කොළඹ උපනාගරික පෙදෙස්වල සම්භාව්‍ය ජීවිතයක් සඳහා පහසුකම් සපයන වීදි ඇත්තේ කීපයකි. ෆයිෆ් පාර ඉන් එකකි.

ෆයිෆ් පාර තිබෙන්නේ කොළඹ 5 හැව්ලොක් නගරයේය. කොළඹ හතෙන් පසු ජීවත් වීමට වඩාත් හොඳ පෙදෙස එයයි. හරිත පැහැ තුරුවලින් සෙවණ කරන ලද එහි ඇති තරම් කඩ සාප්පුද, කන බොන තැන්ද තිබේ. ප්‍රධාන පාරට පයින් යා හැකි තරම් දුරකි. අවසානයේදී තිඹිරිගස්යාය පාර පුළුල් වෙමින් තිබේ. එහෙත්, යාබද ෆයිෆ් පාර බොහෝ විට ඒ අන්දමින්ම තිබෙනු ඇතැයි සිතිය හැකිය.

ෆයිෆ් පාරේ අප කතා කරන කොටස තිඹිරිගස්යාය පාරේ සිට ඉසිපතන මාවතට විහිදේ. ඇත්තෙන්ම එය පාක් රෝඩ් දක්වාද දිගු වේ. එහෙත්, ඒ හරිය තනිකරම නිවාස පමණි. සාධාරණ අන්දමින් කියන්නේ නම් ෆයිෆ්  පාර ඇරඹෙන්නේ මූන් රිවර් චීනඅවන්හල හා හසාරිස් අරාබි අවන්හල අතරිනි. තිඹිරිගස්යාය දෙසට වන්නට එහි මර්මස්ථානය වන්නේ රන්දෝලි ක්‍රීඩා සමාජයයි.

රන්දෝලි බාර්

රන්දෝලි ක්‍රීඩා සමාජය
පිහිනුම් ක්‍රීඩා සමාජයේ ඇති යටත් විජිත විලාසිතාවේ ආකර්හනීය ක්ලබ් හවුස් එකක් නැතත්, ඔරු පැදීමේ ක්‍රීඩා සමාජයේ ඇති ආකාරයේ සුමුදු දැව බිත්ති නැතත්, අතිශය වැදගත් වන බීම කියන කාරණයේදී රන්දෝලි ක්‍රීඩා සමාජය අන් කිසිවකට දෙවැනි වන්නේ නැහැ.

මිලි ලීටර් සීයේ අරක්කු ෂොට් එකක් රු. 150යි. බෝතලයක් ගන්න පුළුවන් රු. 1200ට. අපේ ප්‍රියතම ඒවා වන ඔල්ඩ් රිසර්ව් ෂොට් එකක් රු. 210යි. වීඑක්ස් රු. 190යි. ලයන් බෝතලයක් රු. 190යි. සෑම සන්ධ්‍යාවකම මෙහි බෝතල් රැසක් කැඩෙනවා. රන්දෝලි ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ට අති සුපිරි අවබෝධයක් තිබෙනවා මත්පැන්වල වටිනාකම පිළිබඳව. ඔවුන්ගේ ද්‍රව ලිහිස්සි ධාරිතාව හෙවත් බීමේ හැකියාව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හෝ සිංහල ක්‍රීඩා සමාජයේ ප්‍රසිද්ධ මත්පැන් ලෝලීන් පවා පරදවන්න සමත්.

රන්දෝලි ක්‍රීඩා සමාජය සම්බන්ධ කුමන ක්‍රීඩාවටද යන්න අපි තවම දන්නේ නැහැ. ඒත් අපි හිතන්නේ එය බාර් එකේ පුංචි පහේ වලියක් පවතිද්දී දේශීය බීහයිව් බ්‍රැන්ඩි පුනීලයකින් වත් කිරීම හා සම්බන්ධ කුමක් හෝ ක්‍රීඩාවක් ‍වෙන්න ඇති. මොකද අපි දැකලා තියෙනවා වේටර්වරු මෙය නිතර කරනවා.

හොඳ බීම වඩියක් කියන්නේ හොඳ ක්ලබ් එකක් වීම තුනෙන් දෙකකින් සම්පූර්ණ කිරීමක්. ඒත්, රන්දෝලි ක්‍රීඩා සමාජය ප්‍රභූ ක්‍රීඩා සමාජ තලයට ඔසවා තබන දෙය වන්නේ එහි ඇති කදිම ආහාර මෙනු පතයි. හොඳ ඩෙවිල්ඩ් ඌරු මස් දීසියක් එහි රු. 400ක්. සුපිරි ෆ්‍රයිඩ් රයිස් හා වෙනම තායි මෙනුවක්ද එහි පිරිනැමෙනවා. තායි මෙනුවේ වියලි මිරිස් ඌරු මස් දීසියක් රු. 400යි. එය ඇත්තෙන්ම හරි අපූරුයි.

හොඳ බීම, කටගැස්ම හා සජීවී සංවාදය සහිත කොළඹ 5  රන්දෝලි ක්‍රීඩා සමාජය ඇත්තෙන්ම කොළඹ උසස් හා විශිෂ්ට මහත්වරුන්ගේ සමාජයක්.

රාත්‍රියේ බීමත් අනුග්‍රාහකයන්ගෙන් පිරී තිබිය හැකි රන්දෝලි ක්‍රීඩා සමාජය පසු කර යන ඔබට හන්සා කෝපිහල හමුවනු ඇත. හතු පිපෙන්නා සේ මතු වන අධි මිළ හා අඩු ගුණයෙන් යුත් කෝපිහල් අතර හන්සා විශේෂ තැනකි. එහි ඇත්තේ තත්වයෙන් විවිධ විය හැකි දේශීය කෝපිය. ඒවා මිළ අඩුය; රසවත්ය; අවංකය.

Hansa Coffee Shop

ෆයිෆ් පාරේ පිහිටි මේ පුංචි කෝපිහල ඇත්තෙන්ම නැවුම් හුස්මකි. වඩාත් නිවැරදිව කියනවා නම් වත් කරන ලද ඉස්තරම් නැවුම් කෝපි සුවඳින් බර හුස්මකි. එය බිත්තියේ සිදුරක් වැනි පුංචි ඉඩකි. එහෙත්, බොරු සෝබන නැති එහි කදිම දේශීය කෝපි සාධාරණ මිලට ඇත. (ඕනෑම සිතාගතහැකි කෝපි වර්ගයක මිළ රු‍. 100ත් 200ත් අතර වේ.) එය ඇත්තෙන්ම කොළඹ සුවිසල් හීනමානී ස්ටාර්බක්ස් අනුකරණ කෝපිහල්වලට නියම කම්මුල්පාරකි.

මෙම කෝපිහල පවත්වාගෙන යන්නේ හන්සා කෝපි ආයකනය විසිනි. ඔවුන්ගේ කෝපි පැකට් දැන් සියලු ප්‍රධාන සුපිරි වෙළඳසල්වල විකිණීමට තිබේ. ඔවුහු ශ්‍රී ලාංකික කෝපි පිරිනැමුම විහිළුවක සිට බැරෑරුම් ව්‍යාපාරයක් බවට පත් කර තිබේ. ඔවුන්ගේම කෝපි භාවිතා කරමින් ඔවුන් මේ කෝපිහලේ පෙරන කෝපි ලෝකයේ හොඳම කෝපි විය හැකිය.

හිමිකරුවෝ පැහැදිලිවම කෝපි කෙරෙහි අනුරාගිකයෝය. ඔවුන් සතුව කෝපි සමාගමක්ද ඇත. මේ කෝපිහලේ පිරිනැමුම්ද අනෙක් තැන්වල ට වඩා විවිධත්වයෙන් යුක්තය. තායි අයිස් කෝපි, උකුකිරි කෝපි, විවිධ කුළුබඩු රසින් යුත් කෝපි ඒ අතර වේ. කිරිකෝපි කෝප්පයක් වැනි සරළ පානයක් පවා ලජ්ජාවකින් තොරව ඇණවුම් කළ හැකි පුරයේ එකම තැන මෙයයි.  (රු. 125යි)

අභ්‍යන්තරය කුඩා වුවත් සුවපහසු හා ප්‍රසන්න වන අතර පැය කිහිපයක් ගත කරන්නට රුචි ඇති කරයි. එහි ඇති රස අහරද එයට දිරි දෙයි. නැවුම්, රසවත් බ්‍රව්නීස් රු. 125කි. කර කළ සැන්විච්ද ඇණවුම් කළ හැකිය.

දේශීය ඉස්තරම් කෝපි සාධාරණ මිළට පිරිනමන පුරයේ එකම තැන විය හැකි මේ කෝපිහලට ‘යමු’ අපි දෙවරක්මඅපේ මනාපය දෙන්නෙමු.

සටහන: අපි හන්සා සංකල්පයට ඇලුම් කරන්නෙමු. ඒත්, මෙයද කිව යුතුය. එය හැමවිටම හරියටම ක්‍රියාත්මක වන්නේ නැත. නිදසුනක් ලෙස, ඔවුන්ගේ ප්ලේන් කෝපි සාමාන්‍යයෙන් ඉස්තරම් වනමුත්, විටෙක දුර්වලය. කාලය වැදගත්ය. සන්ධ්‍යාවේ සේවයේ යෙදෙන වේටර්වරයා දිවා කල සේවය කරන වේටර්වරයාට වඩා ක්‍රියාශීලීය. හිමිකරුවන් එහි රැ‍ඳෙන උදය කාලයද හොඳය.

රන්දෝලිය ඉදිරිපිට ෆයිෆ් පාරේ පිහිටි අනෙක් මර්මස්ථානය සීලෝඩ්ස්ය. එහෙත් අපි ඒ වෙනුවට අවධානය යොමු කරන්නේ ‘මිතිස්’ අවන්හල හා ඔවුන්ගේ විශේෂ කළු ගම්මිරිස් ඌරු මස් හොද්ද සමග පිරිනැමෙන දිවා ආහාරයටයි.

The pork curry at Mythi’s

Mythi’s

හොඳම දේශීය මස් කරියැයි තර්ක කළහැකි ඌරු මස් කරියක් හැමවිටම ඔබට ‘මිතිස්’ වෙතින් ලබා ගත හැකිය. සාමාන්‍ය දවසකදී ඔබට රු. 260ක මිළකට  හොඳ මස් පංගුවක් සහ පරිප්පු, බීට්රූට්, බණ්ඩක්කා, දෙල් වැනි දවසේ එළවළු ව්‍යංජන, පපඩම් හා පොල් සබ්‍ම්බලක් සමග හොඳ බත් පිඟානක් කෑ හැකිය. එය මිළට හා බත් කඩ ප්‍රමිතියට අනුව හොඳ ආහාර වේලකි. ‘මිතිස්’ පිරිසිදු, හොඳින් වාතාශ්‍රය ඇති තැනකි.

ඔබ මේ ආසන්නයේ සිටියි නම් සේම මඳක් දුරින් සිටියි වුණත් මෙතැන දිවා ආහාරය සඳහා සුදුසු තැනකි.

සටහන: ඌරු මස් කරිය හැමවිටම හොඳ වුණත්, එය ‘එළකිරි’ තත්වයේ සිට ‘අවුලක් නැහැ’ තත්වය දක්වා  වෙනස් විය හැකිය.  


ඉතින් ෆයිෆ් පාර එච්චරද? ඇත්තෙන්ම නැහැ. Selyn’s අත්යන්ත්‍ර රෙදි විකුණයි. ඉහළ මට්ටමේ බාර් එකක් ඇති ජානකී හෝටලයේ වයිෆයි පහසුකම් ඇති කෝපිහලක්ද තිබේ.  Tasty’s කෙටි කෑම හා අයිස් කෝපි සඳහා කදිම තැනකි. තිඹිරිගස්යාය පාර මුල්ලේ අලුත් කඩද ඇත. පාර පළල් කිරීමත් සමග සමස්ත ප්‍රදේශයම ව්‍යාපාරමය වශයෙන් සාර්ථක වෙමින් තිබේ.

දැනටත්, බලාපොරොත්තු විය හැකි අන්දමට ඉදිරියටත්, ෆයිෆ් පාර පයින් යා හැකි කුඩා වීදියකි. ඔබ ඉන්නේ හැව්ලොක් ටවුමේ නම් ඒ පැත්තේ ඇවිත් යන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar delights at The Banyan, Heritance Negombo

Iftar delights at The Banyan, Heritance Negombo Written by Fathima Rukaiya, Mad Dogs Bodega, Banyan

Highlights Kamu

Budget-friendly Iftar spots 2024

Written by Fathima Rukaiya, In our previous article, we highlighted some exquisite and upscale Iftar

Highlights Kamu

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Trending.

Experience the Elegance and Excitement of RTC Tourism Race Day in Nuwara Eliya

RTC Nuwara Eliya will hold its RTC Tourism Race Day on 30th March 2024 at

Trending

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide