කොරෝනා නිසා ජොබ් එක අවදානමේ ද?.

මේ කාලේ ස්ථිර රැකියාවක් කියන්නේ ජීවිතේ ස්ථාවරත්වයට නැතුවම බැරි සාධකයක්. රස්සාව අවදානම් තත්ත්වයට පත් වෙන්න, කෙනෙකුට එක එක හේතු බලපාන්න පුළුවන්. කොහොම වුණත් දැන් මේ උදා වෙලා තියෙන්නේ මීට කලින් රැකියාවක් අහිමි වීමට බලපෑවේ නැති හේතුවක්. ඒ තමයි කොරෝනා වසංගතය. ඒ කියන්නේ මේ කාලේ ලෝකයට ම බලපාල තියන වසංගත තත්ත්වය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයේ ලොකු පසුබෑමක් උද්ගත වෙලා තියනවා. ඒ නිසා විවිධ ආයතන සහ සමාගම් තමන් යටතේ සේවය කරන සේවක ප්‍රමාණය අඩු කිරීමේ සහ සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමේ තීරණවලට එළඹෙන්න පටන් අරං තියන බව මේ වෙද්දි ආරංචි වෙනවා.

මේ ලිපියෙන් අපි අවධානය යොමු කරන්නේ, මේ අයහපත් තත්ත්වය ඔබේ රැකියාවටත් බලපාන්න ඉඩ තියනවා කියල හිතෙනවා නම්, ඔබ ගත යුතු පියවර ගැනයි.

කලබල වෙන්න එපා

මේ ලිපිය ලියන වෙලාව වෙද්දි ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 600කට ආසන්නයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම කියන අධි අවදානම් කලාප හැරුණාම අනෙක් ප්‍රදේශවලට බලපාන ඇඳිරි නීතිය ලිහිල් කරන්න මේ වෙද්දි කටයුතු කරලා තියනවා. ඒත් මේක මොන පැත්තකට පෙරළෙයි ද කියල තවමත් අවිනිශ්චිතයි.

ඒ නිසා ම, මේ වෙලාවේ කලබල වෙලා තේරුමක් නෑ. මොකද, දේවල් තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් සීමාවක් තුළ නෙමෙයි. ඔබේ ආයතනය වැටුප් කප්පාදුවක් හෝ සේවකයන් සේවයෙන් ඉවත් කිරීමක් ගැන මේ වෙද්දි නිල වශයෙන් දැනුම් දීල තිබුණත් නැතත්, එන ඕන ම දේකට මූණ දෙන්න ලෑස්ති වෙලා, ඉවසීමෙන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ හොඳ ම උත්තරය.

සබඳතා ශක්තිමත් කරගන්න

මේ ඔබේ පළමු රැකියාව වුණත්, රැකියා ස්ථානයේදී සහ ඉන් පිටතදී ඔබ හඳුනාගත් යම් පිරිසක් ඇති. ඔබ හඳුනන පුහුණු වන්නන්ගේ සිට කළමනාකරුවන් දක්වා වන අයවලුන් මීට ඇතුළත්. ඔවුන් හා ඇති සබඳතා ශක්තිමත් කරගන්න මේ හොඳ ම කාලයයි.

ඔබ අදාළ ක්ෂේත්‍රයේ යම් වසර ගණනක් සේවය කර තිබෙන අයෙකු නම්, පැරණි රැකියා ස්ථානවල හිතවතුන් ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ අය හඳුනාගෙන ඇති. ඔවුන් සමග ඇති හිතවත්කම් නැවත අලුත් කරගන්න. ඔවුන් සමග තත්ත්වය පිළිබඳව කතා කිරීමෙන් ඔබේ ආතතිය පහව ගොස් සහනදායී බවක් උදා වෙන්න පුළුවන්. ඒ වගේ ම ඔබේ රැකියාව අහිමි වන තත්ත්වයක් පැන නැඟී ඇත්නම් අලුත් රැකියා ස්ථානයක් ගැන දැනුවත් වීමට ඔවුන්ගෙන් උදව් ලබාගැනීමටත් මේ ආකාරයෙන් අවස්ථාව සැලසෙනවා.

ප්‍රවීණයන් සමග කතා කරන්න

සබඳතා ශක්තිමත් කරගැනීමේ තවත් වැදගත්කමක් මේ. විවිධ ක්ෂේත්‍රවල විවිධ තලවල සිටින ප්‍රවීණයන් ඇසුරු කිරීමෙන් සහ ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමෙන් ගත යුතු මීළඟ පියවර ගැන අවබෝධයක් ඔබට ලැබේවි.

ඒ විතරක් නෙමෙයි, ඔබ ඔබේ ක්ෂේත්‍රයෙන් වෙනත් ක්ෂේත්‍රයක රැකියාවකට මාරු වීමට අදහස් කරගෙන ඉන්නවා නම්, ඒ ආශ්‍රිතව ඔබ වැඩිදියුණු කර ගත යුතු කුසලතා ගැන අදහසක් ගන්නත් මේ ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා.

ඔබේ මූල්‍ය තත්ත්වය මොන වගේ ද?

ඔබ මේ වෙද්දි ඉතිරි කරගෙන තියන මුදල් ප්‍රමාණය ගැන හැම විට ම සටහන් තබාගෙන ඉඳීම වැදගත්. ඔබට වෙනත් ආදායම් මාර්ගයක් තියනවා නම් ඒ ගැනත් අවධානයෙන් සිටිය යුතුයි.

බිල්/ කුලී/ ණය වගේ දේවල් පියවීමට සහ එදිනෙදා අත්‍යවශ්‍ය වියදමට මුදල් වෙන් කළාම ඉතුරු වෙන මුදලින් කොච්චර කල් කළමනාකරණය කරගන්න පුළුවන් ද කියල, මාසික අයවැය දළ වශයෙන් ගණන් බලන්න. මේ අනුව වියදම් අවම කළ යුත්තේ මොන විදිහට ද කියල අදහසක් ගන්න ඔබට පුළුවන්.

යම් විදිහකට රැකියාව අහිමි වුණොත් නැවත රැකියාවක් ලැබෙනකන් මුදල් කළමනාකරණය කරගන්න ආකාරය දැන් තියාම සැලසුම් කරගන්න මේ අයුරින් පුළුවනි. ඒ විතරක් නෙමෙයි, මේ ක්‍රමය අනුගමනය කරන්න දිගට ම පුරුදු වුණොත් රස්සාවක් තියන කාලයටත් මුදල් කළමනාකරණය කිරීම ඔබට පහසු වැඩක් වේවි.

සීවී එක ඔපමට්ටම් කරගන්න

‘අලුත් රස්සාවක්’ කියද්දි මුලින් ම මතක් වෙන්නේ සීවී එක. සීවී එක අප්ඩේට් කරගන්න, නැත්නම් යාවත්කාලීන කරගන්න මේ කාලේ කටයුතු කරගන්න එක කෝකටත් හොඳයි. ඒ වගේ ම LinkedIn අකවුන්ට් එකත්. ඔබ හෙබවූ තනතුරු, ලබාගත් ජයග්‍රහණ, කුසලතා ආදිය නිවැරදිව විස්තරාත්මකව මෙහි සටහන් කිරීමෙන්, ඔබ ඉදිරියේදි අයදුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආයතනවල සම්මුඛ පරීක්ෂණවලට ගියාම ඔබට වැඩි වටිනාකමක් ලැබේවි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

Pizza Hut’s Newest Craving Fix: Melts Single

Pizza cravings but not in the mood for a whole one? Let me introduce the

Highlights Kamu

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

Where Sunday Carvings Meet Sophistication – Kings Steak Bar’s Famous Brunch Buffet

By Vimasha Weerawansha  Nestled in the heart of Colombo, Kings Steak Bar by The Kingsbury

Highlights Kamu

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Trending.

Press Conference: Celebrating 50 Years of The London Grill & Welcoming Visiting Chef Phillip Davenport

Colombo, Sri Lanka – 14 May 2025 – Cinnamon Grand Colombo is pleased to invite

Highlights Kamu Trending

A Colourful Tribute to Motherhood at Sheraton Kosgoda’s ‘Mother’s Day Sip & Paint’

FOR IMMEDIATE RELEASE, 13.05.2025 — Sheraton Kosgoda Turtle Beach Resort brought vibrant hues and heartfelt

Trending

The Kingsbury, Colombo Appoints Hospitality Veteran Nandana Wirasinha as General Manager

The Kingsbury is pleased to announce the appointment of Mr. Nandana Wirasinha as its new

Trending

Mother’s Day to Remember at The Kingsbury

This Mother’s Day, The Kingsbury, Colombo, invites families to honour one of the most important

Trending

Glamour and Elegance Illuminate Songkran Celebration at Cinnamon Lakeside Colombo

Cinnamon Lakeside Colombo, the epitome of luxury and refined hospitality, proudly hosted a spectacular two-day

Trending

The Jewel in Colombo’s skyline turns one

ITC Ratnadipa completes one successful year in Sri Lanka ITC Ratnadipa marks its first anniversary

Trending

Yamu Guide.

Top Must-Try Restaurants in Ahangama for 2025

Ahangama, a charming surf town on Sri Lanka's southern coast, is becoming a popular spot

Highlights Yamu Guide

8 Gift Ideas to Celebrate Your Mom This Mother’s Day

Mother’s Day is a special time set aside to honor the amazing women who shape

Yamu Guide

Colombo’s best kept secrets – Date night spots 2025

Colombo might be known for its trendy cafes and fancy rooftop spots, but who says

Kamu Yamu Guide

A Luxurious Seafood Experience at Fat Crab Colombo

Fat Crab Colombo offers a wonderful dining experience that combines luxury, live music, and an

Highlights Kamu Yamu Guide

Radisson Colombo’s Indian Night – Review

By Sahasni Gamage We recently had the pleasure of enjoying a wonderful Indian Night at

Kamu Yamu Guide

Iftar Deals for Great Value in 2025

By Fathima Rukaiya, Iftar doesn’t have to be expensive to be delicious! Whether you’re craving

Highlights Trending Yamu Guide