අවුරුදු 30කට කලින් අද වගේ දවසක, විජය කුමාරතුංග නොමැරුණා නම්….

විජය කුමාරතුංග ඝාතනය කරලා අදට අවුරුදු 30ක්. විජය කියන්නෙ ලංකාවේ සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වගේ ම සෑහෙන ජනප්‍රියත්වය සහ රැඩිකල් දේශපාලඥයෙක්. 1988 පෙබරවාරි 16 වෙනි දා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවෙක් අතින් ඝාතනය නොවුණා නම් මොකක් වෙයිද? එහෙම වුණා නම් ලංකාවේ සිනමා සහ දේශපාලනය ඉතිහාසය මොන විදියට වෙනස් වෙයිද? නළුවෙන් සහ දේශපාලඥයෙක් හැටියට විජය කුමාරතුංග පුද්ගලික ව මොන වගේ තැනකට යයිද? මේ ‘විකල්ප ඉතිහාස කතාව’ ලියන්න අපි කතා කළා ඉතිහාසය ගැන පර්යේෂකයෙක් වන නන්දන වීරරත්නට සහ සත්‍යයජිත් මාඉටිපේ සහ සිරිමල් විජේසිංහ කියන චිත්‍රපටිකාරයො දෙන්නට.

අන්තිම තරුව

සිංහල සිනමාවේ අවසාන තරුව හැටියට ගොඩක් දෙනෙක් පිළිගන්නෙ විජය. ගාමිණී ෆොන්සේකාට තිබුණු ගරු ගාම්භීර පෞරුෂයත් එක්ක බලද්දි චිජයට තිබුණේ ඊට වඩා මිනිස්සුන්ට ළංවෙන්න පුළුවන් විදියේ පෞරුෂයක් කියලයි සත්‍යජිත් කියන්නෙ. යාළුවකුට, නෑදෑයකුට වගේ  තමන්ට ළං වෙන්න පුළුවන්, කරට අතදාගෙන කතාකරන්න පුළුවන් කියල දැනෙන සමීපකමක් මිනිස්සුන්ට විජය ගැන තිබුණා. සත්‍යජිත් කියන විදියට මේ කැරිස්මා නිසා එක සිනමාවේ දි වගේ ම දේශපාලනයෙ දි ත් ලොකු පරාසයක මිනිස්සු පිරිසක් ආකර්ෂණය කරගන්න විජයට පුළුවන් වුණා.

ලංකාවේ එම්ජීආර්

දෙමළ සිනමාවේ තරුවක් වෙලා ඊටපස්සෙ තමිල්නාඩු දේශපාලනයේ කැපීපේන චරිතයක් වුණු එම්ජීආර්ට තමයි නන්දන වීරරත්න විජයව සමාන කරන්නෙ. ඒ වගේ ම නන්දන කියන විදියට ඉන්දියාවේ ආණ්ඩුව එක්කත් විජයට සෑහෙන ලොකු සම්බන්ධතාවක් තිබිලා තියෙනවා. යුද්දෙ දරුණුවට තිබුණු 1986 වගේ කාලෙක යාපනේට ගිහින් දෙමළ කැරලිකාර කණ්ඩායම් එක්ක සාකච්ඡා කරන්න විජයට පුළුවන් වෙන්නෙ ඉන්දියාවේ රෝ සංවිධානයත් එක්ක තිබුණු මේ සම්බන්ධතා නිසා කියලයි නන්දන කියන්නෙ. දෙමළ අරගලයේ දි විජය තනිකරම වගේ ක්‍රියාකරන්නෙ ඉන්දියානු උවමනාවන්ට අනුවයි.

රෝ ඒජන්තයෙක්?

කලාපයේ බලවතා විදියට ඉන්දියාවේ මැදිහත්වීම ලංකාවේ දේශපාලනයෙ දි තීරණාත්මක වෙන නිසා, ඉන්දියාවත් එක්ක තිබුණු මේ සම්බන්ධතාව විජයට දේශපාලන වශයෙන් සෑහෙන වාසිදායක වෙන්න තිබුණා කියල නන්දන වීරරත්න හිතනවා. ඒ අනුව 1988 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරග කළා නම් විජය ඒක දිනන්න ලොකු චාන්ස් එකක් තිබුණා.

1988 ජනාධිපතිවරණෙ දි ආර්. ප්‍රේමදාස 50.4%ක් ඡන්ද අරන් දිනද්දි ශ්‍රී ලංකා එකෙන් ආපු සිරිමාවොයි විජයගෙ මහජන පක්ෂෙන් ආපු ඔසීයි 47%කට වඩා ඡන්ද ගන්නවා. ඉතිං එහෙම බලද්දි මේ දෙපාර්ශවය එකතුවෙලා සෑහෙන ලොකු ජනප්‍රියත්වයත් තිබුණු විජය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළා නම් දිනන්න ලොකු චාන්ස් එකක් තිබුණා කියන කතාවෙ ඇත්තක් තියෙනවා.

නන්දනට අනුව ජේ. ආර්. හැත්තෑව දශකයේ ඉඳන් ම විජය තමන්ගෙ ප්‍රබල දේශපාලන විරුද්ධවාදියෙක් හැටියට සලකන්නෙත්, නක්සලයිට් චෝදනා යටතේ විජයට හිරේ යන්න වෙන්නෙත් වගේ ම 1988 දි වෙඩිකන්න වෙන්නෙත් ඉන්දියානු සම්බන්ධතා එක්ක මේ විදියට විජය වටේ ගොඩනැගුණු බලය නිසා.

සිරිමල් විජේසිංහ හිතන්නෙ 1988 කොහොම වුණත් විජය ජිවත්වෙලා හිටිය නම් 1994 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා වෙනුවට අනිවාර්යයෙන් ඉදිරිපත්වෙන්නෙ එයා කියලා. විජය ජනාධිපති වුණා නම් චන්ද්‍රිකා වගේ සාම වැඩපිළිවෙළ අතරමග නවත්තලා යුද්දෙට යන එකක් නෑ කියල තමයි සිරිමල් කියන්නෙ. හැබැයි වමේ පක්ෂ එක්ක වැඩි සම්බන්ධතා තිබුණට සමාජවාදී ආර්ථිකයක් ගැන අදහසක් විජයට තිබිලා නෑ. විජය ජනාධිපති වුණා නම් ගොඩක් දුරට ප්‍රේමදාස පන්නයේ සුබසාධනය මූලික වෙච්ච ලිබරල් ආර්ථිකයකට යයි කියලයි සිරිමල් හිතන්නෙ.

ගේමක්ද ගැහුවේ?

හැබැයි සිංහල දෙමළ වාර්ගික දේශපාලනය ඇතුළෙ විජයට ලොකු දෙයක් කරන්න තිබුණත් ජනාධිපති ධූරය දක්වා යන ගමනක් විජයට තිබුණා කියලා සත්‍යජිත් හිතන්නෙ නෑ. සිනමාවෙ දි සහ පුද්ගලයෙක් විදියට එයා තිබුණු කැරිස්මා එක දේශපාලනයෙ දි එයාට උදව් වුණාට ඒක හරියට දැනුවත් ව පාවිච්චි කරන විදියක් එයා දැනගෙන හිටියේ නෑ කියලා තමයි සත්‍යජිත් කියන්නෙ. නන්දන කියනවා වගේ රටේ ප්‍රධාන දේශපාලන පවුලකින් කසාදයක් බැඳගෙන, ඒ බලය සහ සිනමාවේ ජනප්‍රියත්වය තමන්ගෙ දේශපාලන ගමනට පාවිච්චි කරන්න තරම් විධිමත් සැලසුමකින් විජය කටයුතු කළා කියලා එයා හිතන්නෙ නෑ.

සිනමාව ගොඩයයිද?

සිනමාව පැත්තෙන් ගත්තොත් හොලිවුඩ්, බොලිවුඩ් බලපෑම සහ ආර්ථික වෙනස්කම් එක්ක සිද්ධවුණු සිංහල සිනමාවේ කඩාවැටීම නවත්තන්න විජයට (සහ ජෝතිපාලට) පුළුවන් වෙයි කියලත් සත්‍යා හිතන්නෙ නෑ.

“විජය ජීවත්වෙලා හිටිය නම් අමිතාබ් බච්චන් වගේ පස්සෙ කාලෙක එයාව රීඩිස්කවර් වෙයි කියලා මම හිතන්නෙ නෑ.” විජය කියන්නෙ එක කාලයක් නියෝජනය කරපු ප්‍රභාමත් චරිතයක්; ඒ කාලෙ ඉවර වුණාට පස්සෙ ඒ ප්‍රභාවත් එක්කම එයාලා නිවිලා යන්න කොහොමත් නියමිත ව තිබුණා කියල සත්‍යා හිතනවා. විජය මැරෙන කාලෙ වෙද්දි කොහොමත් සිනමාවේ ඒ ප්‍රභාමත් කාලය ඉවරවෙමින් තමයි තිබුණේ. විජය හිටියත් නොහිටියත් ඒක වලක්වන්න විදියක් නෑ.

කොහොම වුණත් නන්දන වීරරත්න කියන විදියට 1988 දි  හරි, නැත්නම් සිරිමල් කියන විදියට 1994 දි හරි විජය ජනාධිපති වුණා නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය සෑහෙන්න වෙනස්වෙන්න තිබුණා. කොහොමත් 1988 දි විජය එක්ක එකතුවෙන්න නියමිත ව තිබුණු බලවේග ම තමයි 1994 දි එයාගෙ බිරිඳ චන්ද්‍රිකා වටේ එකතුවෙන්නෙ.

හැබැයි ඉන්දියාව එක්ක කොච්චර සම්බන්ධතා තිබුණත්, ලංකාවේ කොච්චර ජනප්‍රිය චරිතයක් වුණත්, ඉන්දියන් හමුදා ලංකාවේ කඳවුරු ගහගෙන ඉද්දි ඒකට විරුද්ධ ව ජේවීපී එක මුල්කරගෙන ආපු සිංහල ජාතිකවාදී බලවේගත් එක්ක හැප්පෙන එක ලේසි වෙන එකක් නෑ කියලයි නන්දන හිතන්නෙ. හැබැයි අනිත් අතට නළුවෙක් විදියට එයාට තිබුණු කැරිස්මා එකත් එක්ක මහින්ද රාජපක්ෂට තියෙන කාන්තා ආකර්ෂණයටත් වැඩි ආකර්ෂණයක් එක්ක සිංහල සමාජයේ කැමැත්ත දිනාගන්න බැරිත් නෑ.

එහෙම වෙලා එයා දෙමළ ප්‍රශ්නය චන්ද්‍රිකාට වඩා වෙනස් විදියට විසඳුවා නම් 2002 දි රනිල්ට සාම ගිවිසුම්වලට යන්න වෙන්නෙත් නැ; 2008 දි යුද්දෙ දිනලා මහින්දට යුද වීරයෙක් වෙන්න හම්බවෙන්නෙත් නෑ. සරත් ෆොන්සේකා (දේශපාලන) ලොවෙත් නෑ. එහෙනම් අද වෙද්දි මේ අය මොන මොන තැන්වල ඉඳියිද; ලංකාවේ දේශපාලනය මොන වගේ තැනක තියෙයිද?

ඒත් ඒ කිසි ම දෙයක් ඒ විදියට වුණේ නෑ. අපට ඉතිහාසට ගිහිල්ලා ඒ දේවල් ආයෙ වෙනස්කරන්නත් බෑ. ඒ දේවල් ගැන දුක්වෙලා වැඩකුත් නෑ. හැබැයි මේකෙන් අපට තේරුම්ගන්න පුළුවන් ඉතිහාසයේ එක සිද්ධියකින් කොච්චර දේවල් වෙනස්වෙන්න පුළුවන්ද කියලා. ඉතිහාසයේ සිද්ධවෙන හැම දෙයක් ම එක සිද්ධියක් නිසා වුණු දේවල් නොවුණත් අපි අද දකින ‘ඉතිහාසය’ හැදිලා තියෙන්නෙ මේ වගේ අහඹු සිද්ධීන්වල එකතුවකින්. ටිකක් හිතල බලන්න. ඔයා මේ මොහොතේ කරමින් ඉන්න (හෝ නොකරන) දෙයින් ඉතිහාසය වෙනස්කරන්න පුළුවන්!

Photos: Hiru Gossip

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Indulge in Japanese Culinary Bliss at Minori Restaurant

By Sahasni Gamage Nestled within the luxurious Granbell Hotel, Minori Japanese Restaurant offers an unparalleled

Highlights Kamu

Experience flavorful Singaporean delights with a modern twist at Shiok!

By Sahasni Gamage We recently had the pleasure of dining at Shiok Singaporean Restaurant, which

Highlights Kamu

7 Fantastic Pizza Places to Try in Colombo

By Shamrina Carim Colombo, the vibrant capital city of Sri Lanka, is a haven for

Highlights Kamu

High Tea Guide for 2023

You and your friends decide to meet up after your last farewell, get together or

Highlights Kamu

Excel World Legacy Food Court launches Indi-Arabia Menu

By Hashini Pathirana https://www.tiktok.com/@yamusrilanka/video/7252917491427511560 Experience a culinary journey like no other at Excel World's launches

Kamu

A Taste of Jaffna at Flavoured by Cinnamon Red

By Hiruni Herath Flavoured at Cinnamon Red is enclosed by stunning views of the Colombo

Highlights Kamu Uncategorized

Trending.

Radisson Blu Resort Galle recently organized a delightful wine-tasting occasion

Radisson Blu Resort Galle recently hosted a delightful wine-tasting event on September 17th, showcasing an

Trending

Hilton Sri Lanka Collaborates with VOICE Area Federation to Enhance Community Resilience and Combat Hunger

For a brighter and secure Sri Lanka, fostering sustainability via community farms and kitchen programs.

Trending

Galle Face Hotel Presents ‘Yaalpana Santhai’ – A Gastronomic Journey into Jaffna Cuisine

Colombo, Sri Lanka – The Galle Face Hotel, an iconic landmark in Sri Lanka's hospitality

Trending

The Latest MSI Limited-Edition Stealth 16 Mercedes-AMG Motorsport is Available Now

MSI, the world-leading laptop brand, proudly unveiled its latest limited-edition laptop, the Stealth 16 Mercedes-AMG

Highlights Trending

Türkiye Food Festival Unveiled at Courtyard by Marriott Colombo

Colombo, September 4, 2023 - Courtyard by Marriott Colombo, an esteemed member of the Marriott

Trending

A Pho-Nomenal Vietnamese Feast at Cinnamon Grand Colombo

Vietnamese food has made its mark on the global culinary map with favourites such as

Trending

Yamu Guide.

Spotting Blue Whales in Mirissa with Chaminda Whale Watching

The whale watching tour in Mirissa Start time: 6:30am Duration: 3-5 hours depending on sightings

Highlights Yamu Guide

The Rise of Plant-Based Diets: Benefits and Challenges

By Shamrina Carim In recent years, plant-based diets have surged in popularity, drawing attention for

Highlights Yamu Guide

6 Things to Do at One Galle Face

Set against the panoramic backdrop of the Indian Ocean "Colombo’s first prestigious shopping mall is

Highlights Yamu Guide

7 Things to do at Colombo City Center

By Shanali Fernando 1. Shop till you drop A stunning integrated lifestyle destination set in

Highlights Yamu Guide

Wedding Venue List 2023

By Shanali Fernando When envisioning your wedding day, you may find yourself torn between various

Highlights Trending Yamu Guide

8 Places to get an Eid Sawan this Hajj Festival

The Muslims celebrate Hajj globally on the 29th of June, 2023. No doubt, along with

Highlights Yamu Guide