සුද්දා හැදුව හිරගෙවල් තුනක්; යකඩ කූරු අස්සේ හැංගුණු ලංකාවේ බන්ධනාගාරවල අපූරු කතා.

“හොඳ මිනිසුන් යනු වැරදි නොකරන අය නොව, වැරදි හදාගත්තවුන්ය”

මේක විලියම් ශේක්ස්පියර් මහත්මයාගේ ප්‍රසිද්ධ කියමනක්. හොඳ, නරක කියන්නේ අපේ හැම කෙනෙක්ගේ ම ජීවිතේ තියෙන කොටස් දෙකක්. නරක යටපත් කරලා හොඳ දේවල්වලට නැඹුරු වෙන අය වගේ ම, ඕකේ අනිත්පැත්ත කරලා ආයේ හරිගස්සන්න බැරි විදියේ වැරදි කරන උදවියත් අපි අතරේ ඉන්නවා. අන්න එහෙම අයට ආයෙත් ජීවිතේ පටන්ගන්න, තමන්ගේ වැරදි යම් තරමකට හෝ හදාගන්න කියලා දෙන සරසවිය විදියට සැලකෙන්නේ බන්ධනාගාරයි. සරල සිංහලෙන් කිව්වොත් හිර ගෙවල්.

මේ වෙද්දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන හිරගෙවල්  23ක් ලංකාවේ තියෙනවා. මේවයින් සමහර ඒවා බිහිවුණේ 70 දශකය තරම් මෑතකදී. හැබැයි අපේ රට බ්‍රිතාන්‍යයන් අල්ලාගෙන ඉඳපු කාලේ හදපු බන්ධනාගාරත් මේ අතරේ තියෙනවා. අපි අද කතා කරන්නේ සුද්දෝ අපට හදලා දුන්නු අන්න ඒ වගේ සිර ගෙවල් තුනක් ගැන විස්තරයි.

1. බෝගම්බර බන්ධනාගාරය

Image Source : panoramio.com

බෝගම්බර කියද්දී අපට ඇහැළේපොළ පවුලේ කතාව මතක් වෙන්නේ ඉබේටම. ඉතිහාසේ කියන විදියට, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අණින් ඇහැළේපොළ කුමාරිහාමි ව දියේ ගිල්වලා මැරුවේ ඒ කාලේ මෙතැන තිබුණු බෝගම්බර වැවේයි. ඒ වැව ගොඩ කරලා තමයි බ්‍රිතාන්‍ය ජාතිකයන් තමයි මේක හැදුවේ. ඒ 1876දී.

Image Source : panoramio.com

ලංකාවේ මුල් ම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස්වරයා වුණු එන්.ආර්. සෝන්ඩර්ස් මහත්මයාගේ මූලිකත්වය මේකට ලැබුණා. තනි ෆවුන්ඩේෂන් එකක් මත, කිසිම තැනකින් වෙන් නොවී ඉදිවෙච්ච ආසියාවේ දිගම ගොඩනැගිල්ල විදියට බෝගම්බර බන්ධනාගාරය ප්‍රසිද්ධයි. සමහරු කියන විදියට මේ ගොඩනැගිල්ල හදන්න දායක කරගෙන තියෙන්නේ ප්‍රංශයේ බැස්ටයිල් බලකොටුවේ ආභාෂයයි. කොල්වින් ආර්.සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා, උතුවන්කන්දේ සරදියෙල්, සහ මරු සිරා වගේ පුද්ගලයෝ හිරබත් කෑවේ මේ හිරගෙදරයි.

Image Source : dinamina.lk

බෝගම්බර හිර ගෙදර ඉදිවෙන්න කලින්, බ්‍රිතාන්‍ය ජාතිකයෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඉස්සර “හැන්ග්ස්මන් හිල්” (Hangman's Hill) නමින් හැඳින්වෙන නුවර තියෙන පොඩි කඳු ගැටයක් මුදුනෙයි. අද වෙද්දී ඒ වෙනුවට නුවර මධ්‍යම වෙළඳපොළ හැදිලා තියෙනවා. තුන්දෙනෙක් ව එක සැරේ එල්ලලා මරන්න පුළුවන් විදියේ එල්ලුම් ගහක් මුලට ම ගොඩ නංවලා තියෙන්නෙත් බෝගම්බර ම තමයි. එල්ලා මැරීම ක්‍රියාත්මක වුණු 1876 – 1975 කාල වකවානුව ඇතුළත මේ එල්ලුම් ගහේ එල්ලපු සිරකරුවෝ ගාණ 534ක්.

Image Source : wikiwand.com

බෝගම්බර එල්ලුම්ගහට මුහුණලා තියෙන බෝ ගහ ගැනත් අපූරු කතා තියෙනවා. මිනිස්සු විශ්වාස කරන විදියට, එල්ලුම්ගහ පැත්තට බෝ අතු වැඩෙන්නේ නැහැලු. ඉඳලා හිටලා හරි හැදුණත් ඒවා ටික කාලෙකින් මැරිලා යනවලු. කොහොම වුණත්, දැන් බෝගම්බර හිරගෙදර තවත් ප්‍රදර්ශන බිල්ඩිමක් විතරයි. මේ බන්ධනාගාරයේ ඉඳපු හැම රැඳවියෙක් ම 2013 අවුරුද්දේ ඉඳන් ඉන්නේ පල්ලෙකැලේ හිරගෙදරයි.  

2. මහර බන්ධනාගාරය

Image Source : janasansadaya.org

මහර හිරගෙදර හැදෙන්නේ 1875දී. ඒ කාලේ කොම්පඤ්ඤවීදියේ තිබුණ හිරගෙදර තදබදය අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේක හැදුවේ. ඒ කාලේ මේ හිරගෙයි ඉඳපු සිරකරුවෝ කොටසක් මහර තිබුණු ගල් කොරියේ ගල් කඩන්නත් යොදා ගැනුණා.

මරදන්කඩවල යකඩයා, නවරියන් නොහොත් ෆැන්සිස් ෆර්නැන්ඩො, කියුටෙක්ස් පියදාස, කෑරගල සිරිසේන නොහොත් චීනා, වටරැක ජයසුන්දර, ගම්පහ මුණිදාස; මේ බන්ධනාගාරයේ හිරබත් කෑව හිරකරුවන් අතරින් කීපදෙනෙක්. 1900 අවුරුද්දේ දවසක මහර ගල් කොරියේ සිරකරුවන් සහ සේවකයන් අතරේ ඇතිවුණු කෝලාහලයක් නිසා, රැඳවියන් 79දෙනෙක් පළා ගියා. මේක වාර්තා වෙන්නේ සිරකරුවෝ ඒ තරම් ගණනක් එකවර පලා ගිය පළමු සහ එක ම අවස්ථාව විදියටයි. මේ අයගෙන් 40දෙනෙක් ආයෙත් අත්අඩංගුවට ගන්න නිලධාරීන්ට පුළුවන් වුණා. මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට, හිරගෙදර කාර්ය මණ්ඩලය විදියට කටයුතු කරපු සිංහල අයව අයින් කරලා, මැලේ ජාතික කණ්ඩායමකට මාරු කෙරුණා.  

3. වැලිකඩ බන්ධනාගාරය

Image Source : dinamina.lk

ආසියාවේ ලොකුම ලොන්ඩරිය තියෙන්නේ ලංකාවෙලු. මේ කතාව හිරගෙවල්වලට අදාළ වෙන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ලොන්ඩරිය පිහිටලා තියෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ වීම. තමන්ගේ ම කියලා රෝහලකුත් මේ බන්ධනාගාරය සතුයි.

1840දී සුද්දා හදපු වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ වැඩබිම් 13ක් තියෙනවා. මේවා හැඳින්වෙන්නේ පාටි නමින්. වඩු පාටිය, පාන් පාටිය, රාජක පාටිය, කම්හල් පාටිය, වේවැල් පාටිය, මුද්‍රණ පාටිය; මේ ඒවායින් කීපයක්. 1925 වගේ වෙද්දී හිරගෙදර ඇතුළු සේරම රාජ්‍ය ආයතන, රෝහල්වල රෙදි හේදුනේ වැලිකඩ රාජක පාටිය හෙවත්, වැලිකඩ ලොන්ඩරියෙනුයි.

Image Source : internationalbridges.photoshelter.com

මේ ගොඩනැගිල්ලට ලැබිලා තියෙන්නේ ඇමෙරිකාවෙ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙ චල්නට්‌ වීදියේ හිරගෙදර ආභාෂයයි. ඉස්සර වැලිකඩ බන්ධනාගාරය පාලනය කළ සුදු අධිකාරිවරයා ආවේ අශ්වයාගේ පිටෙන්. ප්‍රධාන දොරටුව ළඟ තියෙන අශ්වයා බඳින කණු අදටත් මෙතැන දැකගන්න පුළුවන්. පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක් වගේ ම, මුස්‌ලිම් සිරකරුවන් ට ආගමික කටයුතුවල නිරත වෙන්න පුළුවන් පල්ලි වාට්ටුවකුත් මේ බන්ධනාගාරයේ දැකගන්න ලැබෙනවා.

ඩී.එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, හෙන්රි පේදිරිස්, අනගාරික ධර්මපාල, ඩග්ලස් දේවානන්ද, සේපාල ඒකනායක වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ රැසක් මේ හිරගෙදර යකඩ කූරු අතරේ හිරබත් කෑවා. 2012 අවුරුද්දේදී බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් අතර ඇතිවෙච්ච ගැටුම හුඟක් අයට මතක ඇති. මේකෙන් සිරකරුවෝ 27ක් මරණයට පත්වුණා.

හිරගෙවල් තිබුණත්, ඒවායින් කොච්චරක් දෙනා පුනුරුත්තාපනය වෙලා ආවත් වැඩක් නැහැ; ඒ අයව පිළිගන්න සමාජයක් නැත්තන්. සමාජයත් ඒ වෙනුවෙන් පුනුරුත්තාපනය වෙන්න ඕනේ. මේ අයට අලුතින් ජීවිතය පටන්ගන්න උදව්වක් වෙන්න පුළුවන් එහෙමයි.

ලංකාවේ බන්ධනාගාර ගැන තව විස්තර තියෙනවනම්, පොඩ්ඩක් අපට කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ ගැන ආයේ දවසක කතා කරන්න බැරියැ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide