කැලෑ ඇතුලෙ හැංගුනු! අපූරු.. අප්‍රසිද්ධ දිය ඇලි 7ක්.

දිය ඇල්ලක විතරක් නෙවෙයි සොබාදහමෙ හැම නිමැවමුකම වගේ සුන්දරත්වය අත්විඳින්න අපි කවුරුත් ආසයිනෙ. ට්‍රැවල් කරල බැරි නම් අඩුම තරමෙ ඉන්ටර්නෙට් එකෙන් හරි ඒ සුන්දරත්වය අත්විඳින්න තමයි කට්ටියගෙ හිත.

කොහොම වුනත් එන්න එන්නම අපේ කට්ටිය ට්‍රැවලින්ග් පැත්තට බර වේගෙන එන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි, ඉමක් කොනක් නැතුව ඇවිදල සීමා බලකොටු නැතුව අත්විඳින්න පුලුවන් එකම සුන්දරත්වය සොබාදහමෙ සුන්දරත්වය නිසා. ඔන්න ඔය නිසයි නිතර දෙවේලෙ අපි වුනත් කියන්නෙ කැළේ කොළේ වගේම සතා සීපාවටත් ආදරය කරන්න, රැක ගන්න කියල. මොකද එයාලනෙ මේ සුන්දරත්වයෙ පුරෝගාමියො.

ඒ හැරුණාම සොබාදහම ලස්සන කරන්න උර දෙන්නෙ කඳු හෙල් ටිකයි දිය ඇලි ගංගා ටිකයි තමයි. කඳු හෙල් අස්සෙ රිංගන්න අමාරු වුනාට මොකද දිය ඇලි ටික බලන්න යන්න හැමෝටම පුලුවන්නෙ. අන්න ඒ නිසයි අපි හිතුවෙ කැලෑ ඇතුලෙ හැංගිලා තියෙන ලස්සන දිය ඇලි ටිකක් ගැන ඔයාලට කියන්න. සමහර විට ඔයාලා මේ ඇලි වල නම් වත් අහල නැතුව ඇති. එහෙමයි කියල අවුලක් ගන්න ඕන නෑ. මොකද ඒව පිහිටල තියෙන තැන් පවා අපි කියනවනෙ.

එහෙනම් ලෑස්ති වෙමුද? නිවාඩුවක් අල්ලල මේ දිය ඇලි අතරින් දෙකක තුනක හරි සුන්දරත්වය අත්විඳල එන්න.

1. Mapanana Falls

ඡායාරූපය

ප්‍රධාන තට්ටු තුනකට කඩා හැලෙන මාපනාන ඇල්ල පිහිටල තියෙන්නෙ ශ්‍රී පාද අඩවියෙ. උස අඩි 500කට කිට්ටුයි. ලංකාවෙ 4වෙනියට උසම දිය ඇල්ලත් මේක. රත්නපුර, ගිලීමලේ-සිරිපාගම පාරෙ වේවැල්වත්ත පැත්තට යද්දි තමයි මාපනාන ඇල්ල මුණ ගැහෙන්නෙ. අවුරුද්දෙ වැඩි කාලයක් මිනුවන් දොළේ සැඩ පහරෙන් පෝෂණය වෙන මේ දිය ඇල්ලෙ අවසානය වෙන්නෙ කලු ගඟ. විශේෂයෙන්ම කියන්න ඕන මාපනාන ඇල්ලෙ සුන්දරත්වය අත්විඳින්න නම් හිමිදිරියෙම යන්න වෙයි හොඳද.

2. Olu Falls 

ඡායාරූපය

අවිස්සාවේල්ල-නුවර එළිය පාරෙ යටියන්තොට ඉඳන් පෙළෙම්පිටිය පැත්තට යද්දි තමයි මලල්පොළ ගම හමුවෙන්නෙ. මළල්පොළ ගමේ සුන්දරත්වයට උරුම කම් කියන්නෙ තට්ටු 4කට පැති 2කින් කඩා හැලෙන රමණීය ඕලු ඇල්ල. ලැයිස්තුවෙ හැටියට නම් මේක ලංකාවෙ 6වෙනියට උසම දිය ඇල්ල. උස අඩි 420ක් විතර වෙනව. වී ඔයෙන් හොඳ හැටි පෝෂණය වුනත් අවුරුද්දෙ ගොඩක් කාල වලට ඕලු ඇල්ල, වැලිහෙල් ඔය දිගේ කැලණි ගඟ හොයා ගෙන ගලා බහින්නෙ හරිම නිහඬව.

3. Bomburu Falls

කුලුඳුල් හිරු කිරණින් හැඩ වුනාම කියන්න බැරි තරම් සුන්දරත්වයක් මවන දිය ඇල්ලක් තමයි වැළිමඩ, ඌව පරණගම පැත්තෙන් සීතා එළිය, කඳපොළ කැලේට ගියාම මුණ ගැහෙන බෝඹුරු ඇල්ල. තට්ටු දෙකකට කඩා හැලෙන මේ දිය ඇල්ලෙ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නෙ පාමුල වැතිරුණු නිල් තණ පිට්ටනිය. වැඩිය ඕන නෑ, කෑම්පින්ග් පාරක් දාන්නත් කියාපු තැන. කියන්න බැරි වුනානෙ, වෙලාවකට සැඩ වෙන බෝඹුරු ඇල්ල හැඩ වෙන්නෙ උමා ඔයේ වතුර පාරෙන්.

4. Duwili Falls

ඡායාරූපය

ගාල්ල නෙලුවෙත් දූවිලි ඇල්ලක් තිබුණට බෙලිහුල් ඔය, කල්තොට ගමේ පිහිටල තියෙන දූවිලි ඇල්ල තමයි නියම දූවිලි ඇල්ල. වලවේ ගඟෙන් පොෂණය වෙන මේ දිය ඇල්ල අවට නිතර දෙවේලේ විසිරිලා තියෙන හිරිකඩ නිසාම තමයි ‘දූවිලි’ නම වැටිලත් තියෙන්නෙ. සමනළ වැවට එන සැඩ පාරට අපූරු හැඩයක් එකතු කරපු දූවිලි ඇල්ලත් ට්‍රැවල් කරන කට්ටිය අනිවාර්යයෙන්ම නරඹන්න ඕන දිය ඇල්ලක්.

5. Dun Falls

උස අඩි 410ක් වුනු දුන් ඇල්ල පිහිටල තියෙන්නෙ බදුල්ල, මීගහකිවුල, ඉට්ටිතම්පලා ගමේ. තට්ටු 3කට, 3න් තැනකින් නැවිලා පහලට කඩා හැලෙන දුන් ඇල්ලෙ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙන්නෙ ලොග්ගල් ඔයේ වතුර පාර සැර වුනාම තමයි. විශේෂයෙන්ම කියන්න ඕන දුන් ඇල්ල පිහිටල තියෙන පරිසරයෙ ලොකු ශාක, සත්ව විවිධත්වයක් තියෙන නිසා පර්යේෂණ වල යෙදෙන අයටත් මේක අපූරු තෝතැන්නක් වේවි. ඒ හැරුණාම රාජසිංහ, වළගම්බා රජ ඉතිහාස වලට සම්භන්ධ පුරා වෘත්ත තියෙනවනෙ.

6. Gerandi Gini Falls

ගැරඬියෙක් වගේ හීනියට දිගට හැඩේට කඩා හැලෙන නිසා මේ නම කිව්ව වෙන්නත් පුලුවන්. ඒත් ගිණි කෑල්ල ආවෙ කොහෙන්ද කියල නම් කියන්න අමාරුයි. කොහොම වුනත් උස අඩි 330කට කිට්ටු මේ ගැරඬි ගිණි ඇල්ල පිහිටල තියෙන්නෙ නම් රම්බොඩ වතු යාය පිටිපස්සට වෙන්න. පුනා ඔයෙන් පෝෂණය වුනාට මොකද සැඩ පාර වැඩි කාලෙට නම් මේ දිය ඇල්ල අවට තියෙන සුන්දරත්වය කියල නිම කරන්න බැරි තරම්.

7.  Asupini Falls

ඡායාරූපය

උස අඩි 100ක් වගේ වුනාට මොකද අසුපිණි ඇල්ලත් වැස්ස වැඩි කාලෙට හරිම ලස්සනයි. දොලොස් බාගේ, මධගොඩ, උඩුවැල්ල ගමේ පිහිටල තියෙන මේ දිය ඇල්ලෙ තියෙන විශේෂත්වය තමයි එකපාර කඩෙ හැලෙන්නෙ නැතුව, හීන් සීරුවට සුදු පෙණ කැටි වලින් ගල් තලාව වහගෙන පහලට ගලා බහින එක. වළගම්බා රජ ඉතිහාසයට උරුමකම් කියමින් අසු පැනි(පැන්න) ඇල්ල, නම ගත්තු අසු පිණි ඇල්ල හිමිදිරියට වගේම හවස් ජාමෙටත් හිරු කිරණින් හැඩ වෙන තවත් රමණීය දිය ඇල්ලක්.

අපි මේ කියපු දිය ඇලි 7 හැරුණාම තවත් සුන්දර, අප්‍රසිද්ධ දිය ඇලි තොගයක් අපේ ලැයිස්තුවෙ තියෙනව. ඒව ගැනත් දැන ගන්න ඕන නම් ලඟදිම එන මේ ලිපියෙ ඊලඟ කොටසත් කියවන්න හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

The Fusion Kottu at Eastern Wok

By Hiruni Herath Hot Butter Kottu - that’s not something you hear everyday but at

Highlights Kamu

More than Coffee – Kaffi Colombo

By Hiruni Herath Ambience and Service The Nordic Bakery and Coffee House located at Crescat

Highlights Kamu

7 Restaurants to dine in July 2022

By Shamrina Carim July hits a beautiful urge to try out different foods, events and

Highlights Kamu Yamu Guide

Hot Chook – all about that Chicken

By Hiruni Herath Service and Ambience The head chef at Hot Chook was very helpful

Highlights Kamu

A glistening night out at Colombo’s finest local bar!

By Shamrina Carim A Sri Lankan experiencing the magical inspiration of Sri Lanka in the

Kamu

Ceylon Curry Club – Sri Lankan Cuisine With a Twist

By Janani Vithanage Ceylon Curry Club, located in the Dutch Hospital Shopping Precinct, is a

Kamu

Trending.

Types of People at the Cinema

By Rahma Rifkhan Think of your most noteworthy cinema experience: Loud and exciting with just

Highlights Trending

From the Garden to your Skin 

By Menaka Indrakumar  Iris Garden is a brand which started five years ago, with Fuller’s

Trending

Bullet Train – movie review

Bullet train is as the name suggest is a fast-paced action movie. Directed by David

Trending

Stay healthy & refreshed With KiCO

By Janani Vithanage Boasting over 100 years of trusted excellence, the journey of Silvermill Group

Highlights Trending

5 Reasons why you need to check out Wild Culture Yala

If you are that Wildlife lover who loves being in the wild and looking to

Highlights Trending

Waves Bologoda

SINGHE's Wave Bolgoda, which launched in January 2021, The venue was initially established by lecturer

Trending

Yamu Guide.

8 Hotels That Offer Transport – 2022

Sometimes arranging for transport when you’re on vacation is the last thing that you want

Highlights Yamu Guide

7 Instagrammable restaurants to dine in August 2022

By Hiruni Herath We’re always looking for the perfect spot that is a mix of

Highlights Yamu Guide

5 Places to get Gift Hampers – 2022

By RR Gift hampers have been around for quite a bit but they’ve suddenly become

Highlights Yamu Guide

8 FAQ’s on fuel QR Code system

Sri Lanka introduced the Fuel Pass QR code system in full force from today (1st

Highlights Yamu Guide

7 Tips to Ensure Safe Cycling

Cycling on roads full of traffic due to petrol queues can be scary. Here are

Highlights Yamu Guide

6 Cycling Accessories You Need

By Janani Vithanage With the fuel crisis still wreaking havoc in everyone’s lives, a new

Highlights Yamu Guide