පෝර්ක් සහ වෙජි! රස වෑහෙන්න ගෙදරදිම හදාගන්න ටොප් රෙසිපි 6ක්.

1. පෝර්ක් දෙහි ආනම

ටිකක් වෙනස් රසකට.. පෝර්ක් කාලා බලන්න, හදල බලමු පරණම රෙසිපියකට පෝර්ක්! ඇත්තටම මේකට ගන්න ඔ්න පෝර්ක් මස් කෑලි වලින්. අරගෙන.. හොඳට හෝදල කරල මැටි ඇතිලියකට දාලා ඒකට දාන්න දෙහි ඇති පදමට පොඩි පොඩි පෙති කපල. දාලා.. ලුණු ටිකකුත් ඉහල තියන්න වරු බාගයක් විතර පදම් වෙන්න. ඊට පස්සෙ ඒකටම කහ, ගම්මිරිස් දාලා ලිපේ තියල පදමට තම්බගන්න. ඒ අතරට ඉඟුරු කෑල්ලක්, සුදුළූණු, ගොරකා සියඹලා එහෙමත් දැම්මට අවුලක් නෑ. කොහොමහරි තැම්බුමේ වතුර හිදීගෙන එනකොටම පොල් කිරි, අමු මිරිස්, ලූණු, රම්පෙ කරපිංච, අමු තුනපහ ටිකක් එහෙමත් දාලා.. ලාවට හොද්ද තියෙන්න හින්දල ගන්නයි තියෙන්නෙ. ම්.. උණු උණු රතුබතකට වගේ නම්.. ලෙසටම තියෙයි ඈ…

2. අලකොළ ව්‍යංජනය

පුතේ මේක නම් ‘ගහ දන්නා කෙනෙක් සිටිය යුතුම වැඩක්’. මොකද මේකෙ වැඩේ වැරදුණොත් ඊළඟ වේල දෙක කාලා හමාරයි, කට පැළෙනව. කොහොමහරි උඩරට පැත්තෙ සෑහෙන්න ප්‍රසිද්ධ මේ අලකොළ මාලුව.. හදන්නෙ පොඩි හබරල වර්ගයකින්. ඒකෙත් කොළ විතරයි ගන්නෙ. අරගෙන.. හොඳට හෝදල ටිකක් ලොකුවට ලියලා.. ගොරක, ලුණු දාලා වතුරෙන් තම්බගන්න ඕන. ඊට පස්සෙ තම්බගත්ත කොළ ටික මැටි ඇතිළියකට දාලා, ඒකට මිරිස්, අබ, දුරු, කොත්තමල්ලි, රම්පෙ කරපිංච, උම්බලකඩ, වේළපු මිරිස් කරල්, ලූණු සියල්ලම දාලා, දියකිරෙන් තම්බල මිටි කිරෙන් හින්දල.. ගත්ත නම්, රතු බතකට පංකාදු!

3. අල ඇඹුල් තියල්

ඉහත කී පරිදිම.. හැබැයි අල පෙති නෙවෙයි කපන්න ඔ්න කොටු. කපල ගැඹුරු තෙලේ ලාවට බැදලා.. සාමාන්‍ය මාළු ඇඹුල් තියල් දානව වගේම මැටි ඇතිලියක, ගලේ අඹරපු බැදපු පොල්, අබ, ඉඟුරු සුදුළූණු, ගොරක සියඹල මිශ්‍රණයක් හොඳට අතගාලා, රම්පෙ කරපිංච ටිකකුත් දාලා වතුරෙන් කර වෙන්න හින්දල ගන්න. ඔතනදී.. රස ටිකක් වැඩි කරගන්න පුලුවන් ඔයාලට අර ඇඹුල් තියල් මිශ්‍රණය අල කෑලිවල අතගාලා වරු බාගයක් විතර පදම් වෙන්න ඇරිය නම්.

4. පෝර්ක් පිට්ටු

උතුරු නැගෙනහිර පැති වලින් ගොඩ බැහැපු රෙසිපි තමයි ඈ.. එයාලා මොකක්ද දන්නවද කරන්නෙ. හොද පෝර්ක්, මස් කෑලි වලින් අරගෙන, පොඩි පොඩියට කපල, වෙනමම තම්බනව ලුණූ, ගම්මිරිස්, මිරිස්, බැදපු තුනපහ අඩුම කුඩුම සියල්ලම දාලා. තම්බලා පිට්ටු බම්බුවෙ යටටම පිටටු මිශ්‍රණ තට්ටුවයි, ඊට පස්සෙ පෝර්ක් තට්ටුවයි, ආයෙත් පිට්ටු තට්ටුවයි වගේ දාලා වක්කරනව පොල්කිරි ටිකක් ජැෆ්නා කුළුබඩු හොඳහැටි කලවම් කරපු. වක් කරල තමයි තම්බන්නෙ. ආයෙ ඉතින්.. බානව විතරයි, වාශ්පයි කියයි හොඳේ..!

5. කොස්ඇට බිලිං ජාඩි

පළමුව.. හොඳට පැහුණු බිලිං ගෙඩි ටිකක් අරගෙන හෝදලා පළලා, මැටි ඇතිළියක ලුණු දාලා අතගාලා සතියක් හමාරක් තියෙන්න අරින්න පදම අල්ලන්න. ඊට පස්සේ.. ඒකට දෙකට පලපු කොස් ඇට එක්ක ආයෙත් ගොරක, ලුණු ඇඹරුමක් හොඳට අතගාලා කවලම් කරලා පදම් වෙන්න අරින්නයි තියෙන්නෙ. ඒ විදියට මේක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් වගේම.. වම්බටු, බෝංචි, වට්ටක්කා වගේ එළවළු ටිකක් එක්ක මිරිස් තුනපහ කිරි එහෙම දාලා උයල ගන්නත් පුළුවන් හරියට වෙජි ඇඹුල් තියල් එකක් වගේ.

6. හතු ස්ටු

සාමාන්‍ය ස්ටු හදන විදියටම තමයි. හැබැයි මුලින්ම හතු ටික විතරක් කහ, ලුණු, ගම්මිරිස්, දෙහි ඇඹුල් මිශ්‍රණයක අතගාලා පදම් වෙන්න අරින්න ඔ්න. ඊට පස්සෙ එහෙම්මම පෑන් එකක ලාවට ෆ්‍රයි කරන්නත් ඔ්න. ඊටත් පස්සෙ පුලුවන් කැරට්, බෝංචි, මාළුමිරිස්, අල වගේ එළවලු අඩුම කුඩුම ටිකකුයි තව ගම්මිරිස්, අමු තුනපහ, මිරිස් මදිපාඩු ටිකයි බලල දිය කිරෙන් තම්බල, මිටිකිරෙන් හින්දල ගන්න. ඒ අතරට ඉතින් පෝරණු පාන්ගෙඩි 2, 3ක් කිට්ටු කරගන්නත් අමතක කරන්න එපා..

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Trending.

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Cinnamon Red Colombo invites you to a blessed Iftar – bring 3, 4th dines free

This Ramadan, Cinnamon Red Colombo warmly welcomes guests to experience a truly special Iftar –

Trending

Yamu Guide.

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide