වැලන්ටයින් දිනයේදී හැම ආදරවන්තයකුටම චෙසා ස්විස්  යන්න බැහැනේ. නැතිනම් ඉහළ පෙළේ ෂිරෝහනා වෙතින් මීමැස්සන් ගැවසෙන අලුත් මල් කළඹක් පෙම්වතියට පිරිනමන්න බැහැනේ.  ඒ වුණත් මේ වැදගත් දිනය සමරන්න වෙනත් අපූරු ක්‍රම ඕනෑතරම් තිබෙනවා. ඒවාට සල්ලි ගස් හොළවන්න ඕනැ නැහැ.

කොළඹ කියන්නේ සැඟවුණු සුන්දරත්වයන් සහිත ලස්සන නගරයක්. පුරවරයේ ස්වභාවික සුන්දරත්වයන් සමග මුසුවෙමින් ආදරවන්තයන්ගේ දවස ආදරණීය ලෙස ගතකරන්න යෝජනා කීපයක් මෙන්න අපෙන් ඔබට.


ගෝල් බක් ප්‍රදීපාගාරය


කොළඹ තිබෙන නිදහස්ම හා සුන්දරම තැන්වලින් එකක්. ඇතැම් නුවරවැසියන් තවමත් මෙතැන ගැන දන්නේ නැහැ. ගාලුමුවදොර තණනිල්ලේ සරුංගල් යවන්න හා හා හිරු මුහුදේ ගිලෙන මනස්කාන්ත දර්ශනය නරඹන්න කොයිතරම් සෙනගක් එහි ඇදුණත්, ඒ අතරින් කීපදෙනායි ගාලුමුවදොර පිටියෙන් උතුරු දෙසින් වරාය අසබඩ තිබෙන නාවික හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පිවිසෙන්නේ. ගෝල් බක් ප්‍රදීපාගාරය පිහිටි මේ ප්‍රදේශය හිරු බැසයාම නරඹන්න තිබෙන කොළඹ පුරවරයේ හොඳම තැනයි.

එතැන සිට ඉන්දියන් සාගරයේ අතිසුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන්. දකුණුපසින් ගාලුමුවදොර තණනිල්ලේ හා එහි කෙළවර ගාලුමුවදොර හෝටලයේ සිට ඈත ක්ෂිතිජය දක්වා පෙනෙනවා. 1950 දශකයේදී ඉදිකර තිබෙන මෙය අපේ පැරණි ගෘහ නිර්මාණයක් නොවෙයි. මෙතැනදී සවස පහට, හයට පමණ දකින්නට ලැබෙන දර්ශනය විස්මිතයි. ඔබේ සහකරු/සහකාරිය සමග අතිනත පටලමින් හිරු බැස යන දසුන නරඹන්න මෙතැන කදිම තැනක්. පාරේ අනෙක් පැත්තේ තිබෙන ලයිට්හවුස් ගැලී නම්වන අවන්හලෙන් වයින් වීදුරුවක් බොන්න හෝ ගාලු මුවදොර දෙසට ඇවිද ගොස් අයිස්ක්‍රීම් කන්න පුළුවන්.


මැරීන් ඩ්‍රයිව්හි හිරු බැසයාම


නියමිත වෙලාවේ හරියට කැමරාවට අල්ලාගන්නවානම් කොළඹ ඉතා ‍මනරම් දසුන් මවන තැනක්. එහි නිරුවත් ස්වාභාවික සෞන්දර්යය චමත්කාරයි. පුරවරයේ ලස්සන අවන්හල්, කැෆේ හා නිවෙස් තිබෙනවා. ඒත් ඒ කිසිවක් පැහැදිලි පෝය අහසක හෝ ගාලුමුවදොර නිල්ලේ මළහිරු බැස යන නිමේෂයක ඇති සුන්දරත්වයට සමාන වන්නේ නැහැ.

මැරීන් ඩ්‍රයිව් පාරට සමාන්තරව විහිදෙන දුම්රිය පාර තරණය කර එහි විසිරී ඇති අවන්හල් හා කැෆේ පසුකර ගියවිට ඔබට හමුවෙනවා අනතුරුදායක පෙනුමක් ඇති පුළුල් ගල්තලාවක්. දවස හොඳනම්, වාසනාවත් තිබේනම්  ඔබට පුළුවන් තිරය පුරා විහිදුණු මනස්කාන්ත දර්ශනයක් නෙතට හසු කරගන්න. අගනගරයේ ජීවත් වෙමින්ම සොබාදහමේ සුන්දරත්වය සමග එක්වන්න මේ තමයි ඉතාම හොඳ විධිය.

පර්වත මත හිඳගෙන මුහුද බලන්න. දුම්රිය ගමන් කරන හඬ අසන්න. මේ හුදකලා ස්ථානය ඔබට පෞද්ගලිකව ඔබේම ලෙස හිමිකරගන්න පුළුවන්. මුහුද දෙස මුහුණ හරවාගත්විට ඔබ දෙන්නායි පාළු මහා සාගරයයි විතරයි.


ගල්කිස්ස වෙරළ


ගල්කිස්ස වෙරළ තමයි ලංකාවේ මුහුදේ නෑම සිදුවන ප්‍රධානතම ස්ථානය. ඍතුව අනුව මෙතැන දියරැළි පිහිනීම සඳහා ඉතා උචිත ඒවා වන්න පුළුවන්. එපමණක් නොවෙයි, මෙතැන මනස්කාන්ත හිරුබැසයාමේ දර්ශන ප්‍රදර්ශනය කරන තැනක්. එත්, මතක තබාගන්න, මෙතැන උණවටුන වගේ මුහුදු බොක්කක් නොවෙයි. මුහුදු රැළි පිහිනීම සඳහා උචිත වන්නේ අවුරුද්දේ එක් කාලයකදී පමණයි. අනෙක් කාලයේදී එය ඉතා රළු වන්න පුළුවන්. දියවැලුත් තිබෙනවා. කවුරුවත් පිහිනමින් නැතිනම් ඔබත් පිහිනන්න බහින්න එපා.

පිහිනන්න යෝග්‍ය කාලය එළඹුණාම ගල්කිස්ස වෙරළ අපූරු තැනක්. ඔන්න දැන් ඒ කාලය එළඹිලා. මවුන්ට් ලැවීනියා හෝටලය අසලින් ඔබට වෙරලට පිවිසෙන්න පුළුවන්. ඒත්, මම නිර්දේශ කරනවා විද්‍යාල පාර දිගේ ත්‍රිරෝද රියකින් ඇවිත්, රේල්පාර තරණය කරලා, කකුල් තුනේ බල්ලා හා ගෝල්ඩන් මයිල් අවන්හල  පසුකරලා පොදු වෙරළ ප්‍රදේශයට පිවිසෙන්න. එහිදී ඔබට රළ බිඳුම හා හිරු බැසයාම රසවිඳින්න පුළුවන්. වෙරළේ සක්මන් කරලා පසෙක ඇති අවන්හලකින් වයින් වීදුරුවක් තොලගාන්න හෝ යමක් හපන්න පුළුවන්.


සපුමල් පදනම


මේ තමයි කොළොම් පුරයේ තිබෙන හොඳම හා ලස්සනම කලාගාරය. එය චිත්‍රකලාවේදී හැරී පීරිස්ගේ නිවස වගේම එහි තිබෙන්නේ ඔහුගේ කලා කෘති එකතුව. එහෙත් කොළඹ කීපදෙනායි ඒ ගැන දන්නේ. ඉතාම සුළු පිරිසයි එය තුළට ගොස් තිබෙන්නේ.

පොත්පත්, පැරණි වේවැල් හා තේක්ක ගෘහභාණ්ඩ හා චිත්‍ර පුරවා තිබෙන එහි සම්මත නවීන කලාගාරයක ඇති හිස්කම නම් ඇත්තේම නැහැ. දිගු කොරිඩෝ හෝ චිත්‍රවලට ආරාධනා කරන සුදු, පුළුල් බිත්ති හෝ එහි නැහැ.

චිත්‍ර, නිවස හා එහි ගෘහභාණ්ඩ, යන්තමින් දිරාපත් වෙමින් ඇති පොත් එකතුව, විහිදුණු උද්‍යානය කෙතරම් ප්‍රසන්නද කියනවානම් ඔබට එහි සදහටම නතරවෙන්න හිතෙනවා. බාන්ස් පෙදෙසේ පිහිටි මේ අමුතු ලෝකයේ ඔබේ සහකරු හෝ සහකාරිය සමග හාන්සි පුටුවක දිග ඇදී ජෝජ් කීට්ගේ නාරි ලාලිත්‍යය හසුකරගත් රේඛා හා බෙලිංගේ විස්මිත කෝණ සහිත භූමි දර්ශන නැරඹීම අතිශය ශෲංගාරාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්.


ග්‍රහලෝකාගාරය

ග්‍රහ තාරකාවල සුපැහැදිලි දර්ශන යූටියුබ් හරහා පහසුවෙන් බලාගන්න පුළුවන් අදකාලයේ පවා ග්‍රහලෝකාගාරයේ ඉන්ද්‍රජාලික බලයක් තිබෙනවා. එය ස්වප්නමය සැහැල්ලුවකින් යුත් තැනක්. ඇලකරගතහැකි අසුන සම්බාහන අසුනක් සේ සුවපහසුයි. වායුසමනය නැතිවුණාට ආර්ද්‍රතාව නැතිකරන පැරණි පද්ධතියක් විසින් ස්ථානය ප්‍රසන්න ලෙස සිසිලනය කරනවා. මිහිරි සංගීතමය සිංහල හඬකින් කරන විස්තරය පසුබිමේ තාරකා මණ්ඩලයෙන් මණ්ඩලයට යමින් ඈත රජරට පැත්තේ ගසකට පිට දී හිඳගෙන ඒ විසල් අහස දෙස බලාගෙන දැහැනකට සමවදින්නා වැනි හැඟීමක් ග්‍රහලෝකාගාරයේදී ඔබට ඇතිවෙනවා.


නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය


දිගු බිම් පෙතක  හරිත පැහැ තුරු ලියවලින්, තණ පෙතින් මායිම් වූ තෙත් බිම්වලින් සුසැදි, බයිසිකල් හා ව්‍යායාම සඳහා දිවීමේ පථ, ඇපල් සුදු වැලි අතුරන ලද පටුමං, නිල් දිය පිරි පොකුණු, වතුරමල් හා විවේකීව අසුන්ගැනීම සඳහා බංකු ආදිය සහිත මෙතැන සැඳෑ සක්මනකට හෝ කුඩ සෙවණක පෙම්වත් කතිකාවකට කදිම තැනක්. පෙම්වතියක් සමග කතාකරමින් හයිලෙවල් පාරේ තදබද බස්වල යනවාට හෝ පටුමංවල රස්තියාදු වෙනවාට වඩා ඉතා හොඳයි. මෙහි සැඳෑ සක්මනක් ඉතා සුන්දර වෙන්න පුළුවන්.


ගාලුමුවදොර හෝටලය


ගෝල්ෆේස් හෝටලය නොමිළේ පෙම්වතියක් සමග යා හැකි තැනක් නොවුණත් අපි එය මෙහි ඇතුළත් කළා. රු. 1000ක් ගෙවා ඔබට එහි ලුණුදිය තටාකයේ සුවපහසු සන්ධ්‍යා පිහිනුම් සුවයක් අත්විඳින්න පුළුවන්, හිරු මුහුදේ ගිලෙන හැටිත් නරඹමින්. ශෘංගාරාත්මක සන්ධ්‍යාවක් ගතකරන්න කොළඹ තිබෙන සුන්දරම තැන මෙතැන වෙන්න පුළුවන්. තටාකයේ ගිලිලා පැමිණ, බරාඳයේ හිඳගෙන කොටු කොටු පළංගානක තබාගෙන සන්ධ්‍යා කොක්ටේලයක් රසවඳිනඑක තරම් තවත් සතුටක් කොයින්ද? නොමිළේ නොවුණත් එය අධික වියදම්කාරීත් නැහැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Club Hotel Dolphin, Negombo: A Fun-Filled Paradise for Travelers!

Nestled in the picturesque coastal town of Negombo, Sri Lanka, Club Hotel Dolphin by Browns

Trending

Chef Sanjay Brings the Flavours of Our Neighbours to Cinnamon Lakeside Colombo

Colombo, Monday 05th June 2023: Despite Sri Lanka’s proximity to the Indian Sub-Continent and a

Trending

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Yamu Guide.

7 Yoga Studios in and around Colombo

By Udaraa Gamage Are you looking for ways to escape from all that hustling and

Highlights Yamu Guide

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide