යුද්දෙට නෙවෙයි කෑමට! නියමම සබ්මැරීන් එකක් කන්න කියාපු කඩ 6ක්.

සබ්මැරීන් කිව්වාම අපිට නම් එක පාරටම මතක් වෙන්නෙ තඩි යකඩ ගොඩක්. හැබැයි ඉතින් කෑම බීම ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ට නම් එහෙම නෑ. මොකද සබ්මැරීන් කියල මැද්දට මස් පුරවපු දිග බනිස් එකකුත් තියෙනවනෙ.

එක එක විදියට හදපු රසම රස මස් ජාතියි සලාද කොළ, තක්කාලි වගේ එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්. හැබැයි ඉතින් එහෙමයි කියල හැමදාම කන තැන් වලින්ම සබ්මැරීන් කකා ඉඳලත් බෑනෙ.

ඔන්න එහෙනම් අපි කියන්නම් වෙනස් වෙනස් රස වලින් නියමම සබ්මැරීන් ටිකක් රස බලන්න පුළුවන් තැන් ටිකක්.

1. Burger's King

ආයෙ දෙකක් නෑ, කොම්පඤ්ඤවීදියෙ බර්ගර්ලගෙ රජ්ජුරුවො ලඟ තියෙන සබ්මැරීන් එකත් සුපිරිම තමයි. රස පදමට හදපු ස්පයිසි චිකන්, තන්දුරි චිකන්, ක්‍රිස්පි චිකන් වගේ චිකන් රස ගොඩකින් හැදෙන මෙයාලගෙ සබ්මැරීන් වලට ඔයාලට ඕන නම් වැඩි පුර චීස් ටිකක් වුනත් එකතු කරගන්න පුළුවන්. එවෙලෙ හැදෙන සබ් එකේ මෙලෙක් වුනු චීස් ටිකයි මස් වල සුවඳයි දැනෙද්දි නම් නොතේරීම කටට කෙල උනනව. මෙයාලගෙ සබ් රු. 400කට විතර ගන්නත් පුළුවන් නිසා පොකට් එකටත් වාසියි.

2. Burgers Hut

දෙහිවල ඇලන් ඇවිනියු එකෙත් තියෙනව රු. 300ට 350ට රසම රස සබ් එකක් කන්න පුළුවන් තවත් නියම තැනක්. මෙතන නම බර්ගර් හට් වුනාට සබ්මැරීන් කියල වෙනසක් නෑ. මදි නොකියන්න මස් දාලා හදන සබ්මැරීන් එකේ සලාදයට උඩින් වැටෙන චීස් පෙති ටික නිසා රස දෙගුණ තෙගුණ වෙනව. හැබැයි මෙයාල ලඟ තියෙන්නෙ නම් ස්පයිසි චිකන්, ස්මෝක්ඩ් චිකන් වගේ චිකන් රස දෙක තුනක සබ් විතරයි.

3. Paan Paan

කලින්ම කියන්නම් පාන් පාන් එකේ ගාණ නම් ටිකක් සැරයි. රු. 450න් උඩ. හැබැයි සබ් එකේ රස අතින් නම් සුපිරි. අනිත් කාරණය තමයි මෙයාල ලඟ තියෙන රස ජාති තොගය. තන්දුරි චිකන්, ස්මෝක්ඩ් චිකන්, ස්පයිසි චිකන්, ටූනා, වෙජි වගේ රස ජාති අට නවයක්ම තියෙනව. ඒ වුනාට මෙයාලගෙ සබ් එකේ තියෙන අඩු පාඩුවක් තමයි බනිස් ගෙඩිය මැද්දට ලොකු මස් කෑලි තොගයක් වත් චීස් තොගයක් වත් නොදාන එක. ඉතින් පාන් පාන් එකේ සබ් කන්න යනව නම් මස් කෑලි තොගයක් බලාපොරොත්තුවෙන් නම් යන්න එපා.

4. Royal Burger

රාජකීය විදියට බර්ගර් විතරක් නෙවෙයි සබ්මැරීනුත් කන්න පුළුවන්. කරන්න තියෙන්නෙ හැව්ලොක් ටවුන් වල රෝයල් බර්ගර් එකට යන එක විතරයි. එකම අවුල තමයි මෙයාල ලඟ තියෙන්නෙ රු. 300ක් 350ක් වගේ ගාණකට හදන චිකන් සබ්මැරීන් විතරයි. ඒ වුනාට රසයෙන් නම් අනූනයි. පොඩි පොඩි ස්පයිසි චිකන් කෑලි තොගයක් දාලා හදන සබ් එකේ සලාදයෙ රස ඩබල් වෙන්නෙ ඒකට එකතු කරන චීස් පෙති ටිකෙන් තමයි.

5. Dinemore

ඔන්න දැන් තමයි සබ් වලට හරියනම නම එළියට ආවෙ. ඇත්තටම ඩයින්මෝර් කිව්වාම අනන්‍යතාවය වෙන්නෙ සබ්මැරීන්. ඒ තරමට මෙයාලගෙ සබ් ප්‍රසිද්ධයි වගේම රසත් උපරිමයි. මෙයාලගෙ ස්පයිසි චිකන් සබ් එකයි ටූනා සබ් එකයි නම් පට්ට රසයි. රු. 400ක් වගේ ගාණකට ගන්න පුළුවන් ඩයින්මෝර් සබ් එකේ තියෙන විශේෂත්වය තමයි මැද්දට දාන මස් කෑලි තොගයෙ ප්‍රමාණය. මෙලෙක් වුනු චීස් එක්ක මේසෙට එන මේ සබ්මැරීන් කනකොට බනිස් එකේ දෙපැත්තෙන් එළියට පනින තරමට මස්. හිතා ගන්න පුළුවන් නේ ඩයින්මෝර් සබ් එකේ සයිස් එක.

6. Acropol

හොඳ හැටියට මස් වලින් වැඩ දාන තවත් කඩයක් තමයි කොල්ලුපිටියෙ ඇක්‍රොපොල් එක. ප්‍රසිද්ධ නැති වුනාට මෙයාලගෙ සබ් එකත් සෑහෙන්න හොඳයි. මදි නොකියන්න මස් දාලා හදන මෙයාලගෙ සබ් වල, රස පදමට එන පුංචි ගම්මිරිස් සැරයි චීස් රසයි නිසා බඩ කට පිරෙන්න කන්න පුළුවන්. මිලත් රු. 400ක් විතර නිසා පොකට් එකටත් ගාණක් නෑ.

යුද්ධ නොකර වෙනස්ම සබ්මැරීන් ටිකක් රස බලන්න කියාපු තැන් ටිකක් ඔන්න අපි ඔයාලට කිව්වා. හැබැයි ඉතින් මේ ලිස්ට් එකේ තියෙන්නෙ කොළඹ කිට්ටුව කඩ ටිකක් විතරයිනෙ. ඒ වුනාට අපිත් ආසයි කොළඹින් පොඩ්ඩක් එළියට වෙන්න තියෙන සබ්මැරීන් කඩ ටිකකුත් දැන ගන්න. ඒ නිසා ඔයාල දන්න කියන කඩත් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide