හොඳවයින් එකක් ඕනද?.

1505දී “තිරිවානා ගල් සපා කන ලේ බොන” පිරිසක් කොළඹ නගරයට ගොඩබෑ මොහොතේ ඉඳන් කොළඹත් වයිනුත් අතර කතාව දිගහැරෙනවා. එදා ප්‍රදේශවාසීන් “ලේ” ලෙස වරදවා අඳුනාගෙන තියෙන්නෙ රතු වයින්.

හොඳ වයින් එකක් තෝරගන්නව කියන්නෙ සාම්ප්‍රදායික ව ඉතාම සූක්‍ෂම ව, වයින් ටේස්ටින් කරල කරපු දෙයක්. ඒත් ඇත්තෙන්ම මේ ගැන කරපු සමීක්‍ෂණවලින් පෙනිල තියෙනව වයින් මිල සහ රසය අතර ඔය ‘ඇක්ස්පර්ට්’ල කිව්ව විදිහෙ සම්බන්ධයක් නැහැයි කියල.

වයින් කියන්නෙ හරිම ගණන් බීමක් කියල තමයි අපි ගොඩක් වෙලාවට හිතන් ඉන්නෙ. ඇත්තෙන්ම ඉතා මිල අධික වයින් වර්ග තියෙනව. ඒත් රු. 2000කට අඩුවෙන් වුණත් සුපිරි වයින් බෝතලයක් ගන්න පුළුවන් තත්ත්වයක් අද පවතිනව.

මායි උඹයි දන්න වයින්

අපිත් ඉස්සර (ඇත්තටම තාමත්) ඔහොම තමයි. ඒත් විවයිනෝ වගේ ඇප් නිසා වයින් එකක් තෝරගන්න එක ගොඩක් ලේසි වෙලා තියෙනවා. වයින් බෝතලේ ලේබලේ මේ ඇප් එකෙන් ස්කෑන් කරාම ඒ වයින් වර්ගයට ඇප් එක පාවිච්චි කරන අනෙත් අය දාපු විචාර, star rating එහෙම බලාගන්න පුළුවන්. කොටින්ම කිව්වොත් වයින්වලට “යමු” ඇප් එකක් වගේ.

මූලිකව ම වයින් ප්‍රභේද කීපයක් තියෙනව. ප්‍රසිද්ධ ම ජාතිය තමයි රතු වයින්. මේව ගොඩක් දුරට මාංශමය ආහාර එක්ක තමයි බීමට ගන්නෙ. ඒ වගේ ම සුදු වයින්, මුහුදු ආහාර එක්ක බීමට ගන්නවා. සුදු වයින්වලින් තවදුරටත් ස්පාර්ක්ලිං (ඒ කියන්නෙ සෝඩා වගේ කාබන් ඩයොක්සයිඩ් එක්කහු වුණාම) වයින් හදනවා. මේ අතර ප්‍රසිද්ධ ම වර්ගය තමයි ප්‍රංශයේ පමණක් නිපදවන ෂැම්පේන්. මීට අමතරව රොසේ (රෝස පාට වයින්) වගේ වර්ගත් තියෙනවා.

පහසු මිලට ලබාගත හැකි ජනප්‍රිය වයින් ප්‍රභේද

වයින් ප්‍රභේද සිය ගාණක් තිබුණත් ජනප්‍රිය, ඒ වගේම පසුම්බියට පහසු වර්ග කීපයක් දැක්වුවොත්:

කැබර්නේ සොවින්යෝන් (Cabernet Sauvignon)

ඇමරිකානු මහද්වීපයේ වැඩියෙන්ම වගාකරන මිදි වර්ගයක්. මෙම වර්ගයේ ඇති ඝන පොත්ත නිසා රසයෙනුත් සුවඳිනුත් මෙය පලතුරුවලට හුරුයි. චිලී රට, ආජන්ටීනාව මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියාවෙන් ද මෙම රතු වයින් වර්ගය අපනයනය කෙරෙනවා. ප්‍රංශ බොර්ඩෝ ප්‍රාන්තයේ මුල් මිදි වර්ග 5න් එකක් වන මෙහි මිදි ගෙඩියේ ඇති රසායනික සංයෝග නිසා සුළු ගම්මිරිස් රසයක්ද එක්වෙනවා.

පීනො නොවා (Pinot Noir)

රෝපණය කිරීමට අපහසු මිදි වර්ගයක් ලෙස මෙය ප්‍රසිද්ධයි. සිසිල් ප්‍රදේශවල වඩා හොඳින් වැවුණද කැලිෆෝනියාවේ හිරු රශ්මිය වැඩියෙන් තිබෙන පෙදෙස්වල ද වගාකෙරෙනවා. පීනො නොවාර්හි රසය එය වගාකෙරෙන භූමිය (terrior) අනුව බෙහෙවින් (අනෙත් ප්‍රභේදවල වෙන තරමට වඩා) වෙනස් වෙනවා.

ඝර්ම කලාපවල වගා කෙරෙන පීනො නොවා මද්‍යසාර සංයුතිය අතින් ඉහළ (15% දක්වා) අගයක් ගන්න අතර සීත ප්‍රදේශවල සාදන වයින් සැහැල්ලුයි. මද්‍යසාර සංයුතිය අඩු, සුළු ලෙස ඛනිජ ලවණ රසයක් අඩංගු රතු වයින් වර්ගයක්. මේ මිදි වර්ගයේ ප්‍රභේද ගොඩක් තියෙනවා.

පීනොටාජ් (Pinotage) කියන්නෙ දකුණු අප්‍රිකාවෙ හරිම ප්‍රචලිත වයින් වර්ගයක්. පීනො නොවා හා හර්මිටේජ් කියන මිදි වර්ග දෙක දෙමුහුම් කරල තමයි හදල තියෙන්නෙ. කෙසෙල් රස සුළු වශයෙන් මෙහි අඩංගුයි. නරකකට තියෙන්නෙ මේකෙ ඇසිටෝන් (පේන්ට්) දුගඳක් හමනව කියල සමහරු කියන එකයි.

ඕස්ට්‍රේලියානු ශිරාස් (Shiraz/Syrah)

ඇල්කොහෝල් නොමද ව ඇති “ෆුල් බොඩීඩ්” (“ඝනත්වයෙන්” වැඩි) ශිරාස් මිදි රසයෙනුත් සුවඳිනුත් බෙරී හා ප්ලම් වන් ස්වභාවයක් ගන්නවා. ප්‍රංශ Syrah මිදිවලින් පැවත එන මෙම මිදි වර්ගයේ ඔස්ට්‍රේලියාවට ආවේණික යූකලිප්ටස් වැනි රසයන්ද අඩංගුයි. ඔස්ට්‍රේලියානු ඍතුවල වෙනස්වීම මෙම ජනප්‍රිය රතු වයින් වර්ගයේ රසයේ සංකීර්ණත්වයට බලපානවා කියලයි කියන්නෙ.

ආර්ජන්ටීනියානු මැල්බෙක් (Malbec)

මීඩියම් බොඩීඩ් (“ඝනත්වයෙන්” මධ්‍යස්ථ වූ) වයින් වර්ගයක් වන මැල්බෙක්, ලෝ පුරා ජනප්‍රිය වී ඇත්තේ අාර්ජන්ටීනාවේ කදුකර ප්‍රදේශවල දේශගුණ තත්ත්ව හා පාංශු ලක්‍ෂණ යටතේ වැවීම නිසා ඇතිවන එයට ආවේණික රසය නිසායි.

අඳුරු පැහැ පලතුරු රසයෙන් අනූන මෙම මිදි වර්ගයේ මූලාශ්‍රය ප්‍රංශයේ බෝඩෝ ප්‍රදේශයේ වුණත් දැන් මෙය එහි වවන්නේ කලාතුරකින්. ප්‍රංශ වර්ගයට වඩා ආර්ජන්ටීනියානු වර්ගය රස අතින් බොහෝ වෙනස්. සැර මස් ව්‍යාංජනක් එක්ක මේ රතු වයින් වර්ගය ඉතා හොඳට ගැලපෙනවා.

ශාඩොනේ (Chardonnay)

ප්‍රංශයේ බර්ගන්ඩි ප්‍රාන්තයෙන් ලොවට ලැබිච්ච දායාදෙ තමයි ශාඩොනේ. ලෝකෙ ජනප්‍රියම සුදු වයින් වර්ගය. සුදු වයින්වලට අමතරව ෂැම්පේන් ඇතුළු “ස්පාර්ක්ලින්” වයින් හදන්නෙත් මෙම අපූරු මිදි වර්ගයෙන්. මුහුදු ආසන්නයේ වවන මිදි අම්ලකර ස්වභාවයක් ගන්නවා. පෙයාර්, ඇපල් සහ සිට්රස් රස මෙම මිදිවලින් එනව කියල තමයි කියවෙන්නෙ. කැලිෆෝනියාවෙ වයින් සෙන්ට්‍රල් වන නැපා නිම්නයේ වයින් නම් මිට වඩා “ෆුල් බොඩීඩ්” (ඝනත්වයෙන් වැඩි) වෙනව. නිවර්තන කලාපීය පලතුරු වගේ රසකුත් මේ වර්ගයේ තියෙනවා.

සුදු වයින් සාමාන්‍යයෙන් යන්නෙ “සීෆුඩ්” ආහාර එක්ක: ඕක් රසැති වයින් නම් පොකිරිස්සන්, එග්ස් බෙනඩික්ට්, පෝක් චොප්ස් එක්ක ගැළපෙන්නෙ එම වයින් එකේ තියෙන බටර්වලට හුරු රස නිසයි. ඕක් රස නැති වයින් ඉස්සන්, කකුළුවන් සහ අඹ සලාද වැනි කෑම එක්ක යන බවයි කියවෙන්නෙ.

සොවින්යෝන් බ්ලොන්ක් (Sauvignon Blanc)

සොවින්යෝන් බ්ලොන්ක් කියන්නෙ හර්බල් සහ සිට්‍රස් රසයක් තියන සුදු මිදි වර්ගයක්. සීතල දේශගුණේට වැඩියෙන් උචිත නිසා ප්‍රංශයෙත් නව සීලන්තෙත් මෙය නිෂ්පාදනයට ප්‍රකටයි. මාළු සහ බෙල්ලන් වගේ කෑම වර්ග එක්ක බීමට ගන්නවා.

ඉතින් කොහෙන්ද මේ වයින් හොයාගන්නෙ

අල්ලපු වත්තෙ “වයින් ස්ටෝර්ස්” එකට ගිහින් වයින් බෝතලයක් අරන් කාගත්තු කටු අනන්තවත් විඳල ඇතිනෙ. වයින් හරි විදිහට ගබඩා කරේ නැත්තං රස අවුල් යනව. ඒ වගේම වයින් ස්ටෝර්වල තියෙන වයින්වලට වැඩිපුර “කික්” එකක් එන්න ස්පිරිතු එක්කාසු කරනව කියල තියරියකුත් තියෙනවා.

ලංකාවෙ වයින් ගන්න කියාපුම තැන ෆ්ලවර් රෝඩ් එකේ තියෙන “හවුස් ඔෆ් වයින්ස්” කියලයි මම හිතන්නෙ. රු. 1500 සිට එහා ඉතාමත්ම හොඳ තෝරාගැනීමක් මේකෙ තියෙනවා. ඒ වගේම ඉතා දැන උගත් වෙළෙඳ මහත්තුරුත් ඉන්න නිසා වයින් ගැන ඉගෙන ගන්නත් කියාපු තැනක්. විශේෂයෙන්ම බජට් වයින් වර්ග අතින් දකුණු අප්‍රිකානු, ආජන්ටිනා සහ චිලී යන රටවල්වලින් ආනයනය කරපු වයින් මෙහි තියෙනවා.

ඔන්ලයින් ගන්නවානම් “වයින්වර්ල්ඩ්” සයිට් එක හරි “සිප් සිප්” ඇප් එක හරි පාවිච්චි කරන්න පුළුවන්.

ආර්පිකෝ සුපර්සෙන්ටර් වල වයින් සෙලර් සාමාන්‍යයෙන් හොඳයි. අපි දන්න විදිහට මහරගම, කොට්ටාව, සහ හයිඩ් පාක් ආර්පිකෝවල වයින් තියෙනව. සමහර කීල්ස් සුපර් වලත් වයින් තේරීම හොඳයි (උදා:- K Zone කටුබැද්ද). අපි දන්න විදිහට සමහර කාගිල්ස් ෆුඩ් සිටිවලත් හොඳ වයින් සෙලර් එකක් තියෙනවා. MC ෆුඩ් සිටියයි, කොහුවල ෆුඩ් සිටියයි මෙහෙම තැන් දෙකක්.

ගන්න කලින් කලින් කිව්ව ඇප් එක පාවිච්චි කරල ලේබලේ ස්කෑන් කරල review බලාගන්න මතක තියාගන්න. පොකට් එකට තට්ටු නොකර ගෙදරටම වෙලා වයින් වීදුරුවක රස විඳින්න ඔයාලටත් පුළුවන්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

A Review of The Commons Coffee House’s New Offerings

The Commons Coffee House, located on Flower Road in Colombo 7, has been around for

Highlights Kamu

Trending.

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Radisson Hotels in Sri Lanka Earn Safehotels Premium Certification

Radisson Blu Resort Galle, Radisson Hotel Colombo, and Radisson Hotel Kandy have proudly earned the

Trending

A Yakitori Indulgence at Yoroko, Cinnamon Life

Tradition Meets Contemporary Flair at Cinnamon Life This October, elevate your dining experience as Yoroko,

Trending

Yamu Guide.

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

9 Unique Wedding Venues in Sri Lanka

Say “Yes” differently - beyond the ballroom.  It’s 2025 and nowadays potential brides and grooms

Highlights Yamu Guide

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

8 Food Courts to try in Sri Lanka

By Fathima Rukaiya, Looking to grab a bite at a spot that offers a wide

Highlights Yamu Guide