දැන් අපේ යමු ඇප් එක මරු! ‘දැන්’ කියල විශේෂයෙන් කීවේ ඉස්සර, ඒ කියන්නෙ දැනට අවුරුදු 3-4කට කලින් තිබුණු ඇප් එක නම් ඇත්තම කීවොත් අන්තිම චාටර්. ඒ කාලේ මමත් ටික කාලයක් බලලා බැරිම නැත ඕක අන්ඉන්ස්ටෝල් කරලා දැම්මා. ඒත් දැන්නම් අපේ ඩිවලප්මන්ට් ටීම් එකේ කට්ටිය යන්තම් කටක් ඇරලා කෙනෙකුට කියන්න පුළුවන් විදියේ ඇප් එකක් හදලා තියෙනවා. පහුගිය කාලෙම අපේ මලින්තයි, තාරකයි අනිත් කට්ටියයි ටික ටික අලුතින් කෑලි එකතුකරලා දැන් මේක ඇත්තට ම සෑහෙන ප්‍රයෝජනවත් ඇප් එකක මට්ටමට ගෙනත් තියෙනවා. ඉතිං අපි හිතුවා තාමත් මේක ඩවුන්ලෝඩ් කරගෙන නැති අයටත් දැනෙන්න පොඩි ඇඩ් එකක් දාන්න. (අපේ ඇඩ් ඉතිං කවුරුත් දාන්නෙ නෑනෙ, අපි ම දාගත්තොත් මිස)
බඩගිනිද?
දැන් සෑහෙන කාලෙක ඉඳන් අපේ සයිට් එකෙන් කැම ඩිලිවර් කරගන්න පුළුවන් කියල ගොඩක් අය දන්නව ඇතිනේ. දැන් සයිට් එකට යන්නෙ නැතුව කෙළින් ම ඇප් එකෙනුත් කැම ඕඩර් කරන්න පුළුවන්. අනිත් එක මෙච්චර කල් අපිත් එක්ක කෑම ඩිලිවර් කරපු foodie.lk ට අමතර ව දැන් quickee.lk ත් අපිත් එක්ක ඉන්න නිසා දැන් ඔයාට රෙස්ටෝරන්ට් ගොඩකින් කෑම ඕඩර් කරන්න පුළුවන්. ඉතිං ඉස්සර වගේ රෙස්ටෝරන්ට්වලට කෝල් කරකර ඉන්න ඕන නෑ (ඒත් ඉතිං පාර අහගන්න එහෙම නම් එයාලා ඔයාට කෝල් කරනවා).
අපි ලියන රිවිව් චාටර්ද?
ඉඳලහිටල (ඉඳලහිටලමත් නෙවෙයි ඉතිං) කට්ටිය අපිට බැනලා කොමෙන්ට් එහෙම දානවා අපි ලියන රිවිව් මෙලෝ රහක් නෑ කියලා. කොච්චර කිවත් අපි හැදෙන්නෙත් නැති නිසා අපේ ඩිවලප්මන්ට් ටීම් එකේ කට්ටිය තීරණය කළා ඔයාලටත් රිවිව් ලියන්න දෙන්න. ඉතිං දැන් බැනබැන ඉන්න ඕන නෑ, ඔයාටත් පුළුවන් රිවිව් කරන්න; රෙස්ටෝරන්ට් රේට් කරන්න. දැන් මේකත් ඇප් එකෙන් ම කරන්න පුළුවන්. අර රතු පාට පැන්සල ඔබන්න විතරයි තියෙන්නෙ; ඔයත් දැන් යමු රිවිවර් කෙනෙක්!
තැන හොයගන්න බැරිද?
රිවීව් එකක් කියෙව්වට පස්සෙ එතනින් කන්න යන්න හිතුණා කියමුකෝ (සාමාන්‍යයෙන් එහෙම වෙනවා 😉 ). ඉතින් රෙසවේෂන් එකක් දාගන්න හරි, නැත්නම් අපි මේ දාලා තියෙන වෙලාවල්වලට මේක ඇරලා තියෙනවද කියල බලාගන්න හරි රෙස්ටෝරන්ට් එකට කෝල් කරන්න ඕන වුණා කියමුකෝ. දැන් ඉතිං ෆෝන් නම්බර් කොපි කරකර ඉන්න ඕන නෑ, කෙලින් ම එක බට්න් එකක් ඔබලා කෝල් එක ගන්න පුළුවන්. කඩේ තියෙන තැන හරියට බලාගන්න ඕන නම් මැප් එක බලාගන්නත් එක බට්න් එකයි ඔබන්න තියෙන්නෙ.
කොහේ යන්නද; කොහෙන් කන්නද?
ළගපාත කන්න තියෙන තැන් මොනවද කියල බලාගන්න නම් අපේ සයිට් එකටත් වඩා ලේසියි ඇප් එක පාවිචි කරන එක. හෝම් ස්ක්‍රීන් එකේ තියෙන "Nearby Places" කියන එක ඔබපු ගමන් ඔයා ඉන්න තැන අවට තියෙන තැන් ටික බලාගන්න පුළුවන් (GPS ඔන් කරන්න ඕන). මේකෙ චූටි චූටි ලෙඩ ටිකක් තිබුණත් අපේ මලින්ත දැන් ඒව ටිකටික හදාගෙන යන නිසා තව ටික දවසක් යද්දි මේක පාවිච්චි කරන එක තවත් ලේසි වේවි.
වෙන ප්‍රශ්නයක්ද?
ප්‍රශ්න කීවම ඉතිං මිනිස්සුන්ට තියෙන්නෙ කනබොන ප්‍රශ්න විතරක් ම නෙවෙයිනේ. හැමදාම ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න. ඉතිං ඔයාටත් මේ වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම්, කරන්න තියෙන්නෙ ඇප් එකේ ප්‍රශ්නාර්ථ ලකුණක් වගේ තියෙන “අහමු” එකට ගිහින් ඒ ප්‍රශ්නේ අහන එකයි. මෙතන වෙන කට්ටිය අහලා තියෙන ප්‍රශ්නවලට ඔයා උත්තර දන්නවනම් ඔයාට පුළුවන් එයාලට උදව්කරන්නත්.
අපේ හින්දා කියනව නෙවෙයි, දැන් නම් ඇප් එක සිරා! අපේ කට්ටිය තවත් දේවල් මේකට එකතුකරගෙන යනවා. තවමත් හදපු නැති පොඩි පොඩි බග් එහෙම තිබිලා අහුවුණොත් එයාලට කියන්න. යමු බලන්න කොම්පියුටරයකටම ලොග් වුණු කාලෙ දැන් ඉවරයි. ෆෝන් එකට යමු ඇප් එක දාගෙන යනයන තැන යමුත් එක්ක යමු!