පොත්ගුල්ලන්ට මේ දවස්වල තියන ප්‍රශ්න!.

මේ පොත්ගුල්ලන්ගේ මාසේ හෙවත් සාහිත්‍ය මාසේ. කොළඹ ලොකු ම පොත් ප්‍රදර්ශනේ එහෙමත් මේ දවස්වල පැවැත්වෙනව නේ. ඉතින් අනික් අය නොදන්නවට මොකෝ පොත්පත් කියවන අය මේ දවස්වල හරි කාර්යබහුලයි. කතාවෙ හැටියට නං ඔළුව නිකං යකාගෙ කම්මල වගේ ලු. ඒ ඇයි කියල අනික් අයට දැනගන්නත් එක්ක අපි එළි කරන්නයි හදන්නෙ.

පොත් ලිස්ට් එක

අවුරුද්දෙ මුල ඉඳන් ම එළිදකින, හොඳයි කියල හිතෙන පොත්වල ලැයිස්තුවක් හදන එක පොත්ගුල්ලන්ගේ ප්‍රියතම පුරුද්දක්. ඉස්සර වගේ නෙවෙයි, දැන් බුක් ෆෙයා කිට්ටු වෙනකොට පොත් එළිදැක්වීම් බර ගාණක් තියනවා. ඉතින් දන්නෙ ම නැතුව ලැයිස්තුවත් දික් වෙනවා. ඒත් ඉතින් ලැයිස්තුවටත් සීමාවක් තියෙන්න එපායෑ. දකින දකින හැම පොත ම ඒකට දාගෙන බෑ. ඉතින් බුක් ෆෙයා ලං වෙද්දි මේ ලැයිස්තුව එඩිට් කරන්න සිද්ධ වෙනවා. අවශ්‍ය ම පොත් තියලා අනික් ඒවා කපා හරින එක තමයි අමාරු ම වැඩේ. පොත්ගුල්ලො කියන්නෙ පොත්වලට හෙන ලෝබ කට්ටියක් නෙ.

බුක් ෆෙයා යුද්දේ

සැප්තැම්බර් කියන්නෙ වස්සාන කාලෙ. ගොඩක් වෙලාවට බුක් ෆෙයා කාලෙට වහිනව. ඉතිං වැස්සෙ ඇවිද ඇවිද, වැස්සෙ නැත්තං අව්වෙ පිච්චි පිච්චි, ස්ටෝල්ස් හොය හොයා, සෙනග අස්සෙ තෙරපි තෙරපි ගිහින් පොත් තෝරන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි ජීවිතේ එපා වෙන වැඩක්. ඒ මදිවට මේ පාර යන යන තැනින් අත හෝදන්නයි සැනිටයිසර් ගාගන්නයිත් තියනව. මාස්ක් දාගෙන ඉන්නත් එපායෑ. හැබැයි ඉතින් එහෙම කියල අපි බුක් ෆෙයා නොගිහින් ඉන්නවද? නෑනෙ නෑනෙ..

සාක්කුව

හුඟක් පොත්ගුල්ලො සැප්තැම්බර් මාසේ පොත් මිලට ගැනීම වෙනුවෙන් සල්ලි ඉතිරි කරන්නෙ අවුරුද්දෙ මුල ඉඳන්මයි. ඒත් ඉතින් පොත් ගන්න ගියාම නෙ තරු විසි වෙන්නෙ. දැන් පොත් ඉස්සරට වඩා සෑහෙන ගණන් නිසා බුක් ෆෙයා එකේ දෙන 20% වට්ටම දැනෙන්නෙවත් නැති එකක්. පොත් දෙක තුනක් අරං බලද්දි දන්නෙ ම නැතුව අතේ තිබ්බ තුට්ටු දෙක ඉවර වෙලා. ඒ හින්ද සමහරුන්ට ගන්න වෙන්නෙ ලිස්ට් එකේ තියන පොත්වලින් බාගයයි. ඔක්කොම ගත්තොත් බුක් ෆෙයා එකේ ඉඳන් ගෙදර එන්නවත් අතේ පිච්චිය නැති වෙන සීන් එකක් නෙ තියෙන්නෙ.

ගෙදර තියන පොත්

කලින් අවුරුදුවල අරං තාම කියවගන්න බැරුව ගිහින් ගෙදර එකතු වෙලා තියන පොත් සෑහෙන ප්‍රමාණයක් තියෙද්දි, මේ අවුරුද්දෙත් බුක් ෆෙයා ගිහින් පොත් අරං ඇවිත් ගෙදර ගොඩ ගහන පුරුද්දක් ඔයාටත් තියනවද? මොනා කරන්න ද ඉතින්! කවුරු කවුරුත් එහෙම තමයි. අපි එහෙම කරන්නෙ පොත්වලට තියන ආසාවට නෙ. අනික තමන්ගෙ ම කියල පොත්ගුලක් තියන එක පොත්ගුල්ලෙකුට හිතේ සතුට පිරෙන කාරණයක්. ඉතින් පොත් රැස් කළාට කමක් නෑ, කවදමහරි කියවන්න වෙලාවකුත් හොයාගන්න.

රාක්ක

ගෙදර පොත් පිරිලා ඉතිරිලා තියනකොට ඒවා පිළිවෙළකට රාක්කවල අඩුක් කරලා දූවිලි, වේයෝ එහෙම නොයන්න පිරිසිදුවට තියාගන්න එක අත්‍යවශ්‍යයි. එහෙම රාක්ක කීපයක් එකතු වුණාම පුංචි පුස්තකාලයක් ගෙදර ම හැදෙනවා. ඔහොම දිගට ම කියවීමේ සහ පොත් රැස් කිරීමේ පුරුද්ද කරගෙන ගියාම කාලයත් එක්ක තමන්ගෙ පොත්ගුලට කාමරයක් ම වෙන් කරන්න වෙන තැනට වැඩ සිද්ධ වෙනවා. හැබැයි ඒකත් මදි වුණොත් තමයි කේස් එක! එතකොට ඉතින් ගෙදර අනික් අයගෙන් බැනුං එහෙමත් අහගෙන තව පොත් රාක්කවලට ඉඩ හොයාගන්න වෙනවා. ඉතින් බුක් ෆෙයා එකෙන් පොත් ගන්න ගියාම පොත් තියන්න ගෙදර තව ඉඩ තියනවද කියලත් දෙපාරක් හිතන්න ම වෙනවා.

පටන්ගන්නෙ මොන පොතෙන් ද?

සැප්තැම්බර් සාහිත්‍ය මාසේ වගේ ම ඔක්තෝබර් කියවීමේ මාසේ. ඉතින් ගත්ත පොත් කියවන්නත් එපායෑ. පොත් ගන්න සල්ලිත් හොයාගෙන, පොත් තියන්න ගෙදර ඉඩත් හොයාගෙන කොහොම හරි සෙනග අස්සෙ දඟලලා අලුත් පොත් ටිකක් ගෙනාවා කියමුකො. ඊළඟට එන ලොකු ම ප්‍රශ්නෙ අලුත් කියවීම් වර්ෂය වෙනුවෙන් කියවන්න පටන්ගන්නෙ මොන පොතෙන් ද කියන එක. නවකතා විතරක් කියවන අයට වඩා කවි, කෙටිකතා, ශාස්ත්‍රීය සහ වෙනත් පොතුත් කියවන අයට මේක හෙන සංකීර්ණ ප්‍රශ්නයක්!

පුලන්නෝ

ඒ මොක්කුද? අපි පොත් ගන්න බව දැනගෙන, අපෙන් පොත් ඉල්ලන්න ලෑස්ති වෙලා පුල පුලා බලන් ඉන්න කට්ටියට තමයි පුලන්නො කියන්නෙ. කවුරු වුණත් පොතක් පතක් කියවන එක හොඳයි තමයි. ඒත් ඉතිං ගෙනිච්ච පොත් ආයෙත් අයිතිකාරයට බාර දෙන පුරුද්දකුත් මේන්ටේන් කරනව නං තමා හොඳ. කියවල ගෙනත් දෙන්නං කියල පොත් ඉල්ලගෙන යන අය පොත් නැති කරන එක, පොත් අයිතිකාරයෝ හැමෝම අත්විඳලා තියන එපා කරපු සීන් එකක්. ඉතිං කාටහරි පොතක් දෙද්දි දැන් දෙපාරක් හිතන්න වෙලා බව දන්නෝ දනිති.

බිග් බෑඩ් වුල්ෆ්

ඉස්සර නං කොළඹ තියන එක ම ලොකු පොත් ප්‍රදර්ශනේ වුණේ සැප්තැම්බර් බුක් ෆෙයා එක. ඒත් දැන් අවුරුදු කීපයක ඉඳන් බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට එනව නේ. ඒ එන්නෙ නිකං නෙමෙයි, තඩි ඩිස්කවුන්ට් ගොඩක් අරං. ඇත්තට ම දැන් ලංකාවෙ ඉන්න ඉංග්‍රීසි පොත් කියවන අය සැප්තැම්බර් බුක් ෆෙයා එකට වියදම් නොකර, බිග් බෑඩ් වුල්ෆ් එනකං බලන් ඉන්න පුරුදු වෙලා ඉංග්‍රීසි පොත් ගන්න. ඒකට හේතුව බුක් ෆෙයා එකට වඩා ලොකු ම ලොකු වට්ටම් ගොඩක් සහ ලොකු පරාසයක විහිදුණ පොත්පත් ගොඩක් බිග් බෑඩ් වුල්ෆ්ගෙන් ලැබෙන නිසා. කොහොම වුණත් ඉංග්‍රීසි පොත්වලට සීමා නොවී සිංහල හෝ දෙමළ භාෂාවලිනුත් කියවන අයට දැන් මේ ප්‍රදර්ශන දෙකට ම යන්න සිද්ධ වෙලා තියනවා. ඉතින් ඉස්සරට වඩා අවුරුද්දකට පොත්වලට යන වියදමත් වැඩි වෙලා ඕං.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

International Hummus Festival 2023 at Hilton Colombo

By Hashini Pathirana Ramadan Kareem! Festivities have just begun for the Muslim/Islam community in welcoming

Highlights Kamu

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

Ifthar 2023 – Reinvented by Street Burger

By Shamrina Carim During this holy month of Ramadan, once again Street Burger has not

Highlights Kamu

Arabia’s Oasis of Flavours – Cinnamon Red

Cinnamon Red Colombo’s top tier fine dining Flavored restaurant has introduced an incredible range of

Highlights Kamu

The weekend Lunch Buffet at Movenpick

Movenpick boasts of its location in the heart of Colombo, its 219 spacious, luxury hotel

Highlights Kamu

Trending.

John Wick Brings the Action the Red Carpet Premiere at Scope Cinemas.

Scope Cinemas, Liberty Cinemas Limited, and Lionsgate proudly present the exclusive premiere of John Wick:

Trending

Thambili Culture Boutique – A homegrown boutique in the heart of Colombo

What’s in store? The Thambili Culture Boutique is a locally inspired clothing store that started

Highlights Trending

International Hummus Festival at Hilton Colombo

Get Ready to Dip, Savor and Celebrate: International Hummus Festival Returns Bigger and Better Than

Trending

The Grand Iftar Spread by Ramada Colombo

By RR During this blessed month of Ramadan, Muslims around the globe come together to

Kamu Trending

5 Spots to experience an Iftar Buffet – 2023

The holy month of Ramadan is approaching in a few days. It’s that festive time

Highlights Trending

Ramada Colombo Celebrates 49 Remarkable Years of Exclusive World-Class Hospitality

The iconic star-class luxury hotel, Ramada Colombo, is owned by the American multinational-World’s largest hotel

Trending

Yamu Guide.

7 places to have Pasta- 2023

By Shamrina Carim Our taste buds crave for that perfect chef-kiss Italian cuisine once in

Highlights Kamu Yamu Guide

6 Trusted Pet Food Brands you should know

For awhile, Petmart has established itself as the premier pet shop in Sri Lanka. It

Highlights Yamu Guide

6 Pet Essentials from Pet Mart

Coming home to a devoted friend is the best feeling in the world. A pet's

Highlights Yamu Guide

9 Places to eat Rice & Curry

By RR Yes, pizzas and burgers are amazing but truly nothing can beat a good

Highlights Yamu Guide

Celebrate Valentine’s Day with Quickee this year!

It's easy to get caught up in the everyday hustle and bustle of life, where

Highlights Yamu Guide

7 Places to Hike in 2023

Have you ever thought of arranging a travel bucket list to climb a mountain this

Highlights Yamu Guide