කටට රහට කන අතරට, ඇඟට ගුණට රස බලන්න.. දේශීය, ඖෂධීය හාල් වර්ග 6ක්.

දියවැඩියාව, පිළිකා වගේ රෝග සමනය කරන්න මේ වී වර්ග, අතීතයේදි පාවිච්චි කරලා තියෙනවා ආයර්වේදයේ. මොකද කියනව නම් මේවයෙ තියෙනවලු ශරීරයේ විස අයින් කිරීමේ හැකියාව. ඉතින්.. හැම බෝගයකටම වගේ වස විස ගහලා හදන මේ කාලයේ.. නරකද බත් ටිකවත් ඇඟට ගුණට කෑවොත්? අඩුම තරමෙ කැඳ විදියට හරි බිව්වොත්?

1. කුරුළු තුඩ

මේවයෙ නිවුඩ්ඩ කාටිලේජවල තියෙන කැල්සියම් අයින්වීම වලක්වනවා. ඒ වගේම ඇට මිදුළුවල තියෙන ප්‍රතිශක්ති ජනක, උත්පාදන හැකියාවද වර්ධනය කරනවා. කුරුළු තුඩ බත් විදියට කෑමට ගත්තොත්, ඒකෙ තියෙන තන්තුමය ගතිය සහ නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය නිසා ආහාර දිරවන්නත් පහසු කරවනවා. තව.. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කරගන්නත් කුරුළු තුඩ උදව් කරනවලු. කැඳ විදියට කුරුළු තුඩ පාවිච්චියත් රෝග නිවාරණයට උපකාරී වෙනවා කියලා තමයි කියන්නෙ.

2. සුවඳැල්

නම වැටිලා තියෙන්නෙම මේ හාලෙ බත පිහෙන කොට එන සුවඳ නිසා සහ වී වර්ගය, ‘ඇල්’ වී වර්ගයක් නිසා. මේ හාල්, ඇඟේ හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කරන්න උපකාරී වෙනවා වගේම ඇඩ්‍රිනලින් ශ්‍රාවය පාලනය කරන්න උදව් දෙන කාබෝහයිඩ්‍රේට වර්ග වලිනුත් සමන්විත වෙනවා. ඒ කියන්නෙ සුවඳැල් වලින් ග්ලුකෝස්, අධිකව නිශ්පාදනය කරන්නෙ නෑ. සුවඳැල් බත කනවා වගේම කුරක්කන්, මුං වගේ ධාන්‍ය එක්ක එකතු කරලා කැඳ, තලප විදියට හදලා කන්නත් හොඳයි. මේ හාල් වර්ගය කායික හා මානසික නිරෝගීතාවයටත් උපරිම දායකත්වයක් සපයනවා. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ත ආකාරයෙන් පවත්වාගන්නත් උපකාරී වෙන නිසා හෘදයාබාධ පවා අවම කරන්න සුවඳැල් වලට පුලුවන්. ඒ හැරුනාම අධිරුධිර පිඩනයත් යම්තාක් දුරට වැළැක්වීමේ හැකියාවක් සුවඳැල් වලට තියෙනවලු. ස්නායු උත්තේජන පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ රුධිර කේශනාලිකාවල ප්‍රත්‍යස්ථතාවය හොඳින් පාලනය කිරීම, උපරිමයෙන්ම කරන හාල් වර්ගයක් තමයි සුවඳැල්.

3. මඩතවාලු

ඉපැරණි වී වර්ගයක්වන මඩ තවාලු වැස්ස අධික මහ කන්නයට තමයි වගා කරන්නෙ. ඒ නිසාම මේ හාලෙ, බතේ වැඩි පුරම තියෙන්‌නෙ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීන සහ මේද. ග්ලුකෝස්ද අඩුයි. තන්තුමය ස්වභාවය ඉහල නිසා ආහාර ජීර්ණයත් පහසුයි. විටමින් සහ ඛණිජ වර්ග ඉතා අධික මඩ තවාලු මාංශ පේශී වර්ධනයට ලොකු රුකුලක්. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවකුත් මේ හාල් වර්ගයට තියෙන අතර ශ්වේද ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය ඉහල නංවලා ශරීර උෂ්ණත්වයද පාලනය කරවා.

4. සියපත්ඇල් (පච්චපෙරුමාල්)

යල කන්නයට කරන ඇල් වී වර්ගයක්. මේ වී වර්ගය මුත්‍ර නිෂ්පාදනයේදී ශරීරයෙන් පහවන විටමින් වර්ග පාලනය කරනවා. තවද රතු රුධිර සෛල නිපදවීමේ හැකියාව වැඩි කරන එන්සයිම හා හෝමෝනද නිශ්පාදනය කරනවා. උෂ්ණත්වය අඩු කාලවලදී පරිභෝජනයට සුදුසු මෙම හාල් වර්ගය රසකැවිලි සැදීමේදී වැඩිපුර භාවිතා කරන්න පුලුවන්. කිතුල් පැණි හා හකුරුවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කිරීම සඳහා අතීත ගොවියන් මෙම හාලේ පිටි අරගෙන රසකැවිලි හදලා තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. ශරීරයේ බහිශ්‍රාවී ක්‍රියාවලිය ඉතා හොඳින් පාලනය වෙන්නත්, ඉන්සියුලින් නිෂ්පාදනය වැඩි කරන්නත්, තයිරොක්සින් නිෂ්පාදනය අඩු කරන්නත් සියපත් ඇල් කැඳ අතිශයින්ම වටිනවා.

5. කහවනු

ගොඩ මඩ දෙකම වගා කල වී ප්‍රභේදයක්. මොල්ටෝස් සාන්ද්‍රණය අධික, ප්‍රෝටීනමය බතත් තමයි කහවනු බත. ඒ නිසාම මේ හාල් ආහාර මාර්ගයේදී ග්ලුකෝස් හදන්න උදව් කරනවා. හැබැයි ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කරන කොට බිජයේ තියෙන තන්තුමය ස්වභාවය නිසා පැහැදිලි පාලනයක් සිදු කෙරෙනවා. ඒ හැරුනාම ආහාර ජීර්ණයත් පහසු කරවනවා. ‍පිළිකා සුවපත් කිරීම සඳහාත් කහවනු නියම බතක්.

6. කළු හීනටි

තනිකරම බෙහෙත් හාලක්.  සියලු රෝග වලට ගුණාත්මක භාවය, නිවාරණ ගුණය දෙන මෙම වී වර්ගය වසරේ ඔ්නෑම කාලයක පරිභෝජනය කරන්න සුදුසුයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

The Delightful Indian Cuisine at Navaratna by Taj Samudra

Navaratna is an Indian Restaurant located in Taj Samudra Colombo. Taj Samudra is a 5-star

Kamu

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

Trending.

Elvis the Sensationalist – the Movie Review

By Hiruni Herath The Movie If you’ve watched the movie trailer for Baz Luharmann’s Elvis,

Trending

Savor The Salt Of The Sea At Hilton Colombo

Fresh from the seafood markets to your table Colombo, Sri Lanka – 20th June 2022 – Partake

Trending

10 Types of Sri Lankans in Petrol Queues

By Janani Vithanage These days, spending time in the petrol queue is almost every Sri

Highlights Trending

Celebrating life with Perera & Sons

by Shamrina Carim Perera & Sons holds a privileged history of catering to the most

Highlights Trending

Before You Watch… Jurassic World Dominion

By Shamrina Carim The movie On a critic of honest opinions, Jurassic World Dominion is

Trending

Treats fit for a King at Ramada Colombo this Father’s Day!

Enjoy Father's Day special Grill, Lunch, Dinner, Deliveries, and Stays… This June 19th, we all

Trending

Yamu Guide.

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

10 Places to Get Sushi in Colombo

By Janani Vithanage A Japanese dish most often presented as vinegared sticky rice, seafood or

Highlights Kamu Yamu Guide

The ideal skin care routine with Bio Oil

By Shanali Fernando Feeling overwhelmed, confused, and/or frustrated by the multitude of competing messages about

Highlights Yamu Guide

5 common causes of Dry Skin

The general cause of itchy, dry skin might seem like a no-brainer: It's a lack

Highlights Yamu Guide

7 Places to Watch the SL Vs. AUS ODI Matches

By Janani Vithanage Sri Lankan cricket may ot have been on its best footing over

Highlights Yamu Guide

5 Cooking Tips from Knorr

By Janani Vithanage Being a mother in today’s world is no easy task. From waking

Highlights Yamu Guide