2020 ටෝකියෝ ඔලිම්පික් යන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ.

ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන සිකුරාදා, ඒ කියන්නෙ 2021 ජූලි 23 වැනිදා ආරම්භ වෙනවා. පොතේ හැටියට ටෝකියෝ ඔලිම්පික් උළෙල පවත්වන්න නියමිත වෙලා තිබුණේ ගිය අවුරුද්දේ, ඒ කියන්නෙ 2020 ජූලි සහ අගෝස්තු මාසවල. හැබැයි කොරෝනා වසංගතය මුළු ලෝකය පුරා ම ව්‍යාප්ත වීමත් එක්ක අනෙක් හැම දේ ම වගේ ඔලිම්පික් උළෙලත් දින නියමයකින් තොර ව කල් ගියා. ඒත් දැන් නම් ඔන්න ටෝකියෝ ඔලිම්පික් උළෙලට සියල්ල ලෑස්තියි.

ජූලි 23 වැනිදා ඉඳන් අගෝස්තු 8 වැනිදා දක්වා, ජපානයේ ටෝකියෝ අගනුවර දී මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්න නියමිතයි. ඔලිම්පික් කිව්වම අපිට මුලින් ම මතක් වෙන්නෙ සුසන්තිකා ජයසිංහ නේ. ඇය වගේ ම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙක්, ක්‍රීඩා හතක් නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් යන්න සුදුසුකම් ලබලා තියනවා. ශ්‍රී ලංකාව ඔලිම්පික් උළෙල සඳහා මේ ඉදිරිපත් වෙන්නෙ 18 වැනි වතාවට.

නිලූක කරුණාරත්න

1985 පෙබරවාරි 13 වැනිදා ගාල්ලේ දී උපන් නිලූක කරුණාරත්න, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරුවා. වයස අවුරුදු 8 සිට බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු වුණු ඔහු 2001 වසරේ, එනම් ඔහුට වයස අවුරුදු 16 දී තමන් සහභාගි වුණ පළමු ජාතික ශූරතා තරගාවලියේ දී ම ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරයා වුණා. ඒ ලංකාවෙ බිහි වුණු ළාබාලතම ජාතික බැඩ්මින්ටන් ශූරයා යන වාර්තාව හිමි කරගනිමින්. එතැන් පටන් ඔහු 17 වතාවක් ජාතික බැඩ්මින්ටන් ශූරයා වී තිබෙනවා. එය ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ජාතික බැඩ්මින්ටන් ශූරතාව දිනාගත් වැඩි ම අවස්ථා ගණනයි. 

දැනට ලංකාවෙ ඉන්න අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වගේ ම, බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ලංකාවට වැඩි ම පදක්කම් සහ ජයග්‍රහණ අත් කරලා දුන්න ක්‍රීඩකයා තමයි නිලූක. ඔහු බැඩ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 34 වැනි ස්ථානය දිනාගෙන, ලංකාවේ බැඩ්මින්ටන් දස්කම් ජාත්‍යන්තරයේ සටහන් කළ පළමු සහ එක ම ක්‍රීඩකයා බවට පත් වුණා. මීට පෙර 2012 සහ 2016 වසරවලත් ඔලිම්පික් උළෙලේ තරග කරපු ඔහු, දැනට ජාත්‍යන්තර තරගවලදි රන් පදක්කම් 9ක් ඇතුළු පදක්කම් 21ක් දිනාගෙන තියෙනවා. මේ අතරින් රන් පදක්කම් 5ක් දිනාගෙන ඇත්තේ මහාද්වීප 5කින් වීමත් විශේෂත්වයක්.

නිලූක විතරක් නෙමෙයි, ඔහුගේ පියා ලුවී කරුණාරත්න, සොයුරන් තිදෙනා දිනුක කරුණාරත්න, දිලුක කරුණාරත්න සහ චාමික කරුණාරත්නත් ලංකාවෙ ඉන්න ජාතික මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ. මේ අතරින් චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙත් සාමාජිකයෙක්. දැනට 36 වැනි වියේ පසු වෙන නිලූක කරුණාරත්න, මෙවර ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඒකල ඉසව් සඳහා තරග කිරීමට නියමිතයි.

ටෙහානි එගොඩවෙල

ඉලක්කයට වෙඩි තැබීමේ තරග ඉසව්වෙන් ඔලිම්පික් වරම් ලැබූ ටෙහානි එගොඩවෙල, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකාවක්. 1986 අප්‍රේල් 19 ඉපදුණු ඇය අධ්‍යාපනය ලැබුවේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්. හත් වරක් ඉලක්කයට වෙඩි තැබීමේ ජාතික ශූරිය වී තිබෙන ඇය, මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වට ඉදිරිපත් වෙන්න නියමිතයි. ඇය මේ ඔලිම්පික් උළෙලකට සහභාගි වෙන්නේ ප්‍රථම වතාවට. අවසන් වරට ඇගේ මෙම තරග ඉසව්වට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඔලිම්පික් වරම් ලබා තියෙන්නේ 2004 වසරේ දී. ලෝක වායු රයිෆල් ශ්‍රේණිගත කිරීම්වල 223 වැනි ස්ථානය හිමි කරගත් ටෙහානි දැනට 35 වැනි වියේ පසු වෙනවා.

මැතිව් අබේසිංහ

පිහිනුම් මීටර් 100 නිදහස් ආර ඉසව්ව යටතේ දෙවැනි වතාවට ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සැරසෙන මැතිව් අබේසිංහ, 2016 වසරේත් ඔලිම්පික් උළෙලේ තරග කළා. දැනට ලංකාවේ ඉන්න අංක එකේ පිහිනුම් ශූරයා ඔහුයි. 1996 මාර්තු 19 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ දී උපන් ඔහු, පිහිනුම් ක්‍රීඩාවට යොමු වුණේ සිය පියාගේ ආභාසයෙන්. ඔහුගේ මුල් ම පුහුණුකරුවා වශයෙන් කටයුතු කළේත් ඔහුගේ පියා මනෝජ් අබේසිංහ. ශ්‍රී ලංකා පිහිනුම් වාර්තා නවයකට සහ දකුණු ආසියානු පිහිනුම් වාර්තා හයකට හිමිකම් කියන මැතිව් දැනට 25 වැනි වියේ පසු වෙනවා. 

අනිකා ගෆූර්

මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් ලැබූ ළාබාලතම ක්‍රීඩිකාව වන අනිකා ගෆූර් 17 හැවිරිදියි. ඇය පිහිනුම් කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වට තරග වැදීමට නියමිතයි. මේ ඉසව්වෙන් ලංකාවෙන් ක්‍රීඩිකාවක් තරග වදින්නේ ප්‍රථම වතාවට. 2004 ජනවාරි 23 වැනිදා උපත ලැබූ අනිකා වාසය කරන්නේ තායිලන්තයේ. දැනට ලංකාවේ මීටර් 50 සහ 100 සමනල ආර ඉසව්වල ජාතික ශූරිය ඇයයි. ඒ වගේ ම 2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ලංකාව නියෝජනය කළ ඇය රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

මිල්කා ගෙහානි ද සිල්වා

මෙවර ඔලිම්පික් යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වන මිල්කා ගෙහානි තරග වදින්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන්. 2003 අප්‍රේල් 24 දා ඉපදුණු ඇය පාසලේ දෙවැනි ශ්‍රේණියේ ඉඳන් ජිම්නාස්ටික්වල නිරත වුණා. ඇය සිය ප්‍රථම ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත්තේ වයස අවුරුදු අටේ දී. පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන්, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඇයට 2019 වසරේ දී වැඩිදුර පුහුණු වීම් සඳහා ජපානයට ශිෂ්‍යත්වයක් ලැබුණා. එහි දී සිය ක්‍රීඩාව වඩා හොඳින් පුහුණු කරන්නට ඇයට පහසුකම් හිමි වුණා. පසුව ලෝක ජිම්නාස්ටික් ශ්‍රේණිගත කිරීම්වල 44 වැනි තැන දිනූ මිල්කා, ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වීමට සමත් වුණා. ඇය දැනට 18 වැනි වියේ පසු වෙනවා.

මැතිල්ඩා කාර්ල්සන්

අශ්වාරෝහක තරග ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන් මැතිල්ඩා කාර්ල්සන් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වෙනවා. 1984 සැප්තැම්බර් 27 දා උපන් ඇගේ භාරකාරිත්වය වයස මාස තුනේ දී ස්වීඩන් ජාතික යුවළකට හිමි වී තිබෙනවා. එතැන් පටන් ඔවුන් සමග ස්වීඩනයේ වාසය කළ මැතිල්ඩා අශ්වාරෝහකයෙකු වශයෙන් පුහුණු වීම් පටන්ගෙන තිබෙන්නේ එහිදී. පසුව තරග සඳහා නිවැරදි පුහුණුව ලබා ඇය ජාත්‍යන්තර මට්ටමේ තරග රැසක් ජයගෙන තිබෙනවා. ‘චොපින්’ නමැති අශ්වයා සමග ඇය මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වනු ඇති. දැනට ජර්මනියේ වාසය කරන මැතිල්ඩා 35 වැනි වියේ පසු වෙනවා.

චාමර ධර්මවර්ධන

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ කිලෝග්‍රෑම් 73 පිරිමි ඉසව්වෙන් තරග වදින චාමර නුවන් ධර්මවර්ධන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයෙක්. 1992 මැයි 10 වැනිදා උපත ලැබූ ඔහු වයස අවුරුදු 15 සිට ම ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ රාශියක් අත් කරගත්තා. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජූඩෝ ශූරතා රැසක් ඔහු සතුයි. 2016 ඔලිම්පික් උළෙලේ සිය බර පන්තියෙන් නව වන තැන හිමි කරගත් 28 හැවිරිදි චාමර, ජූඩෝ ක්‍රීඩාවෙන් ලංකාවට මෙවර ජාත්‍යන්තර පදක්කමක් ගෙන ඒමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. 

යුපුන් අබේකෝන්

ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වෙන් අපේ රට නියෝජනය කරන යුපුන් අබේකෝන් දැනට මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියනවා. ලාංකික ක්‍රීඩකයෙක් මේ ඉසව්වට ඔලිම්පික් සුදුසුකම් ලබා ඇත්තේ වසර 25කට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර 1996 දී මේ ඉසව්ව නියෝජනය කළ ලාංකිකයා චින්තක ද සොයිසා. 1994 දෙසැම්බර් 31 උපන් යුපුන්, ජාතික ජාත්‍යන්තර තරග රාශියක ශ්‍රී ලංකාවේ නම බබළවන්නට සමත් වී තිබෙනවා. 26 හැවිරිදි ඔහු දැනට ඉතාලියේ පදිංචි ව සිටිනවා.

නිමාලි ලියනාරච්චි

කාන්තා මීටර් 800 ධාවන ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ නිමාලි ලියනාරච්චි, මේ ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික ශූරියයි. ඒ වගේ ම මීටර් 800 ධාවන ඉසව්වේ 2016 දකුණු ආසියානු ශූරතාව, 2017 ආසියානු ශූරතාව ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රාශියක් ඇය සතුයි. 1989 සැප්තැම්බර් 19 සූරියවැව දී ඉපදුණු ඇය මේ ජයග්‍රහණ අත්පත් කරගත්තේ මලල ක්‍රීඩාවේ නියුතු ව දිගු කාලයක් කැප වීමෙන් පුහුණුව ලැබීමෙන් පසුවයි. මෙවර ඔලිම්පික් කාන්තා මලල ක්‍රීඩා ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වන නිමාලි මේ වන විට 31 වැනි වියේ පසු වෙනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide