ඇල්ල’ අවට බලන්න තියෙන සුන්දරම තැන් 7ක්.

'ඇල්ල' කිව්වාම ලංකාවෙ අපිටත් වඩා හොඳට දන්නෙ විදේශිකයො තමයි. ඒ තරම් සුන්දර නගරයක්නෙ ඇල්ල කියන්නෙ. කොළඹ ඉඳන් නම් කිලෝමීටර 200ට වැඩි දුරක් තිබුණට පැය 5න් 6න් යන්න පුළුවන්. කොහොම වුනත් නිවාඩුවක් ලැබුණ වෙලාවක ඇල්ල පැත්තෙ ගිහින් රවුමක් දාන අතරෙ මේ තැන් ටිකත් බලන්න අමතක කරන්න එපා.

1. Ella Rock

පූනාගල කඳු වැටියෙ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්දෙ විශේෂත්වය තමයි ෆයිනස් කැලේ මැදින් කන්ද මුදුනටම නැගල අවට සිරි නැරඹුවට පස්සෙ කඳු බෑවුමේ, නැම්මක් එක්ක පිහිටලා තියෙන අයිනට බැස්සාම දිස්වෙන ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථය. අඩි 500කට ආසන්න උසක් තියෙන මේ කන්ද නගින්න ගත වෙන්නෙ පැයක් එක හමාරක් වුනාට මුළු ගමන නම් කිලෝමීටර 3කටත් වැඩියි.

2. Little Adam's Peak

ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්ද තමයි පුංචි ශ්‍රීපාදය කියන්නෙ. පුංචි ශ්‍රීපාද කඳු මුදුනෙයි ශ්‍රීපාද කඳු මුදුනෙයි දෙකේම අංශක 360ක දර්ශන පථයක් තියෙන එක ලොකු විශේෂත්වයක්. හිමිදිරි ඉර සේවය දැක බලා ගන්නත් මෙතන කියාපු තැනක්. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් හරි ලස්සනට මෙතනට පේනවා. උස අඩි 400ක් විතර වුනත් ඇල්ල ටවුමෙ ඉඳන් කඳු මුදුනට තියෙන කිලෝමීටර 3ක යන්න අඩුම තරමෙ පැයක්වත් ගත වේවි.

3. Ravana Cave

'ඇල්ල ගල' කන්දෙ මැද හරියට වෙන්න පිහිටලා තියෙන රාවණා ගුහාවට ඇල්ල ටවුමෙ ඉඳන් කිලෝමීටර 3.5ක විතර දුරක් තමයි තියෙන්නෙ. පයින් යනව නම් පැයක් වත් යනව. ගුහාවට යන කඳු පාරෙ ඇරඹුම් පඩිපෙල තියෙන්නෙ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියෙ දකුණු පස අවසානයේ ඉඳන් ආරම්භය වෙනකම් කොටසෙ සැඟවුනු උමං 4ක් තියෙනවා. ඒ උමං ටික දෑසින් බලා ගන්නනම් අඩුම තරමෙ විදුලි පන්දම් තුනකවත් එළිය ඕන. ඒ විතරක් මදි, අඩි එක හමාර, දෙකේ හිඩැස් වලින් බඩ ගාගෙන රිංගන්න පුළුවන් වෙන්නත් ඕන.

4. Face Art of 'Pulastya Muni'

රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් කියන මේ රූපය තියෙන්නෙ ඇල්ල – වැල්ලවාය පාරෙ ඇල්ල ඉඳන් කිලෝමීටර 4ක විතර දුරින්. එතන තියෙන 'S' වංගුව පටන් ගන්න තැනම වගේ පාරෙන් දකුණු පැත්තෙ ගල් කුලේ පාර මට්ටමේ ඉඳන් බැලුවාම අඩි 20කට වැඩි උසක නිර්මාණය කරල තියෙන මේ රූපය හොඳින්ම බලා ගන්න නම් වංගුව මැද්දට ගිහින් බලන්න ඕන. මොකද ඒ රූපය ප්‍රමාණයෙන් අඩි දෙකක් විතර උස අඩියක් විතර පළල තරමක් පොඩි රූපයක් නිසා.

5. Ravana Falls

රාවණා ඇල්ල බලන්න යනව නම් හොඳම කාලය තමයි ජනවාරි සිට අප්‍රේල් අතර කාලය. හොඳ වතුර ටිකක් නාගන්නත් ලස්සන සමනල්ලු වර්ග, උරග වර්ග දැක බලා ගන්නත් රාවණා ඇල්ලට එන ඔයාලට පුළුවන්. උස අඩි 82කට ගණන් බලල තියෙන රාවණා ඇල්ලට, ඇල්ල ටවුමේ ඉඳන් පයින් යනවට වඩා ඒ කිලෝමීටර 6.5ක විතර දුර වැල්ලවාය පැත්තට යන බස් එකකට ගොඩ වෙලා විනාඩි 15න් 20න් යන එක තමයි හොඳ.

6. Nine Arch Bridge (Demodara)

දෙමෝදර ආරුක්කු නවයේ පාළමේ හැඩ බලන්න ඇල්ලෙ ඉඳන් කුඹල්වෙලට ගිහින් බදුල්ල බස් එකකට ගොඩ වෙලා දෙමෝදරින් බැහැල යන අයට මෙන්න තියෙනව අපූරු පා ගමනක්. දුර කිලෝමීටර 3කට ආසන්නයි. ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැහැල දකුණු පැත්තට ඇවිදන් යන්න. පැයක් යන්න කලින් ආරුක්කු නවයෙ පාළමට ලඟා පුළුවන්.

7. Demodara Railway Station

'සුද්ද' කල්පනා කර කර ඉන්න කොට අපේ 'ගොයිය' ජටාව ගැහුවලු. සුද්ද ඒක දැකල තමයි දෙමෝදර දුම්රිය පොළ පිහිටල තියෙන කන්දෙ, බෑවුමට ජටාවෙ ගැටේ හැඩයට රේල් පීලි ටික හදන්න තීරණය කරල තියෙන්නෙ. ආරුක්කු නවයෙ පාළම ලඟ ඉඳන් දෙමෝදර රේල් ගැටය ලඟට තියෙන්නෙ කිලෝමීටර 3කටත් අඩු දුරක්. තේ වතු මැද්දෙන් යන ගමනෙ පොඩි කතාබහක් දැම්මට කමක් නෑ කෝච්චිය එනවද කියල අවධානයෙන් යන්න අමතක කරන්න එපා.

තව තැන් ටිකක් ලඟදීම බලාපොරොත්තු වන්න…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

Trending.

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide