ස්ටාර්ට්අප් එකක් පටන්ගමුද?.

ඔන්න ජෝන් කීල්ස් එකෙන් ස්ටාර්ට්අප්වලට උදව් කරන්න පටන් අරන්. ස්ටාර්ට්අප් කියන්නෙ අලුත් අදහසක්, අලුත් නිෂ්පාදනයක් එක්ක මාකට් එක අල්ලන්න හිතාගෙන පොඩියට පටන්ගන්න බිස්නස්වලට. හරියට යමු එක වගේ. ඇත්තම කීවොත් යමු එක පටන්ගන්න කාලෙ ජෝන් කීල්ස් එක්ස් වගේ එකක් තිබුණ නම් අපට මේ වැඩේ මීට වඩා ගොඩක් ලේසි වෙන්න තිබුණා කියල තමයි ඉන්දි නම් කියන්නෙ.

කාලය

සාමාන්‍යයෙන් ස්ටාර්ට්අප් එකකට සල්ලි හොයගන්නව කියන්නෙ සෑහෙන කාලයක් ගතවෙන වැඩක්. ආයෝජකයෝ හොයාගෙන එයාලට වැඩේ ගැන කියල එයාලව කැමතිකරගන්න එන ලේසි නෑ. හැබැයි ජෝන්ක් කීල්ස් එක්ස් එකත් එක්ක මේ වැඩේ සෑහෙන්න ලේසියි.

2017 ඔක්තෝබර් වෙද්දි තෝරගත්ත කණ්ඩායම් හතකට රුපියල් මිලියන 2 ගානේ  ලැබෙනවා; එයාලා පටන්ගන්න සමාගම්වල 5%ක කොටස් අයිතිය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් එකට.

2018 අප්‍රේල් වෙනකම් බංකොලොත් නොවී වැඩේ ඇදගෙන යන්න පුළුවන් වුණු අයට පුළුවන් රුපියල් මිලියන 50 දක්වා ගාණකට තමන්ගෙ අදහස පිච් කරලා උපරිමය 25%ක් දක්වා කොටස් ප්‍රමාණයක් ජෝන්ක් කීල්ස් එක්ස් එකට විකුණන්න.

ලංකාවේ හැටියට මුලින් පටන්ගද්දි මිලියන 2ක් ලැබිලා අවුරුද්දකින් මිලියන 50 දක්වා ගාණක් ගන්න පුළුවන් කියන්නෙ සෑහෙන හොඳ තත්ත්වයක්.

සල්ලි

අදහස කොච්චර වුණත් බිස්නස් එකක් පටන්අරන් ඉස්සරහට ගෙනියන්න නම් සල්ලි ඕන. ස්ටාර්අප්වලට උදව් කරන වැඩසටහන් ගොඩක් ලංකාවේ ලංකාවේ තිබුණත් එයාලා ගොඩක් වෙලාවට කරන්නෙ ඔයාගෙ අදහස අදාළ ආයෝජකයන්ට පිච්කරන්න උදව්කරන එකයි. හැබැයි මේකේද කෙළින්ම සල්ලි ලැබෙන නිසා වැඩේ සෑහෙන්න ලේසියි.

ඔෆිස් එකකුත් එක්ක මුලින් රුපියල් මිලියන 2ක් කියන්නෙ ගොඩක් වෙලාවට වැඩේ පටන්ගන්න ප්‍රමාණවත් ගාණක්. අප්‍රේල් වෙද්දි බඩු වැඩ කියල පෙන්වන්න පුළුවන් නම් මිලියන 50ක් වෙනකල් ගන්නත් පුළුවන්නෙ.

ඒත් මේ ගාණෙන් පටන්ගන්න බැරි බිස්නසුත් තියෙන්න පුළුවන්. එහෙම අයට කරන්න තියෙන්නේ එක්කෝ මුලින් අඩු වියදමින් මූලික නිෂ්පාදනය කරගන්න පුළුවන්ද කියල බලන එක; එහෙම බැරි වුණොත් කෙළින් ම ගිහිල් ආයෝජකයන්ට පිච් කරලා සල්ලි හොයාගන්න වෙනවා.

පුහුණුව

සල්ලි තිබුණට මදි; නොදැන බිස්නස්වලට බහිනව කියන්නෙ අතේ තියෙන ගාණටත් කෙළවෙන පොටක්. JKX එකට සම්බන්ධ වෙන කණ්ඩායම්වලට ව්‍යාපාර විනය ගැන පුහුණු වැඩසටහනක් ලැබෙනවා.  ඊට පස්සෙ තෝරාගන්න කණ්ඩායම්වලට ඇම්ස්ටර්ඩැම්වල ග්‍රෝත් ට්‍රයිබ් එකේ විශේෂඥයොත් එක්ක කෙළින්ම සම්බන්ධවෙලා උපදෙස් ගන්නත් අවස්ථාව ලැබෙනවා.

සම්බන්ධතා

කොච්චර වුණත් ලංකාවේ තාමත් ගොඩක් දේවල් වෙන්නෙ ඇඳුනුම්කම උඩනෙ. හෙම සම්බන්ධතා මුකුත් නැතුව අලුතින් වැඩක් පටන්ගන්න එන සෑහෙන අමාරු වැඩක්.

හැබැයි ජෝන් කීල්ස් වගේ ලංකාවේ තියෙන ලොකුම සමාගම් සමූහයක් එක්ක එකතුවෙලා වැඩේ පටන්ගන්නව කියන්නෙ එයාලගේ අනිත් සමාගම් එක්ක ලේසියෙන් සම්බන්ධතා හදාගන්න පුළුවන් කියන එක. සංචාරක, සිල්ලර වෙළඳාම්, කෑම, බීම, දේපල, රක්ෂණ, බැංකු, ප්‍රවාහන කියන මේ හැම ක්ෂේත්‍රයකම එයාලා වැඩකරන නිසා ඒ ඕනම එකක විශේෂඥයන්ගෙන් උදව්ගන්න පුළුවන්.

අවාසි

ඕනම දේක වාසි වගේ ම අවාසිත් තියෙනවනේ. JKX එකත් එක්ක එකතුවෙලා ඔයාගේ ස්ටාර්ට්අප් එක පටන්ගන්න එකේ අවාසිත් තියෙනවා.

එක ආයෝජකයකුට සිමාවීම

ඔයා මිලියන 2 ගන්නවා කියන්නෙ ඊළග වටේ දි රුපියල් මිලියන 50කට කොටස්වලින් 25%ක් ජෝන් කීල්ස් එකට දෙන්න එකඟ වෙනවා.

මෙහෙම හිතමු. තව කවුරු හරි තුන්වෙනි පාර්ශවයක් ඇවිත් රුපියල් මිලියන 10කට 25%ක කොටස් ගන්නවා. ඒ වගේ වෙලාවට ජෝන් කීල්ස් එකටත් පුළුවන් ඒ ගාණම දීලා තව 25%ක් ගන්න. හැබැයි අපි හිතමු තුන්වෙනි පාර්ශවයක් ඇවිත් රුපියල් මිලියන 60කට කොටස්වලින් 25%ක් ගන්නවා කියලා. හැබැයි ජෝන් කීල්ස් එකට පුළුවන් රු. මිලියන 50කට එයාලාගේ 25% කොටස් ටික ගන්න.

මේක ඇත්තටම බැලුවොත් ලොකු අවුලක් නෑ. මොකද කොටස්වලින් 25%ක් රු. මිලියන 50කට ගන්නවා කියන්නෙ සමාගමේ සම්පූර්ණ වටිනාකම රු. මිලියන 200ක් වෙන්න ඕනනේ. ඉතිං රු. මිලියන දෙකෙන් පටන් අරන් අවුරුද්දකින් මිලියන 200ත් පහුකරලා යනවා කියන්නෙ ඔයා කොහොමත් ගොඩ කියන එක.

තේරුණේ නෑ වගේද? අවුලක් නෑ. ඔයාට එයාලගෙන් ම වැඩි විස්තර අහගන්න පුළුවන්.

තරගය

මෙහෙමයි මෙතන තරගයක්නෙ තියෙන්නෙ කණ්ඩායම් අතර. එතකොට සමහර විට හොඳ අදහස් හැළිලා යන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මේ තරගය දිනන එකට වඩා අන්තිමේ දි වැදගත් වෙන්නෙ අන්තිමේ දි මාකට් එකේ දිනන්නෙ කවුද කියන එක. ඉතිං සමහර විට මෙහෙම තරගවලට පිච් කරකර ඉන්න එකට වඩා සද්ද නැතුව ෂේප් එකේ සල්ලි හොයාගෙන වැඩේ පටන්ගන්න එකේ වාසියකුත් තියෙනවා.

ලොකු කොම්පැනි එක්ක වැඩකරන එක

ලොකු පබ්ලික් කොම්පැනිවල වැඩ වෙන්න හරි හෙමින්. මොකද අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික සමාගමේ ආයෝජනය කරපු කොටස්කාරයන්ව හදිසි තීරණ අරන් අමාරුවේ දාන්න බෑනේ.

මේ වගේ ස්ටාර්ට්අප්වලට සල්ලි දාන එකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ රිස්ක් එකක් නොගෙන කොම්පැනියට එළියෙන් අලුත් දේවල් පටන්ගන්න. මේ අදහස ලෝකෙටත් තාම අලුත්. ඉතිං මේ ක්‍රමය හරියන්න වගේ ම හරිනොයන්නත් ඉඩ තියෙනවා. අවුරුදු කීපයක් ගියාම තමයි බලාගන්න වෙන්නෙ මේක හරියටම වැඩකරනවද කියලා.

අවසාන වශයෙන්

යමු එක පටන්ගන්න කාලෙ මේ වගේ එකක් තිබුණ නම් අනිවාර්යයෙන් ඇප්ලයි කරනවා කියල තමයි ඉන්දි නම් කියන්නෙ. මොකද මේ වගේ සල්ලි ප්‍රමාණයක් සහ පුහුණුවක්, ඔෆිස් එකක් වගේ ගොඩක් දේවල් තනියෙන් හොයාගන්න එක ලේසි නෑනේ. එහෙම වුණා නම් සමහර විට අපි මේ වෙනකොට මීට වඩා ලොකු තැනක ඉන්නත් තිබුණා.

ඉතිං ඔයාටත් අලුත් අදහසක් තියෙනව නම්, ට්‍රයි එකක් දීලා බලන්න. කවුද දන්නෙ, සමහරවිට ලංකාව වෙනස් කරන ඊළග ස්ටාර්ට්අප් එක ඔයාගෙ වෙන්න පුළුවන්.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

The Art of Fusion Cuisine at Mövenpick Hotel

By Vera Wadugodapitiya We walked into Robata Grill, Mövenpick. Instantly, what struck me about the

Highlights Kamu

A Taste of Mexico – Cinnamon Red’s Latest International Cuisine

By Shamrina Carim Every month, Cinnamon Red has come up with an exciting initiative to

Highlights Kamu

A Classical High Tea Encounter with the Coronation at Mount Lavinia Hotel

By Shamrina Carim Mount Lavinia Hotel hosted a casual evening of classic high tea encounters

Highlights Kamu

The Bento Box at Royal Thai, Cinnamon Lakeside

By Hiruni Herath When you step into the Royal Thai Restaurant at Cinnamon Lakeside, you’ll

Highlights Kamu

Totally Hooked – The Ultimate Seafood Destination

It is not a surprise that “Totally Hooked CMB", the talk of the seafood town,

Highlights Kamu

Trending.

Award Winning Indian Restaurant Junior Kuppanna in Colombo

Junior Kuppanna, opened its newest international branch in Colombo on 25th May 2023. The new

Trending

Hilton Sri Lanka Unveils ‘Enchanting Beginnings’ Wedding Sale

Swoon over exclusive wedding packages in stunning venues for a lifetime of memories Colombo, Sri

Trending

Ramada Colombo’s Exclusive Limited Time Wedding Discount

Book before June 15th and enjoy 25% off Planning the perfect wedding can be an

Trending

The 30th Gratiaen Prize shortlist was announced with the launch of the Gratiaen Trust Young Writers Club

The Gratiaen Trust in association with the John Keells Foundation partnering with the Trust for

Trending

Hilton Sri Lanka is set to commemorate Mother’s Day in grand fashion

Continuing our long-standing tradition of celebrating extraordinary mothers, Hilton properties across Sri Lanka have gone

Trending

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo

Celebrate the Most Precious Woman in Your Life at Cinnamon Hotels & Resorts Colombo Colombo,

Trending

Yamu Guide.

Beyond the Hook: Exploring Totally Hooked’s non-Seafood dishes

By Hashini Pathirana Totally Hooked CMB, as we are all aware, is widely renowned for

Kamu Yamu Guide

7 Decent BnB spots for under LKR 7500 – Sri Lanka

We all like spending mini vacations at affordable spots to relax or stay on the

Highlights Yamu Guide

7 Places to Dine Under LKR1500 LKR per person

By Udaraa Gamage Are you a foodie looking for budget places to satisfy your taste

Highlights Yamu Guide

The Aesthetics of Club Palm Bay

Club Palm Bay is a hotel located in the heart of a charming fishing village

Yamu Guide

High Tea Affairs at L.A.B by Hilton Colombo

By Hashini Pathirana A little chit chat with your besties, while sipping onto an Iced

Yamu Guide

The Art of Gifting with Shirohana

By Rahma Rifkhar From the picturesque green hills of Nuwara Eliya, nurtured by experienced hands

Highlights Yamu Guide