2005-2010 කාලේ අපිව පිස්සු වට්ටපු මේ මියුසික් බෑන්ඩ්ස් මතකද?.

අනූව දශකයේ ඉපදුණු අපි දැන් ඉතිං අවුරුදු තිහකටත් කිට්ටු කරලා හිටියට මොකද, මීට අවුරුදු දහය පහළොවකට විතර කලින් හිටියේ නව යොවුන් වියේ. ඒ ලංකාවේ අන්තර්ජාල පාවිච්චිය එහෙම ව්‍යාප්ත වෙමින් තිබුණු මුල් කාලේ නිසා ඒක තරමක් දුරට සංක්‍රාන්ති කාලයක්. මේ යුගයේ විශේෂයෙන් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක එහෙම හුඟක් වෙනස් වෙන්න ගත්තා. ඒ නිසා ම ඒ කාලෙ උණු උණුවෙම යොවුන් වියට පය තියල හිටපු අපිට මේ වෙනස් වීම තදින් ම බලපෑවා. මොකද, පරණ එන්ටර්ටේන්මන්ට් අත්විඳපු අන්තිම පරම්පරාව අපි. ඒ වගේ ම අලුත් එන්ටර්ටේන්මන්ට් මුලින් ම අත්විඳපු පරම්පරාවත් අපි.

උදාහරණයක් කිව්වොත් අපි පරණ තාලෙ ටෙලිනාට්‍ය වගේ ම අලුතෙන් පටන්ගත්ත රියැලිටි ෂෝසුත් බැලුවා. පරණ බරසාර සින්දු වගේ ම අලුතෙන් එන්න පටන්ගත්ත අමුතු අමුතු සින්දුත් ඇහුවා. වීර ක්‍රියා ගැන කියවෙන යොවුන් නවකතා කියවන අතරෙ ම ඩයල් අප් කනෙක්ෂන් එකකින් ඉන්ටනෙට් ගිහින් ෆේස්බුක් අකවුන්ට් එකකුත් හැදුවා.

කොහොම හරි යොවුන් වියේ හිටපු අපිව පිස්සු වට්ටපු මියුසික් හදපු කට්ටියක් මේ කාලේ බිහි වුණා. අයිපොඩ් අයිපෑඩ් නොතිබුණ නිසා මේ සින්දු හොයාගෙන අහන එක ලේසි වුණේ නෑ. අපි මේවා ඇහුවෙ සමහර විට ටීවී එකේ චාට් ෂෝ එකකින්. නැත්තං ඉස්කෝලේ ඇරිලා ස්කූල් වෑන් එකේ එන ගමන් රේඩියෝ එකෙන්. මතකයි නෙ වයි එෆ් එම් පටන්ගත්ත කාලෙ? පිරිමි ළමයි නං රෙකෝඩ් බාර්වලට ගිහින් ගෙදර තියන පිරිත් කැසට්වලට සීඩීවලට එහෙම මේ සින්දු රෙකෝඩ් කරගෙන ඇවිත් සෑහෙන බැනුම් එහෙමත් ඇහුවා.

කොහොම වුණත් ඒ කාලෙ වැඩිහිටියන්ට නං මේ සින්දු සෑහෙන ඇලජික්. ඒකට මොකද දැන් තියන නහයෙන් අඬන සින්දුවලට වඩා ඒ කාලේ අපි අහපු සින්දු හොඳයි කියල දැන් ඒ වැඩිහිටියො වුණත් පිළිගන්නව ඉතින්! ඒ කාලේ මේ බෑන්ඩ්ස්වල පීක් ටයිම් එක. අවාසනාවකට දැන් මේ බෑන්ඩ්ස් සක්‍රිය නෑ. එකක් දෙකක් එහෙන් මෙහෙන් වැඩ කරමින් හිටියත් ඒ නිර්මාණ මොකක් හරි හේතුවකට ඒ කාලේ ආපුවා තරම් සාර්ථක වෙන්නෙත් නෑ.

බලන්නකො මේ කට්ටිය මතකයි ද කියලා..

D-Tap

මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනගත්ත දයාන් අරවින්ද සහ තරිඳු රොෂාන් කියන යාළුවො දෙන්නා එකතු වෙලා පටන්ගත්ත බෑන්ඩ් එක තමයි ඩී ටැප්. මේගොල්ලො ගොඩක් ම ජනප්‍රිය වුණේ ඒ කාලේ රිලීස් කරපු ‘ලන්දු’, ‘නෙත් කොනින්’ සහ ‘හදේ සිතුම්’ වගේ සින්දුවලින්.

6th Lane

අදටත් ජනප්‍රිය ‘අම්මා’ සින්දුව තමයි සික්ස්ත් ලේන් බෑන්ඩ් එකේ වැඩියෙන් ම ප්‍රසිද්ධ වුණේ. ඊට අමතරව මෙයාලගෙ ‘මල් පෙත්තක්’, ‘සඳු රාත්‍රී’ සහ ‘නිතම්බනී’ සින්දුත් ඕගොල්ලන්ට මතක ඇති. ඇල්බම් එකේ නම 'නිර්වාණය'.

හිරාන් තේනුවර, තාරක කරුණානායක සහ චමත් ජනක පෙරේරා තමයි සික්ස්ත් ලේන් බෑන්ඩ් එකේ හිටියේ. පස්සෙ කාලෙක ෆිල් ටී බවට පත් වුණෙත් මේ චමත් ජනක පෙරේරා ම තමා.

Prathab – Shamir

මේ දෙන්නා වැඩිපුර කිව්වේ දෙමළ සින්දු. හැබැයි සිංහල සින්දුවලින් සිංහල රසිකයන් අතරෙත් ලැගුම් ගන්න මෙයාලට වැඩි කල් ගියෙ නෑ. එහෙම වැඩිපුර ම ජනප්‍රිය වුණ සින්දුව තමයි ‘හීන රටේ කින්නරාවි.’ ප්‍රතාබ් සහ ශමීර් දෙන්නා එකතු වෙලා ඇල්බම් එකක් රිලීස් කළා ‘විශ්වරූබම්’ නමින්.

මේගොල්ලොත් එක්ක එකට වැඩ කරපු සචිත් පීරිස් එහෙමත් ඕගොල්ලන්ට අමතක වෙන්න විදිහක් නෑ. ඊට අමතරව මේගොල්ලො තවත් මේ කාලේ ම හිට් වුණ සංගීත ශිල්පීන් දෙන්නෙක් වුණ ගජන් සහ දිනේෂ් එක්කත් නිර්මාණකරණයේ යෙදුණා.

Gajan – Dinesh

2007 අවුරුද්දේ විතර ‘ක්‍රොස් කල්චර්’ කියල සිංහල, දෙමළ ඉංග්‍රීසි භාෂා තුන ම මිශ්‍ර සින්දුවක් ආව මතකද? ඒක කිව්ව ගජන් සහ දිනේෂ් දෙන්නා ‘ක්‍රොස් කල්චර්’ ඇල්බම් එකෙන් ඒ කාලේ තරුණයන්ගේ හිත්වල නොමැකෙන සලකුණක් තිබ්බා. සුරාංගනී සින්දුව එහෙම මතක අයට දිනේෂ්ව අමතක වෙන්න විදිහක් නෑ.

පස්සෙ කාලෙක ගජන් මහේසන් ඔස්ට්‍රේලියාවට ගිය බව ආරංචි වුණා. ආර්යන් දිනේෂ් කනගරත්නම් ඉන්දියාවට ගිහින් ඒ. ආර්. රහ්මන් එක්ක එහෙමත් වැඩ කරලා ADK නමින් ඉන්දියාව පුරා ම ප්‍රසිද්ධ වුණා.

Sachin – Rakitha – Eranga

මේ තුන්දෙනාගේ එකතුවෙන් කරපු ‘තරු කැට’ ඇල්බම් එකේ ජනප්‍රිය ම සින්දුව වුණේ ‘දම් පාට හැන්දෑවේ’. සචින් ගුණවර්ධන, රකිත වෙලන්ගොඩ, එරංග තුන්දෙනාට අමතරව මේ සින්දුවේ වෝකල්ස්වලට දායකත්වය ලබා දුන්න අනික් කෙනා ටීෂා.

මේ සින්දුව වගේ ම ‘කවිකාර හැන්දෑවේ’, ‘ඔබ මාගේ නම්’, ‘අඳුරු අහසක රෑ කැටයම්’ වගේ සින්දුත් ඕගොල්ලන්ට මතක ඇති.

Romesh – Lakshan

නුවර ඉඳන් කොළඹ ආපු රොමේෂ් සුගතපාල, ලක්ශාන් විජේසිංහ දෙන්නා එකතු වෙලා කරපු ‘නෙතු සැලුණා’, ‘නීල දෑසේ දුටුවා’, ‘වසන්තයේ සිත සැලුණා’, ‘සඳකොමලී’ වගේ සින්දු අදටත් අමතක කරන්න බෑ. මේ දෙන්නගෙ සින්දු ඇතුළත් ඇල්බම් එක රිලීස් වුණෙත් ‘සඳකොමලී’ නමින්.

ඉතින් කොහොම හරි රොමේෂ් නං තාම සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා. ලක්ශාන් ගැන නං සද්දයක් නෑ.

Doctor

‘ඇය එන තුරා’, ‘නව පිටුවක්’, ‘මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්’ වගේ සින්දු මතක අයට ඩොක්ටර් බෑන්ඩ් එක අමතක වෙන්න විදිහක් නෑ. ලන්ත්‍රා පෙරේරාගේ මූලිකත්වයෙන් පටන්ගත්ත මේ බෑන්ඩ් එකත් තාම ගීත නිර්මාණය කරනවා. නිකං ඉන්න වෙලාවක යූටියුබ් පැත්තේ ගිහින් ඩොක්ටර් බෑන්ඩ් කියල සර්ච් කරල බලන්නකො..

Centigradz

මේගොල්ලො නං දෙයියනේ කියල තාම ෆීල්ඩ් එකේ ඉන්නවා. හැබැයි ඉතිං ඒ කාලේ කරපු ඇල්බම්වලට තරගයක් දෙන්න පුළුවන් සින්දු දැන් මෙයාල අතින් බිහි වෙනව දකින්න නෑ. මේගොල්ලන්ගේ මුල් ම ඇල්බම් එක වුණේ උරුමය. ඊළඟ ඇල්බම් එක රූසිරි. මේ දෙකේ ම තිබුණු සින්දු ඔක්කොම වගේ ඒ කාලේ තරුණ පිරිස අතරෙ සෑහෙන ජනප්‍රියත්වයක් අත් කරගත්තා.

තුසිත් නිරෝෂණ, අමිල නිරෝෂන්, උදය ශ්‍රී වික්‍රමසිංහ සහ ඉශාන් ලන්ත්‍රා තමයි මුල් කාලේ බෑන්ඩ් එකේ හිටියේ. උදය ශ්‍රී බෑන්ඩ් එකෙන් අයින් වුණාට පස්සෙ සෙන්ටිග්‍රේඩ්ස් එකට ලැබුවෙ හොඳ කලක් නෙමෙයි කියන එක හැමෝම පිළිගන්න කරුණක්. කොහොම වුණත් ඉස්සරහටවත් පරණ රහ ම තියන ගීත නිර්මාණය කරන්න මේ අයට පුළුවන් වෙයි කියල අපි තාමත් හිතනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Discovering Kamikura: A Journey into Authentic Japanese Cuisine

dBy Sharon Nonis Welcome to Kamikura, where the essence of Japanese cuisine meets the heart

Kamu

Full’R Burgers is Flipping into Maharagama

by Vimasha Vishvadari If you're on the lookout for the ideal burger spot in the

Kamu

Yi Jing Unveiled: Sri Lanka’s Top Chinese Dining at ITC Ratnadipa Blends Tradition with Modern Flair

By Poornima Bandara Yi Jing Unveiled: Sri Lanka’s Premier Chinese Dining Experience at ITC Ratnadipa

Highlights Kamu

Seafood Watti Rice: A Flavorful Feast from Fathi’s Spice Attic

Watti Rice is a delightful Sri Lankan dish that combines various meats, such as seafood

Highlights Kamu

Shahi Mughal Dastarkhwan — An aromatic journey to the Mughal Era 

By Shamrina Carim From the Royal Kitchens of the Mughal Empire Chef Asif Qureshi, a

Highlights Kamu

Trending.

MSI Next-Gen AI+ Gaming and Business & Productivity Laptops

IFA 2024 හිදී MSI නවතම ප්‍රොසෙසර සහිත Next-Gen AI+ ගේමිං, ව්‍යාපාර සහ ඵලදායිතා ලැප්ටොප් පරිගණක

Trending

The Best Tool for the AI Era of Computing: How to Choose Your AI Laptop

This year, the focus on leveraging Artificial Intelligence (AI) to boost productivity is gaining significant

Trending

MSI Launches Next-Gen AI+ Gaming and Business & Productivity Laptops with Latest Processors at IFA 2024

Featuring Iatest AI-supported processors and NVIDIA® GeForce RTX™ graphics MSI, a leading brand in gaming,

Trending

A Cup Of Kindness: Brewing Compassion At Courtyard By Marriott Colombo

On September 6th, from 10 AM to 7 PM, Tito’s Café at the Courtyard by

Trending

Soul of Seychelles at The Kingsbury, Colombo

This August, we are thrilled to bring the flavours and music of Seychelles to The

Trending

Radisson Hotels Sri Lanka to Unveil “Nizam’s Feast – A Royal Hyderabadi Banquet” Across Colombo, Galle, and Kandy

Radisson Hotels Sri Lanka is excited to present an exclusive culinary journey, “Nizam’s Feast –

Trending

Yamu Guide.

Top Restaurants with the best Cashback offers from Mintpay

With Mintpay, have a gastronomic journey and earn cashback rewards as you go! Every taste

Highlights Yamu Guide

10 Places To Celebrate Father’s Day 2024

By Fathima Rukaiya, Father’s Day is a special occasion dedicated to honoring fathers and celebrating

Highlights Yamu Guide

Top 10 Places to Work or Study in Colombo in 2024

By Fathima Rukaiya Hey there! Feeling the walls closing in at home while you work

Highlights Yamu Guide

Celebrate Mother’s Day with Shirohana

by Fathima Rukaiya, Mother's Day, a special occasion to honor mothers and motherhood, is celebrated

Highlights Yamu Guide

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide