1. ලාවුළු ව්‍යංජනය
ඔ්න කරන්නෙ ලොකු ලාවුළු ගෙඩි 2යි, අමු මිරිස් කරල් 3යි, කරපිංචා, පොල්තෙල්, ලුණු, මිරිස් කුඩු තේ හැන්දක්, මිටිකිරි කෝප්පයක්, රතු ළූණු ගෙඩි 3ක්, කහ, අබ, උම්බලකඩ තේ හැඳි 2ක්.
මුලින්ම ලාවුළු පොත්ත රැහැලා හිරමනයෙන් ගාගන්න. ඊට පස්සෙ ඒ ගාපු ටික නිකම් වතුරෙන් හෝදලා, ලුණු වතුරෙනුත් හෝදලා මිරිකලා අරගන්න. අරගෙන.. ඇතිලියකට දාලා ඒකටම උම්බලකඩ, මිරිස්, කහ, ලුණු, අමු මිරිස්, මිටිකිරිත් දාලා හොඳට හොද්ද නටවලා ගන්නයි තියෙන්නෙ. ඒ අතරට රතු ළූණු, කරපිංචා, කෑලි මිරිස් තෙම්පරාදු මික්ෂර් එකක් හදාගෙන ඒකත් කලවම් කලා නම් නොම්මර එකයි.
2. කොට්ට පොල් සම්බෝලය
අවශ්‍ය දෑ: වතුර හිඳෙන්නම වේළිච්ච පොල් ගෙඩියක්, මිරිස් කුඩු මේස හැඳි 3ක්, කරපිංචා, උම්බලකඩ කෑලි, වේලපු මිරිස් කරල් 2ක්, ලුණු, පොල්තෙල්
හදන්න හරිම ලේසියි. මුලින්ම පොල් ගෙඩිය හීනියට කෑලි කපාගන්නවා. ඊට පස්සෙ ඒකට ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු දාලා වංගෙඩියක කොටාගන්නවා. අන්තිමටම කරපිංචා, වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදු කරලා.. අර සම්බෝලයත් එක්ක කලවම් කරනවා දමා තෙම්පරාදු කරන්න. මෙය රසවත් සම්බෝලයකි. ප්‍රවෙසම්ව වසා තබා පාවිච්චි කළහොත් දින දෙක තුනක් තබාගත හැකිය.
3. පුහුල් කොළ මැල්ලුම
ඔ්න කරන්නෙ පුහුල් කොළ මිට දෙකක්, අමු මිරිස් හෝ කොච්චි කරල් 5ක්, අබ, පොල් මේස හැඳි 3ක්, ලුණු, රතු ළූණු ගෙඩි 5ක්.
මුලින්ම පුහුල් කොළ බූවා යන්න පිහියෙන් ගාන්න. ඊට පස්සෙ හෝදලා අරගෙන හීනියට ලියන්න. ලියලා පොල්, අමු මිරිස්, ලුණු, රතුලූනු ඔක්කොම එකතු කරලා දෙහි ඇඹුල් එක්ක කලවම් කරගන්න. ඊට පස්සෙ අබ, සුදුළූණු, කෑලි මිරිස් තෙම්පරාදුවක කලවම් කරන්න පුලුවන් නම් රස ඩබල්.
4. කිරිඅල පිති තෙම්පරාදුව
කිරි අල පිති 10ක් විතර, මිරිස් කුඩු තේ හැන්දයි, ලුණු, කහ, සුදුලූනු බික් 2ක්, පොල්තෙල්, අමු මිරිස් කරල් 2ක්, කරපිංචා, උම්බලකඩ කෑලි තේ හැඳි 2ක් ඔ්න.
ඒ ටික හොයාගත්තට පස්සෙ මුලින්ම අලපිති බූවා යන්න හූරලා, හෝදලා පොඩියට කපලා.. ලුණු වතුරෙන් පොඟවලා මිරිකලා ගන්න. අරගෙන ඒකට කහ, ලුණු, මිරිස්, උම්බලකඩ දාලා අතගාලා පොඩ්ඩක් පදම් වෙන්න අරින්න. ඒ අතරට සුදුළූණු, කරපිංචා, අමු මිරිස් තෙම්පරාදුවක් හදාගෙන රස්නෙ පිටම අල පෙතිටික ඒකට දාලා කලවම් කරලා වතුර කෝප්ප 2-3ක් දාලා හොද්ද ඔ්න තරමට හින්දලා ව්‍යංජනය හදාගන්නයි තියෙන්නෙ.
5. වෙල් ගහල තෙම්පරාදුව
කලින් එක වගේම තමයි. මේකට ඔ්න වෙල් ගහල ගොබ 5ක් විතර, වේළපු මිරිස් කරල් 4ක්, ලුණු, කහ, ගොරකා බිකක්, රතුළූණු ගෙඩි 3ක්, පොල්තෙල්.
මුලින්ම වෙල් ගහල ගොබ හූරලා, හෝදලා අව්වෙ ටික වෙලාවක් තියන්න වතුර ගතිය යන්න. ඊට පස්සෙ කහ, ගොරකා අඹරලා දියකරපු වතුර එකක ගිල්වලා තියන්න ඔ්න පැයක් හමාරක් පදම් වෙන්න. පදම් වුනාට පස්සෙ පෙරලා අරගෙන.. පොඩි පොඩි කෑලි කපලා වේළපු මිරිස්, ලූණු අඩුම කුඩුම තෙම්පරාදුවකට එකතු කරලා පොඩ්ඩ බැදෙන්න ඇරලා ගන්නත් පුලුවන්. නැත්නම් වතුරෙන් හොද්ද හදලා ගන්නත් පුලුවන්.
6. ජම්බු කරිය
ජම්බු ගෙඩි 25-30ක් ඔ්න. තව.. රතුළූණු ගෙඩි 2ක්, ලුණු, කහ, මිරිස් කුඩු තේ හැන්දක්, පොල් කිරි කෝප්ප 1/2ක්, පොල්තෙල්, කරපිංචා, උම්බලකඩ ග්‍රෑම් 50ක් විතරත් ඔ්න.
මුලින්ම ජම්බු පලලා ඇට අයින් කරලා හෝදලා.. පොඩි කෑලි වලට කපන්න. කපලා ලුණු දාපු වතුරෙන් පොඟවලා, මිරිකලා ගන්න ඔ්න. ඊට පස්සෙ මිරිස් කුඩු, රතුළූණු, කහ, ලුණු, උම්බලකඩ දලා පොල් කිරිත් එකතු කරලා මැටි ඇතිලියක කරිය හදාගන්නයි තියෙන්නෙ. රස වැඩි කරගන්න අන්තිමට ඔ්න නම් වෙනමම හදපු කරපිංචා, කෑලිමිරිස්, සුදුළූණු තෙම්පරාදුවක් එකතු කරගන්නත් පුලුවන්.