සේපාල ඒකනායක; ලංකාවට ම එකයි!.

පහුගිය මාර්තු මාසේ දවසක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙ ඉඳන්, කයිරෝ වෙත ගමන් කරමින් ඉඳපු ඊජිප්තු එයාර් එච්.එස්‌. 181 යානය කොල්ලකරුවෙක් විසින් පැහැර ගැනුණා. ඔහුගේ අණින් මේ ගුවන් යානය ගොඩබැස්සුණේ සයිප්‍රසයේ ලර්කානා ගුවන් තොටුපලට. කොච්චර චණ්ඩිකම් පෑවත්, අන්තිමේදී ඔහු සයිප්‍රස් බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණා.

හැබැයි මේක කරපු සයිෆ් එල්ඩින් මුස්‌තාපා, ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අත්අඩංගුවට පත්වුණු වෙලාවේදී ඔහු කිව්වේ සයිප්‍රසයේ ඉන්න තමන්ගේ බිරිඳ ව බලන්න ඕනේ නිසයි මේ දේ කළේ කියලා.

මුස්තාපාගේ මේ කතන්දරෙන් මට මතක් වුණේ අපේ ලංකාවේ සේපාල ඒකනායක ව. එදා මෙදා තුර ඉතිහාසයේ ගුවන් යානයක් පැහැරගත්ත එක ම ශ්‍රී ලාංකිකයා වෙන්නේ ඔහුයි.

කවුද මේ සේපාල ඒකනායක?

Source : nation.lk

1949 මාතර කරතොට ප්‍රදේශයේ ඉපදුණු සේපාල ඒකනායක, හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අවුරුදු 15දී වගේ පාසල් ගමන අත හැරලා, කොළඹට එන්න ඔහු තීරණය කළා. ඒකට හේතුව සේපාල තමන්ගේ පියා සමඟ ඇති කරගත්ත බහින්බස් වීමක්.

1972දී ඔහු යනවා ජර්මනියට. එහෙදී ඔහුට ඇනා ඇල්ද්‍රෝවන්දි නම් තරුණියක් අඳුනගන්න ලැබුණා. මේ දෙන්නගේ මිත්‍රත්වය කෙළවර වුණේ ආදරයෙන්. ඒ ආදරයේ ප්‍රතිඵලයක් විදියට 1980 අවුරුද්දේදී ඔවුන් දෙන්නා විවාහ වුණා. විවාපත් යුවළ පදිංචියට තෝරාගත්තේ ඇනාගේ මව්බිම වුණු ඉතාලියයි (හරියට ම කිව්වොත් ඉතාලියේ මොඩෙනා ප්‍රදේශයයි). කාලය ගත වෙද්දී, මේ දෙන්නට පුතෙක් ලැබුණා. ඔහු නම් වුණේ “ෆ්‍රී ඒකනායක” විදියට.

සේපාල ආයෙත් ලංකාවට

ඇනා ත්, තමන්ගේ පුතාත් එක්ක සේපාල ගෙව්ව ලස්සන ජීවිතයට කණ කොකා හඬන්න පටන්ගත්තේ, ඔහුගේ වීසා එක නැති වීමත් එක්කයි. ඉතාලියේ අදාළ ආයතනවලින් වීසා ඉල්ලුවත්, ඔවුන් කිව්වේ ලංකාවට ගිහින් වීසා ගත යුතු බවයි. මේ නිසා නැවත ලංකාවට එන්න ඔහුට සිද්ධවෙනවා. ඒත් ප්‍රශ්නය එතැනින් ඉවර වෙන්නේ නැහැ. වීසාවලට අයදුම් කළත්, වීසා ලැබෙන්න අවුරුදු හයක් ගත වෙන බවයි ලංකාවේ ඉතාලි එම්බසිය කිව්වේ.

වාර කිහිපයක් ම මේ විදියට වීසා ලබාගන්න උත්සහ කළත්, ඒ හැම ඉල්ලීම ම ප්‍රතික්ෂේප වුණා. තමන්ගේ බිරිඳත් පුතාත් දැකගන්න නොලැබෙද්දී, සේපාලගේ සිහිය විකල් නොවුණා විතරයි. ඉතාලි ගුවන් යානයක් පැහැරගන්න, ඒ හරහා තමන්ගේ ඉල්ලීම ඉෂ්ට කරගන්න තරම් පීඩනයක් ඔහුගේ ඔළුවේ තිබුණා.

සේපාල අලිටාලියා උස්සපු හැටි

Source : al-airliners.be

1982 අවුරුද්දේ ජූනි 30 වෙනිදා සේපාල ඉන්දියාවේ නවදිල්ලියට ගියා. එහි ගුවන් තොටුපළෙන් ඔහු ගොඩවුණේ ඉතාලියේ “අලිටාලියා” ගුවන් සමාගමට අයිති බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකට. රෝමයේ ඉඳන් ටෝකියෝ ව වෙත ගමන් කරපු මේ ගුවන් යානයේ මගීන් 300ක පමණ පිරිසක් හිටියා.

සේපාල තමන්ගේ සැලැස්ම දියත් කළේ ගුවන් යානය පොළොවේ ඉඳන් අඩි 35000ක් විතර උඩින් ගමන් කරද්දීයි. සේපාල ලියුමක් මඟින්, ගුවන් නියමුවන්ට තමන්ගේ කොන්දේසි සහ ඉල්ලීම් ඉදිරිපත් කළා.

පළමුවෙනි ඉල්ලීම වුණේ මේ ගුවන් යානය තායිලන්තයේ බැංකොක් ගුවන් තොටුපළ ට ගොඩ බැස්සවිය යුතු බවයි. ඒ ගුවන් තොටුපළ ට තමන්ගේ බිරිඳත් දරුවාත් අරගෙන ආ යුතු බවත්, ඩොලර් 300 000ක කප්පම් මුදලක් අවශ්‍ය බවත් ඔහුගේ අනිත් ඉල්ලීම්වල දැක්වුණා. මේ හැරුණා ම ඔහුගේ ලිපියේ පහත කාරණා ත් අඩංගු වුණා.

  • බැංකොක් ගුවන් තොටුපළේදී ගොඩ බැස්වුණු ගුවන් යානයේ සියලු ම දොරවල් වසා තැබිය යුතුයි.

  • ඉල්ලීම් සේරම බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත ඉක්මනින් දැනුම් දිය යුතුයි.

  • සියලු ම සන්නිවේදනයන් සිදුවිය යුත්තේ රේඩියෝ මාර්ගයෙන් පමණයි.

  • දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදනය කරපු නවීන බෝම්බ වර්ග ඇත. අප ව මුලාවට ලක් කළොත්, ගුවන් යානය ඇතුළත, ඉතාලියේ මොඩෙනා නගරයේ හා තවත් නගරයක බෝම්බ පිපිරීම් සිද්ධවෙනු ඇත.

සේපාලගේ ලියුම දැකපු ගමන්, ගුවන් නියමුවා ඒ ගුවන් යානය අඩි 25000ක උසකට ගෙනාවා. ඒ වෙන්න පුළුවන් විනාශය අඩු කිරීමේ බලාපොරොත්තුවෙන්.

පැය 30කට කාලයකට පස්සේ, සේපාලගේ බිරිඳත් දරුවාත් බැංකොක් ගුවන් තොටුපළට ආවා. ඒත් එක්ක ම ප්‍රාණ ඇපකරුවන් විදියට තියාගෙන ඉඳපු මගීන් ව මුදා හරින්න සේපාල තීරණය කළා. ඔහු ගුවන් යානයෙන් පිටතට ආවේ ඉන්පස්සෙයි.

තවත් අලුත් ප්‍රශ්නයක්?

බිරිඳ සහ දරුවා ව දැකගන්න ලැබුණත්, සේපාලට තව ගැටලුවක් ඇති වුණා. ඒ තමන්ගේ පවුලත්, කප්පම් මුදලුත් අරගෙන ඊළඟට ජීවත්වෙන්න යන්නේ කොහේටද කියන එක. මේ වෙද්දී තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වුණේ මානෙල් අබේසේකර මහත්මියයි. කරදරයක් නැතිව ලංකාවේ පදිංචි වෙන්න ඉඩ සලස්වලා දෙන බවට ඇය සේපාලට පොරොන්දුවක් දුන්නා.

හැබැයි ඉතාලි රජයෙන් මේකට සෑහෙන විරෝධයක් එල්ල වුණා. ලංකාවට බලපෑම් කරමින් ඔවුන් කිව්වේ සේපාල ව ඔවුන්ගේ අත්අඩංගුවට දෙන ලෙසයි. මේවා හමුවේ ලංකාවේ ආණ්ඩුව ලොකු ගැටලුවකට මුහුණ පෑවා. මොකද ඒ වෙද්දී මේ වගේ වැරදිවලට ලැබෙන්න ඕනේ දඬුවම් මොනවද කියලවත් ලංකාවේ නීති පොත්වල තිබුණේ නැහැ.

ඒත් අන්තිමේදී ගාල්ල පොලිසිය සේපාල ව සිරභාරයට ගත්තා. ඔහු වැලිකඩ සිර ගෙදරට යද්දී, ඔහුගේ පවුල ඉතාලියට යවනු ලැබුවා. අතීතයට බලපාන නීතියක් මුලට ම සම්පාදනය වුණේ සේපාල සම්බන්ධ මේ නඩුවේදියි. ඒ අනූව අවුරුදු පහක සිර දඬුවමක් ඔහුට නියම වුණා.

අවසානය

Source : hirunews.lk

1987දී සිරෙන් නිදහස් වුණු සේපාල, ඉංග්‍රීසි ගුරුවරියක් වෙච්ච යසංගනී මධුපාලි සමඟ විවාහ වුණේ අතීතයට සමු දෙන ගමන්. ඔහු දැන් දුවෙක් සහ පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. මේ සිද්ධියෙන් අවුරුදු දාසයකට පස්සේ, තමන්ගේ පළමුවෙනි කසාදේ පුතුණුවන් වුණු ෆ්‍රී ව මුණගැහෙන්නත් ඔහුට අවස්ථාව ලැබුණා.

ආදරය වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත්ත සේපාලගේ කතාව ඉවර වෙන්නේ ඔය විදියට. අද ඔහු ව්‍යාපාරිකයෙක්. “උට සහ තොට” නමින් පොතකුත් ඔහු පළ කළා. තරුණ කාලයේදී ඔහු කරපු මේ දේ ගැන ඔහු අද දරන්නේ මධ්‍යස්ථ අදහසක්. ඒත් තමන් කරපු දෙයින් මගීන් 300කට ආසන්න කාණ්ඩයක් අපහසුතාවයට පත්වුණු බව මතක් වෙද්දී නම් කණගාටුවක් ඇති වෙන බවයි ඔහු කියන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Sweetest Valentine’s Treat from The Sweet Room!

by Shamrina Carim February is here and love is in the air—So is the irresistible

Kamu

Sawan for Seven! A Gigantic North Indian Meal from Rosewood Ceylon

By Shamrina Carim If you’re craving an indulgent North Indian meal that brings together bold

Kamu

Culinary Adventure at Long Feng by Cinnamon Lakeside Colombo : The Chinese Food Festival 2025

If you’ve never journeyed to China, a  grand opportunity to immerse yourself in its true

Kamu

Cheers Pub at Cinnamon Grand Colombo: The Ultimate Spot for Great Vibes, Delicious Food, and Fun

By Sharon Nonis Looking for a place that blends great food, refreshing drinks, live music,

Highlights Kamu

Across Borders: A Culinary Bridge Between India and Sri Lanka Through Peshawri’s Timeless Flavors

By Vimasha Vishvadari Peshawri, a renowned restaurant chain, originated from the iconic Bukhara restaurant in

Highlights Kamu

Tenkū – a hidden Gem of the Japanese Cuisine

By Vimasha Weerawansha Ambience  The Kingsbury Rooftop offers a breathtaking panorama of the cityscape and

Highlights Kamu

Trending.

Radisson Hotel Colombo Achieves Hotel Sustainability Basics Certification

Radisson Hotel Colombo proudly announces its certification in Hotel Sustainability Basics, a globally recognized framework

Trending

Celebrate Love This Valentine’s Day at Cinnamon Grand

Indulge in the ultimate romantic experiences this Valentine’s Day at Cinnamon Grand. From an exquisite

Trending

Love This Valentine’s Day at Cinnamon Lakeside

This Valentine's Day, immerse yourself in romance with an array of exclusive experiences at Cinnamon

Trending

Celebrate Valentine’s Day in Style at Cinnamon Red

Indulge in the ultimate romantic experiences this Valentine's Day at Cinnamon Grand. From an exquisite

Trending

Mount Lavinia Hotel Celebrates World Pizza Day with Special Guest Chef Roberto Radoni

Mount Lavinia Hotel’s celebration of World Pizza Day on February 9th was an unforgettable gastronomic

Trending

A Valentine’s Day to Remember at The Kingsbury

This Valentine’s Day, let your love story unfold at The Kingsbury, Colombo. Set against the

Trending

Yamu Guide.

Colombo’s BYOB Gems: 15 Perfect Spots to Pair Your Drink with Delicious Food

by Vimasha Weerawansha Are you on the hunt for dining spots where you can bring

Yamu Guide

14 Romantic Places to Spend  February 14th – Valentine’s Day

Valentine’s Day is just around the corner, and if you're looking for the perfect place

Highlights Yamu Guide

Valentine’s Gift Guide for Him 2025

by Fathima Rukaiya Looking for the perfect way to show your special guy how much

Highlights Yamu Guide

9 Valentine’s Day Picks for Her 2025

By Fathima Rukaiya, With Valentine’s Day just around the corner, hearts are filled with anticipation.

Highlights Yamu Guide

New Year’s Eve at The Kingsbury Colombo

Embrace the wonder of Christmas with a world of joy and togetherness this New Year’s

Trending Yamu Guide