2018 ස්වර්ණ පුස්තක සම්මානය කාටද? අවසන් සටනට තව දවස් 3ක් පමණයි!.

අප්‍රේල් මාසේ කිට්ටු වෙද්දී සිංහල අලුත් අවුරුද්ද එනකන් ඇඟිලි ගණින අපි, මැයි මාසේ වෙද්දී වෙසක් කූඩු එහෙම හදලා දන්සල් වන්දනාවේ යන්න ලෑස්ති වෙනවා. ඊළඟට දෙසැම්බරේ කිට්ටු වෙද්දී අපේ අය ඉස්පාසුවක් නැතුව ඉන්නේ ලස්සන නත්තල් ගහක් හදන එක ගැන. ඔන්න ඔය විදියට ගෙවෙන අවුරුද්දේ තියෙන විශේෂ මාස කීපය අතරට වැටෙන තවත් එකක් තමයි සැප්තැම්බර් මාසේ. කවුරුත් දන්න සරල සිංහලෙන් කියනවනම්, මේක තමයි “පොත් මාසේ”!

ඉතින් මේ පොත් මාසේ, එහෙමත් නැත්තන් සාහිත්‍ය මාසයේ තියෙන වැදගත් ම අංගයක් තමයි BMICH එකේ මහා ඉහළින් පැවැත්වෙන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය. ඔය පොත් ප්‍රදර්ශනය ගැන කතා කරද්දී, ඊට සමගාමීව සූදානම් වෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැනත් කතා නොකර ම බැහැ. මොකද මේ තරගාවලියේ අවසන් වටයට පිවිසෙන පොත් කීපයට පොත් ප්‍රදර්ශනය පුරා ම ලැබෙන්නේ සුවිශේෂී අවධානයක්. ප්‍රදර්ශනය අතරතුර උණු කැවුම් වගේ විකිණෙන පොත් ගොන්නට මේ පොත් ටිකත් එකතු වෙනවා.  තවත් පරම්පරාවක පොත් රචකයන්ට, සිංහල සාහිත්‍යය වෙනුවෙන් හොඳ කෘති ඉදිරිපත් කිරීම සඳහා දිරිමත් කිරීමක්, ඇගයීමක් තමයි මේ සම්මාන උලෙළ හරහා සිද්ධ වෙන්නේ. 

පොත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් වසරක් ගාණේ සංවිධානය වෙන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ 11වෙනි වතාවට. ඒ වෙනුවෙන් 2017 අවුරුද්දේ පළ වුණු පොත් 125ක් තරග වැදුණා.

2017දී සම්මාන ලබපු අය කවුද?

2017 අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට පොත් 96ක් තරග වැදුණා. ඒවායින් අවසාන වටයට තේරුණේ මෙන්න මේ පොත් පහයි.

“සිය සිය පත් සිය" – සුමිත්‍රා රාහුබද්ධ

“වණ්ණ දාසි” – කත්‍යානා අමරසිංහ

“ගරුඩ මුහුර්තය" – කීර්ති වැලිසරගේ

“ප්‍රංශ පෙම්වතා" – ශාමෙල් ජයකොඩි

“හඳ පළුව තනි තරුව” – නිශ්ශංක විජේමාන්න

ඔය අතරින් ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණේ නිශ්ශංක විජේමාන්න මහත්මයා අතින් ලියවුණු “හඳ පළුව තනි තරුව” කියන නවකතාවට.

2018 ස්වර්ණ පුස්තක සම්මානය කාටද?

මෙදා සැරේ අවසන් වටයට තේරිලා තියෙන පොත් 5 තමයි මේ.

“අප්පච්චි ඇවිත්” – සමන් වික්‍රමාරච්චි (සරසවි ප්‍රකාශක)

“අසනග වැසි” – දර්ශන ශම්මි විජේතිලක (සුසර ප්‍රකාශක)

“චක්‍ර” – ජයතිලක කම්මැල්ලවීර (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)

“යකඩ සිල්පර” – විමල් උදය හපුගොඩආරච්චි (ෆාස්ට් ප්‍රකාශක)

“වරණ” – පද්මිනී සෙනවිරත්න (විදර්ශනා ප්‍රකාශක)

මේ පොත් පහ අතරින් ස්වර්ණ පුස්තකය තෝරාගැනීමේ බැරෑරුම් රාජකාරිය පැවරිලා තියෙන්නේ පස්දෙනෙකුගෙන් සමන්විත වුණු විනිශ්චය මණ්ඩලයකට.

තෑගි බෝග මොනවද?

ඉස්සර නම් ස්වර්ණ පුස්තකය බවට පත්වෙන ග්‍රන්ථයට ලැබෙන්නේ රු.500,000ක මුදලක්. හැබැයි පහුගිය අවුරුද්දේ ඒ තෑගි මුදල රු. 750,000ක් දක්වා ඉහළ නැංවුණා. අවසන් වටයට තේරුණු පොත්වලට ලැබුණු රු. 50,000 මුදල් ත්‍යාගය, 2017දී රු. 100,000 දක්වා වැඩි කරලා තිබුණා. ඉතින් මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ තෑගි මුදලත් ඒකමයි.

කොහොම වුණත් මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය ලැබෙන්නේ කාටද කියල දැනගන්න පුළුවන් වෙන්නේ මේ එළඹෙන 15වෙනිදාටයි. මොකද සම්මානයේ අවසන් තීරණය ලැබෙන්නේ එදාටනේ. මේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා විදියට සහභාගී වෙන්නේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා මහත්මයායි.

ඒ විතරක් නෙවෙයි, ඔය ජයග්‍රහණය කරපු පොත් විතරක් නෙවෙයි, තව පොත් තොගයක් ම ගන්න ආසාවෙන් ඉන්නවනම්, සැප්තැම්බර් 21 වෙනිදායින් පටන්ගෙන, සැප්තැම්බර් 30වෙනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියා නම් හරි. වෙනදා වගේ ම තමයි, මෙදා සැරෙත් ඒක තියෙන්නේ BMICH එකේමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Trending.

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Browns Hotels Opens Turtle Conservation Hub at Dickwella Resort

On 23rd May, to celebrate World Turtle Day, Browns Hotels & Resorts (BHR) began a

Trending

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Yamu Guide.

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide