වොක්ෂෝල් වීදිය හා ඒ අවට පටු මං කියන්නේ මහා සුන්දර තැන් නොවෙයි. ඒත්, එය කාර්යාල ප්රදේශයක්. බොහෝ කාර්යාල ප්රදේශ වගේ වොක්ෂෝල් වීදියත් බඩගිනිකාර විධායක නිලධාරීන්ගේ ගොදුරුබිමක්. එහි තේරුම එහි හොඳ කෑම ඇති බවයි. මුළු වීදිය දිගටම බත් කඩ හා පෙට්ටි කඩ හතු පිපිලා. ඉතින් මෙච්චර කඩ ගොඩක් මැදින් ඔබ තෝරා ගන්නේ කොයි කඩයද?
මෙන්න ඔබට උදරාබාධ නොහදන අප කැමති වොක්ෂෝල් වීදියේ ආයතන දෙකක්.
නව පිලවුස් – The New Pillawoos: 163/1, කිව් පාර (වොක්ෂෝල් වටරවුමේ මඳක් වම්පැත්තට වෙන්නට)
කෑම නරක නැහැ. ඒත් ගොඩක් දුර සොයාගෙන යන්න තරම් දෙයක් නැහැ. ඒත්, ඔබ ඉන්නේ ඒ අවටනම් සහ බඩගිනිනම් ගිහින් බලන්න. සේවාවන් කඩිනම් හා කාර්යක්ෂමයි. ඒත්, ඕනෑවට වඩා ආචාරශීලිත්වයක් බලාපොරොත්තුවන්න එපා. ඒගොල්ලෝ ඒ තරම් උද්යෝගී පිරිසක් නොවෙයි. ඒකත් හොඳයි. (තව කියවන්න)
මිලෙනියම් අවන්හල: 273/1 වොක්ෂෝල් වීදිය, කොළඹ 02. දුරකථනය – 0777633031
අපි කැමතියි මේ තැනට. එතැනින් ඔබට ගෙදර පිසූ ආහාරවලට කිට්ටු රසයක් දෙනවා. පුංචි බත්කඩයක්. ඒත්, කෑම මනා ලෙස පිරිනැමෙනවා. සේවාව අතිවිශිෂ්ටයි. ඉක්මණ්. මිලෙනියම් අවන්හල පැහැදිලිවම ජනප්රියයි. දිවා භෝජන වෙලාවට හැමතිස්සෙම පහළොවත් පමණ පිරිසක් එහි අසුන්ගෙන කෑම එනතෙක් බලා ඉන්නවා. (තව කියවන්න)