රසගුණ පිරි කෑම රෙසිපි උගන්නන ලංකාවේ යූටියුබ් චැනල් 12ක්...

තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සර තිබුණු කුකරි පොත්වල කාර්යභාරය කාලේ තාලෙට ගැළපෙන විදිහට දැන් අන්තර්ජාලෙට ඇවිත්. කම්පියුටර් එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් ලේසියෙන් ම බලන්න පුළුවන් නිසා කවුරු කවුරුත් පරණ ක්‍රම අත ඇරල දැන් උයන්නෙත් ඉන්ටනෙට් එක දිහා බලාගෙන. මේ ප්‍රවණතාව නිසා ම මේ වෙද්දි යූටියුබ් එකේ කුකිං චැනල්ස් සැලකිය යුතු  ප්‍රමාණයක් බිහි වෙලා. ඉතිං දැන් කරන්න තියෙන්නෙ ලෝකෙ ඕන ම තැනක ඉඳල ෆෝන් එක දිහා බලාගෙන ලෝකෙ ඕන ම කෑමක් හදන එක…

කොහොම වුණත් මේ අතරෙ ලංකාවේ ක්‍රමයට උයන පිහන විදිහ හරිහැටි කියල දෙන යූටියුබ් චැනල් තියෙන්නෙ සීමිත ප්‍රමාණයක්. ලංකාවෙ ඉවුම් පිහුම් ක්‍රමය එදිනෙදා උයන පිහන අයට වුණත් ලේසියෙන් විනාඩි දෙකෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි නේ, ඒක තමයි හේතුව.

මේ නිසා අපි හොයල බැලුවා, නිවැරදි විදිහට ලංකාවේ ඉවුම් පිහුම් ක්‍රම කියල දෙන යූටියුබ් චැනල් මොනවද කියල. ඒ අතරෙ උඩින් ම තියන චැනල් 12ක් ගැනයි මේ කියන්න යන්නෙ. උයන්න පිහන්න උනන්දු හැමෝම මේ අය ගැන දැනගෙන ඉන්න එක වැදගත්…

Anoma's Kitchen

අනෝමා විජේතුංග මෙහෙයවන අනෝමාස් කිචන් චැනල් එක පටන්ගත්තෙ 2016 දි විතර. ලංකාවේ නොවන කෑම පවා ලංකාවේ රසට හදන විදිහ ඇය කියල දෙනවා. රෙසිපිවලට අමතරව ඉවුම් පිහුම්වලට ආධුනික අයට මුළුතැන්ගේ උපකරණ ගැන, කුළුබඩු අඩුම කුඩුම ගැන සහ ඉවුම් පිහුම් සාර්ථක කරගන්න පුංචි පුංචි ටිප්ස් ගැන එහෙම මේ වීඩියෝස්වලින් දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේ ම ඇය ලෝකෙ විවිධ රටවල / නගරවල දි ලැබුව අත්දැකීම් එහෙමත් මේ චැනල් එක හරහා අපි එක්ක බෙදාහදා ගන්නවා.

Apé Amma

අනෝමාස් කිචන් එක වගේ ම අපේ අම්මා චැනල් එකත් පුංචි සම්බෝලේ ඉඳන් ලොකු කරියක් වෙනකං සියලු ම දේ පියවරෙන් පියවර කියල දෙනවා. ලංකාවේ කෑම වර්ග විතරක් නෙමෙයි, ඉන්දියන්, චයිනීස්, තායි, මෙක්සිකන්, යුරෝපීය වගේ නානා විධ රෙසිපීස් හදන විදිහ මේ චැනල් එක ඔස්සේ බලාගන්න පුළුවන්.

Dishing with Dush

බෙලිසිමා එකේ සුප්‍රසිද්ධ චොක්ලට් බිස්කට් පුඩිමේ නිර්මාතෘ වෙන දුෂ් රත්නායකගේ මේ චැනල් එකත්, රට රටවලින් ආභාසය අරං ලංකාවේ විදිහට කෑම හදන විදිහ ඉගෙනගන්න හොඳ තැනක්.

Chammi Imalka

බේක් කරපු කෑම, ස්නැක්ස් සහ ඩෙසට්වලට වැඩි ඉඩක් දෙන මේ යූටියුබ් චැනල් එකෙන් ඉඳල හිටලා මේකප්, නේල් ආට් ගැන වීඩියෝසුත් දැක බලාගන්න ලැබෙනවා.

RASA UYANA

බේක් කරපු කෑම හදන්න ටිප්ස් එහෙම ඇති තරම් හොයාගන්න, රස උයන චැනල් එක බලන්න.

Aasai Rasai: Sri Lankan Recipes in English

මැල්ලුම් ද, මස්කට් ද, ෆිෂ් රෝල්ස් ද, කරි ද, පෑන්-රෝස්ට් චිකන් ද, ෆලූඩා ද… මේ ඕන එකක රස පදම තිතට උගන්නන ආසයි රසයි පැත්තෙත් වෙලාවක ගිහින් බලන්න.

Yummy Mummy

යමී මමී චැනල් එක ප්‍රමුඛස්ථානය දෙන්නෙ අතුරුපසවලට. ලාවා කේක් ද කැරමල් පුඩිං ද, මේ ඕන ඩෙසට් එකක් හදන හැටි ඉගෙනගන්න, හොඳ ම තැනක්.

GAMI RASA

දේශීයත්වයට මුල් තැන දෙමින් උයන්න පිහන්න පුරුදු වෙන අයට මරු තැනක් විදිහට මේ චැනල් එක නම් කළොත් වැරදි නෑ. මාළුපිනි, අතුරුපස වර්ග වගේ ම අවුරුදු කෑම හදන හැටිත් මේගොල්ලො කියල දෙනවා.

Village Life

ගමේ ක්‍රමේට ගමේ රසට ඉවුම් පිහුම් කරන කලාව කියල දෙන විලේජ් ලයිෆ්, ටිකක් ඈත ගමක ඉන්න පුංචි පවුලක් විසින් කරගෙන යන චැනල් එකක්. මේකේ කියල දෙන ඔක්කොම ජාති උයන්නෙ පිහන්නෙ ඒ පවුලෙ අම්මයි දුවයි එකතු වෙලා.

Recipes Sinhala

ලංකාවේ කරීස් හදන විදිහ ගැන වැඩි අවධානයක් දෙන මේ චැනල් එක, ඉඳල හිටලා බීම වර්ග, සරල අතුරුපස, උදේ ආහාර එහෙම හදාගන්න හැටිත් පෙන්නනවා.

RASA RAHASA

මුළුතැන්ගේ වැඩ කටයුතු හරි ම සරලව වගේ ම ඉක්මනින් කරගන්න උපදෙස් සපයන මේ චැනල් එකත් ලංකාවේ තියන හොඳ කුකිං චැනල් එකක් කියල නම් කරන්න පුළුවන්.

Itali Kama Sinhalen

ඉතාලි කෑම සිංහලෙන් කියන මේ චැනල් එක මෑතක පටන්ගත්ත එකක්. හැමෝට ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට තේරෙන සිංහලෙන් ඉතාලි කෑම හදන්න කියල දෙන නිසා අලුත් දෙයක් ඉගෙනගන්න කැමති අය මේ පැත්තෙ ගිහින් බලන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Ramada High Tea buffet – 2023

High Teas are quite the “Fash-un” these days, and we are stepping into a trendy

Kamu

Street Burger Hitting It Off With The Festive Menu!

By Shamrina Carim Christmas has gotten merrier with their mouth watering Festive menu this December

Highlights Kamu

Indulge your cravings at Indulge Desserts. Co

By RR Everyone’s favourite spot for a well-deserved chocolate overdose has opened their doors in

Kamu

Trying Scope Kitchen’s new menu – Dec 2022

By Hashini Pathirana Scope Cinemas, ever since their launch as Sri Lanka’s first multi-sensory luxury

Kamu

Cinnamon Lakeside’s delicious High Tea spread- 2022

Cinnamon Lakeside has made an exotic appearance at the main lounge, serving a range of

Kamu

Cooking with the Silvermill Coconut Culinary Range

As a Sri Lankan, can you imagine cooking without coconut? It is a universally accepted

Highlights Kamu

Trending.

Hilton Colombo Goes ‘Coconuts’

Unique Coconut infused dishes at Café Kai Colombo, Sri Lanka – 23 January 2023 - Café

Trending

Emperor’s Wok Celebrates Chinese New Year With Auspicious Cantonese Dishes

Hilton Colombo’s Chinese restaurant will offer a Reunion set menu, in addition to À la

Trending

Uber’s 2022 Cravings report reveals Sri Lanka’s love and hate relationship with onions

Uber looked at how you ordered on UberEats last year and discovered Sri Lanka’s love

Trending

Courtyard By Marriott Debuts In Sri Lanka With The Opening Of Courtyard By Marriott Colombo

Courtyard by Marriott, part of Marriott Bonvoy’s extraordinary portfolio of 30 brands, today announced the

Trending

What you missed at the Fairway Street Food Festival

By Hashini Pathirana Renowned to be known as one of the finest City hotels in

Highlights Trending

Yamu Guide.

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide

Yamu’s Top Restaurant Picks for 2023

New Year, New Reviews? Say “hell yeah”! We have sorted out a few restaurants that

Highlights Yamu Guide

7 movies to look forward to in 2023

With the passing of another year, brings us a set of new movies to cherish

Highlights Yamu Guide

Gym Round Up 2023

By RR This one's for all of you who’ve had that exact same new year

Highlights Yamu Guide

7 New Year’s Eve Parties in Colombo (2022)

By RR That’s another year down and boy, what a year it’s been.  It’s time

Highlights Yamu Guide

5 Places to buy Christmas Decorations

By Hashini Pathirana In the spirit of Christmas, the most wonderful time of the year,

Yamu Guide