ෂා.. ෂවර්මා! රු. 500ට අඩුවෙන් කටට රසට ෂවර්මා කන්න කියාපු කඩ 5ක්.

කටට රහට මැදපෙරදිග ක්‍රමයට හදපු මස් කෑලි තොගයක් දාපු සලාදයක් තුනී රොටියක් මැද්දට තියල ඔතල අරගත්තාම! යම්ම්.. කටට කෙල උනනව නේ. කොහොමද ඒ අතරට චීස් ටිකකුත් ආවනම්.

කොල්ලො අතරෙ ෂවර්මාවලට තියෙන ඉල්ලුම: ඉහටත් උඩින්. ඇයි ඉතින් අතේ පයේ ගාගන්නෙ නැතුව වෙන වැඩක් කරන ගමන් වුනත් කන්න පුළුවන් රස කෑමක්නෙ. එකඑක රසට හදපු එකඑක මස් ජාති පොඩිපොඩි කෑලි වලට කපල කැරට්, ගෝවා, තක්කාලි වගේ එළවළු ටිකකුයි රස පදමට එන්න ලුණු, ගම්මිරිස් ටිකකුයි එතකොට චීස් — ඔව් සමහරු නම් රස වැඩි කරන්න චීසුත් දානව. එහෙම හැදන සලාදෙ තුනී රොටියක ඔතල තමයි මේසෙට එන්නෙ.

මේ විදියට මේසෙට එන ෂවර්මා කන්න ඔයාලා විතරක් නෙවෙයි අපිත් මාර ම ආසයි. ඒ නිසා පට්ට රස ෂවර්මා එකක් කන්න පුළුවන් කඩවල් ටිකක් ඔයාලටත් කියන්නම්. කාලා බලල රස කොහොමද කියල අපිටත් කියන්නකො.

1. Arabian Knights

මැදපෙරදිග පැත්තෙන් ආපු රස කෑම ජාති ගන්න කොළඹ පැත්තෙ තියෙන නියම තැනක් කොල්ලුපිටියෙ ඇරබියන් නයිට්ස් එක. මෙයාලගෙ ෂවර්මා එකට තමයි YAMU අපි නම් පළමු තැන දෙන්නෙ. ප්‍රමාණයෙනුත් එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුළුවන් ඇරබියන් නයිට්ස් එකේ ෂවර්මා එකට චීස් එකතු නොවුනට සලාදෙට එකතු වෙන මස් ටිකේ රසම ඇති ඇඟිලි ලෙව කකා රස බලන්න. ගාණ නම් පොඩ්ඩක් විතර වැඩියිද මන්දා. රු. 500ක් වගේ.

2. Sultan Palace

ෂවර්මා හොයාගෙන ටවුන්හෝල් පැත්තෙ යනවනම්, සුල්තාන් පැලස් එකට යන්න. සුල්තාන් කෙනෙක් වගේ ඉඳගෙන මස් තොගයක් පුරවල එන ෂවර්මා එකක් රුපියල් තුන් හාරසීයකට රස බලන්න ඔයාට පුළුවන්.

3. Burger's Hut

හවස් ජාමෙට පොඩි රවුමක් දාන අතරෙ දෙහිවල පැත්තට කිට්ටු කලොත් ඇලන් ඇවිනියු එකේ බර්ගර්ස් හට් එක පැත්තට යන්න. මොකද හවස 5න් පස්සෙ මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නව. කියල වැඩක් නෑ; මස් රස වෑහෙන මේ ෂවර්මා වලට ඔයාලට ඕන නම් චීසුත් දාලා ඉල්ල ගන්න පුළුවන්. කොහොම වුනත් සලාදෙට එකතුවෙන පොඩි පොඩි මස් කෑලි තොගයෙ නම් අඩුවක් නෑ. උණු උණුවෙ මේසෙට එන බර්ගර්ස් හට් එකේ ෂවර්මා එකක් උපරිම වුනොත් රු. 300ක් වෙයි. කාපු කෙනෙක්ට නම් බර්ගර්ස් හට් එකේ ෂවර්මාවල රස අමතක වෙනව බොරු.

4. Burger's King

කොම්පඤ්ඤවීදිය පැත්තෙ කරක් ගහන අයගෙන් ඇහුවොත් නම් රස බර්ගර් එකක්, ෂවර්මා එකක් කන්න පුළුවන් තැනක්, අනිවාර්යයෙන්ම කියන්නෙ බර්ගර්ස් කිංග් තමයි. පොකට් එකටත් වාසි බඩ කටටත් ලේසි පට්ට ෂවර්මා එකක් කන්න තවත් කියාපු තැනක් තමයි බර්ගර්ස් කිංග් කියන්නෙ. හැබැයි ඉතින් මෙයාලත් ෂවර්මා හදන්න පටන් ගන්නෙ නම් හවස් ජාමෙට තමයි. ඒ වෙලාවට බලන්න එපැයි කඩේට පිරෙන සෙනඟ. එළවළු ජාති ටිකක් අඩු වුනාට ඒකට හරියන්න මස් කෑලි දාලා උණු උණු රොටියෙ එතෙන බර්ගර්ස් කිංග්ලගෙ ෂවර්මා එකක් රු. 300ක් වගේ ගාණක් තමයි වෙන්නෙ.

5. Dinemore

හුරු පුරුදු තැනක තියෙන නුපුරුදු ෂවර්මා එකක් තමයි ඩයින්මෝර් එකේ ෂවර්මා එක. රුපියල් තුන්හාර සීයට ගන්න පුළුවන් මෙයාලගෙ ෂවර්මා එකත් රසයෙන් නම් අනූනයි. මදි නොකියන්න මස් එකතු කරපු සලාදෙට අපිට කැමති නම් චීස් එකතු කර ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් සැර ගතියෙන් නම් ටිකක් අඩුයි. වැදගත්ම දේ තමයි කොල්ලුපිටිය, කොහුවල, වැල්ලවත්ත, තර්ස්ටන් වගේ තැන් ගොඩක ඩයින්මෝර් තියෙන නිසා යන එන ගමන් වුනත් මේ ෂවර්මා එකක් අරන් රස බලන්න පුළුවන්.

කොහොම වුනත් මේ කඩවල් සෙට් එකෙන් ෂවර්මා කාලා යන ඔයාලට මගදි තව ෂවර්මා තියෙන කඩ මුණ ගැහෙන්න පුළුවන්. ඒවැයිනුත් කාලා බලන්න. ඒත් ඉතින් කාලා නිකන්ම යන්න එපා. අලුත් ෂවර්මා කඩ ටිකක් ගැන අපිටත් කමෙන්ට් කරන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Introducing Burger King’s New Premium Burger Range

by Jordain de Mel Burger King's Premium Range offers some of the most flavorful gourmet

Highlights Kamu

NH Collection’s Iftar Buffet: A Feast to Remember

A Warm Welcome: Exceptional Hospitality at NH Collection From the moment you enter NH Collection’s

Kamu

Trending.

Ministry of Crab opens in Melbourne

Sri Lanka’s award-winning crab restaurant, Ministry of Crab founded by chef-restaurateur Dharshan Munidasa together with

Trending

Radisson Blu Resort Galle Welcomes Kedar Dighe as New General Manager

Radisson Blu Resort Galle is pleased to announce the appointment of Kedar Dighe as its

Trending

Excel World Launches First-Ever Ramadan Kareem Iftar Buffet

Excel World Entertainment Park in Colombo recently celebrated the launch of its first-ever Ramadan Kareem

Trending

A Trio of Radisson Hotels Gears Up for Markdown Mania 2025 at The World Trade Center

Radisson Hotel Kandy Radisson Hotel Colombo Radisson Blu Resort Galle Kristofer Quadros – Cluster General

Trending

An Exquisite Iftar Buffet Experience at Cinnamon Lakeside Colombo

By Sahasni Gamage  Ramadan is all about reflection, togetherness, and, of course, enjoying some amazing

Highlights Kamu Trending

Embark on a Culinary Journey with Chef Riza Bhatti at Cinnamon Lakeside’s Ithar Promotion

Cinnamon Grand Colombo is thrilled to welcome the celebrated Pakistani chef, Chef Riza Bhatti, for

Trending

Yamu Guide.

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide

IFTAR Buffet List – 2025

by Fathima Rukaiya, As Ramadan 2025 approaches, food lovers and families are on the lookout

Highlights Trending Yamu Guide