කුළුබඩු සහ ගිතෙල් භාවිතා කරීමෙනි.
ඒ සියල්ල හැරුණු කොට, ඉන්දීය යටත්විජිත සමයේදී නාසි ගුරාන්, ඉන්දියානු සංස්කෘතියේ කොටසක් ලෙස භාවිතා හෝ නිර්මාණය වූ බවටද සැලකේ. මාර්කෝ කාර්ටොඩිකොරෝමෝ විසින් රචිත ශිෂ්‍ය හිඩ්ජෝ වැනි ඕලන්ද, නැගෙනහිර ඉන්දියානු යටත් විජිත සාහිත්‍යයේ නාසි ගුරාන් ගැන සඳහන් වේ. එය 1925 දී ලන්දේසි ආහාර පිසීමේ පොතක් වූ Groot Nieuw Volledig Oost Indisch Kookboekහි සඳහන් විය.
කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ නිදහසින් පසු නාසි ගුරාන් නිල නොවන ජාතික ආහාරයක් ලෙස ජනප්‍රියව ඇත.