“ආහ් නංගි, පු* සුදුද” සහ තවත් දැවෙන ප්‍රශ්න.

“ඇතෙක් වගේ තනිමංසල බයක් නැතුව යන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි”

මේ ලංකාවේ පහුගිය කාලේ සෑහෙන ජනප්‍රිය වුණ සිංදුවක්. ඇයි මේ තනිමංසල බයක් නැතුව යන්න “පිරිමි පුතෙක් ම” ඉල්ලන්නෙ? “ගෑණු දුවලට” තනියම පාරෙ යන්න බැරිද?

කෙල්ලෙක් පාරෙ යද්දි “සූ… සූ…” ගාන “නංගි පු* සුදුද “ වගේ තකතීරු ප්‍රශ්න අහන ‘අයියලා’ සහ ඒ වගේ කාලකන්ණි වැඩවලට විරුද්ධව මුකුත් කියන්නේ නැතුව ලැජ්ජාවෙන් බයෙන් ඔළුව පාත්කරගෙන යන ‘නංගිලා” ඉන්න රටක, මේ වගේ සිංදු ජනප්‍රිය වෙන එක පුදුමෙකුත් නෑ.

ලැජ්ජාවයි බයයි

සාමාන්‍යයෙන් නිර්භීතකම, සමාජශීලිත්වයවගේ දේවල් අපි සලකන්නෙ ධනාත්මක ගතිගුණ හැටියටයි. ඒ වගේම බය, කුලෑටි ගතිය, ලැජ්ජාව වගේ වගේ දේවල් සෘණාත්මක ගතිගුණ හැටියටයි සැලකෙන්නේ. හැබැයි රටක් හැටියට අපේ ළමයින්ට පොඩි කාලෙ ඉඳන් හිතාමතාම සෘණාත්මක ගතිගුණ පුරුදු කරන එකම රට ලංකාව වෙන්න ඕන.

“ලැජ්ජාව සහ බය” කියන්නෙ අපට පොඩිකාලෙ ඉඳන් අම්මලා උගන්වන දේවල්. ගෑණු ළමයින්ට නම් මේක තවත් විශේෂයි. ඒ කියන්නෙ තමන් කැමති (සහ අකැමැති) දේවල්වලට විවෘත ව ප්‍රතිචාර දක්වන එක අධෛර්යය කරන එක.

හැබැයි තවදුරටත් ලෝකෙ ගෑණු කියන්නෙ පිරිමින්ගේ ආරක්ෂාව යටතේ, අනිත් අය කියන දේ අහගෙන ඉන්න ඕන සත්තු ජාතියක් කියල සැලකෙන්නෙ නැහැනේ. ඔය කවුරු මොනවා කිව්වත්, ඉස්සරට වඩා දැන් නිදහසට, ස්වාධීනත්වයට අයිතිවාසිකම් කියන්න කාන්තාවට අවස්ථාව තියෙනවා. ඉතිං දැන් මේ ‘ලැජ්ජාව සහ බය’ කියන නරක පුරුදු අත්හැරගන්න කාලෙ හරි.

ගෑණු ළමයි වේදකාවට ගෙන්නලා ප්‍රසිද්ධියේ කුණුහරුප කියන (සහ ඒක කට ඇරගෛන බලන් ඉන්න) මේ වගේ සිද්ධිවල ඉඳන්, තමන්ගේ මූලික වගකීම වෙන තමන්ගේ ළමයින්ට හරියට හැසිරෙන්න උගන්වන්නෙ නැතුව ළමයින්ගේ අම්මලාට ඇඳුම් අඳින හැටි උගන්වන්න යන ඉස්කෝල දක්වාත් මේ හැමදේකින් ම සමාජගත කරන්නේ , තමන් හැසිරෙන අඳින පළඳින විදිය තීරණය කරන්නවත් ගෑණුන්ට මොළයක් නෑ, ඒ නිසා “දැනඋගත්” වැඩිහිටියෝ, පන්සල් පල්ලි වගේ තැන්වලින් කියන විදියට ඒව කරන්න ඕන කියන අදහස. ඒකෙම අනිත් පැත්ත තමයි ඒ දේවල් පිළිනොපදින කෙනෙකුට දෙයක් වුණාම ඒක වරද එයාගෙ පිටට ම දාන එක.

අදාළ නෑනේ

Image credits – Ancient Ceylon

හැත්තෑ ගණන්වල මිනි ගවුම් ඇඳපු අපේ ආච්චිලා, අද කෙල්ලෙක් කොට සායක්, ගවුමක් ඇඳගෙන යද්දී “හපෙඅප්පෝ" කියලා කම්මුලේ අත තියාගන්නවා. තමන්ගේ ඇඟට, වයසට නොගැළපෙන ඇඳුමක් ඇන්ඳාම නම් වස කැතයි තමයි. ඒත් ඉතිං කැත වුණත් ලස්සන වුණත් තමන් කැමති ඇඳුමක් අඳින එක හැමෝටම තියෙන අයිතියක්.

සමහරුන්ගේ මතය තමයි අද කාලේ ඉන්න ගැහැණු ඇඟ පේන්න අඳින නිසා ලංකාවේ ලිංගික අතවර වෙන එක වැඩියි කියන එක. තව කාණ්ඩයක් කියන විදියට ලේසියෙන්ම නිල් චිත්‍රපටි බලන්න ලැබෙන නිසාලු හොඳ මිනිස්සුත් සල්ලාලයෝ වෙන්නේ.

හරි, දැන් ලංකාවේ හතර මායිමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ලෝකය කියන චිත්‍රය දිහා බලන්න. නිල් චිත්‍රපටි බලන්න විතරක් නෙවෙයි, හදන්නත් පුළුවන්කම තියෙන රටවල් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා (සාමාන්‍ය ඉංග්‍රීසි චිත්‍රපටියක වුණත්, සයනගත වීම පෙන්නන්නේ කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ). ඒ රටවල්වල කෙල්ලො නිදහසේ තමන්ට කැමති ඇඳුම අඳිනවා. අපේ කට්ටියගේ තර්කෙ හැටියට ගැහැණියක් අඳින ඇඳුම අනූව පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙනවානම්, ඒ රටවල්වල මිනිස්සු වැටෙන්නේ මාර අමාරුවක.

ඒරොප්පෙ එහෙම වුණාට ඒවා ලංකාවේ සංස්කෘතියට හරියන්නෙ නෑ කියල හිතන අයට කියන්න තියෙන්නේ, අනිත් අය මොනව කළත් තමන්ට තමන්ව පාලනය කරගන්න විදිය පුරුදු කරලා නැත්නම්, අවුරුදු 2500ක් නෙවෙයි, 5000ක් පරණ වුණත් ඔයාගෙ සංස්කෘතියෙ මොකක් හරි ලොකු වැරුද්දක් තියෙනවා කියලා තමයි.

ඔයාට ඔයාව පාලනය කරගන්න හයියක් නැත්නම් ඒක ඔයාගෙ දුර්වලතාවක්. තමන්ට තමන් ව පාලනය කරගන්න බැරි අය, ඒ බැරිකම වහගන්න අවට ඉන්න මිනිස්සු කියන කරන දේවල් හරි අඳින පළදින විදිය පාලනය කරන්න ඉල්ලන එක නම් හරි ම තකතීරු ඉල්ලීමක්. ඊට නරක ද ඒ මිනිස්සුන්ට තමන්ගේ නිදහස භුක්ති විඳින්න ඉඩදීලා, ඒවා දකිද්දි තමන්ට තමන් ව පාලනය කරගන්න අමාරු අය තමන්ට ඒ දේවල් නොපෙනෙන තැනකට ගියොත්? මානසික රෝහල්, බන්ධනාගාර වගේ තැන්වලට පුළුවන් ඔයා වගේ අයට උදව් කරන්න.

කොටින් ම කෙනෙක් මේ වගේ කරදරයකට පත් වුණාම, එයා ඇඳලා හිටියේ මොකක්ද, වෙලාව කීයද, ඒ වෙලාවේ එයා තනියම එතැන මොකද කළේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. මොකද  ඒව අදාළ නෑනේ. නිදහස් රටක් නම් ඕන කෙනකුට ඕන එකක් ඇඳගෙන ඕන වෙලාවක ඕන තැනක ඉන්න පුළුවන් වෙන්න ඕන නේ.

ඕකට සිංහලෙන් කියන්නේ victim blaming කියලා. ඔයා ඒ වගේ වෙන්න එපා.

හැබැයි මෙයාලගේ තර්කෙ හැටියට, ලිංගික අතවරවලට උල් පන්දම් දෙන්නේ ලංකාවේ සංස්කෘතියට නොගැළපෙන අස්සීල ඇඳුම් ඇඳපු කාන්තාවන් නම්, අම්මගේ තුරුළේ අගේට නිදියගෙන ඉඳපු අවුරුදු පහේ පුංචි සේයා සදෙව්මි තිරිසන් විදියට දූෂණය වෙලා, මරණයට පත්වුණේ කොහොමද? මේ ඝාතන නඩුවේදී පොලිසිය පාවිච්චි කලේ අර සාමාන්‍ය ගොඩේ සමාජ මතය ම තමයි. නිල් චිත්‍රපටි තියෙන පරිගණකයක් තියාගත්තු කොල්ලෙක් ව උදේ පාන්දර ම අත්අඩංගුවට අරගෙන, “මෙන්න මෙයාගේ පරිගණකයේ මෙච්චර නිල් චිත්‍රපටි තියෙනවා”ය කියලා මුළු ලංකාවට ම කිව්වා. ඒත් ඇත්තටම මේ තිරිසන් වැඩේ කරලා තිබුණේ අපි මේ කතා කරන විදියේ, තමන්ට තමන් ව පාලනය කරගන්න බැරි පුද්ගලයෙක්.

ස්ත්‍රී දූෂකයන් විතරක් නෙවෙයි, පාරේ තොටේ යද්දී කුණුහරුප, වනචර කතා කණට කොඳුරාගෙන යන එවුන්ට, මේ ඉන්නේ ඉස්කෝලේ ඇඳුමින් ඉන්න පුංචි කෙල්ලක්ද, සාරියක් පටලගත්ත ආච්චි අම්මා කෙනෙක්ද කියන එක වැඩක් නෑ. තිරිසනෙක් තරම්වත් මොළ ගෙඩියක් නැති උන් වගේ අයට, අඩු තරමේ මේ ඉන්නේ අම්මද, අක්කද, නංගිද කියන එක ගැනවත් ඌට වගක් නෑ.

කොහොම වුණත්, මේ හැමදේකින්ම කියැවෙන්නේ එකම දෙයයි. ඒ කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නෑ වගේ, කවුරු කොහොම මොනවා කිව්වත්, කොහේ හිටියත් “සතා සතාමයි" කියන එක.

යශෝධරා සහ බඩුව

ලංකාවේ ඉන්න සමහර පිරිමි, ගොඩක් ගැහැණුන්ව දකින්නේ “බඩු” විදියට. මේක ඇත්තටම පිරිමින්ට තියෙන ලෙඩක්.  

මොකක්ද මේ “බඩුව" කියන එකේ අවුල? ඩික්ෂනරියේ හැටියට නම් බඩුව කියන්නේ Object. එහෙමත් නැත්තන් අපට ඕනේ විදියට පාවිච්චි කරන්න පුළුවන් “අජීවී වස්තුවක්". දැන් තේරෙනවා නේද වචනේ බරපතලකම?

මනෝවිද්‍යාවේ එන Madonna and Whore Complex කියන සංකල්පය, ලංකාවේ අපේ තාලෙට   හදාගත්තොත් “යශෝධරා සහ බඩුව” කියලා හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ අදහසට අනූව හිතන මිනිස්සු, ගැහැණු කියන සංහතිය කොටස් දෙකකට බෙදනවා. එකක් යශෝධරා වගේ (ඔව් ඔව්, සිදුහත්කුමාරයගේ බිසව තමයි) බොහොම හොඳ හැදියාවක් ඇති, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතිකුලයට සුදුසු (ලේසි වචනෙන්ම කියනවනම් wife-material) ගැහැණු ළමයි. අනිත් එක තමයි දකින දකින අයත් එක්ක බුදිය ගන්න ලෑස්ති ගැහැණු කාණ්ඩය.

හැබැයි, මෙයාලට නොතේරෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ලෝකේ ඉන්න කිසිම ගැහැණියක් මේ අන්ත දෙකේ කෙළවරවල්වලට අයිති නොවෙන වග. අනිත් දේ මේකයි. අපි යශෝධරාගේ කාණ්ඩයට අයිති වෙන්න පුළුවන් කට්ටියව පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. කාන්තාවක් කරන, කියන දේ අනූව එයාට “බඩුව" කියන ලේබලය අලවන්න, මේ පිරිමින්ට තියෙන අයිතිය මොකක්ද? ගැහැණියකට ඒ ලේබලේ අලවන්න කළින්, තමන් කරලා තියෙන හරිය ගැනත් පොඩ්ඩක් හිතලා බැලුවනම් හොඳයි.

කොහොමද මේවයින් ගැළවෙන්නේ?

වැඩිපුර මේ වගේ තත්ත්වයන් මුහුණදෙන්නේ කාන්තාවො වුණාට, සමලිංගික සහ වෙනස් විදියේ ලිංගිකත්වයන් තියෙන කට්ටියත් මේ විදියේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, කෙනෙක් ඔයාට අපහසුතාවයක්, හිරිහැරයක් කරන්න සූදානම් වෙන වගක් පේන්න තියෙනවනම්, මේ වගේ පියවරවලින් ඒක වළක්වාගන්න පුළුවන්.

1. තමන් හිසට තම අතමය සෙවණැල්ල

ඔයා ඉන්නේ සෙනඟ නොගැවසෙන, පාළු පැත්තක නම්, තමන් ඉන්නේ බයෙන්, චකිතයෙන් කියන වග පේන්න තියන්න එපා. හැබැයි චණ්ඩි පාට් දාන්නත් හොඳ වෙලාවක් නෙවෙයි මේක. ඒ නිසා තමන්ගේ වැඩිහිටියෙක්ට, යාලුවෙක්ට කතා කරලා තමන් ඉන්නේ කොහේද කියන එක ගැන කියන්න (පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න පුළුවන් නම් හොඳයි). ඒ වගේම, තමන්ට ඒ පුද්ගලයව තව මොහොතකින් මුණගැහෙන බව අඟවන්නත් අමතක කරන්න එපා. ඉන්පස්සේ පුළුවන් ඉක්මණට ඔය ඉන්න තැනින් තොලොංචි වෙලා සෙනඟ ඉන්න පරිසරයකට යන්න.

2. ප්‍රතිචාර දක්වන්න

වටේ පිටේ සෙනඟ ඉන්නවනම්, හොඳම දේ තමයි ඔය සල්ලාලයන්ට අනිත් පැත්තට හොඳවැයින් දෙකක් කතා කරන එක. ඒ වගේ දෙයක් සද්දෙට ඇහෙන්න කිව්වම, ඒ වෙලාවේ වටපිටාවේ ඉන්න අයගේ අවධානයත් ඒ පුද්ගලයට යොමු වෙනවා. නරක දෙයක් වෙන්න කළින්, ඒ වගේ අවධානයක් ලැබෙන එක, ඔයාගේ පරිස්සමට හුඟක් වැදගත්.

3. පොලිසියට පැමිණිලි කරන්න

අපරාධ නඩු විධාන සංග්‍රහයට 1995 අවුරුද්දේ අංක 22 දරණ පනතින් ගෙනාව සංශෝධනයට අනූව, ප්‍රසිද්ධියේ කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ කාන්තාවකගේ විළිබිය ට අවනම්බු වෙන ආකාරයේ දේවල් පැවසීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වැරැද්දක්. මේක ඇත්තටම ගොඩක්දෙනා නොදන්න දෙයක්. හරි, කමක් නෑ. දැන් දැනගත්තනේ.

හැබැයි ප්‍රායෝගිකව ගත්තොත්, මේක හැමවෙලේම හැමදෙනාටම කරන්න අමාරුයි. මොකද පැමිණිල්ලක්‌ කරත්, දිගු වෙලාවක් තිස්සේ පොලිසියේ ප්‍රශ්න පෙළකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. “මේ සිද්ධියට මුහුණදුන්නේ කොයි වේලාවේද?”, “කොහෙදිද?”, “ඒ වෙලාවේ ඒ ස්ථානයේ ඉන්න හේතුව මොකක්ද?”, “තනිවම ඒ ගමන යන්න හේතුව කුමක්ද?”; ඔන්න ඔය වගේ නා නා ප්‍රකාර ප්‍රශ්න. ඒ නිසා ඒවටත් ලෑස්තිවෙලායි මේ වැඩේට යන්න ඕනේ.

4. අදාළ ආයතනයට දැනුම් දෙන්න

“දැන් හැදෙන ළමයි නම්…”

මේක ගොඩක් වැඩිහිටියන්ගේ ප්‍රියතම වාක්‍යයක්. දැන් කාලේ ඉස්කෝල කොල්ලෝ කරන වැඩවල හැටියට ඒ කතාවේ වැරද්දක් කියන්නත් බැහැ. වාචාලකමට, කොලුකමට විතරක් නෙවෙයි, සමාජයත් එක්ක ගැටෙන්න නොදී ඔවුන්ව නිවාස අඩස්සියේ තියාගෙන ඉන්න උත්සහ කරන දෙමාපියන් නිසා, නව යොවුන් වයසේ ළමයින් අසාමාන්‍ය හැසිරීම්වලට පෙළඹෙන්න පුළුවන්. ඉස්කෝලේ ඇඳුමින් ඉන්න ළමයෙක් අතින් ඒ වගේ දෙයක් සිද්ධ වුණොත්, හොඳම දේ තමයි ඒ ඉස්කෝලෙට දැනුම් දෙන එක. මොකක් හරි ආයතනයකදී වෙච්ච දෙයක් නම්, ඒ ආයතනයේ වග කිව යුතු අංශයකට පැමිණිලි කරන්නත් ඔයාලට පුළුවන්.

5. අඳුනගන්න, ස්ප්‍රේ කරන්න

සරලවම කිව්වොත්, “පෙපර් ස්ප්‍රේ හොඳයි, අයිඩෙන්ටිෆිකේෂන් ස්ප්‍රේ හොඳායි”. මේ ස්ප්‍රේ වර්ගය ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගන්න පුළුවන්. කෙනෙක්ගේ සමට මේවා වැදුනාම, තාවකාලික වුණත්, ලේසියෙන් ඉවත් කරන්න බැරි විදියේ පැල්ලමක් හිටිනවා. ඒ වගේම අමුතු සුවඳකුත් එනවා මේකෙන්. කෙනෙක්ට හරිම පහසුවෙන් අඳුනගන්න පුළුවන් වෙන නිසා, පොලිසියේ අයගෙත් වැඩේ ලේසි වෙනවා.

6. කෙනෙක්ගේ ආරක්ෂාවට ඉදිරිපත්වෙන්න

හෙට අනිද්දා බඳින්න ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් පටලන් ගියත් රවලා බලන්න නම් ඕනේ තරම් ඇන්ටිලා ඉන්නවා. ඒත් ඒ කෙල්ල ම පාරේ ඉන්න මේ වගේ නරුමයෙක්ගේ ග්‍රහණයට ලක්වුණොත්, ඊට එරෙහිව මීක් සද්දයක් දාන්න මොකෙක්වත් නැහැ. කවුරු මොනවා කිව්වත්, අද සමාජයේ වැඩිපුරම දැකගන්න ලැබෙන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයක්.

ලංකාවේ මිනිස්සුන්ගේ හොඳ හිත ගැන සෑහෙන්න ප්‍රසංසනීය කතා තිබුණත්, විපත්තියක් වෙද්දී දැක්කේ නෑ වගේ අහක බලාගෙන යන කැත පුරුද්ද දැන්වත් අත හැරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. කෙනෙක්ව සල්ලාලයෙක්ගේ ග්‍රහණයකට නතුවෙන්න යන බව ඉව වැටුණොත්, ඒ කෙනාව බේරගන්න එක ඔයාගෙත් යුතුකමක් වග හැමවෙලාවේම මතක තියාගන්න. මොකද අද දවසේ ඒ කටුක අත්දැකීමට මුහුණදෙන “ඇය”, හෙට “ඔබ” විය හැකියි. ඒ නිසා ඒ වෙනුවෙන් නැඟී හිටින එක, කතා කරන එක, මේ වගේ වින්නැහි තවදුරටත් වෙන එක වළක්වාගන්න පුළුවන් විදියක්.

කාන්තාවකට මේ වගේ දෙයක් වුණාම සමහර වෙලාවට අවට ඉන්න කාන්තාවක් එයා වෙනුවෙන් ඉදිරිපත් වුණත් අර කලින් කීව වගේ වෙනස් විදියේ ලිංගිකත්වයන් තියෙන කෙනෙක් ව අපහසුතාවට පත්කරද්දි එයාලා වෙනුවෙන් කවුරුත් ඉදිරිපත්වෙන්නෙ නෑ.

ඔයා කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත්, කරදරේට පත් වුණ කෙනා කවුරු වුණත්, තවත් මනුස්සයෙක් කරදරයට වැටුණු වෙලාවට එයාට උදව් කිරීම තමයි මනුස්ස ගතිය. අඩු ගානේ ඒ අවම දේවත් කරන්න.

පවුල හදා රට හදමු

ගොඩක් වෙලාවට මේ වගේ මානසික තත්ත්ව තියෙන බොහොමයක් පිරිමි අයගේ පවුල් පසුබිම් ගොඩක් අවුල් (එහෙම නැති අයත් නැතුව නෙවෙයි). ඒ නිසා හොඳම දේ තමයි, පවුලක් විදියට මේ වගේ පුද්ගලයෙක් සමාජයට තිලිණ නොවෙන්න වැඩ කරන එක. තමන්ගේ දරුවන්ගේ හැසිරීම් ගැන අවධානයෙන් ඉඳලා, ඒවායේ අසාමාන්‍ය බවක් තියෙනවනම්, ඒ ගැන හංගාගෙන ඉන්න එක නෙවෙයි විය යුත්තේ. ඒක සුව කරන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාදීමයි.

ගැහැණු ළමයින්ගේ ආත්ම ශක්තිය ගැනත් පොඩ්ඩක් වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ. මඟ තොටේදී කණට කරල “ආහ් නංගි, පු* සුදුද?” වගේ ප්‍රශ්න අහන අය ඇත්තට ම ඒ ප්‍රශ්න අහන්නෙ උත්තර බලාපොරොත්තුවෙන් නෙවෙයිනේ. ඇත්තටම එයාලා මේ වැඩේ කරන්නේ  ‘ලැජ්ජා බයට’ හැදුණු ගෑණු ළමයි ඔළුව නමාගෙන යනව මිස මේවට ප්‍රතිචාර දක්වන්නෙ නැති බව ෂුවර් එකට ම දන්න නිසා. (සහ එයාලාට කෙනෙක් එක්ක මූණට කතාකරලා සම්බන්ධතාවයටක් ගොඩනගාගන්න තරම් පෞරුෂයක් නැති නිසා.) ඉතිං ඒ වගේ වෙලාවට ඒවට නිසි ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදියේ පෞරුෂයක් මේ හරහා එයාලට  ලබාදිය යුතුමයි.

සංස්කෘතියට විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තය, ආර්ථිකය වගේ අංශ කෙරෙහි විතරක් නෙවෙයි, හැම සම්බන්ධතාවට ම මේක බලපානවා. ඇයි ඉතිං කොයි වෙලාවෙත් නාදුනන අය ගැන බයෙන් සැකෙන් ජීවත් වෙන සමාජයක කලින් අදුනන් නැති කෙනෙක් එකක් ආදර සම්බන්ධතාවක්වත් පටන්ගන්නෙ කොහොමද?

පවුල හදලා රට හදන එක මේ තරම් වැදගත් වෙන්නේ ඒ නිසාමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide