ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය.

සුබ දිනයක් අපේ ක්‍රීඩා ලෝලී ප්‍රිය මිතුරු මිතුරියන් සැමට. අද අපි ඔබ සමග එක්වෙන්නේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයේ දියත් කරන ක්‍රිකට් සංග්‍රාමය තොරතුරු දැනගැනීමටයි.  ඔක්තෝබර් මස 29 වැනිදා සිට නොවැම්බර් මස 23 දක්වා අප්‍රිකානු තරග බිමේ දියත් වන මේ හටනට සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකක් සහ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තුන්කොන්  එක්දින ක්‍රිකට් තරගාවලියක් ඇතුලත් වෙනවා.

@ZimCricketv‘s Test series at home to @OfficialSLC is inching closer and closer. Thereafter its the triseries featuring @westindies #aweee pic.twitter.com/Zzqmd8WKL6

— Zimbabwe Cricket (@ZimCricketv) October 19, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම

මෙදා පාර සංචාරය ටිකක් වෙනස් මුහුණුවරක් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයින් රැසක් සිටින නිසා නවක ක්‍රීඩකයින් කිහිපයකට ම අවස්ථා මේ සංචාරයේ ලැබිල තියෙනවා. විශේෂයෙන් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය අඩාල වී ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. නායක ඇන්ජලෝ මැතිව්ස් ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේ සිව්වැනි තරගයේ ඇතිවූ කෙණ්ඩයේ ආබාධය හේතුවෙන් තවමත් ක්‍රීඩා කිරීමට නොහැකි ව සිටිනවා. ඔහු මුළු සංචාරයට ම ක්‍රීඩාකිරීමට නොහැකි වෙනු ඇති. ඒවගේම උපනායක දිනේෂ් චන්දිමාල්ට ද සිම්බාබ්වේ සංචාරය අහිමි වෙන්නෙ වෙළෙඳ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයකදී මහපට ඇඟිල්ල කැඩීමකට ලක්වීම නිසා. වේග පන්දු යවන නුවන් ප්‍රදිප්ද කලවේ ආබාධයක් නිසා මේ සංචාරයට ඇතුළු වන්නේ නැහැ. ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර තවමත් ආබාධිත තත්වයේ පසුවෙනවා.

මේ නිසා මේ තරගාවලිය සඳහා ප්‍රවීන ක්‍රීඩක රංගන හේරත් කණ්ඩායම් නායක ලෙස නම් කර තිබෙනවා. ඔහු ටෙස්ට් වරම් ලැබී අවුරුදු 17කට පසුවයි මේ තැන ලැබිල තියෙන්නෙ. ඒ වගේම පන්දු යවන්නෙකුට නායකත්වය ලැබෙන්නෙ ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි වතාවටයි.

රංගන හේරත්ට අමතරව දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ සිටිනවා.වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ටෙස්ට් වරම් ලබාගනු ඇති. ගමගේ ත්‍රිත්ව විද්‍යාලයටත්, 19 පහල කණ්ඩායමටත් දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයෙක්. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් පැමිණ SSC සමාජයට ක්‍රීඩා කරන කසුන් මදුශංකත් කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. ඔහු පළමු පෙළ තරග 48කදි විකට් 136 ලබාගත් ක්‍රීඩකයෙක්.

ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිකරු තැනට උපුල් තරංග නැවතත් කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. සහ මැද පෙළ පිතිකරු අසේල ගුණරත්නත් මේ තරගාවලියේ තම ටෙස්ට් වරම් ලබාගනු ඇති. ගුණරත්න යුධ හමුදා කණ්ඩායමේ 42.77 සාමාන්‍යයක් පවත්වාගෙන යන අතර පන්දු යවන්නත් දක්ෂයෙක්. දිමුත් කරුණාරත්න පිතිකරු ලයිස්තුවේ සිටින අතර නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින පිතිකරුවෙක් ලෙස එකතු වෙනවා.

සම්පුර්ණ කණ්ඩායම: රංගන හේරත්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ලහිරු ගමගේ, අසේල ගුණරත්න, දිමුත් කරුණාරත්න, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, තිලිණ මධුශංක, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කෞෂාල් සිල්වා.

 

සිම්බාබ්වේ කණ්ඩායම

සිම්බාබ්වේ කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම වගේම පෙරලිකාර කාලයක පසුවෙනවා. එනමුත් ඔවුන්ද නැවතත් නැගී සිටීමට අවස්ථාවක් ලෙස මේ ශ්‍රී ලංකා සංචාරය සලකන බව ඔවුන්ගේ නායක ග්‍රැහැම් ක්‍රේමර් පැවසුවා.

සිම්බාබ්වේ කණ්ඩායමටත් ආබාධ ප්‍රශ්ණ තියෙනවා. වේග පන්දු යවන ටෙන්දයි චටරා, ටිනාශේ පන්යන්ගාරා සංචිතයේ නැහැ. පිතිකරුවන් වුසි සිබන්ඩා සහ චාමු චිබාබාද එකතුකරගෙන නැහැ. ඒ වෙනුවට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට අවස්ථා ලබා දී තිබෙනවා.

නායක ග්‍රැහැම් ක්‍රේමර් 2005දී ටෙස්ට් වරම ලැබූ පරිණත ක්‍රීඩකයෙක්. ඔහු දක්ෂ පිතිකරුවෙකු වගේම පා දඟ පන්දු යවන්නෙක්ද වෙනවා. හැමිල්ටන් මසකඩ්සා කියන්නේ සිම්බාබ්වේ පිලේ දක්ෂතම පිතිකරුවා කිව්වොත් වැරදි නැහැ. පෙර පාදයේ පහරවල් හොඳින් ප්‍රගුණ කර තිබු මොහු දැන් හුක් සහ පුල් පහරවල්වලටද දක්ෂතා පෙන්වනවා. පීටර් මුවර් කියන්නේ නවක ක්‍රීඩකයෙක්. ඔහු තමයි කඩුලු රකින්නා. ඔහුගේ පිතිහරඹය විරේන්ද්‍ර සේවාග්ට සමාන බව පැවසෙනවා. බ්‍රයන් චාරි කියන්නේ කණ්ඩායමේ නවක පිතිකරුවෙක්. ඔහුට මගපෙන්වන්න සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයින් ඉන්නව. දැන් අවුරුදු තුනක් පමණ ඔහු කණ්ඩායමේ සිටී අතර පිතිකරණයෙන් දක්ෂතා පෙන්වා තිබෙනවා. ඔහු පකිස්තානයේ ඉපදී සිම්බාබ්වේ දේශයේ පදිංචියට පැමිණි අයෙක් වීම විශේෂත්වයක්. චාමු ජස්ටිස් කියන්නේ තුන් ඉරියව්වේ ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්. ඔහුට පිතිකරු ලැයිස්තුවේ ඉහලින් ක්‍රීඩා කිරීමට හැකි අතර මද වේග පන්දු යැවීමට ද පුළුවන්. ක්‍රේග් අර්වයින්ද මේ කණ්ඩායමේ සිටිනවා. ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් සමග එච්චර හොඳ සම්බන්ධතාවක් නොතිබුණත් නැවත කණ්ඩායමට පැමිණි වමත් පිතිකරුවෙක්. සිම්බාබ්වේ ඒ කණ්ඩායමට දක්ෂතා පෙන්වපු වේග පන්දු යවන කාල් මම්බා සහ පිතිකරු තරිසායි මුසිකන්දා සංචිතයට ඇතුළු කර තිබෙනවා. ලඟදි පකිස්තාන් ඒ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක 4ක් ලබාගත් මැල්කම් වොලර්ද නැවත කණ්ඩායමට එකතු වෙලා.

DID YOU KNOW? The match starting October 29 versus Sri Lanka will be @ZimCricketv‘s 100th Test match. What a milestone! #ZIMvSL #Test100 pic.twitter.com/iPJMJT5dST

— Zimbabwe Cricket (@ZimCricketv) October 25, 2016

සම්පුර්ණ සංචිතය: ග්‍රැහැම් ක්‍රේමර්, ටීනෝ මවෝයෝ, හැමිල්ටන් මසකඩ්සා, ක්‍රේග් අර්වයින්, ශෝන් විලියම්ස්, රීජිස් චකබ්වා, පීටර මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ක්‍රිස් මපෝෆු, ටෞරායි මුසරබානි, මයිකල් චිනෝයා, බ්‍රයන් චාරි, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, කාල් මම්බා,ටරිසයි මුසකන්දා.

මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වෙන්නෙ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට හොඳ කණ්ඩායමක් තනාගැනීමටයි. ඒ නිසා නවකයින් මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපිත් ඔවුන්ට ජයෙන් ජයම ලැබෙන්න කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

*ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන වලින්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

High tea with a stunner view at Cinnamon Red

Shamrina Carim An eclectic delicious high tea platter awaits you all 7 days from 3

Kamu

A warm breakfast at Hilton Colombo

Graze Kitchen being called out one of the finest and elite restaurants in Colombo, makes

Highlights Kamu

Cinnamon Red introduces a Vegetarian/Vegan Buffet

Cinnamon Red, one of the most popular hotels in Colombo introduces a fully Vegetarian/Vegan Buffet.

Highlights Kamu

Ramada High Tea buffet – 2023

High Teas are quite the “Fash-un” these days, and we are stepping into a trendy

Kamu

Street Burger Hitting It Off With The Festive Menu!

By Shamrina Carim Christmas has gotten merrier with their mouth watering Festive menu this December

Highlights Kamu

Trending.

Ramada Colombo Celebrates 49 Remarkable Years of Exclusive World-Class Hospitality

The iconic star-class luxury hotel, Ramada Colombo, is owned by the American multinational-World’s largest hotel

Trending

Let Her Shine on 8th March at Ramada Colombo.

Celebrate Women’s Day with entertaining evenings, pampered stays, special giveaways, and great dining offers. Show

Trending

Quickee- not just another Online Store

Whether you are a busy, working parent or an individual who balances many things during

Highlights Trending

Savour a Plant-Based Feast Every Full Moon at Cinnamon Red Colombo

Colombo, Monday 27th February 2023: Many are the benefits of adopting a plant-based diet. Historically

Trending

5 Things You Didn’t Know About Fcode Labs

Sri Lanka’s technology industry has witnessed significant growth in recent years, positioning the country as

Highlights Trending

Boutiques in Sri Lanka Announces Annual B2B Luxury Connect 2023

Boutiques in Sri Lanka, the leading organization promoting boutique accommodation experiences in Sri Lanka, will

Trending

Yamu Guide.

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide

Yamu’s Top Restaurant Picks for 2023

New Year, New Reviews? Say “hell yeah”! We have sorted out a few restaurants that

Highlights Yamu Guide

7 movies to look forward to in 2023

With the passing of another year, brings us a set of new movies to cherish

Highlights Yamu Guide

Gym Round Up 2023

By RR This one's for all of you who’ve had that exact same new year

Highlights Yamu Guide