ගං ඉවුරක ආශ්වාදයට තුරුලු වෙලා! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන හෝටල් 9ක්.

හිමිදිරි උදයෙ කුලුඳුල් හිරු කිරණ ගං ඉස්මත්තට වැටෙද්දි පින්නෙන් වැහුණු ගස් කොළන් නිලට නිලේ දිස්න දෙන ලස්සන,

තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ඇඟ මැලි කඩන ගතට ගේන ප්‍රබෝධය,

හිතේ හැටියට විඳ ගන්න ගං ඉවුරක් තරම් සුදුසු තැනක් නම් තවත් නැති තරම්. හැරත් නිසල ගං දිය දිහා බලාගෙන හොඳ හුස්මක් අරන් පහළට දාද්දි දැනෙන සැහැල්ලුව කොච්චර ආශ්වාදජනකද?

හැබැයි, ඔය කිව්වට ඊටත් වඩා ආශ්වාදජනක දෙයකුත් තියෙනව. කැළේ කොළේ ටිකක් ඇවිදල, කඩොලාන පැත්තෙ බෝට්ටු සවාරික් ගිහින්, හිතේ හැටියට ජල ක්‍රීඩා කරල, රස කෑම පිඟානක් කාලා රැයක් ගෙවන එක.

හැබැයි ඉතින් මේ දේවල් ගන්න කොළඹට වෙලා ඉඳල බෑ, ටිකක් දුර බැහැරට යන්න වෙනව. අඩුම තරමෙ බෙන්තර, බළපිටිය, තිස්ස පැත්තට වත්. එහෙම නැත්නම් රත්නපුර, බෙලිහුල් ඔය පැතිත් අවුලක් නෑ. ගිහින් ඉස්සෙල්ලාම කරන්න ඕන ලස්සන පොඩි හෝටලයක් හොයා ගන්න එක, කැලේ ඇතුලෙ ගං ඉවුරක හදපු. ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවනෙ කොහොමද එහෙම හෝටලයක් හොයා ගන්නෙ කියල.

අන්න ඒ නිසයි අපි හිතුවෙ අපේ රටේ තියෙන ලස්සන රිවර් හෝටල් සෙට් එකක් ඔයාලට කියන්න. දන්නවද? මේ හෝටල් හැම එකක්ම වගේ මුලු මනින්ම ස්වභාවිකත්වයට මුල් තැන දීල හදපුව. ඒ නිසා ගං ඉවුරක ආශ්වාදය හිතේ හැටියට විඳගෙන හොඳට විනෝද වෙලා එන්න පුලුවන්. හැබැයි ඉතින් විනෝද වෙලා ඇවිල්ල නිකන් ඉන්න බෑ හොඳද. ගමන කොහොමද කියල අපිටත් කියන්න ඕන.

1. Yathra

ඡායාරූපය

ජෙට් වින්ග් එකෙන් කරන අපූරු පාවෙන අවන්හලක්. පොල් අතු හෙවිලි කරපු ලස්සන වහලයක් තියෙන්නෙ. ලී බෝට්ටුවත් හරිම ලස්සනයි. කෑම බීම නම් කොහොමද කියන්න දන්නෙ නෑ. හිතෙන විදියට නම් පංකාදු පහට ඇති. නිදන කාමරත් උපරිම සුව පහසුවට හදල තියෙනව. එකම අවුල තියෙන්නෙ ගිණි මැලයක් ගහ ගන්න බැරි එක තමයි. ඒ වුනාට මොකද බෝට්ටු තට්ටුව අයිනට වෙලා ගඟ දෙපැත්තෙ සුන්දරත්වය විඳින ගමන් හෙමිහිට සිංදුවක් මුමුණන්න බැරියැ. යාත්‍රා එකේ ගාස්තුව නම් හොයා ගන්න බැරි වුනා. ඒත් මේක තියෙන්නෙ බෙන්තර ගඟේ කියන එක නම් හොයා ගත්තා.

2. Kumbuk River

ඡායාරූපය

බුත්තල කැළේ ඇතුලෙ කුඹුක්කන් ඔය අයිනට වෙන්න හදල තියෙන කුඹුක් රිවර් හෝටලයත් ගං ඉවුරක පහස විඳින්න කියාපු තැනක්. ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට කැළේ ඇවිදින්න, සත්තු බලන්න, ජල ක්‍රීඩා කරන්නත් පුලුවන්. කොහොමද රෑ ජාමෙට ගිණි මැලයක් ගහගෙන කුඹුක්කන් ඔයේ ඉවුරට වෙලා සිංදුවක් කියද්දි. බාබකියු පාර්ටි එහෙමත් නැතෑ හෝටලයෙ. හැරත් කටට රහට ගමේ කෑම ටිකක් හරි රස බලන්න පුලුවන්නෙ.

3. The River House

ඡායාරූපය

මාදු ගං ඉවුර කොයි තරම් ලස්සනද. ආස නැද්ද ඒ සුන්දරත්වය අත්විඳින්න. එහෙනම් යන්න තියෙන හොඳම තැන තමයි බළපිටිය, වෙළගෙදර මාදු ගං ඉවුරට වෙන්න පිහිටල තියෙන රිවර් හවුස් හෝටලය. ගස් කොළන් වලින් අනූන හෝටල් වට පිටාවයි, ගං ඉවුරෙ කීචි බීචි ගාන කුරල්ලන්ගෙ ලස්සනයි, අපූරු බෝට්ටු සවාරියක ආශ්වාදයයි එකතු වුනාම දවස ගෙවෙනව තේරෙන්නෙ නැති ගාණයි. කොහොමද ඒ අතරට රස කෑම බීම ටිකකුත් එකතු වුනාම, පංකාදු පහයි නේ.

4. Hotel River Front

ඡායාරූපය

තිස්ස කැලේ මායිමේ ගං ඉවුරක පාඩුවේ…ආසයි නේ…

ගඟේ නම නම් දන්නෙ නෑ. කොහොම හරි මේ හෝටලේ තියෙන්නෙ තිස්සමහාරාමෙ දෙබරගස් වැව කිට්ටුව. හරියටම වීර විල වැවයි දෙබරගස් වැවයි මැද්දෙ කැලේට වෙන්න. සතා සීපාවගෙනුත් අඩුවක් නෑ. හැබැයි එහෙමයි කියල ලොකුවට බය වෙන්න දෙයකුත් නෑ. හවස් ජාමෙ අල්ලල ගිණි මැලයක් ගහ ගත්ත නම් හරි. රිවර් ෆ්‍රොන්ට් හෝටලයෙ හොඳ සුව පහසුවට හදපු කාමර වගේම ගඟට අල්ලල ගහපු වැරෙන්ඩා එකකුත් තියෙන නිසා හිතේ හැටියට වට පිටාවෙ ලස්සන බලන්නත් පුලුවන්. කෑම එහෙමත් හොඳ රසට තියෙනව කියල තමයි ආරංචිය. පොඩි අවුලකට කියල තියෙන්නෙ හෝටලය හදද්දි ස්වභාවිකත්වයට ඉඩ දීලා තියෙන ගතිය අඩු එක තමයි. 

5. River Face Inn

ඡායාරූපය

රු. 2000ක් වගේ සෑහෙන්න අඩු ගාණකට ගං ඉවුරක සුන්දරත්වය අත්විඳින්න, යන්න දෙබරගස් වැව රිවර් ෆේස් හෝටලයට. ඔන්න මේ හෝටලය නම් හදල තියෙන්නෙ ගං ඉවුරෙ හොඳට ඉඩ තියෙන්න. කට්ටියට හොඳ හැටි විනෝද වෙන්න පුලුවන්. අනික ලී වලින් හදපු උඩ පැල වගේ කාමරත් තියෙනවනෙ. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කෑම බීම වල රස පදම ගැන ලොකු තක්සේරුවක් දෙන්න බැරි එක තමයි.

6. Gaga Bees

ඡායාරූපය

තිස්සමහාරාම සඳගිරි ගම කියන්නෙ යාල මායිමට කිට්ටුව. කොහොමද අලි,කොටි, වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිණි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත් වලින් වට වුනු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළි වලින් ආලෝකමත් වුනාම තමයි ගඟ බීස් වල ලස්සන හොඳටම පේන්නෙ.

7. River Garden Resort

ඡායාරූපය

තිස්ස හිටිය ඇතිනෙ. යමු බෙලිහුල් ඔය පැත්තට. සීතල වතුර ටිකක් නා කියා ගෙන ගං ඉවුරටම වෙලා රස කෑම ටිකකුත් කාගෙන ඉඳල එන්න. ඒ විතරක් නෙවෙයි ගිණි මැලයක් ගහල සිංදුවක් කියන ගමන් ලාවට පොඩි ෂොට් එකකුත් දාන්න බැරියැ. බෙලිහුල් ඔය, සීලෝගම රිවර් ගාර්ඩන් හෝටලයත් ගං ඉවුරක් කිට්ටුව හදපු හරි ලස්සන තැනක්. හැබැයි ඉතින් කබානා, පැල්පත් වගේ නම් හදල නෑ. අනික සුපිරි පන්නයේ හෝටලයකුත් නෙවෙන නිසා කෑම බීම, ඉඳුම් හිටුම් ගැනත් ලොකු තක්සේරුවක් දෙන්න අමාරුයි. ඒ වුනත් මොකද ඇඩ්වෙන්චර් වැඩ නම් පිරිලා. හයිකින්ග්, රොක් ක්ලයිම්බින්ග් වගේ වැඩ ගොඩක් තියෙනව.

8. Kadolana Eco Village

ඡායාරූපය

බළපිටිය, ආඳා දොළ පිහිටල තියෙන කඩොලාන ඉකෝ විලේජ් කියන්නෙ ගං ඉවුරක හදපු තවත් ලස්සන හෝටලයක්. පොල් අතු හෙවිලි කරපු කාමර වගේම පොඩි පැල්පත් වගේ ඒවත් තියෙනව. හැරත් හොඳට ඉඩ කඩ ඇතුව ස්වභාවිකත්වයට ඉඩ දීලා හදල තියෙන නිසා ලොකු පිරිසකට වුනත් වට වෙලා විනෝද වෙන්න පුලුවන්. හැබැයි ගඟට බැහැලා නාන්න කරන්න නම් බැරි වේවි. මොකද මේ හරිය සෑහෙන්න ගැඹුරුයි. ඔන්න බෝට්ටු සවාරි යන්න, ජල ක්‍රීඩා කරන්න නම් කියාපු තැන. කඩොලාන ඉකෝ ලොජ් එකෙත් කෑම බීම ගැන නම් කියන්න දන්නෙ නැහැ. ඒත් හොඳ සුව පහසුවට ඉන්න පුලුවන්.

9. Maduganga Villa

ඡායාරූපය

ඉස්සෙල්ම කියන්න එපැයි, මෙයාලගෙ පැකේජ වල ගණන් නම් හොයා ගන් බැරි වුනා. හැබැයි බැලූ බැල්මට හරි ලස්සන තැන. ගඟට අල්ලල ගහල තියෙන ලොකු කබානා එකකට ගොඩ වුනා නම් නිදහසේ වට පිටාව බලන්න පුලුවන්. කෑම බීමත් සුපිරියටම තියෙන පාටයි. හැරත් නිදන කාමර ටිකත් නියමෙටම තියෙනව. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මාදු ගඟේ බෝට්ටු සවාරි වල තියෙන විනෝදාශ්වාදය. කඩොලාන අතරින්, දූපත් පහු කරගනෙ යන ගමන හරිම රසවින්දනාත්මකයි. ඔන්න එහෙනම් මාදු ගඟට ආස කට්ටියටත් තැන් දෙක තුනක්ම තියෙනව හොඳද.

මේ විදියට රිවර් හෝටල් 9ක් කිව්වට මීට වැඩිය සුපිරි, ලස්සන රිවර් හෝටල් ඕන තරම් ලංකාවෙ තියෙනව. වැඩේ කියන්නෙ හෙමින් සැරේ හොයන්න එපැයි. එහෙනම් අපි තව ලස්සන හෝටල් ටිකක් හොයනකම් ඔයාලා දන්න කියන ඒව ටික කමෙන්ට් කරන්න. එතකොට අපේ මීලඟ හෝටල් ලැයිස්තුවට දාන්න පුලුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Sri Lanka’s First Hotpot Conveyor Belt Launches at We Ai Family in Colombo

Colombo has just welcomed an exciting new culinary experience with the launch of Sri Lanka’s

Highlights Kamu Trending

A Vintage Affair at Sky Lounge

An Evening of Fine Wine and an Italian Touch The Kingsbury, Colombo, invites you to

Highlights Kamu Trending

Taste the World: 7 Cuisines in 7 Days

Are you craving a culinary adventure? 7 Cuisines in 7 Days is your ultimate guide

Highlights Kamu Trending

The Avenue, Colombo – Review

From the moment you walk in, the space offers a sense of comfort. Its simple

Highlights Kamu Trending

7 Fine Dining Restaurants You Must Try in Colombo

Sri Lanka’s culinary scene is rapidly evolving, blending its rich heritage with global gastronomic trends.

Highlights Kamu Trending

Tea Trails & Tastes: : Best Eats in Nuwara Eliya and Ella.

By Fathima Rukaiya, Let’s take a flavorful journey through the culinary landscapes of Ella and

Highlights Kamu Trending

Trending.

Churros at The Kingsbury Celebrates World Chocolate Day

The Kingsbury Colombo's beloved pâtisserie, Churros, marked World Chocolate Day in true decadence with an

Highlights Trending

Sri Lanka’s First Iris Photography Experience by Eye Craft

On June 29th, the iconic Virticle by Jetwing hosted the grand launch of Eye Craft,

Trending

Hilton Named Best Workplace in Sri Lanka

This milestone marks the first time the hospitality company is recognized as the top employer

Trending

Bello Beach Bar by Browns Hotels & Resorts Redefines Coastal Leisure on Sri Lanka’s East Coast

Pasikuda’s coastline, known for its calm waters and untouched beauty, welcomed a refreshing new addition

Trending

MasterChef Franchise Makes Landmark Debut in Sri Lanka with Star-Studded Launch

Global culinary hit commissioned in 71 territories following latest Banijay Rights dealRs 3 Million, a

Trending

Sri Lanka’s Most Acclaimed Japanese Restaurant, Nihonbashi, Celebrates 30 Years

Marking three decades of popularizing "Washoku" in Sri Lanka, Chef Dharshan Munidasa’s flagship restaurant celebrates

Trending

Yamu Guide.

A Curated List of 9 Japanese Restaurants in Sri Lanka

1.Salmon and Maki - Thalawathugoda Japanese Fusion Cuisine 11.00 AM - 10.30 PM (everyday) Visit:

Highlights Yamu Guide

Best Waterfalls in Sri Lanka (Including Hidden Gems)

By Fathima Rukaiya, There are many beautiful waterfalls in Sri Lanka, but are you unsure

Highlights Trending Yamu Guide

The 2025 High Tea Round-Up

Looking for the perfect place to enjoy a relaxing high tea? Whether you're into sweet

Highlights Yamu Guide

Father’s Day Gift Guide 2025

By Linara Wimalaweera Father's Day is an opportunity to acknowledge the dedication and influence of

Yamu Guide

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide