තාරකා සංග්‍රාමයේ කැරලිකාරයෝ: රෝග් වන්.

ජෝජ් ලුකස් 1977 දී පණ දුන්න “ස්ටාර් වෝර්ස්” කථා මාලාව දැන් අවරුදු 40ක් විතර තිස්සේ ලොව පුරා, පරම්පරා හරහා, රසිකයින්ගේ සිත් පිනවලා තියෙනවා. ඒ මුල් චිත්‍රපටි තුනෙන් එහාට, රිදී තිරයෙන්, කුඩා තිරයට මෙන්ම පරිගණක තිරයට සහ පොතපතට පවා පැතිරුණ, සුවිසල් තාරකා යුද්ධ විශ්වයක් ඇතිවෙන්නට තරං මේ කතාව රසික ආදරයට පත්වුණා. ඩිස්නි සමාගම මේ කතාවල අයිතීන් ලබාගත්තට පස්සෙ අලුතෙන් සිනමාපට හදල නැවතත් මේ කතාවට පණ දෙන්න ගත්ත. ඒකෙ දෙවැනි අඩිය තමයි Rogue One: A Star Wars Story කියන්නේ. හැබැයි මේ මාලාවේ අනිත් චිත්‍රපට බලන්නෙ නැතුව වුණත් මේක රසවිඳින්න පුළුවන්. මේක තම ශක්තියෙන්ම නැගී සිටින චිත්‍රපටියක්.

කතාව සරලයි. නපුරු අධිරාජ්‍යයට එරෙහිව යුද වදින කැරලිකරුවන්ගේ පොඩි කණ්ඩායමක් ඉතා වැදගත් තොරතුරු ලබාගැනීමට දරන අරගලයක් තමයි මේ “රෝග් වන්”   චිත්‍රපටියෙන් පෙන්වන්නේ. කථා නායිකාව වන්නේ “ජින් අර්සෝ” කියන තරුණ ගෑනු ළමයෙක්. ඇගේ කටුක ළමාවියේ ඇතිකරගත් සබඳතා නිසා කැරලිකරුවන් ඇයව සොයා යනවා. එතනින් ඇරඹෙන කතාව අවසන් වෙන්නෙ ඇය සමග තවත් ඇය මෙන් කැරැලිකරුවන්ගෙන්ද පිටස්තර වුණ කණ්ඩායමක් සමග සංග්‍රාමයේ තීරණාත්මක සටනකට එළඹෙමින්.

කලින් ස්ටාර් වොර්ස් චිත්‍රපටි බලපු අයට රෝග් වන් බලපු ගමන් තේරෙයි කලින් ඒවායේ තිබුණ ජොලි ගතිය, කාටුන් ගතිය, මායාත්මක ස්වභාවය මේකේ නැහැයි කියල. ඒ කාලේ ළමයින්ටත් ආසා හිතෙන විදියට හැදුවත්, මේ චිත්‍රපටිය හැකි තරම් තාත්වික පැත්තට තමයි ගෙනිහිල්ල තියෙන්නෙ. මිනිස්සු ගුටිකනව, මැරෙනවා හංගන්න වැඩි උත්සහයක් අරගෙන නැහැ.

එහෙම වුණත් මාර ලස්සනක් ෆිල්ම් එකේ තියෙනවා. ඒ කැමරාකරණය කරපු ග්‍රෙග් ෆ්රේසර්ගේ හැකියාවෙන් තමයි. සම්භාව්‍ය ගණයේ සිනමා කෘතියක් නොවුණත් ඒ වගේ කෘතියකට සුදුසු වෙන තරං කලාත්මක විදියට කැමරාකරණය තියෙනවා. විශේෂයෙන් අභ්‍යවකාශ ගැටුම් ඉතාමත් ආකර්ෂණීය විදියට පෙන්වල තියෙනවා. ස්ටීවන් ස්පීල්බර්ග්ගේ Saving Private Ryan චිත්‍රපටිය දෙවන ලෝක යුද්ධ ගැටුම් පෙන්නුව වගේ, මේකෙන් අභ්‍යවකාශ ගැටුම් නව මට්ටමකට ගෙනිච්ච කියල කිව්වත් වැරදි නැහැ. අනික කියන්න ඕනේ ත්‍රිමාණව බලනව නං බලන්න ඕනේ චිත්‍රපටිය මේක.

ඔය හුඟක් ෆිල්ම්වල වගේ මුණට එක එක ඒවා විසිවෙලා එන සිඟිති ආතල් වගේ නෙමෙයි. ත්‍රිමාන තාක්ෂණය ගැඹුර, පසුබිම් ස්වභාවය වගේ දේවල් පෙන්වන්න යොදාගෙන එකෙන් නියම වටිනාකමක් ගන්න මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ ගැරත් එඩ්වර්ඩ්ස් ට හැකි වෙලා තියෙනවා. ඔහු මීට පෙර ගොඩ්සිලා වගේ යෝධ මාතෘකා ගැන චිත්‍රපට කරපු කෙනෙක්. ඉතින් ඒ අත්දැකීම් හොඳින් මෙහි පාවිච්චි වෙලා තියෙනවා. ඒ සත්තුන්ගේ පින්තුර පසුතලයේ ඇඳලා තියෙන තැනුත් තියෙනවා.

ඒ ගැන කියනකොට මතක් කරන්න ඕනේ පරිගණක තාක්ෂණයෙන් ඇතිකරපු රූප ගැන. ඇත්තද, ඇඳපුවද කියල කියන්න හරි අමාරුයි. කොටින්ම කියනවා නං එක තැනකදී සම්පුර්ණ නළුවෝ දෙන්නෙක්ම පරිගණකයෙන් මවල තියෙනවා. ඒක 100% සාර්ථක වුණේ නැතත් පුදුම කරවන තරං සාර්ථක වෙලා තියෙනවා.

මේවා කොච්චර තිබුණත් වැඩක් නෑ නේ තිර රචනය හොඳට තිබුණේ නැත්තං. ඒ ගැන බයවෙන්න දෙයක් නෑ හැබැයි. මේක ලියපු ක්‍රිස් වයිට්ස් සහ ටෝනි ගිල්රෝයි ජනප්‍රිය චිත්‍රපට වගේම ඔස්කාර් සම්මානවලට යෝජනා වෙච්ච චිත්‍රපට පවා ලියල තියෙනවා. කතාවේ මුල් කොටස් ටිකක් හදිස්සියට කරලා වගේ තේරුනාට පස්සෙ මැද හරියෙන් පස්සෙ නියම ගානට කතාව ගලාගෙන යනවා. විශේෂයෙන් අන්තිම හරිය සැරෙන්ම හිතට වදින විදියට ලියන්න සමත් වෙලා තියෙනවා. අඩුවකට කියල කියන්න තියෙන්නෙ චිත්‍රපටියේ චරිත ගැන තව විස්තර දැනගන්න තිබුණා නං නියමයි. ඒ චරිත ඔක්කොම හුඟක් ආකර්ෂණීය හිතට අල්ලන චරිත. ඒ වගේම ඉතා හොඳට ඒවා නිරුපණය කරන්නත් නළු නිළියන් හැමෝටම පුළුවන් වුණා. ඒ අතරින් විශේෂ වෙනවා “K2SO රොබෝව” නිරුපණය කළ “ඇලන් ටුඩ්යික්” සහ “චිරුට් ඉම්වේ” ට රඟපෑ “ඩොනී යෙන්”.

ස්ටාර් වෝර්ස් සබඳතා (මෙතනින් එහාට ස්පොයිලර්ස් තියෙනවා හොඳේ.

ඒවා මගහරින්න ඕනේ නං මෙතන ක්ලික් කරන්න.)

කතාව තනිව රසවිඳින්න පුළුවන් වුනත්, අනික් ස්ටාර් වෝර්ස් කතාවලට සැහෙන්න සම්බන්ධතා මේ අය දාල තියෙනවා. කෙලින්ම පටන් ගන්නකොටම පේනවා 1977 පළවෙනි ස්ටාර් වෝර්ස් චිත්‍රපටියේ අපි දැකපු තෙතමනය රස කරන උපකරණ සහ නිල් බැන්තා කිරි. 

අපි ජෙඩා කියන ග්‍රහලෝකෙට යනවා. මෙතන තමයි ස්ටාර් වෝර්ස් කතාවේ අත්භූත බලවේගය වෙන “ෆෝස්” එක ගැන ඉස්සෙල්ලම විමසුම් කරපු “විල්ස්වරුන්ගේ පල්ලිය" තියෙන්නෙ. Star Wars: Episode VII එකේ එන ලොර්ස් සැන් ටෙකා මේ පල්ලියේ කෙනෙක්. මේ ෆිල්ම් එකේ ඉන්න චිරුට් ඉම්වේ සහ බේස් මල්බස් මේ පල්ලියේ ආරක්ෂකයෝ. චිරුට්ට යම් තරමකට ෆෝස් බලවේගය හසුරවල එමගින් අවට පෙනීම ලබාගන්න පුළුවන්.

තව චරිතයක් වෙන සෝ ගරේරා, Star Wars: The Clone Wars කාටුනයෙන් ආපු චරිතයක්. ඒ කාටුනයේම හේරා සින්දුල්ලා කියන චරිතයත් මතක් කෙරෙනවා. ඒ කාටුන් එකේ පෙන්නුම් කරපු අභ්‍යවකාශ යානා හුඟක් මේ චිත්‍රපටියේ මතු වෙනවා.

පැරණි ෆිල්ම්වල තිබුණ ග්‍රහලෝක වෙන යාවින් 4, කොරුසාන්ත්, මුස්තෆාර් වැනි ග්‍රහලෝකත් තියෙනවා. විශේෂයෙන් මුස්තෆර්වල අපිට ස්ටාර් වොර්ස්වල ඉන්න ලොකුම නපුරා වන ඩාත් වේඩර් සහ ඔහුගේ මාළිගාව හමුවෙනවා. මේක මුලින්ම 1980 දෙවැනි ස්ටාර් වොර්ස් චිත්‍රපටියේ පෙන්වන්න තිබුණත් දැන් තමයි ඒක දකින්න ලැබෙන්නෙ. ඒ වගේම සටන් වදින ඩාත් වේඩර් කෙනෙක් අපි ඉස්සෙල්ලම දකින්නෙ මේ චිත්‍රපටියේ.

වේඩර් පමණක් නෙමෙයි පරණ චිත්‍රපටවල හිටපු මොෆ් ටර්කින්, ලේයා කුමරිය චරිත පරිගණක තාක්ෂණයෙන් ඒ කාලේ විදියටම ප්‍රතිනිර්මාණය කරන්න උත්සහ කරලා තියෙනවා. සුප්‍රසිද්ධ C3PO සහ R2D2 මේකෙත් පොඩ්ඩක් මුණ දාල යනවා.

මිට වඩා සැහෙන්න තියෙනවා පොඩි පොඩි කනෙක්ෂන්. ඒ ටිකත් දැනගන්න ඕනේ නං මේ විඩියෝ එකත් බලන්නකෝ.

අවසානයට

චිත්‍රපටිය සුපිරි. එච්චරයි. ස්ටාර් වෝර්ස් රසිකයෙක් නං මේක අනිවාර්යයෙන් බලන්න ඕනේ. ස්ටාර් වෝර්ස් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වුණත් මේක හොඳින් රසවිඳින්න පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide